කෝඳුරු තෙල් හත් පට්ටෙකිනුත් බැරි සජිත්ගේ වෙදකම

(2011 පෙබරවාරි 01, W3Lanka) නො කෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තවත් ‍ටිකක් ඕනෑ යයි කියමනක් තිබේ. කෝඳුරු තෙල් හත් පට්ටය සොයා ගත්තත් බැරි අර ඉතිරි ටික සොයා ගන්නටයි.

එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්වය විපක්‍ෂ නායක ධුරය සහ නාමයෝජනා මණ්‌ඩලයේ සභාපතිත්වය යන සියල්ල තමා වෙත ලබාදෙන්නේ නම් මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවා පක්‍ෂය ජයග්‍රහණය කරවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස උන්නැෙහ් පවසයි.


උන්නැහේ නම් දෙයියම්පල්ලා විශ්වකර්මයෙකි.


බලන්නකෝ මේ සැරේ උන්නැහේගේ බල ප්‍රදේශය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදු වන දෙය.


එහේ ඔක්කොම පළාත් පාලන ආයතන ටික එක්සත් ජාතික පක්ෂය දිනනවා. රාජපක්ෂලාට හුප්පෙ තමයි.

Comments

  1. ane muta pissu,kavuru hary saththarakarayek tthaththata vage visala lanuvak deela thiyanava, ara maluva vage nehenne kata nisa,

    ReplyDelete
  2. Kathawa sampurnayen kiyawala liyapalla..w3 lanka asawen kiyawapu blog adawiyak..Namuth Konda pana ethi madyawediyek widiyata lejjay me lipi kiyawanna..Menna meka kiyawanna..Sajith Kiyala thiyana de sampurnayenma..එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්වය මෙන්ම විපක්‍ෂ නායක ධුරය තමා වෙත ලබාදෙන්නේ නම් මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවා පක්‍ෂය ජයග්‍රහණය කරවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    මෙම තනතුරු නොමැතිව පක්‍ෂයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවිය නොහැකි බව පැවැසූ ඒ මහතා එජාපයේ මෙතෙක්‌ පැවැති මැතිවරණ ව්‍යාපාර දෙස බැලූ විට ඩී. එස්‌. සේනානායක මහතාගේ පටන් තම පියාණන් වන රණසිංහ ප්‍රේමදාස මහතා දක්‌වා සිටි පක්‍ෂ නායකයන් මැතිවරණ ව්‍යාපාර මෙහෙයවීම සඳහා කිසිවකුට පැවරුවේ නැති බවත් පක්‍ෂ නායකයා ලෙස එම වගකීම බාරගනු ලැබූ බවත් හෙතෙම පැහැදිලි කළේය.

    එහෙයින් තමාට එම බලතල ලබාදෙන්නේ නම් මෙවර පළාත් පාලන මැතිවරණය මෙහෙයවා එජාපය නොසිතූ ජයග්‍රහණයක්‌ අත්පත් කරදෙන බව සඳහන් කළ ඒ මහතා අත්පා බැඳ ලබා දෙන මැතිවරණ වගකීම් ඉටුකළ නොහැකි බව ද කීවේය.

    තමාට පක්‍ෂ නායක, විපක්‍ෂ නායක සහ නාමයෝජනා මණ්‌ඩලයේ සභාපති ධුරය ලබා දුන්නේ නම් මෙවර එජාපයේ කිසිදු නාමයෝජනා පත්‍රයක්‌ ප්‍රතික්‍ෂේප නොවන බව සඳහන් කළ සජිත් ප්‍රේමදාස මහතා තමාගේ අධීක්‍ෂණය යටතේ පැවැති හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ කිසිදු නාමයෝජනා පත්‍රයක්‌ ප්‍රතික්‍ෂේප නොවීම ඊට උදාහරණ ලෙස දැක්‌විය හැකි බව ද පැවැසූ ප්‍රේමදාස මහතා කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයේදී එජාපය ජයග්‍රහණය කිරීම සඳහා දිවිහිමියෙන් කැපවන බව ද පැවැසීය.

    තවද, ක්‍රිකට්‌ තරගයකදී කණ්‌ඩායම් නායකයා කාසියේ වාසිය උරගා බලා අතිරේක ක්‍රීඩකයකුට කණ්‌ඩායම මෙහෙයවීමට දී නායකයා පැත්තකට වී සිටින්නේදැයි කියා තමා විමසා සිටින බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    ReplyDelete
  3. 2 anonymous,"Kathawa sampurnayen kiyawala liyapalla"Sajith vage thama Sajithge kannadiyen balana anek ayath,anduvata viruddava liyanava nam W3 lanka hareema asaven kiyavanava naeda,pav,Sajith kiyanne, Desapalana natabumak , puravasthuvak,aye puravasthu valata pana denna giyama ithihasema kiyanna venava,samaharavita atheethaya hemogema sundara nehene.eth api lesthiy kathakaranna,moda sjith gena unuvee dagalana vatayanta ekak kiyanna kemathee,api danna vidiyata W3 lanka kisima pakshayakata, baranovee janathavage peththe idagana samajavadee mavathak kara thama aramunu meheyavana thenakebavin,W3 lankata pata kannadi nodama,Kathawa sampurnayen kiyawala comment liyapalla,

    ReplyDelete
  4. "තමාගේ අධීක්‍ෂණය යටතේ පැවැති හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ කිසිදු නාමයෝජනා පත්‍රයක්‌ ප්‍රතික්‍ෂේප නොවීම ඊට උදාහරණ ලෙස දැක්‌විය හැකි බව ද පැවැසූ ප්‍රේමදාස මහතා කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයේදී එජාපය ජයග්‍රහණය කිරීම සඳහා දිවිහිමියෙන් කැපවන බව ද පැවැසීය"

    "බලන්නකෝ මේ සැරේ උන්නැහේගේ බල ප්‍රදේශය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදු වන දෙය"

    So Sajith can show his colors even with limited powers, because he has powers in Hambanthota District.

    ReplyDelete
  5. අපිත් දාඩිය දාන දාඩිය සුවඳ දැනෙන මිනිස්සු,ඒත් අපිට රෝයල් පාක් එකේ ගෙවල් නෑනේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා