එකයි එකයි එකොළහයි - සුබ අලුත් අවුරුද්දත් වේවා!

එකයි එකයි එකොළහයි
තව ටික වෙලාවකින් 2011 ජනවාරි 01දා උදා වෙයි. 

හැමෝ ම එකිනෙකාට සුබ අලුත් අවුරුද්දක් පතනු ඇත. 
එසේ පතන ගමන් ම ආණ්ඩුව සමග හෝ ධනවාදය සමග හෝ ඇති තරහට මේ අවුරුද්දේ රටට කෙළ වේවා යි ද පතන්නට ඉඩ ඇත.

රටට කෙළ වූ විට මහජනතාව වීදි බැස ආණ්ඩුව පන්නනු ඇතැයි අපි සිතමු. නැතිනම් බලාපොරොත්තු වෙමු. 

රටට කෙළ වුණාට ආණ්ඩු පන්නන මිනිස්සු මේ රටේ නැත. හිටියා නම්, දැන් දේශපාලනය කරන එකෙක්වත් මේ දූපතේ සිටිය නො හැකි ය.

වඩා දූෂිත ආණ්ඩුව ද, දේශපාලන පක්ෂ ද, මහජනයා ද යන්න තීරණය කිරීම අසීරු තරමට මේ තුන් කට්ටුව ම දූෂිත ය. 

අප්පලා, බාප්පලා එකතු වී රටට කෙළෙව්වත්, පුතාලාගේ අනාගතයට කෙළ වෙන්නේ නැත. කෙළ වෙන්නේ අපේ දූ දරුවන්ගේ අනාගතයට පමණි. 

ධනවාදය කුණු වී ඕජස් ගැලුවත්, සමාජවාදය ඉබේ හැදෙන්නේ නැත. 
සමාජවාදය ගොඩනැඟිය හැක්කේ හුදෙක් ධනවාදයට කඩාකප්පල්කාරී ලෙස වෛර කිරීමෙන් නො ව, සමාජවාදය පිළිබඳ උත්තර සංවාදයක් සඳහා සමාජ අරගලයකිනි. 

කෙටියෙන් ම කීවොත්, ලාභය විසින් දුවවනු ලබන අමානුෂික ධනවාදය වෙනුවට, අප සමාජවාදය නැවත සොයා ගත යුතු ය.

සමාජවාදය සකලවිධ ස්වෝත්තමවාදී පසුගාමීන්ගේ ප්‍රලාපයක් නොව පෙරටුගාමී දියුණු මිනිසුන්ගේ සටන් පාඨයකි.

W3Lanka අරගල අවකාශය එතැන ය.

ශාස්තෲවරුන් සොයා සැරිසරන මිනිසුනි, ශක්තිය ඇත්තේ අනෙකෙකු ළඟ නො ව ඔබ ළඟ ම බව මතක් කර දෙන්නට අපි 2011දීත් වෙර දරමු. 

අපට වෛර කරන ඔබට ආදරය කරන්නට අපි උත්සාහ කරන්නෙමු.  

Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. සුභ නව වසරක්

    ReplyDelete
  2. "වඩා දූෂිත ආණ්ඩුව ද, දේශපාලන පක්ෂ ද, මහජනයා ද යන්න තීරණය කිරීම අසීරු තරමට මේ තුන් කට්ටුව ම දූෂිත ය". මේ ඔබේ වදන්ය.ඇයි ඔබට ජනමාධ්‍ය මේ කට්‍ටුවට දාන්න අමතක වුනේ.

    ReplyDelete
  3. තේරුමක් තියෙන මනුස්සයෙක් බවට‍ පෙන්වන සටහනක්. අලුත් අවුරුද්දට සුබ ලකුණක්.

    පහත සඳහන් වැකි දෙක හැරෙන්නේට ඉතිරියට එකඟයි. සිරා මත පෙළක්.

    මේ දෙක ගැන නම් දෙන්නට ඇත්තේ කෙටිම පිළිතුරක්. AHNN

    "කෙටියෙන් ම කීවොත්, ලාභය විසින් දුවවනු ලබන අමානුෂික ධනවාදය වෙනුවට, අප සමාජවාදය නැවත සොයා ගත යුතු ය."

    "සමාජවාදය සකලවිධ ස්වෝත්තමවාදී පසුගාමීන්ගේ ප්‍රලාපයක් නොව පෙරටුගාමී දියුණු මිනිසුන්ගේ සටන් පාඨයකි."

    ReplyDelete
  4. "රටට කෙළ වුණාට ආණ්ඩු පන්නන මිනිස්සු මේ රටේ නැත. හිටියා නම්, දැන් දේශපාලනය කරන එකෙක්වත් මේ දූපතේ සිටිය නො හැකි ය."
    අනිවා........!!!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා