රු. කෝටි ගණනක ලොතරැයියක් දිනූ බවට ඔබටත් SMS එකක් ලැබුණා ද?

(2011 ජනවාරි 01, W3Lanka) දීර්ඝ කාලයක සිට ඊ මේල් පාවිච්චි කරන අයට එක එක රටවල්වල ලොතරැයිවලින් විශාල ඩොලර්, පවුම් ගණනක් දිනුවා ය කියා එන ඊමේල් ලිපිවල අඩුවක් ඇතැයි ඔබට නිරීක්ෂණය වුණා ද? 


කලක් අන්තර්ජාලයේ වංචනිකයන් පිරිසකගේ කුප්‍රකට ජාවාරමක් වූ තිබුණු මෙයට දැන් අන්තර්ජාල ප්‍රජාව හසු වීම අඩු වී තිබෙනවා විය හැකියි. 


එහෙත්, අලුත් ම වාර්තා පවසන්නේ දැන් මෙම උවදුර ලංකාවේ ජංගම දුරකථනවලට ව්‍යාප්ත වී ඇති බවයි. 


සෙල්ලම පරණ එකමයි. ඔන්න ඔබට කෙටි පණිවුඩයක් ලැබෙනවා අහවල් ලොතරැයියෙන් ඔබට මෙතරම් මුදලක් දිනුම් ලෙස ඇදී ඇති බව හා අසවල් අංකයට කතා කළොත් තෑග්ග ලබා ගත හැකි බව කියා. 


කතා කළොත් එතැනින් ඔබේ හා ඔබේ බැංකු ගිණුමේ විස්තර ආදිය ලබාගෙන කියනවා මුදල ලබා ගැනීම සඳහා අසවල් රටේ අසවල් බැංකු ගිණුමට අසවල් මුදල තැන්පත් කරන්න කියා. ඒ මුදල එතරම් ලොකු එකක් නොවෙයි.


ඔබ දන්නවා ද, තවමත් සමහරු ලැබෙන්න තිබෙන මුදලේ විශාලත්වය නිසා වා නම් වා, පෝ නම් පෝ කියා මේ හොරුන්ට සල්ලි යවනවා. පස්සෙ ලජ්ජාවට සද්ද නැතිව ඉන්නවා. නැතත්, මේ වංචාකරුවන් ඉන්න රටවල් ලංකාව තානාපති සම්බන්ධකම්වත් නො පවත්වන ඒවා නිසා ලේසියෙන් කරන්න පුළුවන් දේකුත් නැහැ. 


අලුත් අවුරුද්දේ සොරුන්ගෙන් බේරී ධනවාදය තුළ දිවි රැක ගන්න කරන සටනට ඔන්න අපෙන් සුබපැතුම් සමග මේ පුංචි අවවාදය. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. අළුත් අවුරුද්දේ පළමුවෙන්ම ලබපු අවවාදය නොවැ.
    ස්තුතියි.
    ඔබට සුබ අළුත් අවුරුද්දක් !

    ReplyDelete
  2. අවවාදයට ස්තූතිය සමග ඔබට සහ ඔබේ පාඨකයන්ට "සාර්ථක 2011 ක් වේවා"

    ReplyDelete
  3. අවවාදයට ස්තුතියි,වාංචනික ලොත‍රැයි කාරයින්ගෙන් බේරිමට ඒ අවවාදය ප්‍රමාණවත්.ඒත් මේ ආණ්ඩුවෙන් වංචනිකව ජනයාගෙන් හොරා කන ජාවාරමෙන් බේරෙන්න අවවාදයක් ලියලා එවන්න බැරිද ?

    ReplyDelete
  4. ඔබ සැමට සුභ අලුත් අවුද්දක් යාලුවනි. මගේ අවුරුදු සුභ පැතුම වංචාවන්ට රැවටෙන් නැති ජාතියක් වශයෙන් අපට ඉදිරියට යාමට ලැබේවා කියලයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා