බලු පත්තරයක් වූ මන්ත්‍රී වාහන ආනයන බලපත්‍රය | Duty free vehicle import permits of some MPs of Sri Lanka go to dogs

(2010 දෙසැම්බර් 21, W3Lankaපාර්ලිමේන්තු මන්ත්‍රීන් 65ක් මේ වන විට තමන්ට මහජනතාවට සේවය කිරීම සඳහා ගමන් බිමන් යාමට බදු සහන මත ආනයන මිළ රු. ලක්ෂ 55ක පමණ වටිනාකමක් ඇති වාහනයක් ආනයනය කිරීම සඳහා ලබා දුන් බලපත්‍රය නීති විරෝධී අන්දමින් විකුණා ඇති බව අද The Island පුවත්පත වාර්තා කරයි. 


මෙම මන්ත්‍රීන් අතර කැබිනට් ඇමතිවරු දෙදෙනෙකු ද සිටින බව ද ඉන් එක් අයෙකු සිය බලපත්‍රය විකුණා ඇත්තේ රු. මිලියන 15කට බව ද අනෙකා සිය බලපත්‍රය රු. මිලියන 12.5කට විකුණා ඇති බව The Island පුවත්පත පවසයි. 


මේ වනාහි ලංකාවේ රජයට ලැබිය යුතුව තිබුණු බදු ආදායමක් වංචනික අයුරින් සිය සාක්කුවට දමා ගැනීමේ මහා පොදු දේපල වංචාවකි. 


දූෂණය පිළිබඳ මහ හඬින් කතා කරන ජනතා විමුක්ති පෙරමුණ පවා මෙම කරුණේදී නිහඬව සිටින ආකාරය සැක උපදවයි. 


හවුලේ හොරකම් කිරීම සඳහා ජවිපෙ ද මීට පෙර ආණ්ඩුව සහ එජාපය සමග එකතු වී තිබෙන අවස්ථා තිබේ. බස්නාහිර පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රීවරයකු ද ඇතුළුව මන්ත්‍රීන් පිරිසක් මේ වසර මුලදී මාස තුනක් පළාත් සභා රැස්වීම්වලට සහභාගි ‍නො වීම නිසා මන්ත්‍රී පදවි අහිමි වූ අවස්ථාවේ එය වළක්වා ගැනීම සඳහා නීතියට, සදාචාරයට හා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි යෝජනාවක් සම්මත කර ගැනීමට ජවිපෙ ද හවුල් විය. 


පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225දෙනාගෙන් 198දෙනෙකුට වාහන බලපත්‍ර නිකුත් කර ඇති බව හා ඔවුන්ට වාහන මිළ දී ගැනීම සඳහා රු. ලක්ෂ පනහ බැගින් බැංකු ණය ලබා දී ඇති බව ද පාර්ලිමේන්තු කටයුතු ඇමතිනි සුමේධා ජයසේන පවසයි. 


වාහනයක් ආනයනය කිරීම සඳහා සහන පදනමින් ලබා දෙන බැංකු ණය වෙනත් කාර්යයක් සඳහා යෙදවීම ද නීති විරෝධී ය. 


Bookmark and Share
Bookmark, remember easily and come again  
www.w3lanka.com

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා