මැති ඇමතිකම් වෙනුවෙන් අම්මා වුණත් විකුණන සමයක ජවිපෙ ප්‍රතිපත්තිගරුකකම

(2011 ජනවාරි 23, W3Lanka)  ඇමතිකමක්, මන්ත්‍රීකමක් වෙනුවෙන් සමාජ ක්‍රියාකාරිකයකු ලෙස, වෘත්තිකයකු ලෙස, විද්‍යාර්ථියකු ලෙස, කලාකරුවකු ලෙස හෝ හොඳ මිනිසකු ලෙස දීර්ඝ කාලයක් තිස්සේ අමාරුවෙන් ගොඩනඟා ගත් කීර්තිය කැප කරන්නට බුද්ධිමත් මිනිසුන් පවා පොළඹවනසුළු ධනයක් හා බලයක් පර්ලිමේන්තු මන්ත්‍රීකමක, ඇමතිකමක තිබේ. එසේ ම, එය වනාහි මහජන මුදලින් ධනවත් වීමේ හා සුර සැප විඳීමේ ද, ඒ දහ ජරා වැඩේ කරන ගමන් ම ඒ වෙනුවෙන් බදු බරට කර ගසා සිටින මිනිසුන්ගේ වන්දනාවට පාග්‍ර වීමට ද හැකි මාර්ගයකි.

එහෙයින්, අද කාලයේ ලංකාවේ මිනිස්සු පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් වෙනුවෙන් අම්මා වුණත් විකිණීමට සූදානම් ය.


ජනතා විමුක්ති පෙරමුණේ ලක්ෂ්මන් නිපුණආරච්චි කොළඹ දිස්ත්‍රික් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු හමුදාපති හා පරාජිත ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා යුද අධිකරණයක් විසින් සිරගත කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයේ දිවුරුම් නො දී එය අහිමි කර ගන්නේ මෙම සංදර්භය තුළ ය.


අද කාලයේ සිදු වන හැටියට ප්‍රතිපත්ති පාවා දී මොකක් හෝ බොරු තර්කයක් මවා පා මේ මන්ත්‍රීකමේ දිවුරුම් දී ආණ්ඩුවට හේත්තු වීම සුළු දෙයකි. ඕනෑ නම් එසේ කරන්නේ සරත් ෆොන්සේකා බේරා ගැනීමට ය කියා කියන්නත් පුළුවන.


එහෙත්, ජවිපෙ එසේ නො කළ අතර ජවිපෙ සාමාජිකයා පක්ෂ තීරණයට හිස නැමුවේ ය.


මෙය විශේෂ තත්වයක් වන්නේ මෙවැනි ප්‍රතිපත්ති ගරුකකමක් අද වන විට වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක ඉතිරි වී නැති නිසා ය.


ජවිපෙ මීට පෙර ද, 2004දී සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පූජා කළෙ ය. එසේ ම පක්ෂයෙන් නෙරපා හරින ලද ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. අමරසිංහට ඉල්ලා අස් වීමට සලස්වා එම මන්ත්‍රී ධුරය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වන්නට ඉඩ හැරියේ ය.


කන්තලේ ප්‍රාදේශීය සභාවේ කුණු ට්‍රැක්ටරය පැදවූ ජයන්ත විජේසේකර පාර්ලිමේන්තුවට ගෙන ආවේ ජවිපෙ ය.


එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සැබෑ ජනතා නායකයතු බවට පත් කරන්නට ජවිපෙ අසමත් විය. ජවිපෙ මන්ත්‍රීවරු වැඩි පිරිසක් දක්ෂයින් නො වූ හෙයින් ඔවුන් දූෂිතයන් බවට පත් නො වී සිටියා පමණි. වෙනත් කිසිවක් සිදු වූයේ නැත. අවසා‍නයේ ජවිපෙ මන්ත්‍රීවරු එලොවටත් නැති මෙලොවටත් නැති පිරිසක් පමණක් වූ හ. 2010 මහ මැතිවරණයේදී ජවිපෙ ආසන සංඛ්‍යාව හතරට බැස්සේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.


එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජවිපෙ විශාල මිළක් ගෙවන්නට ඉඩ තිබේ. එය‍ට හේතුව ජවිපෙ බිම් මට්ටමේ දේශපාලකයන්ගේ අසාර්ථකත්වයයි. එම තත්වය කෙබඳුදැයි විස්තර කරන්නට අවශ්‍ය නැත. සාමාන්‍යයෙන් දේශපාලනය පිළිබඳ උනන්දු පුද්ගලයකු වන මෙම ලේඛකයා තමන් ජීවත් වන ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයේ ජවිපෙ නියෝජිතයන් ඉන්නවා ද, නැද්ද, ඉන්නවා නම් ඒ කවුරු ද යන්න දන්නේ නැත. ඔබ ඔබේ ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය නියෝජනය කරන ජවිපෙ නියෝජිතයන් හඳුනනවා ද?


Bookmark and Share
Bookmark, remember easily and come again  http://www.w3lanka.com/

Comments

  1. you are correct 100% agree with u and salute to mr.luxmen nipunaarachchi

    ReplyDelete
  2. දන්නා කියන පහුගිය කාලයක් පුරාවට ජේවීපීය කරපු දේවල් නිසා මම උග්‍ර ජීවීපී විරෝධියෙක්.

    ඒත් ඔබ කිව්වත් වගේ මෑත කාලයේ ජේවීපීය තරම් ප්‍රතිපත්තු ගරුක දේශපාලන ගති ලක්ෂන පෙන්වූ පක්ෂයක් නැති බව මටත් හිතුනු දෙයක්.

    ඒ හේතුව නිසාම පවතින පාලක පක්ෂය යහමාර්ගයේ ගමන් කරවන්නා හෙවත් තුන්වෙනි බලවේගය ලෙසට ජේවීපීය පත් වෙනවානම් හොඳයි කියාත් මට සිතේ.

    ඒ සමඟම යලිත් වරක් ඔබ කිව් ලෙසම ජේවීපීයේ බිම් මට්ටමේ ප්‍රාදේශීය නායකයින් බිහිනොවීම නිසාම ඒයට තුන්වෙනි බලවේගය බවට පත්වීමේ ඉඩක් නොලැබෙන බව මගේ හැඟීමයි.

    ආත්මය පාවා දෙන තවත් විමල්ලා බිහිවුනත් කම් නැතැයි සිතා මේ තත්වයෙන් ගොඩ යෑමට ජේවීපීය ඉක්මනින් ක්‍රියාකාරී විය යුතු බවත් හැඟේ.

    ReplyDelete
  3. meka danne w3lankage dena geneema pinisay palakalauthu nam palakaranna ,bim mattame samajikayange mole nethi veda meya vagakeemen karanne,Ratnapura Ayurveda hospittle eke oshada sanyojaka puhunuvakata aythanaye aya illum kara , sammuka prekshanayen dennek theruna dennama stree paksaye ayai,ayathanaye palakayo sevaka amarukam meda unath puhunuvata e dennava sevayen mudaheriya ,rohale thiyan suva sevva sangamaye jvp nayakaya Gamini Kumarasingha hamuvu anek sammuka preksanayen notheruna aya{ (me aya sangamaye hitiyata unp desapalanaya thama karanne,)me puhunuvata adala thanathura rohalata vedak nehe ebavin meya nathara karanna kivva,Gamini Kumarasinhath palath sabavata meka dennuva, palath sabava vahama eyata prathichara dekvuva , puhunuvata theruna denna kelesa ho puhunuvata giya , namuth puhunuva karana anek siyalu denatama e e palath saba anugrahaya dakvanava namuth sabaragamu palath sabaven giya dennata yana mudala daranne e denna visinmay, menna ayathana iresiyavata JVP eka sahayogaya dakvapu akaraya , pradanavama jvp eke panthi 5 sarthaka theendu thama meva.

    ReplyDelete
  4. A humble salute for JVP.

    ReplyDelete
  5. මගේ සිතුවිලි එහෙම්මම දුකා පවසා ඇත. එයටම සම්මාදම් වෙමි.

    ප්‍රතිපත්ති ගරුක බව වාසියක් නොව බලවත් අවාසියක් වන වතාවරණයක් තුල වුවද, ජ.වි.පෙ. පෙන්නුම් කරන ප්‍රතිපත්තිගරුක බව දිගටම රැකගැනීමට ශක්තිය ලැබේවායයි පතමි.

    ReplyDelete
  6. ජ.වි.පෙ. ප්‍රතිපත්ති ගරුක බව

    1984 - විජේවීර - ත්‍රස්තවාදී ප්‍රශ්නයට විසඳුමක් දිය හැක්කේ දෙමළ ජනයගේ ස්වයං තීරණ අයිතිය පිළිගැනීමෙන් පමණයි

    2005 - සෝමවංශ - ත්‍රස්තවාදී ප්‍රශ්නය නිම කළ හැක්කේ යුද්ධයෙන් පමණයි

    2008 - සෝමවංශ - අපි ටි.එන්.ඒ. එක සමග කවදාවත් සාකච්ඡා කරන්නේ නෑ

    2010 - පද්මිණී සිදම්බරම් ගේ නිවසේ ටී.එන්. ඒ. එක සමග සාකච්ඡාවට ගොස් දේවානන්දගෙන් ගුටි කෑම

    මාර ප්‍රතිපත්ති ගරුක බව නේද?

    ReplyDelete
  7. ඔවුවොවු..ආත්මය පාවා දෙන තවත් විමල්ලා බිහිවුනත් ඉතින් අන්තිමේදි එකතු වෙන්නෙ අපි අපිටම නොවැ ආයිබෝං!

    ReplyDelete
  8. JVP by no means a principled party.
    As a 8 years old child I lived through their reign of terror and even then I could understand their totalitarian excesses. Later at the Uni myself along the with rest of the UOK science faculty students had to clash with JVP threat during our freshman year and later too!( we were vastly outnumbered)
    The same people who earlier vociferously defended Sinhala Buddhist hegemony have now become liberal peaceniks with outreach to Tamil population as their nationalist base hemorrhaged first by Mahinda and later by Wimal weerawansa ; all for political expediency. To me this is a classics case where we can apply pithy sinhala saying Kabaragoyath talagoya weema.
    Disclaimer: I do not imply from above that only JVP has this weakness. Entire political landscape of Sri Lanka is rotten to the core. There are no principled statesman but opportunistic crooks having a free ride at our expense.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා