2016 ජනාධිපතිවරණයේ ගැටලු | The problems of 2016 presidential

(2010 දෙසැම්බර් 12, W3Lankaමීළඟ ජනාධිපතිවරණය සාමාන්‍ය තත්වයන් යටතේ නම් පැවැත්වෙනු ඇත්තේ 2016දී ය.  ලේඛකයා අනාගතය කියන්නට දන්නා කෙනෙකු නො වුණත්, දේශපාලනිකව බැලු කල ඒ වන විට මෙවැනි තත්වයක් තිබෙන්නට පුළුවන. 


පාන් ගෙඩියක මිළ රු. 250ක් ද හාල් කිලෝවක මිළ රු. 300ක් ද විය හැකි අතර රජතුමා රු. 10,000ක වැටුප් වැඩි විමක් ලබා දීම පිණිස තමන්ට ඡන්දය දෙන්නැයි ඉල්ලා සිටියි. සංවර්ධනයේ අමාරු හරිය පසු කරමින් සිටින බව ද, හෙට සිට උදා වන්නේ ඵල නෙළා ගන්නා සමය බව ද ඔහු කියනු ඇත. 


මේ වන විට ඔහුට ඇති ලොකු ම ප්‍රශ්නය පුතා හා බාප්පා අතර ඝට්ඨනයයි. ඊළඟ අවස්ථාව පුතාට දෙන පොරොන්දුව පිට, අගමැකි අපේක්ෂක තනතුරට බාප්පා නම් කරන්නැයි නංගිලා ඉල්ලා සිටිති. එහෙත්, "ඔයගොල්ලන්ගේ මහප්පා ඔයගොල්ලන්ගේ තාත්තාට චාන්ස් එක දුන්නායින් පසු මහප්පලාගේ පරම්පරාවට වුණ දේ නිරූපමාගෙන් පේන්නේ නැද්ද?" යි අසන ආර්යාව නංගිලාට බම්බු ගහ ගන්න යයි කියා පුතාට අගමැතිකම දෙන්නැයි ඉල්ලා සිටියි. 


ෆොන්සේකා නන්දක්කාගේ 'ගිනි ගන්නා රටක කෙළින මීහරකුන් වැනි පුතුන් - කුමටද මට මහ විරුවෙකි සිරගෙයි මළ මගෙ පුතුන්' ගීතයේ පදයක් බවට පත් වී ජවිපෙ සමරු පෝස්ටර්වල මූණත්තහඩුව අලවාගෙන සිටින්නට ඉඩ ඇත.  අලුතෙන් ඡන්ද බලය ලැබුණු පාවෙන ඡන්ද පරම්පරාව "කවුද බං මේ පෝස්ටර්වල ඉන්න ෆොන්සේකා කියන ආමිකාරයා?" යි අසන්නට ඉඩ ඇත.


යූඇම්පියේ නායකයා කෝන්ගොඩ වික්‍රමසිංහ වුණත් පොඩි ප්‍රේමේ වුණත් වැඩි වෙනසක් දකින්නට නැති වනු ඇත. බොහෝ විට විය හැකි පරිදි කෝන්ගොඩ වික්‍රමසිංහ තව දුරටත් යූඇම්පියේ නායකයා විය හැකි ය. පොඩි ප්‍රේමේ ඒ වන විට ආණ්ඩුවේ ඇමතිවරයකු වුව ද තව දුරටත් යූඇම්පියේ නායකත්වයට කෙළ හළමින් සිටිනු ඇත. මේ දෙන්නා පමණක් නොව, කරු ආවොත්වත් යූඇම්පියට හිරු පායන්නේ නැත. මෙගා ස්ටාර්ලා ගැන කතා කර වැඩක් නැත. (බොහෝ විට මෙගා ස්ටාර් ද මේ වන විට රජතුමාගේ දෑත් මසාජ් කරමින් සිටින්නට ඉඩ තිබේ.) 


මේ අතර, බය නො තේරෙන ලුම්පන් පන්නයේ ඇමතිවරයෙක් කඩාගෙන ඇවිත් ජනාධිපති පොදු අපේක්ෂකයා වීමට දඟළන්නට ද ඉඩ ඇත. ජවිපෙ සෝමවංශ නායකත්වය ඔහු කරට ගෙන කාවඩි නටමින් සිටියි. ලංකාවේ සිවිල් සමාජය හෙවත් එන්ජීඕකාරයෝ ද මොහු දෙසා බාන ප්‍රජාතන්ත්‍රවාදයේ සටන් පාඨ හිස් මුදුනින් වැළඳගෙන සිය ස්වාභාවික ස්වාමියා වන කෝන්ගොඩ වික්‍රමසිංහට පොදු අපේක්ෂකයකුගේ වැදගත්කම ගැන බණ කියමින් සිටිනු ඇත. ආණ්ඩුවෙන් කඩාගෙන එන බය නො තේරෙන ලුම්පන් ඇමතියා සුමනසිරි බංඩා ‍විය හැකිවාට මෙන්න කැට!


යුද අපරාධ චෝදනා ෂේප් කර ගැනීම පිණිස බටහිර බලපෑම මත රාජපක්ෂ ආණ්ඩුව දෙමළ ඊලාම් පාරජාතික ආණ්ඩුවේ අගමැති රුද්‍රකුමාරන් සමග පවත්වන ලද නිල නො වන සාකච්ඡා විකිලීක් වී රටේ මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ. අලුත් සුදු නෙළුම් ව්‍යාපාරයක් ආරම්භ වී ජාතික ප්‍රශ්නයට සාකච්ඡාමය විසඳුමක වැදගත්කම රටට පැහැදිලි කෙරෙමින් තිබේ. එහි නායකන් වනු ඇත්තේ විමල්, චම්පික  සහ දිනේෂ් ය. 


මේ අතර, ලංකාවේ වාමාංශික හා රැඩිකල් ශාස්තෲවරු තව දුරටත් දෙමළ ඩයස්පෝරාව දෙස බලාගෙන විරවමින් සිය ප්‍රධාන ප්‍රතිවිරෝධතාවන් අනුකූලව විජේ ඩයස් බාහු සමග ද, බාහු සිරිතුංග සමග ද, සිරිතුංග මහින්ද දේවගේ සමග ද, දීප්ති නිර්මාල් සමග ද ආදී වශයෙන් ගැටෙමින් විප්ලවය සඳහා මනෝමූලික සාධකය සම්පූර්ණ වී නැති බව කියමින් තර්ක කරනු ඇත. 


මේ ලේඛකයා ඇතුළු සාමාන්‍ය ජනතාවට තව දුරටත් ඉතිරි වි තිබෙන ප්‍රශ්නය වන්නේ මහ රජා එපා ම එපා වී තිබුණත් ඡන්දය දෙන්නට එකෙකු නැති වීමයි. 


  Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. බොහෝදුරට මේවා මෙසේම වීමට ඉඩ තිබෙනවා.
    මෙන්න මේකනං බුදු ෂුවර්.
    //මේ ලේඛකයා ඇතුළු සාමාන්‍ය ජනතාවට තව දුරටත් ඉතිරි වි තිබෙන ප්‍රශ්නය වන්නේ මහ රජා එපා ම එපා වී තිබුණත් ඡන්දය දෙන්නට එකෙකු නැති වීමයි. //

    ReplyDelete
  2. මේක මරු.ඇත්ත්ටම මේක නියම අනාවැකියක් විය හැකියි
    Dinuka

    ReplyDelete
  3. 2016 මැතිවරනයේදී විපක්ශ්යේ සියලු ප්‍රතිවාදීන් රාජපක්ශ වරුන්ගේ මුදල් බලය ඉදිරියේ නන්නත්තාර වනු අත

    ReplyDelete
  4. කව්ද මේ දීප්ති කියන්නේ.... පැරකුම්ට එයත් එක්ක තියෙන ප්‍රශ්නය මොකද්ද?

    ReplyDelete
  5. මේක මාර කෙළියක්නේ බං... නමක් ලියවෙච්ච ගමං අහන්නෙ මොකද්ද ප්‍රශ්නෙ කියලා.
    ඇත්තට කවුද දීප්ති කියන්නෙ?

    ReplyDelete
  6. It is time to start new political agenda baseds on benifit of everybody.

    ReplyDelete
  7. කොහෙවත් ඉන්න හාල්පාරුවෝ ෆෝම් කරන්න මේ වගේ ඒවා ලියන එක හොදයි......

    ReplyDelete
  8. මේ වගේ ඒවා ලියනවා කියන්නෙ ස්වයං වින්දනයක්...

    ReplyDelete
  9. මේ ලේඛකයා ඇතුළු සාමාන්‍ය ජනතාවට තව දුරටත් ඉතිරි වි තිබෙන ප්‍රශ්නය වන්නේ මහ රජා එපා ම එපා වී තිබුණත් ඡන්දය දෙන්නට එකෙකු නැති වීමයි.

    ReplyDelete
  10. බුදු අම්මෝ මෙහෙමනම් වෙන්ඩ එපා...අම්මපා මාත් පනිනව රට අපහු පාගන්නෑ මෙහෙ පස්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා