බාහුට පහර දීම හා මතයක් දැරීමේ අයිතිය

(2010 දෙසැම්බර් 08, W3Lankaකටුනායක ගුවන් තොටුපලෙන් ලංකාවට පැමිණි වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා සමග පැමිණි පිරිසකට හා ලංකා ඊ නිව්ස් හා සිරස මාධ්‍යකරුවන් දෙදෙනෙකුට මැරවර පිරිසක් පහර දී ඔවුන් ගමන් ගත් වාහනයට ද අලාභ හානි කර ඇති බව වාර්තා වේ. 


වික්‍රමබාහු සහෝදරයා හා වාමාංශික පෙරමුණ වනාහි දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ හිමිකම පිළි ගන්නා ට්‍රොට්ස්කිවාදී වාමාංශිකයන් බව ප්‍රසිද්ධ කරුණකි. එම මතය දරන්නට හා ඒ අනුව දේශපාලනය කරන්නට ඔවුන්ට අයිතියක් ඇත. රටේ අධිපති මතවාද කොයි අන්දමින් වෙනස් වුණත් ඔවුහු කිසි දිනෙක සිය මතය වෙනස් කළේ නැත. එසේ ම එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ ද නැත. 


වික්‍රමබාහු සහෝදරයා ලන්ඩනයේදී කළ කතා ආදිය ලංකාවේ ප්‍රසිද්ධ වී තිබුණු අතර ඔහු පිළිබඳ පරීක්ෂණයක් කරන්නට අවශ්‍යව තිබිණි නම් කළ යුතුව තිබුණේ ඔහු අත්අඩංගුවට ගැනීමයි. එහෙත් එසේ කරන්නට කොන්දක් නො තිබුණු අය කර ඇත්තේ ගුවන් තොටුපල ආශ්‍රිත ජාවාරම්කාර මැරවරයන් පිරිසක් ලවා ඔහු සමග පැමිණි පිරිසකට හා මාධ්‍යවේදීන්ට පහර දීමයි. 


වික්‍රමබාහු සහෝදරයා කොටියෙක් හෝ දෙමළ ජාතිවාදියෙක් නො වේ. ඔහු මාක්ස්වාදියෙකි. ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මාක්ස්වාදීන්ගේ ස්ථාවරය ඇත්තේ සංවාද දේශපාලනයක් තුළ ය. එයට මුහුණ දිය යුත්තේ එතැනදී මිස කටුනායක ගුවන් තොටුපළේදී නො වේ. 


මතයක් දරන්නට, ඒ මතය ප්‍රකාශ කරන්නට හා එම මතයේ පිහිටා කටයුතු කරන්නට බිය නැති මිනිස්සු වනාහි ඉතිහාසයේ සිය පැවැත්ම සටහන් කරන අය වෙති. අධිපති මත, නීති, පිළි ගත් ආචාර ධර්ම ආදිය සමග විකල්ප මත හැමදාමත් ගැටිණි. එහෙත්, අද අප පිළි ගන්නා බොහෝ අදහස් ඉතිහාසයේ යම් දිනෙක විකල්ප අදහස් ව තිබුණු බව අප මතක තබා ගත යුතු ය. සත්‍යය හමු වන්නේ දහසක් මත ගැටුම් අතරිනි.


යුද්ධය අවසන් වී ඇති මුත් ජාතීන්ගේ ප්‍රශ්නය පිළිබඳ කතිකාව අවසන් වී නැත. වික්‍රමබාහු සහෝදරයා මරා දැමුවත් පීඩිත ජාතීන් පවතින තාක් කල් ජාතීන්ගේ ප්‍රශ්න ද පවතිනු ඇත. ඒ හා සම්බන්ධ මත ‍ගොඩනැඟීම් ද සිදු වනු ඇත. 


මිනිසාගේ සිතීම පාලනය කිරීමට බලයට හැකි මුත්, සෑම මිනිසකුගේ ම සිතීම් පාලනය කිරීමට කුමන බලයකට හෝ නො හැකි ය. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. බාහුට ගුවන් තොටේදී ඇති වූ සිද්ධිය කාරනා දෙකක් නිසා පිලිකුලෙන් හෙලා දකිමි.
    1. W3 පවසන ලෙසම අන් මත ඉවසීමට පුරුදු විය යුතු අතර ඔහු නීති විරෝධී කිසිවක් කර ඇත්නම් ඒ සදහා නීත්‍යානුකූල පියවර ගත් යුතුය.
    2. මේ වගේ ගොන් වැඩ කිරීම නිසා නගර සභා චන්දයකින් හෝ ආසනයක් දිනා ගත නොහැකි මෙවැනි බන්කොලොත් දේශපාලුවන්ට අන්වශ්‍ය පබ්ලිසිටි ලැබේ.

    ReplyDelete
  2. oba seba madyavediyeku lesa boho kalayaka sita mama vatahagana thiyenne, bahuge kathavata mulumaninma ekaganovunath, napunsaka dilan, vansalata vada me manussayata kondak thiyenava, seba pirimiyek.

    ReplyDelete
  3. I totally agree with you!!!

    ReplyDelete
  4. මේක අනිවාර්යයෙන්ම හෙළා දැකිය යුතුයි. මෙහෙම ගොං පාට් නිසා වෙන්නෙ ලංකාවත් අර එංගලන්තෙ වගේ අන් මත නොඉවසන රටක් ගාණට වැටෙන එක.

    ReplyDelete
  5. සමාජ පුරුෂාර්ථයන් හා ගුණයන්ට වටිනාකමක් නොමැති යුගයක ඒවායේ වැදගත්කම පුන පුනා ප්‍රකාශ කිරීම අර්ථ විරහිතය. එවැන්නක් පිස්සු බල්ලෙක් නැහැවීමට ගෙන යන තර්ම් අර්ථ විරහිතය.

    අද අප කළ යුත්තේ මේ දේශපාලන පිස්සු බල්ලන් අර්බුදයට යැවීමය. ඒ සදහා විකල්ප ක්‍රම භාවිතා කිරීමය.

    ශාන් - බුමුතුරුණු

    ReplyDelete
  6. Bahuge matawadaya api nopiligattat Bahu eya editarawa prakasha karana editara minihek.Bahula wage aya chandayed nodinanne kiyana eka ape sinhala jathiyema durwala akalpawala prashnayak misak Bahuge durwala kamak nowei.Meweni gon weda walin ape rata melechayan sitina ratak lesa hanwadu gehenawa misak sethak wenne nehe.Anunlawa paharadenne biyagullo, oun ata weradi thiyena nisa.Kauru kohoma keewath me rajaya kelin katha karana ayata bohoma baya patai.

    ReplyDelete
  7. @ශාන්,
    අදහස හොඳයි. පැහැදිලි මදි..

    ReplyDelete
  8. Its true no war protects human rights...but it helps the regime in power to hide its sins behind the veil of Patriotism and destroy the rights and freedoms which would be exercised by the people one day, when they realized what had happened to them...this is what is going on now...So, this not Wickramabahu's rights they are ours...

    ReplyDelete
  9. With all do respect to democracy and speech of freedom I would call "Wikramabahu is Psycho" and he is desperate to claim his name as a politician, If i look back when the days we were born he was into to politics , but from those days to now itself HE IS SUCH A LOOSER, things need to be changed have to be adjusted to nature the way world goes, wearing a red shirt and protest on streets and fighting for nothing dose not make scene , dose not count in this economy.
    A true politician should fight for something valuable , in history only I saw he just fight to keep his reputation as Left side leader true communist.
    As a genuine person as a responsible person a Sri lanka should use rights in a responsible way, we all know what kind of Shi* we been trough with LTTE , people who died under LTTE label we call " Terrorist " not war hero's , by attending such a event he should be sentence to the serious crime. but worst case there are people who act stupid , its really cheap to go and hit him at airport , everyone should hit his stupid vision to support LTTE, in a ways I agree with a post but call him as political leader or market his character is not worth it.

    ReplyDelete
  10. හාල් කෑලි පොරවල් වෙන්නේ මේ වැඩ වලින් තමයි. ගහන්නම ඕනෙ නම් ගූ ගහපියකො, අතින් පයින් නොගහ

    ReplyDelete
  11. ඊනියා බටහිර විරෝධී,ජාතිවාදී,මානසික රෝගින් වන වීරවංශ වැනි මිනිසුන් පාර්ලිමේන්තු යන්නේත්....

    බාහු වැනි මිනුසුන් ඡන්ද පරදින්නේත්...

    සමස්ත ජාතියේම අවාසනාවටය.

    ReplyDelete
  12. යුද්ධ ආතල් එක මොහොතකට අමතක කලොත්, අපි හැමෝගෙම යටිහිත් දන්නවා අපි වෝ ක්‍රයිම් කාරයො කියලා. ඒක වහගෙන ඉන්න අපි නොකරන දෙයක් නෑ. වික්‍රමබාහු කියන්නේ වෝ ක්‍රයිම් කාරයන්ට ක්ෂතියක් ගෙන දෙන පුද්ගලයෙක්. එයා කියන දේ ඇත්ත කියල අපි හැමෝම දන්නවා. ඒකයි මානසික රෝගියෙක්, බංකොලොත් දේශපාලකයෙක්, හාල් කෑල්ලක් වගේ වචන වලින් අපහාස කරන්න හදන්නෙ. මේ අපහාස කිරීමේම දිගුවක් තමයි කටුනායක පහරදීම.

    වික්‍රමබාහු වැනි පෞරුශයක් ඇති පුද්ගලයන් අද දේශපාලනයේ ඉතා විරල බවයි මගේ හැඟීම. මම හිතන විදියට දේශපාලනය කියන්නේ ආසන දිනාගැනීම නම් නොවෙයි.

    ReplyDelete
  13. ehenam mokadda? kotinta kade yemada?

    ReplyDelete
  14. bullshit u talking editor !!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා