බාල වයස්කාර ගැබ් ගැනීම්, ලිංගික අධ්‍යාපනය හා සමාජ ආකල්ප

(මෙම ඡායාරූපය හා අදාළ පුවත අතර ඍජු සම්බන්ධයක් නැත.)
(2011 පෙබරවාරි 03, W3Lanka) බාලවයස්කාර දැරියන්ගේ ගැබ් ගැනීම් 15ක් ජනවාරි මාසයේ ප්‍රදේශ රැසකින් වාර්තා වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වාර්තා කරයි. මෙම ගැබිනි දැරියන් වයස අවුරුදු 14 – 16 අතර වන බව ද ඔවුන් පිළිබඳ වාර්තා වී ඇති ප්‍රදේශ කීපයක් ලෙස වව්නියාව, බද්දේගම, ගම්පහ, අලව්ව, ගම්පොළ, ඇල්පිටිය, පිටිගල, ලුණුවිල, වෙන්නප්පුව, අවිස්සාවේල්ල, ග්‍රෑන්ඩ්පාස් නම් කර තිබේ.


දරුවෙකු බිහිකිරීමට යෝග්‍ය නොවන වයසේ පසුවන තිස්‌ දහසක්‌ පමණ වසරකට ගැබ් ගන්නා බව සමීක්‍ෂණයකදී හෙළවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.


වයස අවුරුදු 20 ට අඩු කාන්තාවන් ගැබ් ගැනීමට සුදුසු මානසික මට්‌ටමකින් හා දරා ගැනීමේ හැකියාවකින් යුක්ත නැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.


මෙසේ අඩු වයසින් ගැබ් ගන්නා දැරියන් දෙස සමාජය බලන්නේ වපර ඇසින් වන අතර නියත වශයෙන් ම ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වේ. බොහෝ විට විවාහ ජීවිත ද අසාර්ථක වන අතර බොහෝ දැරියන්ගේ ජීවිත මුළුමනින්ම කාලකන්නි වී යයි.


මේ තත්වය වළක්වා ගැනීම සඳහා එක් මාර්ගයක් වන්නේ නව යොවුන් වියට එළඹෙන දරු දැරියන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දීමයි. විශේෂයෙන් ම උපත් පාලන ක්‍රම පිළිබඳ අවබෝධයක් නව යොවුන් වියේ දරුවන්ට ලබා දීම වැදගත් වේ.


මේ එක් මාර්ගයක් මිස එක ම මාර්ගය නො වේ. අධ්‍යාපනයට, ජනමාධ්‍යවලට හා පවුල් සබඳතාවලට ද මෙහිදී විශාල වගකීමක් පැවරේ. සමාජ ආකල්පවල වෙනසක් ද අවශ්‍ය ය.


වසරකට තිස් දහසක් දැරියන්ගේ ජිවිත අඩු වයස් ගැබ් ගැනීම් නිසා අඳුරු වීම සරළ ප්‍රශ්නයක් නො වේ.

Comments

  1. me prasnaya diha pulul konayakin baliya yuthuya,adin dasaka keepayakata pera avurudu 14n vivaha veema pilibada prasnayak novu athara,samajaya diunu veemath samagama minisunga saksharathava vedidiunu veema nisa me kramaya sudusu mattamak dakva neethigatha viya,atheethayedee 14n vivaha vuvata nadalan nata gabbara vuye netha, namoth rata anek pasa peralu JRge nidahas velada prathipaththiyath samagasamajaya sema athakinma parihaniyata path viya,ada lamunge homona kriyathmaka vena hodama vayasedee hegeem udeepanaya kireemata velada denveeme sita chiththara patadakva, pulul mavathak sada dee etha,apa puduma viya yuththe meme sankaya lekana mattamin giya eka genay,samajaye vedihitiyanta mehidee visala karya barayak pevaree etha,upath palana krama pilibada denuvath kereemen venne,gindarata piduru demeemak lesa mata sithe,boho ayata annasi gaslabu getaye sita prostino peththa dakva hoda deneemak ada pavathee, kalayuthu sebema karya manasika sanvardanayay, namuth,lamunge kan adipalana,guruvaru ha davase ithiri kalaya kunuharapa samaga tuition dena guruvaru amaga ratayana athata lamun da duvavana demapiyan me abeyogaya baraganida?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා