මතුගම පොලිසියේ වික්‍රමයක් | How Sri Lanka police tortured an elderly man

(2010 නොවැම්බර් 30, W3Lankaමේ කතාව ඔබ සමහර විට අසා ඇති. අප එය නැවත පළ කරන්නේ මෙම යූටියුබ් වීඩියෝවේ සිටින වැඩිහිටි පුද්ගලයා විසින් විස්තර කරනු ලබන අත්දැකීමට පූර්විකාවක් ලෙසයි.


ඔන්න ලෝකේ හොඳම පොලීසිය තෝරන තරෙඟ පැවැත්වුණලූ. මේක පැවැත්වුනේ පුංචි කැලෑරොදක. තරෙඟදී කරන්න තියෙන්නේ මොකක්ද දන්නවද? ඔන්න තරඟ සංවිධායකයෝ හාවෙකුව කැලෑරොදට නිදහස් කරනවලූ මේ හාවාව අල්ලන එක තමයි තරඟකාරි කණ්ඩායම් වලට කරන්න තියෙන්නේ. ඉක්මනට හාවා අල්ලන අය තමයි ජයග‍්‍රාහකයෝ.


අවසාන තරෙඟට ඉදිරිපත් වුනේ ඇමෙරිකාවයි. එංගලන්තයයි. ලංකාවයි. ඉස්සෙල්ලාම ආවේ එංගලන්තේ වාරෙ. ඔන්න ඉතින් පොලිස් කණ්ඩායමක් නවීන තාක්‍ෂණික උපකරණ අරගෙන කැලේට ගියාලූ. ඒ ගොල්ල ගස් වැල් වලින්, ගල්මුල්වලින් පවා ප‍්‍රකාශ සටහන් කරගත්තලූ. සියුම් උපකරණ භාවිතා කරලා හාවාගේ සලකුණු හඹා ගියාලූ. හැබැයි හාවා අල්ලන්න බැරි වුණාලූ.


ඊළඟ වාරේ ඇමෙරිකානුවන්ගේ. ඒගොල්ලෝ හෙලිකොප්ටර් වලින් බෝම්බ දාලා රසායනික අවි පවා භාවිතා කරලා අන්තිමේ වාර්තාවක් ඉදිරිපත් කළාලූ හාවා අතුරුදහන් කියලා.


ඊළඟට වැඬේට බැස්සේ අපේ කට්ටියලූ. වැඩි සද්ද නැතුව බැටන් පොලූ දෙක තුනක් අරගෙන කැලෑ රොදට ඇතුල් වුණාලූ. ඔන්න පැය බාගෙකට විතර පස්සේ තඩි වලහෙක් නාහෙන් කටින් ලේ පෙරාගෙන විනිශ්චය මණ්ඩලය ළඟට ඇවිත් කියනවලූ "හරි, හරි මං තමයි හාවා" කියලා.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. නඩුත් උන්ගෙ බඩුත් උන්ගෙනේ.. අපිට ඉතින් බුදු සරණයි...!!

    ReplyDelete
  2. මේත් ඔය වගේම එකක් නේද...- කව්සිළුමිණ
    http://www.thelastrow.net/archives/2504

    ReplyDelete
  3. ආසියාවේ අහවල් එකනේ මේ රට

    ReplyDelete
  4. bear says right thing. but not about every policeman



    PCW

    ReplyDelete
  5. This is very good way to expose Police brutality.

    In Canada the white police does same thing to Native Indians. So in some cities, volunteer groups start to film when a policeman approachs a native Indain.

    These days, almost all have cell phones in Sri Lanka. Sri Lankans should film/photograph when any type of police brutality happens.

    Then it is easy to prove these actions in the courts.

    ReplyDelete
  6. හිහ් ඉන්දියන් සාගරයේ (මුතු) ඇටය තමයි මේ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා