කොළඹින් දුම්රිය ටිකට් පතක් ගෙන, දුම්රියෙන් තලෙයි මන්නාරම‍ට ගොස්, එතැන් සිට නැවෙන් ඉන්දියාවට

(2010 දෙසැම්බර් 17, W3Lanka) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නාවික මගී ප්‍රවාහන සේවාවක් පිහිටුවීම සඳහා වූ අවබෝධතා ගිවිසුම ළඟදී ම අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ.


ඒ සඳහා රජයන් දෙකේ ම අනුමැතිය හිමි වී ඇති බව ද අවබෝධතා ගිවිසුම කෙටුම්පත් කරමින් ඇති බව ද රජයට සමීප ආරංචි මාර්ග පවසයි.


ප්‍රථමයෙන් තලෙයිමන්නාරම හා රාමේෂ්වරම අතර ද, ටියුට්කෝර්න් සහ කොළඹ වරාය අතර ද පවත්වනු ලබන සේවාව ඉදිරියේදී දෙපාර්ශ්වයේ එකඟතාව මත දෙරටේ අනෙකුත් වරායන් අතරට ද පුළුල් කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පැවසී ය.


ඉන්දියාවේ හා ලංකාවේ මෙම පියවර අපි මහත් සේ අගය කරමු. ලංකාව සමාජ, ආර්ථික හා දේශපාලන වශයෙන් හුදකලා දූපතක් නො වී ලෝකයේ කොටසක් වීමට දොරක් විවර කරන ප්‍රගතිශීලී පියවරක් ලෙස අපි මෙම නැව් සේවාව දකිමු.


තව නොබෝ කලකින් ම කලින් පැවති ලෙස කොළඹින් දුම්රිය ටිකට් පතක් ගෙන, දුම්රියෙන් තලෙයි මන්නාරම‍ට ගොස්, එතැන් සිට නැවෙන් ටියුටිකොරින් යන්නට ලාංකිකයන්ට හැකි වනු ඇත. 

ලෝකයට වැඩි වැඩියෙන් සම්බන්ධ වීම නව අභියෝග විවාත කරනු ඇත. එහෙත්, දූපත්භාවයෙන් මිදී මහාද්වීපයේ කොටසක් බවට පත් වීම ලාංකීය ජාතියේ ඉදිරි ගමන සඳහා අත්‍යවශ්‍ය ය.


Bookmark and Share  
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. 1980 දී පමණ මගෙ තාත්තා ඔහොම යන ඉන්දියා ගමන ගිහින් තියෙනවා. ඉතා අපූරු අත්දැකීමක් බව ආවට පස්සෙ කතාවේ තොරතුරු අපිත් එක්ක බෙදාගත්ත. නීතිමය ප්‍රවාහන සේවය නවතන්නට පෙර අන්තිමට වගේ ගිය අය අතරට එක්වෙන්නැති. ආයෙත් පටන් ගන්න එක වෙළඳාමටත් සංචාරයකයන්ටත් බොහෝම ප්‍රයෝජනවත් වෙයි.

    ReplyDelete
  2. "තව නොබෝ කලකින් ම කලින් පැවති ලෙස කොළඹින් දුම්රිය ටිකට් පතක් ගෙන, දුම්රියෙන් තලෙයි මන්නාරම‍ට ගොස්, එතැන් සිට නැවෙන් ටියුටිකොරින් යන්නට ලාංකිකයන්ට හැකි වනු ඇත."

    ලාංකිකයන් හැමෝම ජීවත් වෙන්න කොළඹ කියලද හිතං ඉන්නෙ?

    ReplyDelete
  3. Appreciate your appreciation. Something rare in so called anti-govt media.

    ReplyDelete
  4. හැට ගනන් වල මැද හරියෙ අපේ අම්මයි තාත්තයි දඹදිව වන්දනාවෙ ඔය විදියට ගියා.තාත්ත දුම්රිය සේවයේ නිසා ඒ කාලෙ ඉන්දියාවෙ දුම්රියෙත් නොමිලේ හෝ අඞු මිළ ටිකට් ලැබුන.හැබැයි එහෙදි සීට් වෙන් කරගන්න වගේ දේට පගාවල් දෙන්න වුනා කියනව මට හොඳට මතකයි.

    ReplyDelete
  5. ඉන්දියාවට ගිහින් ඉතාලියට ගොඩබිමින් යන්න පුලුවන් නේද?

    ReplyDelete
  6. යළි පුබුදමු ශ්‍රි ලන්කා හි තිබුන ඉන්දු ලන්කා පාලම හැදුවානම් පයින්ම යන්න තිබුනා.ඒත් ජ.වි.පෙ ඒක විනාශ කරන්න රෝ එකෙන් සල්ලි ගත්තා නොවැ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා