අන්තර්ජාලයට හොරෙන් සම්මාන දුන් සිංහල බ්ලොග්කරණ තරගාවලිය | Sinhala blogging competition held; results not in internet

(2010 දෙසැම්බර් 01, W3Lankaසිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ කරුණු සොයා බැලීමට උත්සාහ කළ මුත් ඒ හා සම්බන්ධ නිල වෙබ් අඩවිය වන www.sahithya.lkහි අද උදෑසන වන විටත් තරග ප්‍රතිඵල නැත. පසුගිය 29දා මේ හා සම්බන්ධ ත්‍යාග ප්‍රදානෝත්සවයක් පැවැත්වුණ අතර, ඇතැම් බ්ලොග්වල ඒ බ්ලොග්වලට සම්මාන හිමි වී ඇති බව පළ වී තිබේ.


අන්තර්ජාලයේ යාවත්කාලීන නො වන වෙබ් අඩවි හිමියන් බ්ලොග්කරණ තරග පැවැත්වීම විහිළුවකි. 


ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් බැහැර කරනු ලබන, එහෙත් පුරවැසි ජනමාධ්‍යවේදයේ ඉදිරියෙන් ඇති මාධ්‍ය අවකාශයක් වන බ්ලොග්කරණය පිළිබඳ, විශේෂයෙන් ම සිංහල බ්ලොග්කරණය පිළිබඳ මෙවැනි සම්මාන උළෙලක් පැවැත්වීම වැදගත් කාර්යයකි. එහෙත්, එය කළ යුත්තේ ඒ පිළිබඳ ප්‍රාමාණික සුදුසුකම් ඇති අය විසිනි.


පසුගිය වසරේ පැවැති සිංහල බ්ලොග්කරණ තරගාවලිය හා සාපේක්ෂව ගත් කල මේ වසරේ සංවිධාන කටයුතු අතිශය දුර්වල ය. අඩු තරමේ තරගයට සහභාගි වූ අයට සම්මාන උළෙලට එන්නැයි ආරාධනාවක් විද්‍යුත් තැපෑලෙන්වත් ලැබුණාදැයි අපි නො දනිමු. විවෘත ආරාධනාව නම් අපි දුටුවෙමු. කාර්යබහුලත්වය හේතුවෙන් යන්නට බැරි විය. එවැනි අයට ප්‍රතිඵල දැනුම් දීමේ ක්‍රමවේදයක් සංවිධායකයන් සතුව තිබිය යුතු ය.


අප ගිය වසරේ මෙම තරගයට ඇතුළත් වීම හරහා අපගේ බ්ලොගයට සැලකිය යුතු පාඨක පිරිසක් දිනා ගත්තෙමු. ඒ අතර, 2009 වසරේ හොඳම කාලීන හා සමාජ බ්ලොග් අඩවිය ලෙස ද තේරුනෙමු. මේ වසරේ බ්ලොග්කරණ තරගාවලියෙන් බ්ලොග්කරුවන්ට කිසිදු සෙතක් වූවා ද යන්න අපි නො දනිමු.


පසුගිය වසරේ රාජකීය විද්‍යාලයේ සාහිත්‍ය සංගමයට නායකත්වය දුන් සිසුන් හා ගුරුවරුන් විසින් කරන ලද ඉතා අගනා කාර්යයක් මේ වසරේ සාහිත්‍ය සංගම් නිලධාරීන් හා රාජකීය විද්‍යාලයේ පරිපාලනය විසින් රාජකීය අන්දමින් අවමානයට ලක් කර තිබේ.


සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මෙහිදී කළ භූමිකාව කුමක් ද යන්න ද පැහැදිලි නැත.


මේ සියල්ල විසින් පෙන්නුම් කරන එක දෙයක් තිබේ. සිංහල බ්ලොග්කරුවන් තම උන්නතිය වෙනුවෙන් වෙනත් දිශාවලට යොමු විය යුතු ය. මේ පිළිබඳව ඔබේ අදහස් දක්වන්න.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. This is unfair Ajith.

    The entire article - except the last two paragraphs - is based on the facts that (1) award results are not in the sahithya.lk site and (2) you did not get an invitation in mail.

    SBU role in these awards is well explained in one of the media releases in sahithya.lk site. Perhaps there was a post in blog.sinhalabloggers.com as well.

    ReplyDelete
  2. සම්මානයක් හම්බ උනේ නැති උනහම දුකයි තමයි. මොනව කරන්නද ඉතින් කාගෙන ඉන්නව මිසක්ක. අඩුගානේ පහු ගිය අවුරුද්දෙ හම්බවෙච්ච එකවත් ආරාක්ෂ කොරගන්න් බැරි උනානේ නේද ?

    ReplyDelete
  3. අපි දන්නෙත් නෑනෙ

    ReplyDelete
  4. මේ සිදුවීම අපට මෙහෙම දකින්න බැරිද? ඔබ පවසා ඇති ආකාරයට සංවිධානාත්මක භාවය දුර්වල වෙන්න පුළුවන්. ඒත් අධික වර්ෂාව නිසා වරක් කල් ගිය මෙම තරඟාවලිය දින නියමයක් නොමැතිව කල් නොයවා මේ ආකාරයෙන් පැවැත්වීම ගැන අපි සතුටු වෙන්න ඕනෑ නේද? අනෙක් අතට බ්ලොග්කරුවන් වශයෙන් මේ සඳහා අපගේ එකම සම්පත් දායකත්වය, අපටද මූල්‍යමය වියදමක් නොමැති අපගේ බ්ලොග් අඩෙවි සහ ලිපි පමණයි. එහෙත් මෙවන් උත්සවයක් සංවිධානය කෙරෙද්දි ඒ සඳහා යන වියදම කොතෙක්දැයි, එවැනි උත්සව සංවිධානය කල අය හොඳින්ම දන්නවා ඇති. අවම වශයෙන් ගත් කල අනෙකුත් සම්මාන කෙසේ වෙතත් බ්ලොග් කරුවන් වෙත පිදෙන සම්මාන සූදානම් කරගැනීමටවත් තරඟාකාරී බ්ලොග්කරුවන් වශයෙන් අප කිසිදු සම්මාදමක් නොකරන මෙවන් අවස්ථාවකදී "උන්න හැටියට මළා මදැයි" කිව්වාසේ මෙවන් සම්මාන 6ක් ලැබීමත් එක අතකට මොන තරම්නම් දෙයක්දැයි මට නම් සිතේ.

    ReplyDelete
  5. පොරහැරේ කරඞුවද ගියසතියේ අපපසුකර ගියා, දැන් රජුගේ දේවාලකාරුන් ආභරන යන්නේ බෙරපදට කාවඩි නටමු නටපල්ලා
    ජනතා අනාත

    ReplyDelete
  6. නයි කනවද රෝස් පාං ??

    ReplyDelete
  7. ඔබතුමාගෙන ණයක් අරං නෙමෙයිනේ රාජකීය විද්‍යාලයේ සිසුන් මේ උත්සවය හා තරගාවලිය සංවිධානය කළේ. ඒක නිසා උත්සවයේ අන්තර්ගතය සම්මාන වල සාධාරණත්වය ගැන වගේ දෙවල් ගැන විවේචන තියනවා නම් ඉදිරිපත් නොකර මේ වගේ අදළ නැති වැල්බයිලා කියන්නේ මොන හේතුවකට ද.
    ප්‍රචාරණයේ අඩු වැඩි බවෙන් උත්සවයේ හො සම්මානවල ගුණාත්මක බවට බලපෑමක් නෑනේ. අනික ඔබතුමා ඉදිරිපත් කරන කාරණේ හරියට පැහැදිලි ව ඔප්පු කරලා පෙන්වන්න අඩුම ගාණේ.

    "සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මෙහිදී කළ භූමිකාව කුමක් ද යන්න ද පැහැදිලි නැත."

    ඒක අනිවාර්ය දෙයක්ද. සිංහල බ්ලොගර්කරුවන්ගේ සංසදය නෙමෙයි නේ බ්ලොග් ලියන්නේ ? උත්සවය තරගාවලිය සංවිධානය කරන්තෙන් සංසදය නෙමෙයිනේ. ඔවුන්ගේ භූමිකාව මොකක් උනත් උත්සවයයි තරගාවලියයි හොඳ නම් එච්චරයි නේ.

    ReplyDelete
  8. දැන් කියවගන්න ඕනෙ අපිට සම්මානයක් ලැබිලත් අපි ඇත්ත නැත්ත කතා කරනව කියන එකද? අනේ මේ යන්න පරා යන්න. ඕවා පොර ටෝක්.

    මම දන්න විදියට නම් මේ වැඩේ කරල තියෙන්නේ පොඩි එවුන් ටිකක්. අවුල් තිබුනට බනින්න කලින් පොඩ්ඩක් හිතන්න මොලේ නැද්ද?

    ReplyDelete
  9. කලකදි රහලු කලකදි වහ වෙනවාලූ

    ReplyDelete
  10. http://blog.sinhalabloggers.com/sinhala-blogging-competition-2010/

    http://blog.sinhalabloggers.com/blogging-competition-update/

    ReplyDelete
  11. http://www.sahithya.lk/blog/2010/12/01/aseniya-kusuma-2010-3/

    ReplyDelete
  12. අසෙනිය කුසුම – 2010
    December 1, 2010 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි
    .........................................
    හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය – මාරයාගේ හෝරාව
    හොඳම තාක්ෂණිකමය බ්ලොග් අඩවිය – හැකර්.lk
    හොඳම අධ්‍යාපනික බ්ලොග් අඩවිය – සංචාරකයාගේ බ්ලොග් සටහන
    හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය – සයිබර් යාය

    හොඳම කාලීන හා සමාජයීය බ්ලොග් අඩවිය – W3Lanka
    හොඳම සාහිත්‍යමය බ්ලොග් අඩවිය – ලිෂාන්ගේ බ්ලොග් රෝල
    හොඳම සමූහ බ්ලොග් අඩවිය – විද්‍යාව.com
    පාසල් අංශයේ හොඳම බ්ලොග් අඩවිය – පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය බ්ලොග් අඩවිය
    නැණසල අංශයේ හොඳම බ්ලොග් අඩවිය – අතීතයේ භාරතීය සමාජය පිළිබඳ තොරතුරු බිඳක්
    හොඳම බ්ලොග් අඩවිය – One | Zero | Zero
    ජූරියේ විශේෂ ඇගයීම් - SkyLK සහ නිකමට වගේ

    ReplyDelete
  13. අසෙනිය කුසුම – 2010
    December 1, 2010 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි


    හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය – මාරයාගේ හෝරාව
    හොඳම තාක්ෂණිකමය බ්ලොග් අඩවිය – හැකර්.lk
    හොඳම අධ්‍යාපනික බ්ලොග් අඩවිය – සංචාරකයාගේ බ්ලොග් සටහන
    හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය – සයිබර් යාය

    හොඳම කාලීන හා සමාජයීය බ්ලොග් අඩවිය – W3Lanka


    හොඳම සාහිත්‍යමය බ්ලොග් අඩවිය – ලිෂාන්ගේ බ්ලොග් රෝල
    හොඳම සමූහ බ්ලොග් අඩවිය – විද්‍යාව.com
    පාසල් අංශයේ හොඳම බ්ලොග් අඩවිය – පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය බ්ලොග් අඩවිය
    නැණසල අංශයේ හොඳම බ්ලොග් අඩවිය – අතීතයේ භාරතීය සමාජය පිළිබඳ තොරතුරු බිඳක්
    හොඳම බ්ලොග් අඩවිය – One | Zero | Zero
    ජූරියේ විශේෂ ඇගයීම් - SkyLK සහ නිකමට වගේ

    ඔය හම්බවෙලා තියෙන්නේ....

    ReplyDelete
  14. mewata kiyanne dinaganna bari unama kiyawana wel baila kiyala

    ReplyDelete
  15. machan me nodana katha karannepa thamun hariyata danagena katha karanna wechcha de niodana katha karanepa haroiyata hoyala balanna wechcha de thamunta habune nethi una kiyala boru vivechana karanna epa ..... eken penne anunge jayagrahanaya iwasaganna ba kiyana eka witharai

    ReplyDelete
  16. කාලිංග ඇතුලු හැලපයෝ කොහොමත් අනුන්ගෙ වැඩවලට තමුංගෙ නම දාගන්න දස්සයො.

    ReplyDelete
  17. සම්මාන ලබන්න බ්ලොග් ලියන්නේ කවුරුද?

    බ්ලොග් කරුවන් එක්කාසු කිරීම, පූසන් එක්කාසු කිරීම වාගේ නොකල හැකි සහ ඵල රහිත සහ නොකල යුතු වැඩක්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා