සරසවි සිසුන්ට දෙන්නට යන හමුදා පුහුණුව කෙබඳු එකක් ද?

හමුදාවේ විවාහ චාරිත්‍රයක්
අජන්ත මෙන්ඩිස් මනමාලයා උඩ විසි කිරීම
(2011 ජනවාරි 09, W3Lankaවිශ්වවිද්‍යාල වරම් ලබන සිසුන් සරසවි වෙත ඇතුළත් කර ගැනීමට පෙර හමුදා කඳවුරු තුළදී සති තුනක පුහුණුවක් ලබාදීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක ජනවාරි 05දා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය. ඔහු කීවේ නායකත්ව ගුණාංග වර්ධනය කිරීමේ අරමුණින් එම සිසුන්ට අදාළ පුහුණුව ලබාදෙන බවයි.


හමුදාවට නායකත්වය දුන් හිටපු හමුදාපති දරත් ෆොන්සේකා දැන් හිරේ ය. නායකත්ව පුහුණුව යයි කියන්නේ ඔහු සේ වන්නැයි කීම නො විය හැකි ය.


අජන්ත මෙන්ඩිස්ගේ මනාලිය උඩ විසි කිරීම
බොහෝ ඇමතිවරු මෙවැනි කතා කියති. බොහෝ විට ඒවා වදාරන්නේ පූර්ව අධ්‍යයනයකින් තබා සිතා බැලීමකින් පවා තොරව ඔහේ කටට එන්නන් වාලේ ය. මෙය ද එවැන්නක් විය හැකි ය. මතභේදාත්මක අදහසක් ප්‍රකාශ කළ විට අදාළ ඇමතිවරයා වෙත ජනමාධ්‍ය අවධානය යොමු වේ. අපි ද ඒ ගැන බ්ලොග් ලියන්නෙමු. අද කාලේ හැටියට දේශපාලනය කරනවා කියන්නේ මාධ්‍යවල පුවත් මවන්නකු වීමයි. ඒ නිසා අදාළ අදහස ක්‍රියාත්මක වුණත්, නො වුණත් එකී ඇමතිවරයාට හානියක් වන්නේ නැත.


මෙවැනි අදහසක් ගෙන එන්නේ යම් ප්‍රශ්නයක් ගැන සිතා බලා නම්, ඒ ප්‍රශ්න විය හැක්කේ විශ්ව විද්‍යාල සිසුන් නවක වධය‍ට සම්බන්ධ වීම හා උද්ඝෝෂණ කිරීම විය හැකි ය. ජවිපෙ සමග දේශපාලනය කිරීම කියා ප්‍රශ්නයක් ඇත්තෙන් ම නැත. සිසුන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සමග කටයුතු කරන්නේ ජවිපෙ දේශපාලන වැඩපිළිවෙල නිසා නො ව, විශ්ව විද්‍යාලවල ඇති දහසකුත් එකක් ප්‍රශ්න නිසා ය.


විශ්ව විද්‍යාල සිසුන් නවක වධය හා සම්බන්ධ වීම හමුදා පුහුණුව මගින් වෙනස් වේ යයි කිසි සේත් ම සිතිය නො හැකි ය. මන්ද, හමුදා යනු නවක වධයේ මර්මස්ථාන වන බැවිනි. අලුතෙන් බඳවා ගනු ලබන සොල්දාදුවන් හා නිලධාරීන් පමණක් නො ව, උසස්වීම් ලබන අය (හා කසාද බඳින අය) ද හමුදාවේ නවක වධයට ලක් වෙති. මේ නවක වධය බොහෝ විට උපයෝගී කර ගනු ලබන්නේ ජ්‍යේෂ්ඨත්වයට ගරු කරවා ගැනීම සඳහා ය. ඉතින් විශ්ව විද්‍යාලවල ද එය එසේ ම ය. යුද්ධ කරන හමුදාවක‍ට ජ්‍යේෂ්ඨයන්ට ගරු කිරීමට අවශ්‍ය තරමින් ශාස්ත්‍ර ගවේශනයේ යෙදෙන ශිෂ්‍යයන්ට එය අවශ්‍ය වන්නේ නැත. හමුදා පුහුණුවෙන් මේ තත්වය කෙසේ වෙනස් කරන්නට අදහස් කරනවාදැයි අපට නො වැටහේ.


මෙවැනි දේ නම් කළ හැකි වනු ඇත. සරසවි සිසුන්ට නිල ඇඳුමක් ඇන්දවීම, සපත්තු මූණ බලන කණ්ණාඩි සේ පොලිෂ් කර ගැනීම, දේශනය අවසන් වූ පසු සර්ට වැඳීම (ගැහැනු ළමයි නම් පංති සාමාර්ථයක් වෙනුවෙන් සර් සමග යහන් ගත වීමට සිදු වුවහොත් ඇඳට නැඟීමට පෙර වැඳීම), ජ්‍යේෂ්ඨ උත්තමයන් දුටු විට සීරුවෙන් සිටීම, කැන්ටිමේ රොඩු කෑම කන විට ටේබල් මැනර්ස් අනුගමනය කිරීම, ට්‍රිප් යන විට දෙන්නා දෙන්නා පේළියට යාම වැනි දේ ය. 


විශ්ව විද්‍යාල සිසුන් උද්ඝෝෂණවලට යන එක වළක්වන්නට නම් සරසවිවල පහසුකම් වැඩි කළ යුතු ය. හොඳ ආචාර්යවරුන් සිටිය යුතු ය. නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී, ශාස්ත්‍රකාමී  වටපිටාවක් ඇති කළ යුතු ය. එහෙම කරන්නට බැරි නිසා හමුදාවට ඕනෑ නම් 1989 කාලයේ සරසවි සිසුන්ට සිදු වූ දේ ගැන දන්නා විස්තර කිව හැකි ය.  


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. /විශ්ව විද්‍යාල සිසුන් උද්ඝෝෂණවලට යන එක වළක්වන්නට නම් සරසවිවල පහසුකම් වැඩි කළ යුතු ය./

    ඒකට සල්ලි දෙන්නෙ පැරාගෙ තාත්තද බාප්පද කියලත් ලිව්ව නම් අගෙයි.

    ReplyDelete
  2. @Anonymous
    අපගේ තාත්තාත්, බාප්පාත්, ඔබ ද ඇතුළු සෙසු සියලු ජනයාත් බදු ගෙවීම සඳහා වැය කරන මුදල් නාස්කි නො කර නිවැරදි කළමනාකරණයකින් භාවිතා කරන නායකත්වයක් තිබුණා නම් මේවා කරලා බොහෝ කල් ය.

    ReplyDelete
  3. JVP and people like Ajith PJ oppose this because with this training they can't brainwash newcomers and load their ideology on them. Sri lanka society has seen 40-30 years of JVP based activity in the universities, so why not try the military based activities?

    ReplyDelete
  4. හමුදා පුහුණුව දීමට පෙර මහපොල වැඩිකලා නම් කොච්චර හොඳද? දැන් රුපියල් 2500න් ජීවත් වෙන්න බෑනෙ. ඒකත් දෙන්නෙ මාස දෙක තුනකට සැරයක්.
    අනේ මන්දා............

    ReplyDelete
  5. "JVP and people like Ajith PJ oppose this because with this training they can't brainwash newcomers and load their ideology on them. Sri lanka society has seen 40-30 years of JVP based activity in the universities, so why not try the military based activities?"

    Who have brain washed you ? It is because of students activities, the education system and many other government institutes and services are still free and under government.

    ReplyDelete
  6. ගැහැනු ළමයි නම් පංති සාමාර්ථයක් වෙනුවෙන් සර් සමග යහන් ගත වීමට සිදු වුවහොත් nova bohovita meya siduvey. meya samajaye bohodenek danne netha . meya samaja sanvadayata bajanayada nove. dakshayek veemata gotta menma striyavak nam bohovita lingika pagavakda garu acharya mahacharya varunta avasyamay{niyama guru deviyanta meya apahasayak noveva]meya mathukala w3lanka dekmata apage sthuthiya.

    ReplyDelete
  7. Ajantha mendis thamange biridava anunta udadanna dunna minihek , ko me yakage konda , bat piththak vath tiyala thadin badagan miniho.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා