ඇමරිකාව ගැන කේරළයෙන් බිහි වූ විකට ගීතය ඔබත් දුටුවා ද?

කේ.පී. සසි
(2010 නොවැම්බර් 26, W3Lanka) මීට වසර කීපයකට පෙර ලෝක සමාජ සමුළුව නම් ගෝලීය ධනවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජ ව්‍යාපාරය දියත් වූ සමයේ ඉන්දියාවේ කේරළයෙන් එළි දුටු මෙම ගීතය එකල අරගල බිමේ මහත් සේ ජනප්‍රිය විය.


ලංකාවේ ද සමාජ සමුළුවලදී වාදනය වූ මෙම ජනප්‍රිය වීඩියෝව නිර්මානය කළ කේ.පී. සසී මීට වසර කීපයකට පෙර මෙම ලේඛකයාට සිනමා වැඩමුළුවකදී පහසුකම් සපයන්නකු ලෙස හමු විය. ඔහු සිනමාකරුවකු මෙන් ම සමාජ ක්‍රියාකාරිකයෙකි. සොඳුරු මිනිසෙකි. ඔහුගේ සිනමාකරණය ඉන්දීය සිනමාවේ ප්‍රධාන ධාරාවෙන් බැහැරව සමාජ අරගල භූමිවල පවතින්නකි. ඔහු සිය සිනමා නිර්මානවල සංගත තැටිත් අරගෙන තැනින් තැන යන සැරිසරන්නෙකි. 


ඔහුගේ අදහස් හා නිර්මාන පිළිබඳ විස්තර සදහා මෙම පිටුව බලන්න. 


මෙම ගීතයේ ඉංග්‍රීසි උච්චාරණය මලයාලි ඌරුවට සිදු වන නිසා ඒ ඉංග්‍රීසි ඉංග්‍රීසියෙන් ම උප සිරැසි කර ඇත.


ගීතයේ තනුව පිළිබඳ ලේඛකයා සසිගෙන් විමසූ විට එය ලංකාවේ ගීයක තනුවක් බව හේ පැවසී ය. සුරංගනීට මාළු ගෙනාවා ගීය දකුණු ඉන්දියාවේ ජනප්‍රිය වන්නට ඇත්තේ එය ගායනා කළ ගෝල්ඩන් චයිම්ස් ගායක මනෝහරන් 83 ජුලි කලබලවලින් පසුව කලක් දකුණු ඉන්දියාවේ ජීවත් වූ නිසා විය හැකි ය.


මෙන්න ගීය යූටයුබ් ඔස්සේ


මෙම ගීය අපට නැවත මතක් කර දුන්නේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනට ස්තුතියි.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. /* සුරංගනීට මාළු ගෙනාවා ගීය දකුණු ඉන්දියාවේ ජනප්‍රිය වන්නට ඇත්තේ එය ගායනා කළ ගෝල්ඩන් චයිම්ස් ගායක මනෝහරන් 83 ජුලි කලබලවලින් පසුව කලක් දකුණු ඉන්දියාවේ ජීවත් වූ නිසා විය හැකි ය.
    */

    මා දන්නා පරිදි සුරංගනී ගීතය දකුණු ආසියාවේ බාලදක්‍ෂ ගීතයකි. ඉතිං බාලදක්‍ෂ පුහුණුව ලැබූ හැමෝම මේක දන්නවා. නේපාලයේත් මේ ටියුන් එක ඉතා ජනප්‍රියයි.

    කතන්දරකාරයා

    ReplyDelete
  2. ඇයි ඇමෙරිකාවම විශේෂ වන්නෙ? මොකද චීනය ගැන, රුසියාව ගැන, ඕස්ට්‍රේලියාව ගැන, ජපානය ගැන හදපු සින්දු නැද්ද? නැත්නම් අජිත් පැරකුම්ගේ විශේෂ වෛරයට ඉරිසියාවට බඳුන් වෙන්නේ ඇමෙරිකාව විතරද? අජිත් පැරකුම් මල පහ කරන කොටත් ඇමෙරිකාවට බැණ බැණද මළ පහ කරන්නෙ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා