විකිලීක්ස් හා රාජපක්ෂ පාලනයේ අනාගතය | Wikileaks and the future of Rajapaksha regime of Sri Lanka

විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් ඇසේන්ජ්
(2010 දෙසැම්බර් 03, W3Lankaවිකිලීක්ස් වෙබ් අඩවියේ ලංකාව පිළිබඳ පළ වී ඇති තොරතුරු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හා රාජපක්ෂ පාලනයේ අනාගතය සම්බන්ධයෙන් බටහිර ප්‍රතිපත්ති‍ය හෙළිදරව් කරයි.


ජනාධිපතිවරයාට හා තවත් අයට එරෙහිව යුද අපරාධ චෝදනා ගෙන ඒම පිළිබද හඬ පසුගිය දිනවල යම් දුරකට යටපත් වී තිබුණ ද, ජනාධිපතිවරයාගේ එඩිතර, අපරීක්ෂාකාරී බ්‍රිතාන්‍ය පෞද්ගලික චාරිකාව සමග එය යළි කරළියට පැමිණ ඇත.


විකිලීක්ස් වෙබ් අඩවියේ පළ වී ඇති ඇමරිකානු තානාපති පැට්‍රීෂියා බියුටිනිස් විසින් 2010 ජනවාරි 15දා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යවන ලද කේබල් පණිවුඩයක සඳහන් වන පරිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඔහුගේ සහෝදරයා/යෝ සහ විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා යුද අපරාධ වැරදිකරුවෝ ය. අව්‍යාජ සත්‍යය හෙළිදරව් කිරීමේ ක්‍රියාමාර්ගයක් පමා වීමට එය එක් හේතුවකි.


එවැනි ක්‍රියාමාර්ගයක් පිළිබඳව එක්සත් ජනපද තානාපතිනිය මෙරට දෙමළ නායකයන් කිහිපදෙනෙකුගෙන් විමසා ඇති අතර ඔවුන්ගේ අදහස වී ඇත්තේ, විශේෂයෙන් ම ඔවුන් අනතුරට ලක් විය හැකි නිසා, මේ ඒ සඳහා කාලය නො වන බවයි. එහෙත්, අනාගත ක්‍රියාමාර්ග පිණිස එම ප්‍රශ්නය විවෘතව තබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වී තිබේ.


වගවීම ලංකාවේ ශ්‍රී ලාංකීය සමාජයේ අවසාන දේශපාලන හා ආචාර ධාර්මික සෞඛ්‍යය සඳහා වැදගත් ක්‍රියාවක් බව පැහැදිලි යයි පවසන ඇමරිකන් තානාපතිනිය එහෙත් ඒ සඳහා ඇති කරන ජාත්‍යන්තර බලපෑම විසින් නරක ප්‍රතිඵලයක් ඇති කළ හැකි බව පෙන්වා දෙයි. ඒ රටට හා රණවිරුවන්ට එරෙහිව කුමන්ත්‍රණයක් ඇති බව කියා
දැවැන්ත ව්‍යාපාරයක් අවදි කිරීමට ආණ්ඩුවට හැකි නිසා ය.


පැහැදිලි ය. ජනාධිපති මහින්ද රාජපක්ෂට බටහිර විසින් දී ඇත්තේ 'ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ' සතුටින් සිටින කකුළුවාට දී ඇති කාලයයි. එම කාලය දිගු කර ගැනීමට නම්, ජනාධිපතිවරයා එක්කෝ ඔහුට එරෙහි ව්‍යාපාරය සජීවීව තබාගෙන සිටින විදෙස්ගත දෙමළ ප්‍රජාව මර්දනය කිරීමේ ලා සමත් විය යුතු ය. එය පහසු කාර්යයක් නො වේ. එපමණක් නො ව ලන්ඩනයේදී ඔහු දෙමළ විදෙස්ගත ප්‍රජාවට පරාජය විය. එය මුල්ලිවෛක්කාල්හිදී ලද පරාජයෙන් පසු දෙමළ සටන්කාමිත්වය අත් පත් කර ගත් පළමු තීරණාත්මක ජයග්‍රහණයයි. 


අනෙක් පැත්තෙන්, රට තුළදී රටට හා රණවිරුවන්ට එරෙහිව විදෙස් කුමන්ත්‍රණයක් ඇති බැවින් ජනතාව තමන් ආරක්ෂා කර ගත යුතු ය යන ව්‍යාපාරය අඛන්ඩව පවත්වාගෙන යාමට ඔහු සමත් විය යුතු ය.


ඒ සඳහා ජනතාව අකන්ඩව වීදිවලට කැඳවා ගත හැක්කේ ජනතා ප්‍රශ්න විසඳීම සඳහා ක්‍රියාමාර්ග ගත හැකි නම් පමණි.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. [[එය මුල්ලිවෛක්කාල්හිදී ලද පරාජයෙන් පසු දෙමළ සටන්කාමිත්වය අත් පත් කර ගත් පළමු තීරණාත්මක ජයග්‍රහණයයි.]]

    Para dan venama raajya satana patan gannavada ethakota? ane ban. lokka modakamata naa gaththa bava aththa. eth engalanthe protest korala mona magulak dhina gannada?

    oya international community eka time deepu kathaava current status eka. pahukaalina va tika tika mahindhath ekka fit wenakota ova amathakayi.

    ReplyDelete
  2. මේ විකිලීක්ස් එලිදරව්වේ ලන්කාව ගැන කිසිවකු නොදැන සිටි අලුත් දේවල් කිසිවක් නොමැත. සැම දෙනා දැන ගෙන සිටි දේ වඩාත් තහවුරු කරන සාක්ශි පමණක් ඇත.

    ReplyDelete
  3. America bang the wikileaks.org.. it can be acess through this mirror site
    http://213.251.145.96/
    http://213.251.145.96.nyud.net/

    ReplyDelete
  4. දැන් රාජපක්ෂ ගැන වීකිලීක්ස් කතාව පිළි අරං යුද අපරාද චෝදනා ගේනව නං, ඇමරිකාව ගැක තියෙන ඒවත් ඇත්ත කියල ගන්න වෙනව. එතකොට නඩුකාර හාමුදුරුවොත් ඒ වැරැද්දම කරල තියෙනවා. ඔන්න ඕක නිසා මහින්දට විරුද්ධව කිසිම විභාගයක් කරන්න බෑ. මොකද එහෙම කලොත් මානව අයිතිවාසිකම් ගැන දොඩෝන අයියලත් ගස්.

    ReplyDelete
  5. විකිලීක්ස් වෙබ් අඩවිය බ්ලොක් කර හෝ ලිපිනය වෙනස් කිරීමට බල කෙරී ඇති අතර, එහි නිර්මතෘ ජුලියන් ඇසේන්ජ් අත් අඩංගුවට ගැනීමට සූදානමක් ඇතිබව දැනගැනීමට ඇත. ඔබාමා / අහමඩින්ජාඩ් එකවිට එලිදරවු කරන විකිලීක්ස් ගැන ලිපියක් ලියන්න. එය ඉතාම කාලීනයි.
    -Dimithri

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා