ජනාධිපතිවරයා සතුරු බලකොටුවක් ඇතුළට ම ගොස් නෙළා එන්න ගිය එඩිතර එහෙත් අපරීක්ෂාකාරී චාරිකාව

(2010 දෙසැම්බර් 03, W3Lankaජනාධිපතිවරයාගේ ලන්ඩන් ගමන පෞද්ගලික චාරිකාවකි. බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් ‍ෆොක්ස් ජනාධිපති මාධ්‍ය ඒකකයේ වාර්තාකරුවන් කියන පරිදි ජනාධිපතිවරයා බැහැ දුටුවේ ද පෞද්ගලික හමු වීමක් ලෙස ය. ජනාධිපතිවරයාගේ ලන්ඩන් ගමනට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට බ්‍රිතාන්‍ය රජය මුලදී එතරම් කැමැත්තක් නො දක්වන ලද බව ද වාර්තා වේ.


ජනාධිපතිවරයාගේ චාරිකාව හා සමාන්තරව චැනල් ෆෝ රූපවාහිනිය විසින් කලින් පෙන්වන ලද නීති විරෝධී ඝාතන වීඩියෝවේ දීර්ඝ වී‍ඩියෝවක් ඉදිරිපත් කර ඇත. එහි ඝාතකයන් ඇතැමෙකුගේ මුහුණු පවා අඩ වශයෙන් දැකිය හැකි ය.


ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සිංහල සිසුන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශනය සංවිධානය කරන අතර කොටි සංවිධානයට සම්බන්ධ පිරිස් යුද අපරාධ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගන්නැයි දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කළ හ.


ඔක්ස්ෆර්ඩ් දේශනය අවලංගු කිරීම හේතුවෙන් ජනාධිපතිවරයාට ඇති වූ ජාත්‍යන්තර අවමානයෙන් ඔකඳ වී සිටින දෙමළ ක්‍රියාකරුවෝ ඔහු නැවතී සිටින පාක් පටු මගෙහි හෝටලය ද වට කළ හ.


බ්‍රිතාන්‍ය නීතිය අනුව යුද අපරාධ සිදු වන්නේ බ්‍රිතාන්‍ය දේශ සීමාවෙන් පිටදී වුවත්, අපරාධ චෝදනාවලට ලක් වන්නා එරට පුරවැසියකු හෝ නවාතැන් ගෙන සිටින්නකු නම් අත්අඩංගුවට ගත හැකි ය.


බ්‍රිතාන්‍යයේ තුන් ලක්ෂයක දෙමළ පිරිසක් සිටින අතර ඔවුන් අතරින් සැලකිය යුතු පිරිසක් ක්‍රියාකාරිකයෝ වෙති. මේ වන විටත් ලෝක දෙමළ සංසදය ජනාධිපතිවරයාට එරෙහිව යුද අපරාධ චෝදනා අධිකරණය වෙත ගෙන ඒම සඳහා මූලික කටයුතු කර ඇති බව වාර්තා වේ.


මේ වන විට ජනාධිපතිවරයා ලන්ඩනයේ රැඳී සිටින්නේ හදිසි අවශ්‍යතාවකදී පිට වීම සඳහා ගුවන් යානයක් පවා සුදානම් කරගෙන බව වාර්තා වේ.


1980 දශකයේ මුල් හරියේදී කුට්ටුමනී මුදා ගැනීම සඳහා වැලිකඩ සිරගෙදරට පහර දීම සඳහා තමන් ම මෙහෙයුමකට නායකත්වය දීමට ප්‍රභාකරන් සූදානම් වූයේ ය. එහෙත්, දීර්ඝ කාලීනව බලා එය වැළැක්වීම සඳහා උපදෙස් දුන් බාලසිංහම් නම් උපදේශකයකු ඔහුට සිටියේ ය. ජනාධිපතිවරයාට උපදේශකයන් දුසිම් පහක්වත් ඇත. මහජන මුදලින් ඔවුන්ට පඩි නඩි හා දීමනා ගෙවන මුත් රටේ ජනාධිපතිවරයා මෙවන් අවමානයක ගොදුර විය හැකි බව ඔහුට උපදෙස් දීමට මේ කිසිදු එහෙයියකු ඉදිරිපත් වී නැත.


ලංකාවට සංදර්ශනයක් පෙන්වන්නට සැලසුම් කළ මෙම පෞද්ගලික චාරිකාව අවසානයේදී මහා ජාත්‍යන්තර අවමානයකින් අවසන් විය.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. nhe kisi awamaanayaka nhe.deng balannako rajathumaa SL enakota wena dhay:)))

    ReplyDelete
  2. W3, 1980දි කුට්ටුමනී බේර ගන්න ප්‍රභාකරන් වැලිකඩට ගහන්න හැදුව කියල ඔයාට කිව්වෙ ප්‍රභාකරන්ද? එහෙම නැත්නම් මේ කතාවෙ මූලාශ්‍රය කුමක්ද? නොදන්න නිසයි අහන්නේ. මා දන්නා තරමින් 1980දි වැලිකඩ හිරගෙදරට ගහන්න තරම් බලයක් ප්‍රභාකරන්ට කොහෙත්ම තිබුනෙ නෑ.
    ඇරත් කුට්ටුමනී අතඩන්ගුවට පත් වන කාලෙ වන විට කුට්ටුමනී හා ප්‍රභාකරන් අතර දරුණු මත ගැටුමක් තිබුන කියල කතාවකුත් තියෙනව.

    ඒ කතාව කොහොම උනත් ගිය අවුරුද්දෙ ප්‍රභාකරන්ගෙ ඔලුව දෙබෑවෙන්න වදින කොටනම් මිනිහට හොද උපදේශකයෙක් ඉදල නැති පාටයි. පවු වැඩේ!

    ReplyDelete
  3. nodakin kaalakanniyaaa. umbata santhoosada?

    ReplyDelete
  4. @tharu22මූලාශ්‍රය ඇඩෙල් බාලසිංහම් ලියූ විල් ටු ‍ෆ්‍රීඩම් නම් පොත

    ReplyDelete
  5. At the end Prabakaran had to die because his expert advisors advice him to do so? He was adviced to die by thinking the Future of Ellam?


    Hah?

    ReplyDelete
  6. මූලාශ්‍රය ඇඩෙල් බාලසිංහම් ලියූ විල් ටු ‍ෆ්‍රීඩම් නම් පොත.

    හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්. හොහ්.

    හිනා වෙලා හිනා වෙලා මාව තව ටිකෙන් පුටුවෙනුත් වැටෙනවා!

    ReplyDelete
  7. @editor//මූලාශ්‍රය ඇඩෙල් බාලසිංහම් ලියූ විල් ටු ‍ෆ්‍රීඩම් නම් පොත//
    පැහැදිලි කිරීමට ස්තුතියි. මෙය විශ්වාසදායක බව W3 පිලිගන්නා බව පෙනේ.

    ReplyDelete
  8. @Anonymous
    හිනා වීම හෝ පුටුවෙන් වැටීම ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. මූලාශ්‍රය ඇසූ නිසා අපි එය සඳහන් කළෙමු.

    ReplyDelete
  9. @tharu22
    විශ්වාසදායිත්වය සාපේක්ෂ එකකි. එය ඕනෑ ම මූලාශ්‍රයක් පිළිබඳ පොදු ය. යමෙකු මුලාශ්‍රය උපුටා දක්වන්නේ තමන් එය විශ්වාස කරන හෝ නො කරන නිසා නො ව මූලාශ්‍රය එය වන නිසා ය. කොටි සංවිධානයේ අභ්‍යන්තරය සම්බන්ධයෙන් යම් දුරකට හෝ විශ්වාසදායී මූලාශ්‍ර සපයා ගත හැක්කේ එහි අභ්‍යන්තර ලේඛනවලිනි.

    හැරත්, අප එම කරුණ දැක්වූයේ යම් නිදසුනක් ලෙස මිස මෙම ලිපියේ අරමුණ ඒ පිළිබද සංවාද කිරීම නො වේ.

    ReplyDelete
  10. Ape nayakayo ekak site thaba gatayutui. Lankawe oname pattapal boruwak kiyala moda minissu rawatala, eth berinam konda pana nethi polisiya ho hamudawa (siyallama nowei) yodawala hema deyakma kanapita herawiya heki.Namuth hemadama hemoma boruwen rawatanna behe.Mehe Rajapakshata onewidiyata netuwata loke anith thenwala baluwenawa.Rate nayakaya baluwena eka apita dukai numuth illan kewata karanna deyak nehe.Anika thamai puggalayo ekka ratath baluwenaeka.

    ReplyDelete
  11. @Editor,
    //යමෙකු මුලාශ්‍රය උපුටා දක්වන්නේ තමන් එය විශ්වාස කරන හෝ නො කරන නිසා නො ව මූලාශ්‍රය එය වන නිසා ය.//
    මෙය සත්යකි. නමුත් ඔබේ ලිපියේ ඔබ කර ඇත්තේ මූලාශ්‍ර උපුටා ගැනීමක් නොව, එය සත්‍යයක් ලෙස පැවසීමකි. එනම් මෙසේය;
    "1980 දශකයේ මුල් හරියේදී කුට්ටුමනී මුදා ගැනීම සඳහා වැලිකඩ සිරගෙදරට පහර දීම සඳහා තමන් ම මෙහෙයුමකට නායකත්වය දීමට ප්‍රභාකරන් සූදානම් වූයේ ය."
    මෙසේ පැවසීමට එක්කෝ ඔබ එම මූලාශ්‍රය හා 100%ක් පුද්ගලිකව එකග විය යුතුය, නැතහොත් එම මූලාශ්‍රය අදාල විශය පිලිබද authoratative source එක හැටියට සමාජයේ පිලිගැනීමක් තිබිය යුතුය.
    මේ කාරණා දෙකෙන් එකක් හෝ සම්පූර්ණ නොවේ නම්, වැදගත් විචාරයකදී මූලාශ්‍රය සදහන් කිරීම සම්ප්‍රදායයි. (උදා. ඇඩෙල් බාලසින්හම්ට අනුව, 1980 දශකයේ මුල් හරියේදී කුට්ටුමනී මුදා ගැනීම සඳහා වැලිකඩ සිරගෙදරට පහර දීම සඳහා තමන් ම මෙහෙයුමකට නායකත්වය දීමට ප්‍රභාකරන් සූදානම් වූයේ ය.)
    යුද්ධයේදී කිසිදු සිවිල් පුරවැසියකු නොමල බවට මහින්ද හෝ ගෝටා පොතක ලියුවොත්, "යුද්ධයේදී කිසිදු සිවිල් වැසියකු නොමලේය." යනුවෙන් ඔබ පෝස්ට් එකක ලියනවාද?

    ReplyDelete
  12. I think MR shud start forgetting the glory and looking at future. This term is not given for him to brk world records, but to do something for the country.

    These nonsense events like Oxford speech would never have gained if he gains smthing there it will all be lost in the attached backlash in tamil ncommunity. History proved taht Brits listened to teh crap of tamil diaspora than Sri Lankans.

    So why did he wasted time on this at the first place.

    Secondly the SL HC in Briton shud have taken the resp seriously. Sure negligence there. And I'm hoping the culprits will be punished.

    ReplyDelete
  13. දැක්කද කුජීත වෙලා එන මහින්දට එයාපෝට් එකේදි පිරිත් කියපු හාමුදුරුවොත් නක්කලයක් දැම්මා...

    ".....සබ්බ ලෝකෝ හිනස්සතු...."

    (මට ඇහුන විදියද මන්දා!)

    ReplyDelete
  14. ක්‍රිෂ්ණාDecember 4, 2010 at 8:13 PM

    නියමයි ලොක්කා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා