රට හුලිජ්ජ වලට ඇද දමන මංජු වන්නිආරච්චිගේ හුලිජ්ජ ප්‍රශ්නය

(2010 නොවැම්බර් 14, W3Lanka) පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී බොක්සිං සඳහා රන් පදක්කමක් දිනූ මංජු වන්නිආරච්චි හුලිජ්ජ පරීක්ෂාව දෙවන වරට ද අසමත් ව තිබේ. තහනම් උත්තේජක ගත්තාදැයි හුලිජ්ජ පරීක්ෂාව කරන්නේ තරගයෙන් පසු ගත් හුලිජ්ජ සාම්පලය ක්‍රීඩකයා ඉදිරියේ ම දෙකට බෙදා පරීක්ෂණ නල දෙකකට බෙදා සීල් තබා ය. පළමු පරීක්ෂණයෙන් අසමත් වූවන්ට දෙවන පරීක්ෂාවක් හෙවත් බී පරීක්ෂණයක් ඉල්ලා සිටිය හැකි ය. එවිට පරීක්ෂා කරන්නේ අර දෙවන පරීක්ෂා නලයේ හුලිජ්ජ ය. ඒ හුලිජ්ජ තමන්ගේ ම හුලිජ්ජ බව සීල් තියන්නට පෙර ක්‍රීඩකයා තහවුරු කරයි. 


මංජු වන්නිආරච්චි උක්කුං බබා දැන් කියන්නේ තමන් නො දන්නාකම‍ට කවුරුදෝ වෙදෙක් දුන් මොකක්දෝ ගොසරෑවක් ගහලා ඇරිය බවයි. 


ඔහුගේ නිදොස් බව ඔප්පු කිරීමට ඉන්දියාවේ ගිය කාලිංග ඉන්ද්‍රතිස්ස නීතිඥ මහතා දැන් ලෑස්ති වන්නේ පරීක්ෂාව හරියට නො කළ බව කියා බොක්සිංකාරයා බේරා ගැනීමටයි. නීතියේ සිදුරු සොයා ගන්නට පුළුවන් වුණාට හුජ්ජවල නැන්ඩ්‍රලෝන් තිබුණු බව නම් බොරු කරන්නට බැරි ය. 


කලින් වතාවක කළා සේ මේ රන් පදක්කම නැති වුණොත් ලංකාවේ මිනිස්සු සාමූහිකව මුහුදේ පැන මියෙනු ඇතැයි කියා හෝ අපේ හාදයෝ පදක්කම බේරා ගන්නට තටමනු ඇත. 


එහෙත්, ලංකාවේ ක්‍රීඩාව පමණක් නො ව ශිෂ්ට මිනිසුන් එකෙක්, දෙන්නෙක් හෝ ඉන්න රටක් බවට යම් නමක් තිබුණා නම් එය ද මේ හුලිජ්ජ වැඩ නිසා හුලිජ්ජ වලට ම වැටෙනු නියත ය. 


එය ක්‍රීඩකයන්ට කෙසේ වෙතත් පාලකයන්ට නම් ප්‍රශ්නයක් නො වනු ඇත. මක් නිසා ද යත්, ජාත්‍යන්තරයේ අම්බානට කිච වී සිටින ඔවුන්ට අවශ්‍ය වන්නේ දේශීයව ෂෝ එක දමා ජනතාව ගොනාට අන්දාගෙන බිස්නස් එක කරගෙන යාමටයි. 


එහෙම නැතිනම් මෙවැනි ක්‍රීඩකයන් ආරක්ෂා කිරීම සඳහා උත්සාහ දරන්නේ නැත. ඇමරිකාව මේරියන් ජෝන්ස් සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය සිහි කර ගන්න. පමා වී හෝ යුක්තිය ඉටු වූ නිසා ලංකාවේ සුසන්තිකා ජයසිංහට රිදී පදක්කමක් ලැබිණි. 


ක්‍රීඩාව ගේම කරගෙන යන්නට උත්සාහ කරන මේ ගමන බොහොම කෙටි ය. 


අඩු තරමේ 2018 පොදු රාජ්‍ය මණ්ඩල ගේම හම්බන්තොට ගසා ගැනීමේ මහ රජ්ජුරුවන්ගේ හීනයවත් සැබෑ කර ගන්නට මෙවැනි ක්‍රියා නිසා බැරි වනු ඇත. 


ලංකාවේ ක්‍රීඩාව යනු කුමක් ද? ක්‍රීඩකයෝ පුහුණකරුවන්ට ගේම් ගසති. පුහුණුකරුවෝ නිලධාරීන්ට ගේම් ගසති. නිලධාරීහු ඇමතිට ගේම් ගසති. ඇමතිලා ජනාධිපතිට ගේම් ගසති. ජනාධිපති ජනතාවට ගේම් ගසයි. ජනතාව ක්‍රීඩා නො කරති. 


මෙම වීඩියෝවේ සිටින ලාංකීය ක්‍රීඩකයකුව සිට නැසී ගිය මනතුංග කරුණානන්ද 1964 ඔලිම්පික් උළෙලේදී එය පැවති තෝකියෝ ක්‍රීඩාංගනයේ පිරී සිටි ක්‍රීඩා ලෝලීන්ගේ ගරු බුහුමනට ලක් වූයේ කෙසේ හෝ දිනාගෙන මහජන මුදලින් ඉඩම්, ගෙවල්, කාර් ගැනීමේ සිහිනයෙන් කටයුතු කළ නිසා නො ව, ජය පරාජය නො තකා සියයට සියයක් සිය කාර්යය කරමින් ක්‍රීඩාශීලිත්වය ප්‍රදර්ශනය කළ නිසා ය. 


ලංකාව එවැනි මිනිසුන් ද ජීවත් වූ රටකි.  


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. ජාත්‍යන්තරයේ අම්බානට කිච වී සිටින ඔවුන්ට අවශ්‍ය වන්නේ දේශීයව ෂෝ එක දමා ජනතාව ගොනාට අන්දාගෙන බිස්නස් එක කරගෙන යාමටයි.

    But there are hidden GAHILI as well,
    see this and write about this also, mervin's new car
    http://www.gossip9.com/2010/11/blog-post_14.html

    ReplyDelete
  2. what government actually should do....
    1.suport the investigation fully
    2.punish the person
    3.give warning to the other athletes
    4.make arrangement to investigate others in island pool also
    5.punish the "doctor" who treat manju
    6.punish all other quacks in the island
    this is what iam doing if iam the sport minister

    ReplyDelete
  3. What govt can do is to ask Panchauda to stage a Sathyagraha against this Vijathika Kumanthranaya in front of the Commonwealth Head Quarters.

    ReplyDelete
  4. Manju hora, why couldnt he find a MBBS doctor to treat him? MBBS qualified GPs are everywhere? Is he from Dambana or Vannii?
    He is a cheater, who has got some illegal drugs from a quack!
    Punish both manju and the quack!

    ReplyDelete
  5. ඔබ කියන්නේ හුලිජ්ජ කියාද?
    අප නම් කියන්නේ හුජ්ජ කියාය

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා