Posts

Showing posts from February, 2011

සමන් මල් විප්ලවය හා අපි

Image
(2011 පෙබරවාරි 28,  W3Lanka )  පහත පළ වන්නේ අපගේ පාඨකයකු විසින් නිර්නාමිකව දක්වන ලද වැදගත් අදහසකි. ඒ පිළිබඳව සංවාදයක් ගොඩනැඟීමට අපි කැමැත්තෙමු.  මෙහිදී අවධානය යොමු වන කරුණු වන්නේ අප්‍රිකාවේ, අරාබියේ දූෂිත ඒකාධිපතියන්ට එරෙහිව මතු වී තිබෙන මහජන උද්ඝෝෂණ රැළි ලංකාවට බල පාන්නේ කෙසේ ද යන්න සහ ඒ උද්ඝෝෂණ සඳහා මහජනතාව  සංවිධානය කෙරුණු නව ආකාරයන් පිළිබඳවයි.    භීෂණයෙන්, බලහත්කාරයෙන්, නොමග යැවීමෙන් හා දූෂණයෙන් කොල්ල කා ගත් මහජන කැමැත්ත මත පාලනය පවත්වාගෙන යන රටවල මහජනයාගේ බිය නැති කර, ප්‍රජාතන්ත්‍රවාදය යළි දිනා ගැනීම සඳහා අරගලයට ඔවුන් යොමු කර ගත හැක්කේ කෙසේ ද යන්න පිළිබඳ ඔබේ අදහස් හා ඔබ දන්නා තොරතුරු මෙහි සටහන් කරන්න.  ඔබේ අදහස් විද්‍යුත් තැපෑලෙන් එවනවා නම් w3lanka@gmail.com වෙත එවන්න. අද අරාබියේ සිදු වෙන විප්ලවය ලොව පුරා පැතිර යනවා නියතයි. මෙවැනි විප්ලවයන්ට color revolutions කියා පත්තර කාරයෝ නම් කරනවා. ඒ අනුව අද සිදු වේගෙන යන විප්ලවයන්ට jasmine නොහොත් සමන් මල් විප්ලවය කියාත් සමහරු කියනවා. මට මේවා පෙනෙන්නේ texting revolution කියායි. Face Book, Twitter ආදී ලෝ පරිගණක වැලේ තැන්වලින් උස

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මිදී සන්නිවේදන උපකරණ නැතිව ගැඹුරු මුහුදේ දින 14ක් යාත්‍රා කර ආපසු පැමිණි අපේ කාලයේ වීරයෙක්

Image
(2011 පෙබරවාරි 26,  W3Lanka )  ධීවරයින් 5 දෙනෙකු සමගින් පසුගිය ජනවාරි 22 බේරුවලින් මුහුදු ගිය ඕෂන්-4 ධීවර යාත්‍රාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් භාරයට පත් වූ බවට සැකයක් මතුව ඇති බව පසුගියදා ධීවර අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය. ඕෂන්- 4 යාත්‍රාවේ ධීවරයින් විසින් පසුගියදා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් භාරයේ සිට නිදහස්ව යළි දිවයිනට පැමිණෙමින් සිටින දර්ශන -6 ධීවර යාත්‍රාවට තම යාත්‍රාව දෙසට සැකකටයුතු බෝට්ටුවක් පැමිණෙන බවට ලබාදුන් පණිවුඩයකට අනුව මෙම සැකය මතුව තිබිණි. ධීවර ක්‍රියාකාරිකයකු අපට පැවසූ කරුණක් මෙහිදී සිහිපත් වේ. ධීවරයන්ට සපයා තිබෙන සන්නිවේදන මාර්ග ධීවරයන් විසින් ම වැරදි ලෙස භාවිතා කරනු ලැබීම හේතුවෙන් ගැඹුරු මුහුදේදී අනතුරට පත් වන ධීවරයින්ට නිසි අන්දමින් හදිසි පණිවුඩයක් ලබා දීමේ හැකියාව නැතිව යයි. මෙහිදී ද එවැන්නක් සිදු වූවා වන්නට ඉඩ ඇත. කෙසේ හෝ වේවා, මෙම යාත්‍රාව සමග තිබූ සියලුම සන්නිවේදන සබඳතා පෙබරවාරි 11 වැනිදා සිට බිඳ වැටී තිබිණි. මෙම ධීවරයන් පස්දෙනා ඊයේ (25) දා අලුයම 3.30 ට පමණ බේරුවල ධීවර වරායට සේන්දු වූ බව මාධ්‍ය මගින් වාර්තා විය. මාධ්‍ය වාර්තා 100%ක් සත්‍ය ද යන්න අපි නො

ලහිරු පෙරේරාගේ ක්‍රිකට් සිංදුව ජනාධිපති නිපන්දුවක් කරයි | Sri Lanka President calls cricket song no-ball

Image
බංග්ලාදේශය (2011 පෙබරවාරි 25,  W3Lanka )   පහත් රුචියක් මත පදනම් වූ, අපහාසාත්මක හා මුග්ධ ප්‍රකාශ සහිත වචන වගයක් (පදමාලාවක් යයි ද ඇතැම්හු කියති) සහිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ලෝක කුසලාන සිංදුව (ගීතය) තහනම් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ගත් පියවර අපි අගය කරමු.  ජනාධිපතිවරයා මේ සිංදුව තහනම් කිරීමට පියවර ගත්තේ සූරියවැව ක්‍රීඩාංගනය විවෘත කළ දා කැනඩාව හා ශ්‍රී ලංකාව අතර පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරග‍යේදී එය වාදනය කරනු අසා ඇති වූ ලජ්ජාව හා වෙනත් රටවල් ගැන කියන කතා නිසා ඇති වූ අපහසුතාව නිසා බව වාර්තා වේ.  ලංකාවේ වැනි පාලනයන් සහිත රටවල කලා බිස්නස්කාරයන්ට පවා පාලකයා සතුටු කරන්නට බැරි වුණොත් සිදු වන්නේ ඇන ගන්නට බව මේ සිද්ධියෙන් පෙනේ.  මේ සිංදුව කියන්නේ (ගායනා කරන බව සමහරු කියති) ලහිරු පෙරේරා නමැති ගීත ව්‍යාපාරිකයා ය. (ගායකයකු ලෙස ද හැඳින්වේ.) ඔහු මීට පෙර 'රතු රටකජු - සුදු රටකජු' යයි සිංදුවක් කියුවේ ය. එහි වචන ද ඔහු සහ ඔහුගේ නඩය විසින් අතනින්, මෙතනින් අහුලාගෙන මෙලෝ රහක් නැතිව එකට පටලවා ගත් ඒවා ය.  එහෙත්, බාල බඩු වැඩි මිළට විකිණීමේ දක්ෂතාවකින් යුතු අලෙවිකරුවන් පිරිසක්

සිගරැට්, බීඩි, අරක්කු බොන මිනිස්සුන්ට ද හිමිකම් ඇත.

Image
(2011 පෙබරවාරි 24,  W3Lanka )  ශ්‍රී ලංකාවේ 2009 වසරේදී සිගරැට් කෝටි 420ක් සහ බීඩි කෝටි 227ක් පරිභෝජනය කර ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) සභාගත කරන ලද පිළිතුරක සඳහන් වේ. එම පරිභෝජනයට අනුව සිගරට් සඳහා බදුවලින් 2009දී රුපියල් කෝටි 3780ක ආදායමක් උපයාගෙන ඇති බවද එම පිළිතුරෙහි දැක්වේ. ඒ අනුව,  සෑම දුම්වැටියකින් ම ආණ්ඩුව රු. 9ක පමණ බද්දක් අය කරගෙන ඇති බව පෙනේ. මෙම දුම්වැටිවලින් සිගරැට් කෝටි 10ක් හැර අනෙක් සියල්ල දේශීය නිෂ්පාදනයි. සිය රට දේ සිරි සැප දේ කිව්වාට හැම විට ම එහෙම වන්නේ නැති බව එයින් පෙනේ. එහෙත්, අපේ රටේ පාලකයන්ට සව් සිරි සැප දීමට මේ දුම් බොන්නන් සෑහෙන බදු ගෙවා ඇති බව පෙනේ. බදු ගෙවන ජනතාවට රජය ගරු කළ යුතු ය. මන්ද ආණ්ඩුව රැක ගන්නේ ඔවුන් නිසා ය. දුම් බොන්නන්ට ද අයිතිවාසිකම් තිබේ. යමෙකු දුම් බී මිය යන්නට කැමති නම්, එය ඔහුගේ පෞද්ගලික කැමැත්තකි. එහෙත්, සෙසු අය අක්‍රිය දුම් පානයට ගොදුරු කර ගන්නට ඔහුට හිමිකමක් නැතුවා සේ ම, තමන් උරන දුම්වැටිය වෙනුවෙන් ගෙවන මිළට ගුණාත්මක වශයෙන් ඉහළ දුම්වැටියක් ලබා ගන්නට ද දුම් උරන්නන්ට අ

එල්ලුම් ගහේ එල්ලෙන්න ආසා කරන මධ්‍යම පංතිකයන්ටයි

Image
(2011 පෙබරවාරි 24,  W3Lanka )  පාලකයන්ට දැන් එල්ලුම් ගහකුත් වවා ගන්නට ඕනෑ වෙලා ය. ලංකාවට  අඩුව ඇත්තේ එපමණක් වගේ ය. ඒ අනුව, බන්ධනාගාර අමාක්‍යංශය විසින් පවත්වන ලද සමීක්ෂණයක ප්‍රතිඵල අමාත්‍යංශයේ ලේකම් විසින් ජනාධිපතිට දැනුම් දෙනු ලැබ අද දිනමිණේ ද මහ ඉහළින් පළ කර තිබේ. ඒ අනුව,.රටේ පවතින අපරාධරැල්ල මැඩ පැවැත්වීමට එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට අසූ අටක් කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කරයි. රටේ පවතින අපරාධරැල්ල මැඩ පැවැත්වීමට එල්ලුම්ගහ නැවත ක්‍රියාත්මක කළ යුතු බව පුනරුත්ථාපන හා බන්ධනාගාර අමාත්‍යාංශය විසින් සිදු කළ සමීක්ෂණයකදී ජනතාවගෙන් වැඩි පිරිසක් මෙසේ අදහස් දක්වා තිබේ. මරණ දඬුවමට ලක් කරන ලද 334 දෙනෙක් මේ වන විට බන්ධනාගාරවල සිටිති. පසුගිය දිනවල  ලංකාවේ නඩු විභාගවලින් තොර මරණීය දණ්ඩනයක් ක්‍රියාත්මක විය. ඒ අනුව, තෝරා ගත් අපරාධකරුවන් පිරිසක් එක දිගට ම අත්අඩංගුවට ගෙන ඝාතනය කරන ලදී. ඒ ඔවුන් අත්අඩංගුවෙන් පැන යන්නට තැත් කළ බව කියමිනි. ඒ ඝාතන මාලාවෙන් පසුවත් රටේ අපරාධ රැල්ල අඩු වී නැතැයි පාලකයෝත් ජනතාව

විරෝධතාකරුවන්ට පාඩමක් උගන්වන්න තෙල් නළ පුපුරුවා හරින්නට සැරසෙන ලිබියාවේ අපේ ගඩාෆි

Image
(2011 පෙබරවාරි 22,  W3Lanka )   කණ කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන කල්හි ය. එසේ ම, රාජ්‍ය පාලක ධුරයට මුවා වී සිටින ත්‍රස්තවාදීන්ගේ නියම හැඩරුව පෙනෙන්නේ ද අභියෝගවලට මුහුණ දෙන ආකාරය අනුව ය.  ලිබියාවේ තෙල් සැපයුම් පද්ධතිය පුපුරුවා හැරීමට එරට නායක කර්නල් මුවමර් අල් ගඩාෆි ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇති බවට ලොව සුපතල ටයිම් සගරාව වාර්තා කරන බව අද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී දුමින්ද සිල්වාගේ පවුලේ හිරු එෆ්.එම්. රේඩියෝවේ පුවත් මගින් වාර්තා කරන ලදී. රේඩියෝව වැඩි දුරටත් මෙසේ ද පැවසී ය.  "ලිබියාවේ ටි‍්‍රපොලි සහ බෙංගාසි යන නගර කේන්ද්‍ර කර ගනිමින් දියත් වන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට එරෙහිවයි ලිබියානු නායකයා මෙය කි‍්‍රයාත්මක කිරීමට සැරසෙන්නේ. මධ්‍යධරණී කලාපය වෙත තෙල් සපයන නළ පද්ධතිය මුලින්ම විනාශයට පත් කළ යුතු බවට ඔහු උපදෙස් ලබාදී තිබෙනවා. මෙලෙස තෙල් සැපයුම් පද්ධතිය විනාශයට පත් කිරීම තමන්ට එරෙහිව විරෝධතා දක්වන කැරලි කණ්ඩායම් වෙත පිළිතුරක් වනු ඇති බවයි ලිබියානු නායක මුවර්මල් අල් ගඩාෆි ප‍්‍රකාශ කර ඇත්තේ. ලිබියානු නායකයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් ඔහුගේ සමීපත ම නිලධාරියෙකු විසින් ටයිම් සගරාවට

18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මාස හයයි; තාම කොමිෂන්වත් නැහැ; ජනාධිපති ධුර කාලය දිගු වුණා පමණයි

Image
(2011 පෙබරවාරි 22,  W3Lanka )  පසුගිය සැප්තැම්බර් 07දා 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කර ගන්නට ආණ්ඩුවට තිබුණේ පුදුම තදියමකි. විධායක ජනාධිපති තනතුරට පනවා තිබූ දෙවතාවක සීමාව ඉවත් කිරීම හා ස්‌වාධීන කොමිෂන් සභා පත්කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීම මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ විය. එදා කීවේ 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙන එන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට බවයි. එහෙත්, වසර කීපයකට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු දේශපාලන පක්ෂ ඒකච්ඡන්දයෙන් සම්මත කළ 17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් හඳුන්වා දෙන ලද පුළුල් නියෝජනයක් සහිත දස පුද්ගල ව්‍යවස්ථාදායක සභාව වෙනුවට ජනාධිපතිගේ බලයට යටත් වූ පංච පුද්ගල කමිටුවක් මෙමගින් හඳුන්වා දෙන ලදී. ඒ මෙසේ ය: 17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ රටේ සියලුම ඉහළ නිලතල හා කොමිසම්වලට පුද්ගලයන් පත්කිරීම සම්බන්ධයෙන් බලතල හොබවන දස පුද්ගල ව්‍යවස්‌ථා දායක මණ්‌ඩලයක් පත් කළ යුතු විය. මෙම සභාව විසින් අගවිනිසුරු නීතිපති, ඡන්ද කොමිසම, රාජ්‍ය සේවා කොමිසම වැනි තනතුරු හා ආයතනවලට පත් කිරීම් කළ යුතුව තිබිණි. 17 වැනි සංශෝධනයේ 41 වගන්තියට අන

මාළුන්ට නැති දේශ සීමා වෙනුවෙන් කෙළ ගන්නා ලංකාවේ හා තමිල්නාඩුවේ ධීවරයෝ

Image
(2011 පෙබරවාරි 22,  W3Lanka )  යාපනයේ ධීවරයන් හා දකුණු ඉන්දීය ධීවරයන් අතර මුහුදු සම්පත් බෙදා ගැනීම පිණිස ඇති වී තිබෙන ගැටුම මේ වන විට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් වී තිබේ.  තමිල්නාඩු ධීවරයන්ගේ ප්‍රශ්නය එරට දේශපාලන පක්ෂ විසින් මැකිවරණයේදී වාසි ලැබීම සඳහා භාවිතා කරන බව ලංකාවේ ආණ්ඩුව චෝදනා කරයි. යාපනයේ ද පළාත් පාලන ඡන්ද පැවැත්වේ. ධීවර ගැටුම්වලින් වාසි ලැබීමට සූදානම් දේශපාලන පක්ෂ මෙහි ද ඇත. නීතිය අතට ගෙන, ලංකාවේ මුහුදි සීමාවට පැමිණි බෝට්ටු අත්අඩංගුවට ගෙන, යාපනයට ගෙන ආ, එම බෝට්ටු නාවික හමුදාවට භාර දීම මුලදී ප්‍රතික්ෂේප කළ, දිගින් දිගට ම උද්ඝෝෂණයේ යෙදෙන යාපනයේ ධීවර සමිති කොටින්ට සම්බන්ධ යයි ආණ්ඩුව පැත්තෙන් චෝදනා ද නැ‍ඟේ. ආණ්ඩුව සාමාන්‍යයෙන් තමන්ගේ පාලනයට හසු නො වන ඕනෑම දෙයක් කොටින් පිට පටවයි.  උතුරේ කොටි සංවිධානය බලවත්ව සිටියදී පවා වරක් ‍යාපනයේ ධීවර සමිති මේ අන්දමින් ම ඉන්දීය ධීවර බෝට්ටුවලට ප්‍රහාරයක් එල්ල කළ හ.  කෙසේ වෙතත්, අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කර තිබුණු ඉන්දීය ධීවරයන්  ඉන්දීය රජයේ දැඩි බලපෑම් හේතුවෙන් නිදහස් කර යැවීමට ලංකාවට සිදු විය.  ප්‍රශ්නය එතැනින්

සූරියවැව ක්‍රිකට් පිටිය අවට කඩ ලෑලිවල ලොකු කෙසෙල්, හොඳ තැඹිලි එල්ලීම

Image
(2011 පෙබරවාරි 20,  W3Lanka )   ලෝක කුසලාන ක්‍රිකට් තරග කෙක් පැවැත්වෙන, අද ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් විවාත වන සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය අවට මාවත් අසල කඩ හිමියන්ට සිය කඩ ලෑලිවල ලොකු කෙසෙල්ගෙඩි හා හොඳ තැඹිලි ආදිය එල්ලාගෙන සිටින ලෙස පොලිසිය උපදෙස් දී ඇති බව අද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.  ඊට අමතරව, තමන්ගේ ළමයින්ට ළමා සාරි, රෙදි-බැනියම් වැනි දේශීය ඇඳුම් අන්දවා තැබීමට ද ඔවුන්ට උපදෙස් දී ඇති බව පුවත්පත පවසයි.  එසේ කරන්නේ මේ ක්‍රිකට් තරග බැලීමට එනු ඇතැයි බලාපොරොත්තු වන විදේශිකයන්ට ඒ පැත්ත දියුණු වී ඇති බව පෙනෙන්නටයි.  ඊනියා ධනවාදී සංවර්ධනයේ විසුළු ස්වභාවය මෙමගින් හොඳින් ප්‍රදර්ශනය කෙරේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දැවැන්ත 'සංවර්ධන' ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එමගින් එහි දිළිඳුභාවය පිටු දකින බව කියමිනි. ඒ වෙනුවෙන් වැය කරන්නේ මහජන මුදල් ය. පරම්පරා ගණනාවක් උගසට තබමින් ලබා ගන්නා ණය ගෙවන්නේ ද මේ රටේ මහජනතාව ය. ලංකාවේ මහජනතාවගෙන් බහුතරය දිළින්දෝ ය.  මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වූ කල, ඒ සංවර්ධනය පහළට කාන්දු වී දිළිඳුභාවය නැති වන බව නව ලිබරල්වාදයේ ත

'රිෆ්‍රෙෂ් ඔරේන්ජ්' තහනම හා පැණි බීම මාරයා | Ban on Refresh Orange and the killer soft drinks

Image
රිෆ්‍රෙෂ් ඔරේන්ජ් තහනම පිළිබඳ පුවත සමග රජයේ ලංකා පුවත් අඩවියේ පළ වූ ඡාය ාරූපය (2011 පෙබරවාරි 19,  W3Lanka )   පානය කිරීමෙන් පසු 11හැවිරිදි ගැහැනු ළමයකු මිය යාම හා ඇගේ මව බරපතල ලෙස රෝගාතුර වීම නිසා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තහනම් කරන ලද පැණී බීම වර්ගය මේ රටේ ප්‍රධාන ජනමාධ්‍යවලට ඇනොනිමස් හෙවත් නිර්නාමික ය.  එයින් මේ ජනමාධ්‍යවල සමාජ වගකීමේ තරම පෙනේ. දුප්පත් මිනිහෙකු කරන වරදකදී කිසිදු ආචාර ධර්මයකින් තොරව කටයුතු කරන ජනමාධ්‍ය මේ පැණි බීම වර්ගයේ නම පවා සඳහන් නො කිරීමට පරිස්සම් වන්නේ ඇයි?  මරණයට හේතුව එම පැණි බීම වර්ගයමදැයි තවමත් නීත්‍යානුකූලව ඔප්පු වී නැති නිසා එසේ කරන බවට තර්ක කළ හැකි ය. මේ පරිස්සම දුප්පතුන් සම්බන්ධයෙන් නැත්තේ ඇයි? නීතියෙන් වරදකරුවන් වන්නට පෙර ජනමාධ්‍ය විසින් කීදෙනෙකු වරදකරුවන් ලෙස හංවඩු ගසා තිබේ ද?  මෙතැන ඇත්තේ පැණිබීම සමාගම්වලින් ලැබෙන දැන්වීම් ආදායම බිඳ වැටීම පිළිබඳ බියක් හෝ එසේ නොමැති නම්, අදාළ බීම වර්ගයේ නම සඳහන් නො කර සිටි විට සෙසු බීම වර්ග නිපදවන සමාගම් ඒ තමන් නො වන බව කීම සඳහා වැඩිපුර දැන්වීම් පළ කරනු ඇතැයි බලාපොරොත්තුවක් හෝ විය හැකි ය.  ළමයකුගේ මරණය

පාර්ලිමේන්තුවට විහිදුණ ලිංගික ප්‍රචණ්ඩත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය

Image
(2011 පෙබරවාරි 18,  W3Lanka )  ලංකාවේ පාර්ලිමේන්තුව විසින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම පිණිස පනත් ගණනාවක් සම්මත කර තිබේ. එහෙත්, අලුත් ම තත්වය වන්නේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පාර්ලිමේන්තුව දක්වා ම විහිදීමයි. වඩා නිවැරදිව කියනවා නම් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ලිංගික ප්‍රචණ්ඩත්වයේ බලපෑමට ලක් වීමයි.  පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි සිය සැමියාගේ ප්‍රහාරයකට ලක් ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරන ලදී. සිද්ධියට හේතුව ලෙස වාර්තා වන්නේ ආදරවන්තයින්ගේ දිනයේ ඇය ජැයික් හිල්ටන් හෝටලයේදී තවත් නළුවකු සමග නැටුමක යෙදීම නිසා ඇගේ නීත්‍යනුකූල සැමියා ඇය කෙරෙහි ඇති කර ගත් ලිංගික ඊර්ෂ්‍යාවකි. පහර දීම් හේතුවෙන් මේ වන විට ඇය ශල්‍යකර්මයකට පවා ලක් කර තිබේ.  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වුවත්, ඇය ඒ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් කර නැත. එහෙත්, පොලිසිය දැන් සිද්ධිය පිළිබඳව විමර්ශනය කරමින් සිටියි. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම පිණිස මන්ත්‍රීවරියගේ සැමියා පොලිසියට අවශ්‍යව ඇති මුත් මේ වන විට ඔහු කට්ටටි පනිමින් සිටින බව වාර්තා වේ.  උපේක්ෂා ස්වර්ණමාලි හෙවත් පබා නම් ටෙලි නාට්‍ය නිළිය දේශපාලන කරළියට පැමිණීයේ

විනූ වෙත්තමුනි සරාගී චිත්‍රපට නිළියක් ද? සිනමා කලාකාරියක් ද?

Image
(2011 පෙබරවාරි 17,  W3Lanka )   'සරාගී සිංහල චිත‍්‍රපට ගණනාවක රඟපා ඇති නිළියක වන විනූ වෙත්තමුණි' ඉහත සඳහන් කළේ ලංකා ටෲත් වෙබ් අඩවියේ ඝාතනයට ලක් වූ නිළි විනූ වෙත්තමුණි පිළිබඳ සඳහන් වන ආකාරයයි.  මේ වනාහි ඇය 'හොඳ චරිතයක්' ඇති ගැහැනියක නො වන බව වෙනත් බසකින් කීම සඳහා යොදා ගත් යෙදුමකි.  පහත පළ වන්නේ විනූ වෙත්තමුනි 2007 අගෝස්තු මස 15දා ඩේලි නිව්ස් පුවත්පතට කරන ප්‍රකාශයකි.  “I am a professional actress. Hence I can not pick and choose. But it does not mean I am going to accept any role. I give myself fully to the films I choose to act. But I do not wish to be branded or identify as an actress `good only’ for some particular role” "මම වෘත්තීය නිළියක්. ඒ නිසා මට තෝර තෝරා ඉන්න බැහැ. එහෙත්, මම ඕනෑ චරිතයක් කෙරෙන කෙනෙකු ය කියා එයින් අදහස් වන්නේ නැහැ. මා තෝරා ගන්නා චිත්‍රපට වෙනුවෙන් මම පූර්ණව කැප වෙනවා. එහෙත්, ඇතැම් විශේෂ චරිත වෙනුවෙන් 'පමණක් හොඳ' නිළියක ලෙස හංවඩු ගැසෙන්න මගේ අදහසක් නැහැ."  සරසවිය පුවත්පත විසින් සංවිධානය කරන ලද 'ලස්සන මුහුණු'

සමනලයා හා මකුළුවා: විජය කුමාරනතුංග හා ලයනල් රණසිංහ

Image
(2011 පෙබරවාරි 16,  W3Lanka )  විජය කුමාරනතුංග ඝාතනයට 2011 පෙබරවාරි 16 දිනට වසර 23කි. විජය හා අමරසිරි කලංසූරිය කලක් පරණ කෝට් විකිණුවෝ ය. දුම්රියපොළවල රාත්‍රිය ගත කරද්දී දුම්රිය සේවකයෝ ඔවුන් පළවා හැරීමට වතුර ගැසූ අමරසිරි කලංසූරිය මෑතදී පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබිණි. . විජයට වෙඩි තැබූ තුවක්කුකරුවා වන ලයනල් රණසිංහ  කලක් හොරණ බස් නැවතුම අසල තැබෑරුමක් ඉදිරිපිට රටකජු විකිණුවේ ය. හන්තානෙ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟමින් ජනාදරයට පත් විජය කලක් එක දිගට ම ලංකාවේ ජනප්‍රිය ම නළුවා වූයේ ය. ඔහු සුන්දර රූ සපුවකින් යුත් නළුවකු පමණක් නො ව අදටත් ජනප්‍රිය දක්ෂ ගායකයෙකි. ලංකාවේ හිටපු රාජ්‍ය නායක දෙපළකගේ දියණියක වන චන්ද්‍රිකා බංඩාරනායක සමග විවාපත් වූ හේ දේශපාලනයට පිවිසියේ ලංකා සමසමාජ පක්ෂයෙනි. 1982 ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ හෙක්ටර් කොබ්බෑකඩුවගේ ප්‍රචාරක ව්‍යාපාර‍ය කරට ගෙන වැඩ කළ විජයට එවක ජනාධිපතිව සිටි ජේ. ආර්. ජයවර්ධන බොරු නැක්සලයිට් චෝදනාවක් ඉදිරිපත් කළේ ය. තරුණ, ආකර්ශනීය නායකත්ව පෞරුෂයක් ලෙස ඉදිරියට එන  විජයට බිය වූ ජේ. ආර්. ඔහු මාස ගණනක් සිර කර තැබුවේ ය.

ආදරයේ ගැඹුර සොයා යන ආදරවන්තයනි, ඔබට ජය වේවා!

Image
(2011 පෙබරවාරි 14,  W3Lanka ) අද ආදරවන්තයන්ගේ දිනයයි. මෙම දිනයට යොදා ඇති නම හිමි වැලන්ටයින් නම් ශාන්තුවරයා පිළිබඳ ඇති කතා ද ආදරය සේ ම ‍ඓතිහාසික මූලාශ්‍රවලින් විද්‍යාත්මකව ඔප්පු නො කරන ලද, අතාර්කික ඒවා ය. අපි ඒ ඉතිහාසය සොයන්නට නො වෙහෙසෙමු. වැලන්ටයින් ගැන ඇති එක් කතාවක් අපේ සිත් ගනියි. ඔහු එක් යුද සමයකදී පිරිමින් යුද්ධයට යැවීම පිණිස රජු විසින් විවාහය තහනම් කර තිබූ කාලයක තරුණ, තරුණියන් විවා පත් කළ පූජකවරයෙකි. ඒ වෙනුවෙන් ම දිවි පිදූවෙකි. වැලන්ටයින් යුද විරෝධියකු ලෙස සැලකීමට අප කැමති ය. ලංකාවේ පාලකයන් විසින් තඹ දොයිතුවකට මායිම් නො කරනු ලබන මානව හිමිකම් සැමරීමට පවා දිනයක් වෙන් කර තිබියදී ආදරය සැමරීමට ජනතාව දිනයක් වෙන් කර ගත්තාට කාටවත් ඇති අමාරුව කුමක් ද? එදාට ආදරවන්තයාට, ආදරවන්තියට රෝස මලක් තෑගි දුන්නා ම, හාද්දක් දුන්නා ම රටේ සංස්කෘතියට සිදු වන හානියක් නැත. වැලන්ටයින් දිනය බටහිරින් ආ සංස්කෘතික ලක්ෂණයක් බව සැබෑ ය. එය ප්‍රවර්ධනය කිරීම පිටුපස වෙළඳ අරමුණු ඇති බව ද සත්‍යයකි. වැලන්ටයින් විරෝධීන් නො දන්නා කාරණයක් වන්නේ වර්තමානයේ වෙසක් පොහොය හා සම්බන්ධව ඇති ආමිස පූජා බොහොමයක් ම හෙන්රි ස්ට

හිරිකොටේ ගොනා හා බකමූණා අතර සටන

Image
(2011 පෙබරවාරි 13,  W3Lanka ) ඔන්න එකමත් එක කාලයක, එකමත් එක කැළේක රජකම ලැබී තිබුණේ බකමූණෙකුටයි. සම්ප්‍රදාය අනුව නම්, කැළේ රජකම හිමි වන්නේ සිව්පාවුන්ටයි. බකමුණා රජකම ලබා ගත්තේ පූසකු ලෙස පෙනී සිටීමෙනුයි. එහෙත්, කලක් යන විට මේ බකමූණා පූසකු නො ව, කකුල් දෙකක් පමණක් හිමි, උඩ ඉගිලෙන කුරුල්ලෙකු බව සතුන්ට තේරුණා. පක්ෂියකු කැළේ රජා කර ගැනීමෙන් තමන් කර තිබෙන්නේ මෝඩකමකැයි කැළේ සතුන් සිතන්න පටන් ගත්තා. බකමූණා නෙරපා දමා සිව්පාවෙකු රජකමට පත් කර ගන්න කැළේ සතුන්ට ඕනෑ වුණා. ඒත්, බකමූණා ඔහුගේ තරගකාරයන්ට වඩා බුද්ධිමත් සතෙකු නිසා ඔහුගෙන් රජකම ලබා ගැනීම පහසු වුණේ නැහැ. සිංහයා, කොටියා, අලියා වැනි සතුන් පවා බකමූණා සමග සටනට ඇවිත් පරාජය වී නගුට දෙකකුල් අතරේ ගසාගෙන වෙනත් කැළෑවලට පළා ගියා. ශක්තිමත් සතුන් අතරින් අන්තිමට කැළේ ඉතිරි වුණේ ගොනායි. හැබැයි ගොනාට ඒ තරම් මොළේ නැති බවත් කැළේ සතුන් දන්නවා. ඒත් මෙනාවා කරන්න ද? වෙන විසඳුමක් නැහැනේ. බකමූණා රජා ලෙස පිළි ගන්නත්ත් බැහැ. ගොනා ඉතින් ගොනා ම තමයි. ඒත්, මොකක් හෝ වෙනසක් වෙන එක හොඳයි කියලා හිතලා කැළේ සතුන් ගොනාට ඇවිටිලි කරන්න පටන් ගත්තා "උතුමාණනි, මේ බකමූණ