ලන්ඩන් ගමනේ ලෝකල් වාසි

අපේ දඟ මල්ල ගෙදර ඇවිත්
(2010 දෙසැම්බර් 04, W3Lanka) ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ලන්ඩන් ගමන නිසා ඔහුට පෞද්ගලිකව ද රටට ජාත්‍යන්තරව ද අවමානයක් ඇති වන තත්වයක් නිර්මානය විය.


එහෙත් ජනාධිපතිවරයා යනු ජාත්‍යන්තර මිනිසෙක් නො ව සිංහල ජාතික නායකයෙකි. සිංහල ජාතියේ සීමාවන් ඉක්මවා යන්නට බැරි වීමෙන් ඔහුට ලාංකීය ජාතියේ ම නායකයා ද යන්න තවමත් ප්‍රශ්නයකි. 


ලෝකෙන් කුමන ප්‍රතිචාර ලැබ ආවත් චෝල රට ආක්‍රමණය කර පැමිණි ගජබා රජු සේ කටුනායකින් ලක් පොළවට ගොඩ බසින්නට ඔහුට පුළුවන. ඒ ඔහු වට සිටින මාධ්‍ය හා දේශපාලක නඩය ඔහුගේ සිත් දිනා ගැනීම සඳහා පොර කන පොර කෑම නිසා ය. 


ජනාධිපතිගේ පෞද්ගලික චාරිකාව බ්‍රිතාන්‍යයේ නිල ආරාධනාවක් මත සිදු වූවක් සේ කලින් හුවා දැක්වූ ලංකාවේ ජනමාධ්‍ය දැන් බ්‍රිතාන්‍යය පතුරු ගසන්නට පටන් ගෙන ඇත.


බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ඇමති මණ්ඩලය උද්ඝෝෂණ කරති. ආරක්ෂක රථ පිරිවරාගෙන යන අතර කොහොමත් මහජනතාවට පාරවල් අවහිර කරන මොවුහු දැන් එළිපිට ම පාරවල් අවුරති.


බැලූ බැල්මට විහිළු සේ පෙනුණත් මේවායින් හෝ ගොඩ යන්නට පාරවල් කපා ගන්නට එතුමා හපනා ය.


රටට හා රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඇත. ජනතාව වීදි බැස ඇත. එකී ජනතාව වීදියට ආ විධිය වැදගත් නැත. වැදගත් වන්නේ මාධ්‍යවල පළ වන රූපයි. “රූපං ජීරති මච්චානං - නාම ගොත්තං න ජීරති” රූපය දිරයි. එය විසින් ඇති කරන ලද නාමය හෙවත් ජනතාව ජනාධිපති බේරා ගැනීමට වීදි බැස්සා ය කියන කාරණය දිරන්නේ නැත.


මාධ්‍ය නඩයට ජනතාව වෙත විසි කිරීම පිණිස පරණ පන්නයේ ලොලිපොප් තොගයක් එංගලන්තයෙන් ගොඩ බා ඇත. එන්න, උරන්න. ජීවන වියදම අමතක කරන්න.


මෙම සිදුවීමෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශීය දේශපාලන ව්‍යාපෘතියට අයහපතක් වී නැත. ඒ වෙනුවට ඒ ඔස්සේ රටේ දැවෙන ප්‍රශ්න අමතක කර ලීමෙහි අවස්ථාවක් ඔහුට උදා වී ඇත. 




Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. ජනාධිපති ලෙස දිව්රුම් දීමෙන් පසු මහින්ද රාජපක්ෂ යනුවෙන් පුද්ගලික මිනිසෙක් නොමැත ඉන්නේ ලංකාවේ ජනාධිපතිය.ලංකාවේ ජනාධිපති සවුත්තු වූ විට මහින්ද සවුත්තු වූ බව සිතා ආතල් ගන්නා ඔබ වැන්නන් ලංකාවට සුවිෂේශ වූ අමු ලාංකික මනස් සහිත පරිකාල්පනික මිනිසුන්ය.ලංකාවේ අම්බලමේ පිනා​ට මෙන්ම ඒක බිදපු ​ගොනාට ද ඇත්තේ පරිකාල්පනික මනස පමනි සංකේතනය නැත. ජනාධිපති වෙනුවට තාමත් එතන මහින්ද රාජපක්ෂ නම් පුද්ගලික මිනිසා වරින් වර මතු වන්නේත් ලංකාවේ ජනාධිපති සවුත්තු වූ විට පැරකුම්ලාට ආතල් ​යන්නේත් ලංකාවේ පමනි. ලාංකිකයෙකු මහින්ද රාජපක්ෂට අකමැති නිසා ඔහු කිච වූ විට ආතල් ගැනීම යනු මුහුන සමග තරහා වී නාසය කපා ගැනීමකි.ඒ ලංකාවේ ජනාධිපතිය ලංකාවේ ජනාධිපති කිච කිරීම ලාංකිකයෙකුට who cares right???

    ReplyDelete
  2. how can it be insult for MR if so its a insult to lanka it self. And if a Oxfired union can be terrorized by a bunch of terror supporters like this, its shows what a failed state is uk is.. even when a time like this try too be with the country throwing away ur petty politics!

    ReplyDelete
  3. මහින්දගෙ පුද්ගලික චරිතයට නෙවෙයි එයගෙ දේශපාලනයට මම විරුද්ධයි. ඒත් මම කොයි තරම් එයාට අකමැති වුනත් ඒ ලංකාවෙ ජනාධිපති. ලංකාවෙ ජනාධිපති පිටරට වල ගිහින් පීචං වෙනකොට පීචං වෙන්නෙ එයගෙ පුද්ගලික චරිතය විතරක් නෙවෙයි. රටේ නායකත්ව පෞර්ෂයත් පීචං වෙනව.

    ඒ නිසා මහින්දව පීචං කරන්න උදව් වුන හැමෝම දැන් ද්‍රෝහීන් ලෙසයි හංවඩු ගහන්නේ. එහෙම නම් එහෙම ද්‍රෝහීන් වර්තමානයේ දී මහින්දට උදව් කළ පමණින් හොද මිනිසුන් වන්නේ නැහැ. ඒත් මහින්ද මරන්න එල්.ටී.ටී.ඊ එකත් එක්ක කුමන්ත්‍රණ කළා යැයි ආණ්ඩුවම කිව්ව ජොන්ස්ටන් ප්‍රනාන්දු දැන් ආණ්ඩුවෙ ඇමතිවරයෙක්. ජොනී ද්‍රෝහියෙක් නම් ඒ ද්‍රෝහියා කොහොමද දැන් ආණ්ඩුවෙ ඇමැති මණ්ඩලයෙ ඉන්නෙ?

    දැන් ද්‍රෝහියෙක් උනාට හදිසියෙවත් මහින්දගෙ දෑත් ශක්තිමත් කරන්න හිතිල ජයලත් ජයවර්ධන ආණ්ඩුවට ගියොත් මොකද වෙන්නෙ? එදාට ටිං කිරි ගා ගන්න වෙන්නෙ අද ජයලත්ට ද්‍රෝහියා කියන මිනිස්සුන්ටමයි.

    නාලන්ද මැරුවා යැයි ඩලසුත් ඩිලානුත් චෝදනා කළේ සුසන්ත පුංචිනිළමෙට. දැන් ඒ සුසන්ත ආණ්ඩුවෙ. ඩලස් පස්සෙ හිත හදා ගත්ත. ඒත් පුංචිනිළමෙ ආණ්ඩුවට ගත්ත නිසා ඩිලාන් ශ්‍රි.ල.නි.ප. යෙ පක්ෂ තනතුරකිනුත් ඉවත් වුණා. හත්වළාමෙ දැන් ඩිලාන් ඇමතිකමකුත් අරන් යස අපූරුවට සුසන්තත් එක්ක ඉන්නව. මේ උගුඩුවො දෙන්න දිහා බලල නාලන්ද හිනහ වෙනව ඇති.

    අතීතයෙ වුණෙ එහෙම. අනාගතයෙ වෙන්නෙත් එහෙම. සමාජ සදාචාරයක් නැති එහෙම වෙනව. ඒ නිසා මහින්ද නිසා රටට කිච වෙන්න වුනත් මම නම් ඕවට කතා කරන්න යන්නෙ නෑ. කුම්බලා මාළු කෑවා නම් දුක විදපන් මහින්දයෝ කියනව මිසක්ක.

    මොකද ඩිලාන්ල වගේ ඩල්ස්ල වගෙ වෙන්න මට බෑ.

    ReplyDelete
  4. I write this one as a reply for above two comments.Englang is not Madamulana,he can behave like a king in Sri Lanka. but he should recognize what is going on England. he went there to show his power to tamil diaspora. finally what happend. he added disgrace to Sri Lanka.
    peaple like above two can say lot of things about that. what you know about Democrasy in England. you can not understand it becouse you guys are only belive news from Weerawansa. that is why one guy say it is a Failed state.

    I am feel so sorry about you guys. come out of the frame. think as independant men. don't allow to control your brains thugs like Weerawansa.

    ReplyDelete
  5. Booruwansagei Maravin gei mala kolan

    ReplyDelete
  6. මම නම් කැමති සරත් ෆොන්සේකාට වුන දේම මහින්දටත් බ්‍රිතාන්‍යයේදී වුනා නම්. ඒ කියන්නේ ජම්පරයක් අන්ඳලා බෙලෙක් පිඟානක එක වේලක් වත් කන්න දීලා එව්වා නම්. අපරාදේ ඒ චාන්ස් එක මිස් වුනා

    ReplyDelete
  7. The UK trip was the most stupid political decision MR had taken in his life. It was a wrong judgement. He exposed his very political (international) naivity.

    ReplyDelete
  8. කව්ද මහින්ද රටේ නායකයා නෙවෙයි කිව්වේ,චන්දේ හොරා කාපු එක වෙන කතාවක්.හැබැයි කව්ද කිව්වේ ඕය විදියට පිචං වෙන්න.කෙවින් කියන්නේ මහින්ද පිචං වෙලා පාග පාගා ගා ගන්න කොට අපිත් ඒවායේ කොටස් කාරයෝ වෙන්න ඕනෑ කියලාද?ඒවා නම් වච්චයි දොරේ.එකට බැසිල් ඝෝඨා නාමල් සමඟ කෙවින්ටත් ඕනෑ නම් සෙට් වෙතැහිකි.අපි නෑ.අපිට ගඳ දැනේනවා.

    ReplyDelete
  9. The people who argue that what happened in UK was democracy don't have an iota of idea as to what democracy is. Had Britain been such a great symbol of democracy peacful Tamil protests and MR speech will both go ahead. The issue was that Tamil diaspora had no idea what democracy is (for them Pirbaharan was the greatest democratic leader the world have seen), and the British security forces were fearful of being unable to contain them.
    Both SL as well as British govt know this truth fully well. Brits are just paying the price for placating these unruly elements for electoral gains.

    ReplyDelete
  10. The brits are our enemies but let's do the enemy a justice here. Our president went on a private trip to do a private speech organized by a private party and then the organizing party decided to cancel the speech. Now what is the British government supposed to do? Use force to convince the organizers of the event to go ahead with speech?

    ReplyDelete
  11. Following are the excerpts from a letter we received on this visit from a Pro-MR person in London (I can send the full letter to the Editor, if requested):

    The Sri Lanka High Commission in London has vehemently opposed from the beginning giving all details to Sri Lanka about the current security lapses in the UK. The SLFP UK branch had requested and begged the President not to come. A group of six Sinhalese students engaged in inviting President (there 12 Sinhala students).

    Oxford Union (OU) is a completely different one from what we talked above. It is a different body and it has nothing to do with these student groupings. None of the Sri Lankan students studying in Oxford today is in the OU at least as a committee member. The invitation Sri Lanka President received got wide publicity in Sri Lanka that he has been invited by the Oxford Union. It is a complete misunderstanding and sheer treading the tail.

    Oxfordshire is a small area. Its police force is not that much. It cannot handle if there is going to be thousand protesters. The next best thing they did was asking the University to cancel the event completely. Done.

    When I first came to know about this Oxford thing, I wrote a month ago, that our President should not accept invitations from all " Kollas" and " Ballas" But alas! he did so and see the unsavoury soup he is in today.

    ReplyDelete
  12. @Liberal Lanka
    Private trip by a head of state is not as straight forward as you or me going to Britain. Secuirty clearances are sought and given by the foriegn office prior to go ahead.

    ReplyDelete
  13. Did you guys heard that Speech from Forign minister G L Peris. real bullshit. he said that England has delibatatly stopped the right of freedom of speeach to his Leadr, (MR). he is worring about freeadom of speeach in England. a real political stuge.

    ReplyDelete
  14. @tharu22

    Bullshit, Themes Valley police was not in a possition to handle such a big prtestors. that was why, Oxford had been asked to cancell that Speeach.

    what happened if Both agitation and speeach went pareral. Weerawansa will say Police officers were sleeping and they helped to tamil diaspora.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා