ළමයි 21කට කන්න දෙන්න සිඟමන් යදින ජාතික ළමාරක්ෂක අධිකාරිය

(2011 ජනවාරි 31, W3Lanka) නමින් ජාතික වන ළමාරක්ෂක අධිකාරිය නාහෙන් අඬ අඬා නිකුත් කළ නිවේදනයක් ඊයේ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වනු අසන්නට ලැබිණි.


ඒ නිවේදනයෙන් කියැවුණේ වැලිමඩ පාලම අසල අනාරක්ෂිත තත්වයක සිටියදී ළමාරක්ෂක අධිකාරිය භාරයට ගෙන ළමා නිවාසයකට ඇතුළත් කර තිබෙන ළමයින් 21දෙනෙකුට කන්න, අඳින්න දෙන්න සල්ලි නැති ය කියා ය.


මේ ළමයින්ට කන්න, අඳින්න දෙන්න උදව් කරන්නැයි ඉල්ලමින් ළමාරක්ෂක අධිකාර්ය ප්‍රසිද්ධියේ සිඟමන් යදියි.


ජාතික ළමාරක්ෂක අධිකාරිය  මේ කරන්නේ ජාතියේ ආඩම්බරකාර තාත්තාට අවමානයකි.


කළ යුතුව තිබෙන හොඳ ම දෙය වන්නේ ළමයින් 21කට කන්න දෙන්න බැරි ජාතික අධිකාරිය වසා දමා යතුරු භාර දීම නො වේ ද?

ජනමාධ්‍ය වෙත යන්නට හැකි සෑම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්නට දඟලන්නේ නැතිව මෙවැනි සම්මාදම් 'ජාතියට' අවමානයක් නො වන පරිදි කර ගැනීමට සමත් නිලධාරීන් අදාළ ආයතනවලට පත් කර ගැනීම රජයට හොඳ විය හැකි ය.

Comments

  1. emathige viyadama kiyada masekkata ?

    ReplyDelete
  2. කාට කියන්නද මේවා!
    අපේ කරුමේ තමයි.
    නෑ, නෑ, අපේ අමනකම.

    ReplyDelete
  3. lama arakshaka adikariyata Masayakata Rs. 25 million wiyadamak yanawa. Wahana, Office rent, Wages, OT, Petrol, diesel, Office trips walata etc. Ane apoi kata kiyannada??????? Buddhist ratakne ?? Oya one tharam Maligawata salli thiyenne?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා