ජනතාවනි, මහජන ආරක්ෂකයන්ගෙන් පරිස්සම් වෙනු!

(2011 ජනවාරි 29, W3Lankaමහජන ආරක්ෂාව සඳහා ය කියමින් ආයුධ සන්නද්ධව සිටින පොලිස් නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන් වැනි අය ගැවසෙන තැන්වලදී මහජනතාව පරිස්සම් විය යුතු ය.


හේතුව, මෙම පුද්ගලයන්ගේ ඉලක්ක බොහෝ විට කකුලට තිබ්බොත් ඔලුවට හා උඹේ ඔලුව‍ට තිබ්බොත් මගේ ඔලුවට වදින වර්ගයේ ඒවා වීමයි.


අපරාධ 93ට වරෙන්තු 80ක් තිබූ පාතාල අපරාධකරුවකු වූ පී. සනත් චන්දන සිල්වා නොහොත් ‘චූටි පුතා’ නමැත්තා ජනවාරි 26දා උදේ ගල්කිස්ස අධිකරණයට ගෙන ආ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් තල්ලු කර දමා පලා යද්දී බන්ධනාගාර නිලධාරියකු තැබූ වෙඩි පහර සාමාන්‍ය පුද්ගලයකුට වැදී ඔහු බරපතල ලෙස තුවාල ලැබ අද අළුයම 1.00ට පමණ මිය ගියේ ය.


මේ අහිංසකයාගේ මරණය පිළිබඳ අපේ සාතිශය සංවේගය ප්‍රකාශ කරමු. එසේ ම ඊනියා මහජන ආරක්ෂකයන්ගෙන් පරිස්සම් වන ලෙස අපි ජනතාවට අනතුරු අඟවමු. 


මෙම සටහනත් කියවන්න: 

විද්දෙ චූටි පුතාට; වැදුණෙ නඩුවකට ආපු පුතෙකුට


.

Comments

  1. oka karapu eka allala jaavithanthaya dakwa hire daanna one kalakanni . mage yaluwekutath okun wedi tiyala waradeemakin kakula amputate karanna wuna . uge jeevithema ivarai . munta mona aparadakarayawa allanth kalin civilians lage arakshawa balanna one kiyana eka kiyala denna one okkotama kalin .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා