රජය ගාලු මුවදොර ඉඩම් චීනයට විකුණයි

(2011 ජනවාරි 16, W3Lanka"ගාලූමුවදොර පිටියට මුහුණ ලා තවත් දැවැන්ත සංචාරක හෝටලයක් ඉදිකිරීම සඳහා පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවී තිබෙනවා. හොංකොං හි ෂාන්ග‍්‍රි - ලා හෝටල් සමූහය ගාලූමුවදොර අභියස කාමර 500ක සුපිරි තරු හතේ පන්තියේ හෝටලයක් ඉදිකිරීමට මීට පෙර ගිවිස ගත්තා. නව හෝටල් ව්‍යාපෘතිය ඉදිකරන්නේ, චීනයේ ජාතික ගුවන් තාක්ෂණ ආනයන සහ අපනයන සංස්ථාවයි. එය තරු පහේ හෝටලයක් සහිත ගොඩනැගිලි සංකීර්ණයක්. නව ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක් වැය කිරීමට අපේක්ෂිතයි. ගාලූ මුවදොර ආසන්නයේ නව සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා ඉඩම් විකිණීමෙන් පමණක් රජය උපයා ඇති ආදායම ඩොලර් මිලියන 250කට අධිකයි. මේ අතර, ගාලූමුවදොරට මුහුණ ලා පිහිටි ටාජ් සමුද්‍ර හෝටලයේ හිමිකරුවන් විසින් එහි තවත් හෝටලයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව සඳහන්."


ඉහත සදහන් වුණේ රජයට සම්බන්ධ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් වන හිරු එෆ්.එම්.හි 2011 ජනවාරි 15දා විකාශය වූ පුවතකි. 


ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නයට මුල් වූ ප්‍රධාන හේතුවක් වන්නේ භූමියේ අයිතිය හෙවත් ඉඩම් පිළිබඳ කාරණයයි. මෙම ප්‍රශ්නය පැන නැඟුණේ 1940, 50 දශකවලදී ගොවි ජනපද පිහිටුවීමත් සමගයි. මෙම ජනපද සඳහා තෝරා ගත් බිම් වැඩිපුර රටේ උතුරු හා නැ‍‍ඟෙනහිර පළාත්වලට සමීපව පිහිටා තිබේ. ජනපද පිහිටුවීමත්, වෙනත් ආර්ථික හා සමාජ හේතුනුත් නිසා රටේ විශාල ජන සංචලනයක් සිදු වූ අතර එයින් ජන විකාශනයේ විශාල වෙනස්කම් සිදු විය. 


දකුණේ ජනයා උතුරේ පදිංචියට යාම දෙමළ ජාතිවාදීන්ගේ විරෝධයට තුඩු දුන් අතර, උතුරේ ජනයා දකුණේ පදිංචි වීම දකුණේ ජනයා ඉවසුවේ නැත. 


අවසානයේදී සිංහල ජාතිවාදීහු 1983 කළු ජූලිය ඇති කර දෙමළුන් පන්නා දමන්නට උත්සාහ කළ අතර දෙමළ ජාතිවාදීහු සිය බලය ඇති ප්‍රදේශවල වාර්ගික ශුද්ධියක් කළ හ. 


දෙමළ ජාතිකවාදීන් විසින් ඉදිරිපත් කරන ලද නිජබිම් සංකල්පය හෙවත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ නිජබිම ය යන තර්කය සිංහලයන්ගේ තදබල විරෝධයට තුඩු දුන්නේ ය. 


මේ අවුල් හැම එකක ම මුල ඉඩම් ය. දැන් රජය පිටරට සමාගම්වලට විකුණා මුදල් උපයන්නේ ද ඒ ඉඩම්වලිනි.


ජාතිකවාදීනි, දේශප්‍රේමීනි, කෝ ඔබ කොහි ද? 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. මම නම් මේකට කැමතියි. ගෝල් ෆේස් එක ඉස්සරහා තිබුන ශ්‍රී ලංකා යුධ, ගුවන් හා නාවික හමුදා මූලස්ථාන කොළඹ නගරයෙන් අයින් කරලා පැලවත්ත බත්තරමුල්ලේ අකුරගොඩ අක්කර 48ක ඉදිකරන ගොඩනැගිලි සංකීර්ණයකට ගෙනිහින්, එතන තමයි ඔය කියන හෝටල්, ෂොපිං මෝල් එහෙම හදන්න යනවා කියන්නේ...ඔතන හමුදා කඳවුරු තිබුනා කියලා රටේ මහජනයට සත 5ක වැඩක් නෑ...මොකද ඒවගේ ඇතුල බලන්න අපිට විනෝද චාරිකා යන්න පුළුවන් කියලයැ...එහෙව් එකේ ඔතන ෂොපිං මෝල් එකක් හැදුවොත් අපිට නිවාඩුවට ගිහින් බලල වත් එන්න පුළුවන්...
    වර්තමානයේ, කොළඹ නගරයෙ අධි වටිනාකම් ඇති ඉඩම් අක්කර 500ක පමණ ආරක්ෂක හමුදා ඉදිකිරීම් තියනවලු. ඔය කියන කතාව ඇත්ත. ආණ්ඩුව කියන විදිහට දැන් යුද්ධයක් නැහැනේ. තියෙන්නේ පාතාලේ විතරයි. (අද දිවයින පත්තරේ කියන විදිහට පාතාල නායකයෝ 16ක් අත් අඩංගුවට ගන්න බැරිලු දේශපාලන බලපෑම් නිසා. රටේ ආරක්ෂාවට තර්ජනයකට ඉන්න උන් 16 දෙනත් අල්ලගන්න පඳුරු පඳුරු ගානේ ඔය තියන පොලීසි ටික තිබුනහම ඇති.). ඕනේ නම් හමුදා කඳවුරු ටික වෙළඳ අමාත්‍යාංශයට පවරන්නත් පුළුවන් එළවළු විකුණන්න.

    කොළඹ කියලා අපේ අනන්‍යතාවයට තියෙන්නේ මොකක්ද බිල්ඩිං 3ක් විතරයි. අහස උසට බිල්ඩිං ටිකක් හැදිලා ආවම තමයි කොළඹ ගතියක් තියෙන්නේ. ඒත් ආණ්ඩුවට කරන්න තිබුනේ ඒ ඉඩම් විකුණන එක නම් නෙවෙයි, අවුරුදු 100 බද්දට දෙන එකයි. (ඩුබායි වල කොයි තරම් බිල්ඩිං තියනවද, ඒවා සේරම හදන්න ඉඩම් දෙන්නේ අවුරුදු 100 බද්දට )

    හැබැයි ඔය ලොකු ලොකු හෝටල් හදනවා වගේම අපිටත් යන්න පුළුවන් වෙන්න ෂොපිං මෝල් ටිකකුත් හැදුවොත් තමයි ඔය කියන ආයෝජන වල ප්‍රතිඵලයක් රටේ ජනතාවටත් ලැබෙන්නේ...
    Source
    1). http://www.dailynews.lk/2010/12/29/bus01.asp
    2). http://www.dailynews.lk/2011/01/04/bus06.asp
    3). Lanka Truth News: http://bit.ly/g88ECH
    4). SirasaTV News : http://bit.ly/eVOku3
    5). Vimasuma: http://bit.ly/fuBNJt
    6). http://riseoflanka.blogspot.com/2010/11/blog-post_1971.html

    ReplyDelete
  2. චීනය ඒකියන්නේ "මහජන චීන සමුහාන්ඩුව" . ඔකට දීල සල්ලි ගත්තත් නැතත් ඉතිං යන්නේ මහජනයට නේ . මොකද මේක අධිරාජ්‍යවාදීනට රට පාවාදීමක් නෙවෙයිනේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා