මූන්ගේ කමිටුව ලංකාවට එනකොට විමලුයි ජී.එලුයි අඳින රෙද්ද කුමක් ද? Weerawansa and G.L. Peiris in trouble as Sri Lanka government acepts UN Secretary General's panel

(2010 දෙසැම්බර් 20, W3Lanka) මානව හිමිකම් හා යුද අපරාධ චෝදනා ලැබ සිටින ලංකාවේ රජය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ට උපදෙස් දීම සඳහා පත් කරන ලද කමිටුව ලංකාවේ රජය විසින් පිළි ගෙන එයට ලංකාවට පැමිණ ලංකාවේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිලධාරීන් හමු වීමට අවසර ලබා දී තිබේ. 


එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් මාධ්‍ය සාකච්ඡාවකදී හෙළි කරන ලද මෙම කරුණ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලූෂන් රාජකරුණානායක සන්ඩේ ටයිම්ස් පුවත්පතට කරන ලද ප්‍රකාශයකින් තහවුරු කර තිබේ. 


දැන් ප්‍රශ්න කීපයක් මතු වේ. එකක්, මෙම කමිටුවට එරෙහිව ලෙමන් පෆ් කමින්, වතුර බොමින් මාරාන්තික උපවාසයක් කළ විමලු වීරවංශ ඇමතිතුමා කැබිනට් රැස්වීම්වලට එහෙම යන්නේ කුමන ආකාරයේ රෙදි ඇඳගෙන ද යන්නයි. 

දෙවන ප්‍රශ්නය මෙම කමිටුවට නීතිමය වලංගුභාවයක් නැතැයි ප්‍රකාශ නිකුත් කළ මහාචාර්ය ජී.එල්. පීරිස්ට නම් ඔය රෙදි පිළිබඳ ප්‍රශ්නයක් ඇත්තේ ම නැද්ද යන්නයි. 


මේ කමිටුවේ සාමාජිකයන්ට ලංකාවට පැමිණීම සඳහා වීසා නො දෙන බව ඒ දිනවල ආණ්ඩුව හායි හූයි ගාමින් කීවේ ය. 



අහෝ විමලුනි, ගාමිනී ලක්ෂ්මන් පීරිසුනි, ආණ්ඩුව ඔබ පාවා දී ඇත. රජතුමාට කිඹුහුමක් ගන විට ඔබ නිව්මෝනියාව සෑදුණු අය සේ දැඟළීමෙන් අවසානයේදී ඔබට හිමි වී ඇත්තේ තව තවත් කිච වීමේ භාග්‍යය පමණි. 


කුම්බලා මාළු කෑවා නම් දුක විඳපිය බළලෝ නෙමෙයි විමලෝ!
Bookmark and Share  
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. I wonder if WW wears clothes at all! GL has always been running around without cloths. So what's the big deal????

    ReplyDelete
  2. කුම්බලා මාළු කෑවා නම් දුක විඳපිය බළලෝ නෙමෙයි විමලෝ!
    Wimal is shameless man. Now he will give thousand reasons why we should allow these guys to come srilanka.

    ReplyDelete
  3. Ela Kiri..kathawak... dear W3L you articles allways excellent and logical truth... wish you all the success.. Keep it up... Aruna from NewZealand...

    ReplyDelete
  4. w 3 lanka oba niyama madyavedeyek nam oba kalin kiya ethi lesa me avasthavedee amathidepalata passasiya yuthuya manda oba meeta pera palakala adahas valata anuva rajaya kamituvata ida dee etha, namuth obath ara gelariyata katha karana unp lakshaman seneeviratna vage kalath veradee nokalath veradee mattamata veteema gena dukvemi.thava ekak kiya uthuya redi pilibada prasna ethi viyauththe ,balaya ethi peththata hemadama panina mun vage kapty nariyan path kara evana gelary janathavay, obage uthukama un gelariyen mudageneema misa gelariya pinaveema novey.

    ReplyDelete
  5. me avasthava buddimathva visleshanaya karanna ,
    obata eya bari novana bava mage adahasay loka bankuve nayadeema ha meya badee athi vaga ape adahasay, pavathina loka kramaya unta oluva nonamana rajapaksha anduva dana bima ena veemata aluthma kramaya naya ugulaka sira kereema viya heka.

    ReplyDelete
  6. yes, there is nothing to be surprised, we'll be able to see more interesting events in near future....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා