වෛද්‍ය පර්යේෂකයන් අත කෙළි බඩු වී ඇති රජරට වකුගඩු

(2011 ජනවාරි 17, W3Lankaරජරට වකුගඩු උවදුර අතිශය දුක්ඛිත තත්වයකි. ඇතැම් ප්‍රදේශවල එක ම පවුලේ වැසියෝ එකා පිට එකා වකුගඩු රෝගවලින් මිය යති. කොයි මොහොතේ කාට වකුගඩු ආබාධයක් ඇති වේ ද කියා කියන්නට බැරි ය. වකුගඩු නරක් වූ විට වකුගඩුවක් බද්ධ කිරීම හැර අන් විසඳුමක් නැත. එය සංකීර්ණ, වියදම් අධික සැත්කමකි. සැත්කමින් පසු ච රෝගියාට පූර්ණ වශයෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට ලැබෙන්නේ නැත.


රජරට වතුගඩු රෝගය පිළිබඳ විවිධ වෛද්‍ය පර්යේෂකයෝ වරින් වර විවිධ මත පළ කරති. මේ පිළිබඳ වෛද්‍ය විවාදයක් ද ඇතැයි සිතිය හැකි ය.


මේ පසුගිය දෙසැම්බර් 22දා දිනමිණ පුවත්පතේ වාර්තාවකි.


"උතුරුමැද හා ඌව පළාත්වල බහුලව පවතින වකුගඩු රෝගය පැතිර යෑමට නීල හරිත ඇල්ගී විශේෂය හේතු වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සිදුකළ පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබේ. මේ නීලහරිත ඇල්ගී ශාකය මඟින් නිකුත් කෙරෙන විස ද්‍රව්‍යයක් නිසා පුද්ගලයන්ගේ වකුගඩුවලට හානි පැමිණෙන බව සොයාගෙන ඇත.


මේ ප්‍රදේශවල වැව් හා ඇළ මාර්ග ආශ්‍රිතව මේ ශාකය ව්‍යාප්තව පවතින අතර, ජල මාර්ගවලින් ලබාගන්නා ජලය උණුකර පානයට ගැනීම සිදුකළත් අධික තාපයට ද මේ විස විනාශ කළ නොහැකි බව පර්යේෂණ ඇසුරෙන් සොයාගෙන තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණි විශේෂඥ වෛද්‍ය ධම්මිකා මැණිකේ දිසානායක මහත්මිය ප්‍රකාශ කළාය.


කොළඹ නිපෝන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව ඊයේ (21 දා) අනාවරණය කළාය. මේ පළාත්වල ළිංවල ජලයට ද මේ විස පැතිරයාම නිසා එම ජලය ද පානයට නුසුදුසු තත්ත්වයේ පවතියි. වැසි ජලය එක් කර බීමට ගැනීම මේ රෝගය වළක්වා ගැනීමට හැකි එකම විසඳුම බව ද ඇය අනාවරණය කළාය.


වයස අවුරුදු 40 ත් 60 ත් අතර බොහෝ වෙහෙස මහන්සි වී වැඩකරන පිරිමි අය මේ රෝගයට වැඩි වශයෙන්ම ගොදුරු වී සිටී. උතුරුමැද පළාතට අයත් මැදවච්චිය, පදවිය, කැබිතිගොල්ලෑව, මැදිරිගිරිය වැනි ප්‍රදේශවලත් ඌව පළාතේ ගිරාඳුරුකෝට්ටේ, මහියංගණය වැනි ප්‍රදේශවලත් මේ රෝගය දැනට ව්‍යාප්තව පවතියි. රෝගීන් 11,600 කගෙන් පමණ තොරතුරු ලබාගෙන මේ රෝගයට හේතු සාධකය සොයා ගැනීමට මේ පර්යේෂණ කණ්ඩායම පර්යේෂණ ගණනාවක්ම සිදුකර තිබේ.


මේ ප්‍රදේශවල හඳුනානොගත් වකුගඩු රෝගීන්ගේ රෝගයට හේතුව සොයා ගැනීමේ පර්යේෂණ තවදුරටත් ක්‍රියාත්මක කරන බවත් තව වසර එක හමාරක් පමණ ගත වනවිට මේ රෝගයට නිශ්චිතවම හේතුකාරක සොයාගෙන රෝගය වළක්වා ගැනීමේ ප්‍රතිකාර ද හඳුන්වාදීමට හැකි බවත් ධම්මිකා මහත්මිය ප්‍රකාශ කළාය.


මේ වෛද්‍ය පර්යේෂණය සිදුකිරීම සඳහා විවිධ විද්වතුන්ගෙන් ද, පේරාදෙණිය සම සෞඛ්‍ය පීඨයේ සිසුන් 20කගෙන් පමණද සහය ලබාගෙන ඇත. පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ ව්‍යාධිවේදඥ වෛද්‍ය පාලිත රත්නායක, මහවැලි අධිකාරියේ විශ්ලේෂක එස්. බී. අධිකාරි, අනුරාධපුරය කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ඩබ්. බී. පලුගස්වැව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පශ්චාත් උපාධි අපේක්ෂක කිත්සිරි ජයසේකර මහත්වරුද මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූහ."


මේ අද දිවයින පුවත්පතේ වාර්තාවකි.


"විසි වසරක්‌ පුරා ශ්‍රී ලංකාවේ උතුරුමැද හා අවට ප්‍රදේශවල පැතිර යමින් සිය දහස්‌ ගණනක්‌ මිනිස්‌ ජීවිත බිලිගත් රජරට වකුගඩු රෝගයට සැබෑ හේතුව ආසනික්‌ විෂවීම බව රජරට වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න සුදත් ජයසුමන මහතා පවසයි.


මේ වන විටත් විසිදහසකට ආසන්න රෝගීන් ප්‍රමාණයක්‌ රජයේ රෝහල්වලින් වකුගඩු රෝගයට ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා රජය විශාල මුදලක්‌ වාර්ෂිකව වැය කරයි. මීට පෙර වකුගඩු රෝගයට හේතුව ලෙස විවිධ අදහස්‌ පළ වුවද ඒ කිසිවක්‌ වෛද්‍ය පිළිගැනීමට පාත්‍ර නොවීය. වසර කිහිපයක්‌ පුරා කරන ලද ගවේෂණයකින් මෙතෙක්‌ අභිරහසක්‌ව පැවැති රෝග කාරකය හඳුනා ගැනීමට හැකි වූ බව වෛද්‍ය ජයසුමන මහතා පවසයි. ඒ මහතාට අනුව දීර්ඝකාලීන ආසනික්‌ විෂවීමකදී දක්‌නට ලැබෙන සියලු රෝග ලක්‍ෂණ මෙම රෝගීන්ගෙන් දැකගත හැක. කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සහාය ඇතිව කරන ලද පරීක්‍ෂණවලින් රෝගීන්ගේ පානීය ජලයේ ඉතා ඉහළ ආසනික්‌ සහ රසදිය සාන්ද්‍රණයක්‌ ඇති බව හඳුනාගෙන ඇත.


පානීය ජලයේ ඇති ආසනික්‌, රෝගය බහුල ලෙස ව්‍යාප්තව ඇති ප්‍රදේශවල ජලය අධික කඨිනතාව සමඟ එක්‌ව සාදන විෂ සංයෝගයක්‌ නිසා වකුගඩුවලට හානි පමුණුවන බව වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි. මේ පිළිබඳ වැඩි විස්‌තර ඉදිරි සති කිහිපයේදී හෙළිකරන බවත් රෝගය මුළුමනින් තුරන් කිරීමට අවශ්‍ය මූලික පර්යේෂණ කටයුතු ද මේ වන විට කරගෙන යන බවත් ඒ මහතා පැවැසීය"


මීට පෙර ද මෙවැනි පරීයේෂණ ඔස්සේ විවිධ හේතු ඉදිරිපත් කරන ලදී. නැත්තේ පිළියම් පමණි. හේතු පිළිබඳ විවිධ මත ඇති විට පිළියම් පිළිබඳව ද විවිධ මත තිබිය හැකි ය. එහෙත්, අප පහත ඉදිරිපත් කරන වාර්තා චිත්‍රපටය බැලූ විට තත්වය කෙතරම් කුරිරු ද යන්න ඔබට වැටහෙනු ඇත.


රජරට වකුගඩු එක්තරා අන්දමකට වෛද්‍ය පර්යේෂකයන්ගේ කෙළි බඩු බවට පත් වී තිබේදැයි සැකයක් අපට ඇත. මේ පර්යේෂණ කරන්නේ නිර්මානාත්මකව අලුත් හේතුවක් ඉදිරිපත් කරන්න ද? 


මෙම වීඩියෝව මීට වසර දෙකකට පමණ ඉහතදී මෙම බ්ලොග් අඩවියේ සංස්කාරකවරයා විසින් ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය හා රජරට නිර්මාණ සංසදය සමග එක්ව පදවිය ප්‍රදේශය ආශ්‍රයෙන් නිර්මානය කරනු ලැබූවකි. 


තමන්ගේ වකුගඩුව තමන්ට මෙතරම් බරක් වූ කල ජීවිතය කෙබඳු දුකක් වනු ඇද්ද? 


පළමු කොටස



දෙවන කොටස





Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. මමත් මේ ගැන ලියන්න කියලා හිතුවා විතරයි...
    හොඳ ලිපියක්.....

    ReplyDelete
  2. ඉතා වටිනා ලිපියක්. මේ අතර තවත් විද්වතෙකුගේ පර්යේශනයකට අනුව රජරට වකුගඩු රෝගයට හේතුව පානීය ජලයට "කැඩ්මියම්" මුසුවීමයි.

    http://www.monlar.net/2010/05/cadmium-deposits-cause-of-kidney.html

    ප්‍රශ්නයක් ගැන විවිධ මත ඉදිරිපත් වීම අතිශය සාමාන්‍යයි. ගැටලුව වන්නේ මේවා මත ලෙස නොව ප්‍රත්‍යක්ශ හා අවසාන නිගමන ලෙස ඉදිරිපත් වීමයි. ඔබ කියන ආකාරයේ විවාදයක්ද මේ ගැන පැවතිය හැකි නමුත් ඒවා ඉතා පෞද්ගලික හා ගුරුකුල වර්ගයේ විවාද බවට නොඅනුමානයි. මෙම පර්යේශකයින් බොහෝවිට අන් මත පිලිනොගන්නා ආධානග්‍රාහීන්ය. ශ්‍රී ලංකාවේ බොහෝ විද්‍යාත්මක පර්යේශන වල තත්වය එයයි.

    - Dimithry

    ReplyDelete
  3. if they did in right conditions I see nothing wrong. But if it is a fame catching program that means a disaster.

    Good article.

    ReplyDelete
  4. mama kiyannada deyak..., oya wage deval loke sida wenawa. eka digatama ekama de sidda wenakota sobawadarmaya eva nawattala danawa. yuddeta une mokakda..? eeye pereda aapu gan waturath ekka me pas wala tiyanawa kiyana deval wala liquidity eka adu wela wade shape wela yannath bari naha.

    ReplyDelete
  5. රජරට වකුගඩු එක්තරා අන්දමකට වෛද්‍ය පර්යේෂකයන්ගේ කෙළි බඩු බවට පත් වී තිබේදැයි සැකයක් අපට ඇත. මේ පර්යේෂණ කරන්නේ නිර්මානාත්මකව අලුත් හේතුවක් ඉදිරිපත් කරන්න ද?

    නිර්මාණාත්මකව හෝ එසේ නැතිව මෙයට හේතු අවශ්‍යයි. හේතු බිහි වන්නේ මතවාද හා නිගමන ගැටීමෙන් පමණකි. වකුගඩු රෝගයට හේතුව කවරේදැයි හොයා ගැනීම සමහර විට හෙට සිදු විය හැක. නැත්නම් තව වසර 100කටවත් නොහැකි වනු ඇත. රෝග වල හැටි එහෙමය. ඒවා නිර්මාණය කරන්නවුන්ට දෙස් දෙවොල් තැබීම තනිකරම කතුවරයාගේ හීන මානය ප්‍රකාශ කරන්නකි.

    ReplyDelete
  6. i think this idea of this article is wrong ...it seems that writer doesnot now enything about scientific methord .....i think the researches in north central are doing a good job....it is very usual to have several views and faculties of thought for something before they really invented....so one day from them real cause for the kidney disease will be found......

    ReplyDelete
  7. උ/මැද වකුගඩු රෝගය පිළිබඳ
    තවත් පරීක්‍ෂණයක ප්‍රතිඵල එළිදකී

    ප්‍රභාත් විතාන

    උතුරු මැද පළාතේ තිබෙන වැව් ජලය පානය කිරීම, වැව් මාළු හා ජලජ ශාක ආහාරයට ගැනීම එම ප්‍රදේශවල පැතිරී යන වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව බව නාවින්න බණ්‌ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනය මගින් කරන ලද සමීක්‍ෂණයකින් හෙළි කරගෙන ......Read.Divayina 2011-jan-22 sat .

    ReplyDelete
  8. mama hithanne kathuvaraya kiyanna adahas kare badu gevana janathavata ayithiyak thiyanava thamange badu mudalin kerena pareshana thathva gena denaganna eva sebe lesa ayojanaya vee thiyenavada kiyala.vidyathmakava pareshanayak karanavita ahabu nidarsaka valin daththa ekkasukaragana jayvamithiyatata (biometry)anukulava e daththa visleshanaya karala rogayata hethuva hoyageneema sankeerna kriyavaliyak, namuth e pareshanaya karapu aya e deval madyata kivve veradiyata. mokada neelaharitha Alge ekak hethuvana bava sthiravama kiyala thibuna, ehenam eetapasu venath mathayakuth eli dekala thiyanava, den me matha athara prasidda sanvadayak viyayuthuy, venne eka nevee, desapalakayo vage me niladareenuth kavru hari ahapuvama katata ena de kiyanava,eva pasupasa haba yana buddimath janathavak vath buddimath palakayan vath rate avasanavata nehe,mekata hoda udaharanayak kiyannam,savukya sesthrayata sambanda ek adyaksavariyak gen rata thulata nava influvensa sankramanikayan haraha enna bahe ,siyalu kriyamarga eyata aran thiyena bava berihan dedemadyata kivva ,edavasvala hitapu emathiyath e berema gehuva. namuth avesankramika yekgen may. namuth aravagakivaythu ayage katha katavath mathaka nehe , harinam adugane illala asvune nethath janathava gen samavavath gatha yuthuy,ane ape badu pudal veyavenne kattiyakata sepa vidinna vitharay ,ape bellamirika mirika...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා