ප්‍රජාතන්ත්‍රවාදයට බය පක්ෂවල සම්මේලන

(2011 පෙබරවාරි 10, W3Lanka) ජවිපෙ සිය සතළිස් වසරක ඉතිහාසයේ සයවන ජාතික සමුළුව අද පවත්වයි.


ජවිපෙ ජාතික හා දිස්ත්‍රික් සම්මේලන වනාහි තවත් මැතිවරණ ප්‍රචාරක සංදර්ශන වර්ගයකි. මැතිවරණ සඳහා පක්ෂ අභ්‍යන්තර ශක්තිය ගොනු කර ගැනීම පිණිස මෙම සමුළු උපයෝගී කර ගැනේ. 


එසේ ම, පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී එකක් බව ප්‍රදර්ශනය කිරීරීම පිණිස ද සම්මේලන ඉවහල් වේ. 


මේ සම්මේලනවලදී ඇත්තෙන්ම සිදු වන්නේ පක්ෂය මෙහෙයවන බලවත් සුළු පිරිස විසින් තීරණය කරන ලද පිරිසක් සාමාජිකයන් විසින් නායකයන් ලෙස පිළි ගැනීමයි. ජවිපෙ නම් බොහෝ විට මෙම නායක මණ්ඩල ඇත්ත නායකත්වයෙන් වෙනස් වේ. ඒ වනාහි ගරිල්ලා ව්‍යාපාරයක ශේෂ ලක්ෂණයකි.


මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානවල පවා සම්මේලන පැවැත්විය යුතු ආකාරය ව්‍යවස්ථාවෙන් දක්වා තිබේ. ඒ අනුව, යම් පුද්ගලයකු පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නා හා පක්ෂ තනතුරුවලට පත් වන ආකාරය විනිවිද පෙනෙන ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය කිරීමට ක්‍රමවේදයක් සකසා තිබේ. 


වාර්ෂිකව පක්ෂ සම්මේලන පවත්වන නව සමසමාජ පක්ෂය වැනි පක්ෂවල පවා මෙම ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැත. බලවත් සමාජවාදී රටවල මෙන් මේවායේද සිදු වන්නේ සැමදා නායකත්වයේ සිටින කණ්ඩායම විසින් ව්‍යවස්ථාව .මන්ට උවමනා පරිදි මෙහෙයවා ගැනීම හෙවත් manipulate කිරීමයි.


ලංකාවේ දේශපාලනයට පිවිසෙන කිසියම් පුද්ගලයකුට පක්ෂයක සාමාජිකත්වය ලබාගෙන පියවරෙන් පියවරට ඉදිරියට යා හැකි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් සම්පාදනය කිරීමට ධනේශ්වර, අතරමැදි පංතික හෝ වාමාංශික පක්ෂ හෝ සමත් වී නැත. 


මේ සඳහා දකුණේ මෙන් ම වමේ ද භාවිතා වන එක ම ක්‍රමවේදය වන්නේ බලවත් නායකයන්ගේ අන්තේවාසිකයන් වන්නන්ට පමණක් දේශපාලන බලය සඳහා දොරටු විවර කර දීමයි. කැප කිරීම් මේ සඳහා මූලික කොන්දේසියක් යයි ජවිපෙ යම් අයෙකු තර්ක කරන්නේ නම් එය එසේ නො වන බව පෙන්වීම සඳහා පෙන්වීම පිණිස උදාහරණ තිබේ. ජවිපෙ බලවත් නායකයන් ව සිටි මේ උදාහරණ දැන් ඉන්නේ ආණ්ඩු පක්ෂයේ ය. 


ලංකාවේ ජනතාවට දේශපාලනයේ යෙදිය හැකි විවෘත, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් සපයා දීමට වමේ හෝ දකුණේ කිසිදු දේශපාලන පක්ෂයක් සමත් වී නැත. මේ වනාහි ලංකාවට සුද්දන් විසින් ගෙනත් උඩින් අත හරින ලද ප්‍රජාතන්ත්‍රවාදයට හැඩ ගැසීමට ලංකාවේ මිනිසුන් අසමත් වීම නිසා ඇතිවූ ප්‍රතිඵලයකි. 

ඇත්තනේම ගත් කල ලංකාවේ දේශපාලන නායකයෝහා ජනතාව ද ප්‍රජාතන්ත්‍රවාදයට බය ය.මේ බය නැති කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී වීමට බිය නැති මිනිසුන්ගේ මුල පිරීම්වලින් ය. 


තොග ගණනින් දේශපාලන පක්ෂ ලියාපදිංචි වන ලංකාවේ මේ වෙනුවෙන් මහන්සි වීම තුළ දේශපාලනය ඇත.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. //ලංකාවේ දේශපාලනයට පිවිසෙන කිසියම් පුද්ගලයකුට පක්ෂයක සාමාජිකත්වය ලබාගෙන පියවරෙන් පියවරට ඉදිරියට යා හැකි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් සම්පාදනය කිරීමට ධනේශ්වර, අතරමැදි පංතික හෝ වාමාංශික පක්ෂ හෝ සමත් වී නැත//

    මාක්ස් ලෙනින්වාදී සංවිධාන ව්‍යුහය එවැනි දෙයක් ඉතාම හොදින් සිදුකරන ලෙස සකස්ව තිබෙන ව්‍යුහයක්.එවැනි පක්ෂයකට සම්බන්ධ වෙන කවරෙකු වූවත් පක්ෂයෙ බිම්මට්ටමෙන් ආරම්භ කල යුතු අතර ඔහු සංවිධාන මට්ටමේදී දක්වන දක්ෂතා උඩ විශාල වගකීම් වලට පත්කරනවාද නැද්ද කියල තීරනය කරනවා.ධනපති පක්ෂ වල වගේ සල්ලි වැඩිපුර විසි කරන කෙනාට පක්ෂයේ ලොකු තැන ලැබෙනවා කියල එකක් නැහැ.ශිෂ්‍ය නායකයො විදිහට ඉතාම කුඩා තැනින් පටන්ගත්ත හදුන්නතේතිලා බිමල් රත්නායකලා අද ප්‍රබල තැන්වලට පත්වෙලා තියෙන්නෙ ඒ අනුව මේ ලිපිය හුදෙක් විවේචනය කිරීමේ උවමනාවට ලියූ එකක් බවයි පේන්න තියෙන්නේ.විවේචන හොදයි.ඒත් විවේචන කිරීමේ හුදු උවමනාව උඩ විවේචන ලියන්න ගියාම ඇත්ත වවේචන වල වලංගුතාවයත් අඩු වෙනවා.

    ReplyDelete
  2. All Political parties are not democratic within. They are control by oligarchies. The leaders become more important than party policies. If someone tries to change the leadership he/she has to leave. This is called "Iron Law of Oligarchy" in the theory.

    It is pity that the modern democracies identify these undemocratic organizations called parties as essential element of democracy.

    The left parties say they have 'democratic centralism'. But actually what they have is centralism not democracy.

    ReplyDelete
  3. @Anonymous: I think the article is mostly about the democracy within parties. in that case we have to agree that even in JVP there is no democracy (Just dumping heads thoughts into the party).

    but I also agree that the W3lanka in this article goes beyond his scope since this should be written about the democracy within the party.

    Basically, there is no much democracy within any party in SL, I hope W3Lanka will write a better one with good examples in future.

    ReplyDelete
  4. this article is too nonspecific

    ReplyDelete
  5. ලන්කාවෙ අනෙක් දේශපාලන පිස්සන්කොටු වලටවඩා වෙනස්, පක්ශයක් කියන්නපුලුවන් ඵ්කකට තියෙන්න JVPඵ්ක විතරයි

    ReplyDelete
  6. ඈත්ත් කියන ඵ්ක මාර වෑරෑද්දක් මේ කාලෙ

    ReplyDelete
  7. vagakim labenna oni addakim valata misak.pawthgalika avshatha valata nemei.JVP thanathuru na vagakim vatharai thiyenne.

    ReplyDelete
  8. ධනපති පක්ෂවල පිළිකනුවල රිංගපු ඉදුල්කාපු සුනකයින්ට විවිධ අර්ථකතන තිබෙනවා නමුත් ඒ කට්ටියට ජනතා ප්‍රශ්න ගැන අවධානනක් නෑ පොර ටෝක් විතරක් තිබෙනවා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා