ඔබේ ගෙදරත් මාසික ආදායම රු. ලක්ෂයක් ද?

(2010 නොවැම්බර් 28, W3Lankaකොළඹ දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇසූ පැනයකට පිළිතුරු ලෙස ආණ්‌ඩු පක්‌ෂයේ සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (26 දා) පාර්ලිමේන්තුවේ සභාගත කළ ලේඛනයක සඳහන් වන පරිදි 2009 වසරේ ලංකාවේ ඒකපුද්ගල ආදායම රුපියල් දෙලක්‌ෂ තිස්‌ පන්දහස්‌ නවසිය හතලිස්‌ පහක්‌ (235,945) බව ද ඒකපුද්ගල ණය බර රුපියල් එක්‌ලක්‌ෂ අනූදෙදහස්‌ නවසිය හතළිස්‌ දෙකක්‌ (192,942) ද වේ.


2016 වන විට රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000ට හෙවත් රු. 448,000 දක්වා ඉහළ නංවන බව රජය පවසයි. 2016 වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වුණොත් මේ ඉලක්කය තවත් අසීරු වනු ඇත. දැනට එය පවතින්නේ රු. 235,945ක මට්ටමේ ය. 


ඒක පුද්ගල ආදායම විසින් රටේ ආර්ථික හා සමාජ සංවර්ධනය නිවැරදිව ප්‍රකාශ වන්නේ නැත. එයට හේතුව ආදායම් විෂමතාවයි. දැනට පවතින තත්වය අනුව පස්දෙනෙකුගෙන් සැදුම්ලත් සාමාන්‍ය පවුලක වසරේ ආදායම රු. 1,179,725ක් හෙවත් මාසික ආදායම රු. ලක්ෂයක් පමණ විය යුතු මුත් එසේ වන්නේ ලංකාවේ පවුල් කීයක ද?


සෙනසුරාදා දිනමිණ කතුවැකියෙහි අපූරු රචනාවක් තිබිණි. එහි මාතාකාව 'ඔබට ඩොලර් හාරදහසක් ලැබුණොත්' යනු ය. එහි ද සඳහන් වන පරිදි ඒක පුද්ගල ආදායම යනු රටක ආර්ථික සංවර්ධනය හා සමෘද්ධිමත් භාවය මනින එක් දර්ශකයක් පමණි. අප කියන්නේ එය හොඳ දර්ශකයක් නො වන බවයි.


අපගේ තර්කය දිනමිණ කතුවැකියේ එක් වාක්‍යයකින් ඔප්පු කළ හැකි ය. එම වාක්‍යය නම් 'රටක් සංවර්ධනය කිරීම යනු ශ්‍රම හමුදාව සඳහා වැඩි පඩි ලබාදීම නො වේ' යන්නයි.


ඒක පුද්ගල ආදායම ඉහළ නැංවීම සංවර්ධනයේ මිනුම් දණ්ඩක් ලෙස හිස් මුදුනින් පිළි ගන්නා අය රටේ බහුතරයක් ජනයා හිඟා නො කා හිඟා කෑවත් ඒක පුද්ගල ආදායම ඉහළ මට්ටමක පවතී නම් රට සමෘද්ධිමත් බව කියති.


"National Income is the money value of all goods and services produced in a country during a year"
-J.M.Keynes

රටක ජාතික ආදායම ගණනය කරන ක්‍රමවේදය අනුව, යුද්ධය, මර්දනය, මත්පැන්, දුම්වැටි, නාස්තිය, දූෂණය සඳහා යන වියදම් පවා එයට එකතු වේ. ඒක පුද්ගල ආදායම ගණනය කරනු ලබන්නේ මෙම අගය ජනගහණයේ සංඛ්‍යාවෙන් බෙදා ය. 


ඉලක්කම් විජ්ජාවලින් පෙන්වන්නට යන ආර්ථික වර්ධනය ගෙයින් ගෙට නො දැනේ නම් එය සැබෑ සංවර්ධනයක් නො වේ. ආදායම් විෂමතා නැති කිරීම අත්‍යවශ්‍ය ය. ලංකාව විසින් අනුගමනය කරනු ලබමින් ඇති රට වන චීනය පවා දැන් ක්‍රියාත්මක පස් අවුරුදු සැලැස්ම යටතේ වැඩියෙන් ම අවධානය යොමු කර ඇත්තේ ආදායම් විෂමතා නැති කිරීමටයි. 


බිම් මට්ටමේ ශ්‍රම ඵලදායිතාව හා ආදායම් නැංවීම කෙරෙහි අවධානය යොමු නො කර අත් පත් කර ගත හැකි ආර්ථික සංවර්ධනයක් නැත. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. "ඒක පුද්ගල ආදායම විසින් රටේ ආර්ථික හා සමාජ සංවර්ධනය නිවැරදිව ප්‍රකාශ වන්නේ නැත. එයට හේතුව ආදායම් විෂමතාවයි. දැනට පවතින තත්වය අනුව පස්දෙනෙකුගෙන් සැදුම්ලත් සාමාන්‍ය පවුලක වසරේ ආදායම රු. 1,179,725ක් හෙවත් මාසික ආදායම රු. ලක්ෂයක් පමණ විය යුතු මුත් එසේ වන්නේ ලංකාවේ පවුල් කීයක ද? "

    මේ මගුල අපි කලින් ඉඳන්ම දන්නවා. මද්‍යන්‍ය (average) ඒක පුද්ගලාඅදායමට වඩා මඩ්‍යස්ථ (median) ඒකපුද්ගල ආදායම වඩාත් සුදුසුයි. මාසෙට ලඛ්ෂයක් කෙසේ වෙතත් සාමාය් වශයෙන් රු. 50,000ක් වත් සාමාන්‍ය පවුලක් හොයා ගන්නවා. පැරකුම් ගේන තර්කය මොකද්ද හැබෑට?

    ReplyDelete
  2. මා දන්නා ආර්ථික විද්‍යාව අනුවනම් ධනවාදී ආර්ථිකයක කිසි ලෙස ආදායම් විෂමතාව හෙවත් ඇති නැති "පරතරය" අඩු නොවේ. එය ධනවාදී ඇමරිකාවට සහ ඉන්දියාවට මෙන්ම කොමියුනිස්ට් පක්ෂය රජ කරන චීනයටද පොදුවේ.
    ධනවාදී අර්ථ ක්‍රමයක සාර්ථකත්වය මනින මිම්ම වන්නේ "පෙරට වඩා මගේ ජීවන තත්වය දියුණු වී ඇත්ද?" යන්න මිසක් මා සහ මට වඩා පොහොසතා අතර ඇති "පරතරය" අඩු වී ඇත්ද යන්න නොවේ.
    මෙවන් ක්‍රමයක නොයෙක් ගැටලු ඇති බව සියල්ලන් පිලි ගත යුතුවේ. නමුත් වඩා වැදගත් ප්‍රශ්නයනම් මීට වඩා සාර්ථක ක්‍රම තිබේද, තිබේ නම් ඒ මොනවාද, එම ක්‍රම සාර්ථක ලෙස අත්හදා බලා ඇති රටවල් කවරේද යනාදියයි.

    ReplyDelete
  3. පාරවල් හදන්නත් එපාලු වරායවල් හදන්නත් එපාලු වැඩි පඩි දෙන්නත් එපාලු අනේ අපෝ මෙහෙම ගියොත් ගෑනි රත්තරං බඩු ටික බේරගන්න බැරි වෙයි

    ReplyDelete
  4. දළ ජාතික ඒක පුද්ගල ආදායම නුසුදුසු නම් රටක් දියුණු වී ඇත්ද නැද්ද යන්න දැන ගැනීමට පැරා ඉදිරිපත් කරන දර්ශක මොනවාද? කරුණාකර පැහැදිළි කරන්න. (දර්ශකයක් යනු ඉල්ලක්කමකි. නැතුව අපැහැදිළි ලෙස 'ආදායම් විෂමතාවය අඩුවීම' වැනි ප්‍රකාශයක් නොවේ.)

    ReplyDelete
  5. Well..... to my understanding, per-capita income is based on GDP and population. Since the GDP is based on value of a year, per-capita income is also for an year basis. Therefore considering 2000 USD for Sri Lanka is per year, not for a month. in that terms, it has to be 2000/12 is what for a month, something close to Rs. 19,166/- if the exchange rate is taken as 115 per USD.

    ReplyDelete
  6. @Nilupul You are right. We are talking about a five member average family.

    ReplyDelete
  7. පැරා මේ සදහා යෝජනා කරන දර්ශකය මොකද්ද? ඒ දර්ශකය යොදන රටවල් මොනවද? එයින් ආදායම ගැන කියන්න පුළුවන් මොනව ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා