ලෝකෙට ම එකයි! පාඩුව මහජනයා මත පටවන රජය නම් අපූරු සමාගම ජන සතු කළ යුතු ය






මූලාශ්‍රය: ලංකාදීප (කරු ජයසූරිය මන්ත්‍රීතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දකි.)
(2010 නොවැම්බර් 26, W3Lankaලංකාවේ විශාලතම ව්‍යාපාරික සාමූහිකය රජයයි. එසේ ම, වැඩියෙන් ම පාඩු ලබන සමාගම් ටික අයත් වන්නේ ද මෙම දැවැත්ත කොම්පැනියටයි. 


එහෙත්, මෙම සමාගම සුවිශේෂ එකකි. ලෝකයේ අන් කිසිම සමාගමක සිදු නො වන ආකාරයට ලාභ, පාඩු පිළිබඳ නො සලකා බිස්නස් කිරීමේ නිදහස මෙම සමාගම් කළමනාකරුවන් වන ආණ්ඩුවේ හිතවතුන්ට ඇත.


මෙම සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලවල හා කළමනාකරණයේ ඉන්නේ පරාජිත මැතිවරණ අපේක්ෂකයෝ, ඇමතිවරුන්ගේ පවුල්වල සාමාජිකයෝ, ඡන්දෙට කඩේ ගිය ඇම්බැට්ටයෝ, ගජමිතුරු ව්‍යාපාරිකයෝ හා රජ පවුලේ අන්තේවාසිකයෝ ය. මේ කළමනාකරුවෝ කළ මනා දේ හැර අන් හැම දෙයක් ම කරති. 


පාඩු ලැබුවා ය කියා මෙම ආයතනවල කළමනාකරුවන්ට කිසිදු ප්‍රශ්නයක් නැත. පාඩුව පියවීම සඳහා මහජනයාගෙන් තව තවත් බදු අය කරනු ලැබේ.


පහත සඳහන් ලැයිස්තුව බලන්න. රජය නම් සමාගමට තේ කඩයකින්වත් ලාභ ලබන්නට බැරි බව එම ලැයිස්තුවේ පාඩු ලබන සමාගම්වල නම් කියැවූ විට වැටහෙනු ඇත.


ලංකාවේ කිසිදු සුළු පරිමාණ බස් හිමියෙක් පාඩු ලබන්නේ නැත. එහෙත් බස් දහස් ගණනක් හිමි, රජයට බදු නො ගෙවන, පොලිසියට දඩ නො ගෙවන, එක ම බස් ගාස්තුව අය කරන ලංගම 2009දී රු. කෝටි 382ක් පාඩු ලබා ඇත. 2009දී ලංගමය සතුව පැවති බස් රථ සංඛ්‍යාව 4500ක් ලෙස සැලකුවහොත් එක් බසයකින් ලබා ඇති පාඩුව ද රු. 850,000ක් පමණ වේ.


ලංකාවේ කිසිදු රූපවාහිනී, ගුවන් විදුලි, වෙළඳ ප්‍රචාරණ සමාගමක් පාඩු නො ලබන මුත් මහජන සේවා ආයතන නො වන, රූපවාහිනිය, ගුවන් විදුලි සංස්ථාව, වින්ක් ඇඩ්වටයිසිං වැනි ආයතන පවා පාඩු ලබයි.


ඛනිජවැලි සංස්ථාව ඛනිජ වැලි හදන්නේ හෝ කහටගහ ග්‍රැෆයිට් සමාගම මිනිරන් හදන්නේ හෝ නැත. කරන්නේ පොළවේ තිබෙන ඒවා විකිණීමයි. එහෙත්, පාඩු ලබති.


කොටස් වෙළඳපල හා සම්බන්ධ සිකියුරිටීස් ඇන්ඩ් එක්ස්චේන්ජ් කොමිසම ද පාඩු ලබයි.


ආණ්ඩුවට වෙබ් අඩවි නිර්මානය කර දෙන ICTA තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය ද පාඩු ලබන ආයතනයකි.


ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකරණය රජයට පවරා ගත්තේ මිහින් ලංකා බිම දමා පළපුරුදු ආණ්ඩුවකි.


ලබන අවුරුද්දේ සිට මේ ලැයිස්තුවට ලිට්‍රෝ ගෑස් කොම්පැනියත් එක් නො වුණොත් පුදුමයකි.


ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩු පියවීම සඳහා විදුලි බිලට අමතරව ලංකාවේ සෑම පුරවැසියෙක් ම තවත් රු. 840ක් ගෙවිය යුතු ය. 


රජයේ දේපල මහජන දේපල හෝ පොදු දේපල ලෙස සලකන පැරණි ආකල්පය වෙනස් කිරීමට දැන් සිදු වී තිබේ. පාඩු පියවීම සඳහා අධික ලෙස බදු බර පටවමින් ජන ජීවිතය අවුල් කරන රජය නම් මෙම දැවැන්ත ව්‍යාපාරික බූවල්ලා ලංකාවේ පීඩිතයන්ගේ අංක එකේ සතුරා ය. 


රජය ආණ්ඩුවේ ග්‍රහණයෙන් මුදවාගෙන ජන සතු කළ යුතු ය. 


මෙම ලිපියත් කියවන්න.

ලංකාවේ ජනයා සූරා කන ප්‍රධාන ම ධනේශ්වර ව්‍යාපාරික බූවල්ලා රජය නමැති සමාගමයි




Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. හොඳ අදහස.

    ඒ විදියට ජනසතු කරලා - ඒ දේපල පාලනයට අපි වැඩි චන්දෙන් CEO (ජනාධිපති) කෙනෙකුයි, Board of Directorsr (කැමිනට්) එකකුයි පත් කරමු.

    -KK

    ReplyDelete
  2. බලමුකෝ ඒකෙත් හැටි. අපේ ආණ්ඩුවත් නිකං අජිත් පැරකුම් ජයසිංහ වගේම බංකොළොත් වෙලා. කිසිම මූල්‍ය පාලනයක් නැතුව. අජිත් පැරකුම් ජයසිංහ ගෑනිගෙ රත්තරන් බඩු උගස් කරල මහජන බැංකුවෙන් ණය ගන්නවා. ආණ්ඩුව සංචිත රත්තරන් උගස් කරල ලෝක බැංකුවෙන් ණය ගන්නවා. දෙගොල්ලම එකයි.

    ReplyDelete
  3. මෙවැනි තත්වයක් තුළ තවත් ගුවන් තොටුපළක්, වරායක් හැදුවත්, අධිවේග මාර්ග කොතරම් හැදුවත් ඵලදායිද?

    මෙගා ව්‍යාපෘති ගැන මෙගා අදහස් දරන අය කතා නොකරන්නේද ඉහත කරුණයි.

    අවසානයේදී ජහමනයාට "සල්ලිත් නෑ සනීපත් නෑ"

    ReplyDelete
  4. රජය යනු ජනසතු කළ සමාගමක් බව ලියුම්කරැ නොදනී. මෙහි අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීමේ අයිතිය ලංකාවේ ඡන්ද හිමි නාමලේඛනයේ නම් සදහන් සියළුම දෙනාට හිමිය.එමෙන්ම එම සමාගම් ලාභ ලැබුවහොත් එහි ලාභයත් පාඩු ලැබුවහොත් එහි පාඩුවත් ඡන්දය ප්රකාශකිරීමට බලය ලබාගත් ඇත්තන්(සතුටින්?) බෙදාගත යුතුය.එසේ තිබියදීම ලියුම්කරැ නගන චෝදනා පාඨකයා නොමග යැවීමට කරන නිෂ්පල උත්සාහයකි. :-p

    මෙම පාඩුව කුමන ගිණුම් වර්ෂයක් හෝ තක්සේරැවර්ෂයක්සදහාද? මෙය සදහන්කර නැත.

    අනෙක් කරැණ වන්නේ රජයට ඇති විශාල පාඩුව නම් සේවකයන්ට ගෙවන නිල පඩිනඩි සහ විස්රාමිකන්ට ගෙවන දීමනාත්ය.රජය පුද්ගලික සමාගමක් වූවානම් ඇතැම් පුද්ගලික සමාගම් පසුගිය කාලයේ කළාසේ සේවකයන් ඉවත්කර තමාගේ ලාභය නිසිපරිදි පවත්වාගෙන යා හැකිය. ලියුම්කරැ කියන්නේ රජය එසේ කර හෝ ලාභ ලාබිය යුතු බවක් වත්ද?

    එසේම මෙම ආයතන ලාභ ලැබීමම හුදු ඒකායන අරමුණ කරගෙන ක්රියාත්මක වන ඒවා නොවේ.රජය යනු සේවා සපයන්නෙකි. එමගින් මහජනයා ලබන අපරිමිත සේවාව අවතක්සේරැකොට යමෙක් කතාකරත් නම් ඒ ඔහුගේ දැනුමේ සීමාව පෙන්වන්නකි." ලංකාවෙ ජනයා සූරාකන ප්රධාන ම ධනේෂවර ව්‍යාපාරික බූවල්ලා රජය නමැති සමාගමයි " යනුවෙන් කරන ප්රකාශය ගැන සිතාබැලීමට පාඨකයාටම හැකිය.
    නමුත් මෙහි කළමණාකරැවන් වෙනස් කොට ‍ජනතාවට සේවා සපයන අතරතුරම ලබන පාඩු අවම කිරීමේ අරමුණින් නව සභාපතිවරැන් පත්කිරීමට රජය ක්රියා කරත්නම් එයද පැසසිය යුත්තකි. නිද. ඛනිජතෙල් හැරී ජයවර්ධනට දීම.

    ReplyDelete
  5. A Country Is Not a Company dude read this if you doubt

    http://hbr.org/1996/01/a-country-is-not-a-company/ar/1

    ReplyDelete
  6. රජය නම් අපූරු සමාගම කොහොමත් ජන සතුය. W3 එය නොදන්නේදැයි නොදනිමු. W3ගේ සැබෑ ඉල්ලීම මේ සමාගම් පුද්ගලිකකරණය කල යුතු බවද? නැතිනම් "ජනසතු කිරීම" යනුවෙන් W3 අදහස් කරන්නේ රට රතු සහෝදරයන්ට බාර දීමද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා