ජනාධිපතිතුමා සජිත්ට බය වෙලාවත් ද?

මාව බය කරන්න එපා කොල්ලො!
(2011 ජනවාරි 12, W3Lankaමේ රටේ හිටපු ඇතැම් නායකයන් කොටින්ට ලබාදුන් ගිනි අවිවලින් අපේ සොල්දාදුවන් වෙඩි වැදී මිය යැමට හා ආබාධ වීමට සිදුවූ යුගය ඇතැමුන්ට අමතක වී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.


දිවයින පුවත්පතට අනුව, හෙතෙම මේ බව කියා සිටියේ පෙරේදා (10 වැනිදා) පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්‌වාමීන් වහන්සේගේ පුරෝගාමීත්වයෙන් සහ ධර්මායතන ආරක්‍ෂක සභාවේ සහයෙන් බත්තරමුල්ල, පැලවත්ත ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතෙහි අභිනවයෙන් ඉදිකරන ලද "ලක්‌විරු සෙවන" ආබාධිත රණවිරු නිෂ්පාදන අලෙවි සංකීර්ණය විවෘත කිරීම නිමිත්තෙන් පැවැති උත්සවය අමතමිනි.


වහෙන් ඔරෝ නො කියා කෙළින් කියනවා නම් මේ කියන නායකයා අන් කවරෙකුවත් නො ව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ය. ඇල්ලේ ගුණවංශ හිමි ප්‍රේමදාස ජනාධිපතිවරයා සමග සමීප ව සිටි අයෙකි. කොතරම් සමීප ද යත්, ‍ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ආදාහනය අවස්ථාවේ අවමංගල්‍ය පෙරහරේ ගමන් ගත් පිරිස් ගුණවංශ හිමියන්ගේ බෞද්ධාලෝක මාවතේ ආරාමයට ද ගල් ගැසූ හ. හේ දැනුත්‍ ප්‍රේමදාස පවුලට හිතවත් ය. 


උන්නාන්සේවත් ළඟින් තබාගෙන ජනාධිපතිතුමා මේ කණේ පාර ගහන්නේ එතුමන්ගේ කණ්සෙන් පටන් ගෙන සජිත් ප්‍රේමදාසගේ කණ් අඩියට ම වදින්නට ය. 


සජිත් ප්‍රේමදාස එජාපයේ නායකත්වය ගෙන ආණ්ඩුව පෙරළන සටනක් කරනු ඇතැයි ජනාධිපතිතුමා බිය වී තිබෙන බව පෙනේ. ඒ නිසා සජිත්ට අසුබ දසාවක් උදා වෙමින් තිබේ. පසුගිය දිනවල රනිල්ට විරුද්ධව කටයුතු කරමින් එක්සත් ජාතික පක්ෂය අවුල් කරන්නට සජිත්ට ආණ්ඩු සහයෝගය ලැබුණු අතර හතර පස්දෙනෙක් හම්බන්තොට ගෙදරකට රැස් කර වේගවත් කතාවක් පවත්වා දිනපතා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ප්‍රමුඛ පුවතක් ලෙස ප්‍රචාරය කර ගන්න‍ට සජිත්ට අවස්ථාව ලැබිණි. 


එජාප නායකත්වයට පත් වුවහොත් සජිත්ගේ ගමනට ආණ්ඩුව කලින් එලූ මේ මල් පාවාඩ කටු අකුල් බවට පත් වනු ඇත. එවිට අසූ නමය කාලයේ තාත්තා කළ ඝාතන හා කොටින්ට ආයුධ සැපයූ හැටි ආදිය පමණක් නො ව තව බොහෝ දේට උත්තර බඳින්නට සජිත්ට සිදු වනු නියත ය. 


සජිත් රනිල්ට විකල්පයක් ද කියා හරියට දැන ගත හැකි වනු ඇත්තේ මේ අභියෝගවලට ඔහු මුහුණ දෙන ආකාරය අනුවයි. 



(අද සජිත්ගේ 44වන උපන් දිනයයි)
Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. sajith lagakadee idan ekaparatama mahajanathava venuven ka gamata ptan gena etha . apata premadasa kalaya amathaka netha . e kalaye menma thavamath Hema premadasa ethumage meniyanya.hema premadasa e kalaye karapuva nevatha nokaravi yay sahathikayak denne kavuda . aneka me ke gahana vidiyata koy nayakayath ke gahana bava janathava vasayen api hodin danimu.ane ithin veradilavath munta balaya dena mole nethi hark ge pihiten balayata apu davasata thama kiyapuva redda plleen berenne,nodakin

    ReplyDelete
  2. කවුරු මොනා කිව්වත් එදා මෙදාතුර පහලවූ දුප්පතා ගැන හැඟීමක් තිබුන එකම නායකයා තමයි රණසිංහ ප්‍රේමදාස කියන්නේ. එතුමා හිටියා නම් අද මේ වගේ දුගී දුප්පත් කමක් ලංකාවේ ඉතුරු වෙන එකක් නෑ මට හිතෙන විදිහට.

    මට එක අත්දැකීමක් තියනවා. 1987දී මට අවුරුදු 9යි වයස. මගේ අත් අකුරෙන් මම ප්‍රේමදාසට ලියුමක් ලිව්වා. ඒ අපේ ගමට ලයිට් ගන්න. මට උත්තරයකුත් ආවා, ආණ්ඩුවේ කන්තෝරු 5-6කට වඩා ගිහින් ඒ හැම කන්තෝරුවකින්ම සීල් වැදුන ලියුමකුත්. ඒ ලියුමෙන් පස්සේ කිලෝමීටර් 17ක් කණු දාලයි අපේ ගමට ලයිට් දුන්නා මාස 6-7ක් යද්දී.

    මම දැනට අවුරුදු 3-4කට කලින් වෙසක් දවසක මිහින්තලේ නඟිද්දී මගේ කනට ඇහුන එකක් තමයි මිනිස්සු කිය කිය යනවා "ප්‍රේමදාස මහත්තයා හිටියා නම් මේ මලකඩ කණු වල තීන්ත ටිකක් හරි ගානවා" කියලා.

    ReplyDelete
  3. මටත් තියෙනවා අත්දැකිමක්,මේ කතාව මං ඇහැව්ව නිසායි අත්දැකිමක් කියලා ලිව්වේ.ප්‍රේමදාස කිව්වනේ මාව ඝාතනය කරන්න මගේ චරිතය ඝාතනය කරන්න එපා කියලා,ඉතිං කව්දෝ කට්ටියක් මිනිහාව ඝාතනය කලා.ඊට පස්සේ සමහර මිනිස්සු කිරිබත් එහෙමත් කැවා ඒකට ජොලියක් ගිහින්.මහින්දටත් ඒකෙන් සතු‍ටු වෙලයි හිටියේ.ඒ කාලේ ප්‍රේමදාසගේ චරිතය ගොඩක්ම විනාස වුනේ එයාගේ පුතා සජිත් සහ එයාගේ නෝනා හේමා කල වැඩ නිසායි.මහින්ද ඊට වෙනස්.ප්‍රේමදාස හිටගෙන කරපුවා මහින්ද දුව දුව කරන්නේ.

    ReplyDelete
  4. @krishnakrishange kathava eththa eth rate janadipathi vidiyata premadasa mahaththayata puthagey aryavagey veda navaththanna thibuna neda.

    ReplyDelete
  5. bb කියන දේ කරගන්න බැරි වුනා.හේතුව ඒ අයගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා.මත්කනේ කැසිනෝ ජෝසිම් මිනිහාව රටින් යැව්වා රන්ජන් විජේරත්න,එයාවත් ඝාතනය කලා.අපි ප්‍රේමදාස චරිතය කෙසේ විග්‍රහ කලත් ප්‍රේමදාස තමයි ලංකාවේ තගරි නිති ගත කලේ.

    ReplyDelete
  6. Edaa Premadaasa gaawa hitapu kee denek eeta passe Sandhaana aanduwata ekathu unaada? Adatath ehema keedenek aanduwe innawada?
    Heta aanduwa peralunoth aanduwe dan inna kee denek anith paththata paneewida? Ehema unoth ea panapu kattiyawath odokkuwe daagana Sajith Mahindage aanduwata palu yanna baneewi neda?

    ReplyDelete
  7. Sajith..what do you have got to give to the UNpers?So far seen nothing.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා