අයවැයෙන් රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩි වන හැටි මෙන්න! | How salaries of public and private sector employees increased from 2011 budget of Sri Lanka

(2010 නොවැම්බර් 23, W3Lankaඅයවැයෙන් රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කළා ද? නැද්ද?


අද උදෑසන රටේ ප්‍රධාන ජනමාධ්‍ය ඔස්සේ මෙම පැනයට පිළිතුරු සෙවීමට වෙහෙස දැරීමි.


එහි ප්‍රතිඵල මෙසේ ය:


රජයේ නිල වෙබ් අඩවිය වන www.news.lkහි අයවැය කතාවක් නැත.


දිනමිණ වෙබ් අඩවිය පවසන්නේ 'රජයේ සේවක වැටුප් 5%කින් ඉහළට' කියා පමණි.


දිවයින වෙබ් අඩවියේ සඳහන් වන අන්දමට 'සියලුම රාජ්‍ය අංශ සේවකයන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 600 කින් ඉහළ දැමීමට යෝජනා කරන බව ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා 2011 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඊයේ (22 දා) පස්‌වරුවේ ප්‍රකාශ කළේය. එමෙන්ම 2011 ජනවාරි මාසයේ සිට ආරක්‍ෂක අංශ ඇතුළු සියලුම රජයේ සේවකයන්ට මූලික වැටුපෙන් 5% ක දීමනාවක්‌ද ලබා දීමට යෝජනා කර ඇත. විශ්‍රාමිකයන් සඳහා ගෙවන ජීවන වියදම් දීමනාව රු. 300 කින් වැඩි කිරීමට යෝජනා කර ඇත.'


Daily Mirror පුවත්පත පවසන පරිදි 'A 5% monthly allowance increase as a non pensionable allowance will be provided for all public servants and security personnel. Rs.600 increase in cost of living allowance from January to all public servants, security personnel in staff category.'


The Island පුවත්පතේ සඳහන් වන්නේ මෙසේ ය: 'President Mahinda Rajapaksa yesterday (Nov. 22) proposed a five percent increase as a non-pensionable allowance to all public servants, including the security forces in the 2011 Budget presented in Parliament.


'the President proposed to increase the cost of living allowance by Rs. 600 from January 2011 for all public servants, including the security forces in non-staff categories. The President said that staff categories would receive the cost of living allowance from July 2011.


'Citing difficulties experienced by the pensioners, the President proposed to increase their monthly cost of living allowance by Rs. 250 effective January 2011. He also proposed a Rs.750 increase to those who had retired prior to 2003 and Rs. 250 for those who retired between 2003 and 2006. This too would come into operation in July 2011.


'Despite financial constraints, the President proposed to increase professional allowances for the university academic staff, medical professionals and other specific professionals based on their professional and research specialties, to 25 per cent of their salaries.'


මෙම ප්‍රහේලිකාව අප විසඳා ගත් ආකාරය මෙසේ ය: 


රජයේ සේවකයන්ට 2011 වසරේ මුල සිට මූලික වැටුපෙන් 5%ක දීමනාවක් ලැබේ. ඒ අනුව රු. 15,000ක මූලික වැටුපක් ලබන රජයේ සේවකයකුට එම දීමනාව රු. 750ක් විය යුතු ය. 


එසේ ම සියලු රජයේ සේවකයන්ට ජීවන වියදම් දීමනාව රු. 600කින් වැඩි කර තිබේ. 


මේ අනුව, රු. 15,000ක මූලික වැටුපක් ලබන රජයේ සේවකයකුට රු. 1350ක නව දීමනා ලැබේ. මෙය මූලික වැටුපට එකතු නො වන නිසා විශ්‍රාම වැටුපට අදාළ වන්නේ නැත. එසේ ම, වැන්දඹු සහ අනත්දරු අරමුදලට මෙයින් කොටසක් කපා ගන්නේ ද නැත. 


ලංකාදීප පුවත්පතේ සදහන් වන පරිදි රජයේ සහ ආරක්ෂක අංශවල මාණ්ඩලික නිලධාරීන්ට රු. 600 ජීවන වියදම් දීමනාව ලැබෙන්නේ 2011 ජුලි මාසයේ සිට ය. 


පෞද්ගලික අංශයේ සේවකයන්ට හා විදේශ ශ්‍රමිකයන්ට වැටුප් වැඩි වීමක් ලබා දෙන ලෙස ඉල්ලීමක්වත් කර ඇති බවක් දක්නට නො ලැබේ. එවැනි ඉල්ලීම්වල වැදගත්කමක් නැති බව වෙන ම කාරණයකි. එහෙත්, එසේ නො කිරීම කැපී පෙනෙන්නේ රජය මෙම සේවක ස්ථර දෙකට දෙන ගේම නිසා ය. 


පෞද්ගලික (හා රජයේ සංස්ථා) අංශයේ සේව්‍ය සේවක දෙපාර්ශ්වයෙන් ම 2% බැගින් කපාගෙන අලුතින් විශ්‍රාම අරමුදලක් සාදන්නට යෝජනා කර තිබේ. මෙහිදී සේව්‍යයා විසින් සේවකයා අතට මෙතෙක් ලබා දුන් විශ්‍රාම පාරිතෝෂිකය මුළුමනින් ම මෙම අරමුදලට බැර කළ යුතු බවට නීති ගෙන එන්නට යෝජනා කර ඇත. සේවකයකු විශ්‍රාම යාමෙන් පසු ලබා ගන්නා අර්ථ සාධක අරමුදල් ශේෂයෙන් 2%ක් ද මෙම අරමුදලට බැර කළ යුතු ය. 


පෞද්ගලික අංශයේ සේවය රජයේ සේවය මෙන් ස්ථිර නැත. වසර දහයකට අඩු කාලයක් මෙම අරමුදලට දායක වූ අයට විශ්‍රාම වැටුප් නො ලැබේ. කපා ගත්තු ටික ආණ්ඩුවට අයිති වනු ඇතැයි උපකල්පනය කළ හැකි ය. මෙම විශ්‍රාම අරමුදල පාලනය කරන්නේ මහ බැංකුව විසිනි. 


අයවැයෙන් දෙන සුපිරි ම ගේම මෙය බව අපේ විග්‍රහයයි.


පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුප් ගෙවන්නේ කුමන ආකාරයෙන් ද යන්න දැන ගන්නට නැත. රජයේ සේවකයන්ට නම් දැනට විශ්‍රාම වැටුප් ගෙවන්නේ මූලික වැටුපෙන් 85%ක උපරිමයක් වන පරිද්දෙනි.  


මේ අතර, විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් ද විශ්‍රාම අරමුදලක් ඇති කර තිබෙන අතර ඒ සඳහා විදේශ ශ්‍රමිකයන්ගෙන් මසකට අවම වශයෙන් රු. 1000ක් කපා ගැනීමට සැලසුම් කර තිබේ. වසර දෙකේ කොන්ත්‍රාත්තුවකට, හිගන පඩියකට මැද පෙරදිග යන ඇණ වදින සිරියාවතීලා ද ගෙදර එන විට මේ අරමුදලට රු. 24,000කින් දායක වී තිබේ. සිරියාවතීට බැරි කාලේ විශ්‍රාම වැටුප ලෙස කීයක් ලැබේදැයි දන්නේ උඩ ඉන්න දෙයියෝ පමණි. 


මෙය ද නියම ගේමකි.


අද කරන ඉතුරුම්වල හෙට ව‍ටිනාකම ඉන්ෂුවරන්ස් කොම්පැනිවලට නො රැවටෙන ඕනෑ ම සාමාන්‍ය මිනිසකු දනියි. රජයේ සේවකයන්ටවත් ජිවිතයේ අවසාන කාලයට එළඹෙන විට ජීවත් වීමට සරිලන විශ්‍රාම වැටුපක් නො ගෙවන රටේ මේ විශ්‍රාම අරමුදල්වලට දායක වන පෞද්ගලික අංශයේ ශ්‍රමිකයන්ට හා විදේශ ශ්‍රමිකයන්ට අබ සරණ ය. 


රටින් පිටට ගන්නා දුරකථන ඇමතුම්වලින් විනාඩියකට රු. දෙක බැගින් ආණ්ඩුව බදු ගැනීම විදේශ ශ්‍රමිකයන්ගේ පවුල්වලට දුන් අපූරු 'කතා කිරීමේ නිදහසකි.' 


රජයේ සේවකයන්ට පඩි වැඩි වීමක් දෙන්නේ මේ අන්දමින් සූරා කන මුදලිනි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. රු. 70000 ක් පඩි ලැබූ රාජ්‍ය සේවකයෙකුට රු. 3500 ක් වැඩිවිය යුතුවුවද, රු. 50000ට වඩා ඇති රු. 20000 වෙනුයෙන් රු. 800ක් ආදයම් බද්දක්ද ගෙවීමට සිදුවේ. එනිසා එම සේවකයාට වැඩිවෙන්නේ 3.86%කින් පමණි.

    ReplyDelete
  2. Please do an unbiased analysis about the budget, we are waiting to read !

    ReplyDelete
  3. පුද්ගලික අංශයට සහ විදේශ රැකියා කරනණන වුන්ට විශ්රාම වැටුපක් යොජනා කිරීම ඉතාහොඳ යෝජනාවකි . මෙය ක්‍රියාත්මක කිරීමේදී පා්‍රයෝගික ගැටලුවක් වන්නේ දැනට අවුරුදු පනහට වැඩි අයට වසර දහයක සේවාකාලයක් ඉදිරියට නොලැබෙන නිසා. ඔවුන්සඳහා යම් සාධාරණ ක්‍රමයක් ඇතිකල යුතුය. මම නම් මේවා "ගේම්" ලෙස නොදකිමි . එසේ දකින අයට එයට දායක වීමෙන් වැලකී සිටිය හැකියි. හරියට වැන්දඹු සහ අනත්දරු වලට දායක වීම තම කැමැත්ත අනුව සිදුවන නිසා.
    රජයේ සේවකයන්ද උපයන විට ගෙවීමට යටත් කිරීමේ අසාධාරණයක් මම නොදකිමි. රුපියල් 50,000/- වැඩි සියලු ආදායම් රු. දස ලක්‍ෂය දක්වා 4% ටැක්ස්වීම ක් පමනයි සිදුවන්නේ. පවුලේ යැපෙන්නන් මත පදනම්ව ටැක්ස් ක්‍රමයක් ආවානම් ඉතාම සාධාරණයි මොකද තනිකඩයන්ටත් පවුල් බර ඇතිඅයටත් එකම ලෙස Tax කිරීමේ සාධාරණත්වයක් නැතිනිසා.

    ReplyDelete
  4. @ serendipity - වැන්දඹු අනත්දරු ක්‍රමේට කැමැත්ත අනුව සහභාගි වීමේ හැකියාවක් දැන් නෑ... ඒක අනිවාර්යයි. මොනව වුණත් වැ.අ.අ., සේ.අ.අ. වගේ සේවකයන්ගෙ පඩියෙන් කපාගෙන හදාගන්න අරමුදල් කියන්නෙ දැනටත් ෆුල් ගේම් තමයි... තවත් අරමුදලක් බැරිනං තුන හතරක් වුණත් හදන්න පුළුවන්නං හදයි... ඕවයින් මිනිස්සුන්ට ප්‍රතිලාභ ගන්න විඳින්න ඕන දුක බලන්න කම්කරු කාර්යාලෙකට යන්න...

    ReplyDelete
  5. ඔහොම සොච්චමකින් පඩි වැඩි කළාම ඒ මිනිස්සුන්ටත් වෙන්නෙ පැරාට වගේ ගෑනිගෙ රත්තරන් බඩු උගස් තියන්න තමයි.

    ReplyDelete
  6. වැට් බද්ද අඩු කිරීම ගැන W3ගෙ අදහස් දැන ගන්නටත් අපි කැමතියි

    ReplyDelete
  7. @tharu22

    Please don't ask tough questions from him....

    ReplyDelete
  8. siyalum badu gewana apita Rajayan pension ekak denawanum game noway,nathnum apay padiyen kapaa pension dennata yannay game misa wena mokakda?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා