සිසුන් උද්ඝෝෂණය කිරීම පංති තහනම් කිරීමට හේතු වන වරදක් නම් ඇමතිවරුන් උද්ඝෝෂණය කිරීම 'අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චර ද' න්‍යායෙන්

(2010 දෙසැම්බර් 05, W3Lankaභික්ෂූන් 12ක් ඇතුළු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් 44කගේ පංති තහනම් කර ඇත.


හේතුව කලින් පංති තහනම් කළ සිසුන් 84ක් වෙනුවෙන් උද්ඝෝෂණය කිරීමයි. 


දැන් 84 + 44 = 128කි. 




එම සිසුන් අතර අපවත් වූ හිමිනමකගේ නමක්ද ඇතුළත්ව ඇති බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බංඩාර පවසයි.


එක පැත්තකින් අධ්‍යාපනයේ අර්බුදයට මෙය ද එක්තරා විසඳුමකි. විශාල වශයෙන් සිසුන්ගේ පංති තහනම් කළ විට ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කළ යුතු වියදම අඩු කර ගත හැකි වනු ඇත. එවිට ඒ මුදල් ද ලංකාවේ පිහිටුවීම සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාල සෙවීම පිණිස බුරුමය, සුඩානය, ෆීජි වැනි රටවල සංචාරය කිරීම සඳහා දේශපාලකයන්ට හා නිලධාරීන්ට ලබා දිය හැකි වනු ඇත.  ආචාර්යවරුන්ට ඉගැන්වීමට හෙවත් බොහෝ ආචාර්යවරුන් කරන පරිදි පිටපත් කර ගැනීම සඳහා සටහන් කියවීම සඳහා වැය කළ යුතු ශ්‍රමය ද අඩු වේ. එවිට ඔවුන්ට ඒ ශ්‍රමය ටියුෂන් හෝ පොසිටිව් තින්කිං දේශන සඳහා යෙදවිය හැකි ය. 


මෙහෙම ප්‍රශ්නයක් ද තිබේ. සිසුන් උද්ඝෝෂණය කිරීම පංති තහනම් කිරීමට හේතු වන වරදක් නම් ඇමතිවරුන් උද්ඝෝෂණය කිරීම වැඩ තහනම් කළ යුතු වරදකි. ඇමතිවරුන් වැඩිදෙනෙකුට වැඩක් කියා දෙයක් නැති නිසා වැඩ තහනම් කිරීම ප්‍රායෝගික ද යන්න වෙන ම ප්‍රශ්නයකි. 


කෙසේ වෙතත්, මේ ඇමතිවරුන් උද්ඝෝෂණ කරන්නේ කිසි ම තේරුමක් නැතිව නිසා මොකක් හෝ තහනමක් නම් කළ යුතු ම ය. මොවුන් එක්කෝ උද්ඝෝෂණය කළ යුත්තේ ජනාධිපතිගේ අසාර්ථක ලන්ඩන් චාරිකාවට අවසාන වශයෙන් වග කිව යුතු ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ය. නැතිනම්, ලංකාවේ විදේශ අමාත්‍යංශය ඉදිරිපිට ය. 


මෙහි හාස්‍යජනක ම පැත්ත වන්නේ බ්‍රිතාන්‍ය රජය උද්ඝෝෂකයන්ට ලංකාවේ ජනාධිපති‍ට විරුද්ධව උද්ඝෝෂණය කරන්නට ඉඩ දුන්නා යයි ලංකාවේ රජය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කරමින් විරෝධය පෑමයි. 


කිසිම රජයක් තානාපති කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණ කරන්නේ නැත. 'දෑහැට නො පෙනී පලයව් යන්න' කියා කියනවා පමණි. 


මේ ආදී කාරණා නිසා මේ උද්ඝෝෂණය නම් අනිවාර්යයෙන් ම කඩාකප්පල් ක්‍රියාවකි. එබැවින් ඇමතිවරුන්ගේ වැඩ තහනම් කළ යුතු ය. ඇමතිවරුන් කරන විශේෂ වැඩක් නැති නිසා ඒ දඬුවමෙන් රටට අයහපතක් වන්නේ ද නැත. 


රජතුමනි, ඔබතුමා ද එළාර වැනි යුක්ති ගරුක රජකු බව බටහිර බල්ලන්ට පෙන්වන්නට මෙන්න හොඳ අවස්ථාවක්. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. ජනාධිපතිගේ ලන්ඩන් ගමන "අසාර්ථක"යැයි හදුන්වන්නේ කුමන නිර්නායකයන් මතදැයි පැහැදිලි කර දෙනවාද?

    ReplyDelete
  2. සහතික ඇත්ත...
    මේ පිං ගොනා කලොත් කරන්නේ ගොං වැඩක්මනේ....
    එහෙම ගොං වැඩක් ක්ලේ නැත්නම් මෙහෙම එකෙක් කැබිනට්ටුවේ නෑ වගේ...ඒ නිසා ඉන්න බව පෙන්නන්න මොකක් හරි ගොං වැඩක් කරනවා..

    ReplyDelete
  3. පාරේ රෙන එකත් ප්‍රසිද්ද වෙන්න ක්‍රමයක්

    ReplyDelete
  4. Meke honda pathta kuth tiyanawa. Mokada LTT Eeaka maha Brithanye (England) thahanam Sanwidanayak. A nisa Udgoshakayan ta baa LTTE logo eakath penna gana udgoshanaya karanna. Mee nisa mekata Brithnaya rajayeth sahayogayak tiyanawa. A nisa mee udgoshanaya ektarawidiyakata waradi naha.

    ReplyDelete
  5. "රජතුමනි, ඔබතුමා ද එළාර වැනි යුක්ති ගරුක රජකු බව බටහිර බල්ලන්ට පෙන්වන්නට මෙන්න හොඳ අවස්ථාවක්. "
    ekanam sahathika eththa.
    Nice to read, a collection of interesting emails.
    Read Funny stories, Tragedy stories, Love stories, Allegory, Fairytales, Friendship stories
    and something to learn from here
    http://letsenjy.blogspot.com

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා