හොර වෙදුන් හිර කරනු | Arrest bogus indigenous physicians of Sri Lanka

(2010 නොවැම්බර් 17, W3Lankaතුල්හිරියේ නිල වෙදෙකු දරුවකු මරා ඇත.


මියගොස්‌ ඇත්තේ වතුරුවිල, කොස්‌ගොඩ, ඉසුරු මාවතේ පදිංචි සචිත් දිරුශාන් කුමාර නමැති අවුරුදු එකයි මාස අටක්‌ වයස දරුවෙකි.


දරුවාගේ යටිබඩ පැත්තට කොට්‌ටයක්‌ තබා හිසපහත් කර දරුවාගේ කොන්ද පෑගූ විට දරුවාගේ හිස කඩා වැටුණු බව මව කියයි.


මෙම සිද්ධිය වාර්තා කරන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් කරනු ලබන අවධාරණයක් වන්නේ මේ දරුවා සුව කළ නො හැකි බව රජයේ වෛද්‍යවරුන් පවසා ඇති බවයි. මෙහි එක් අරමුණක් වන්නේ මේ වෙදා බේරා ගැනීම බව පෙනේ. වෙදා පමණක් නො ව, ඒ වර්ගයේ සෙසු විශ්වකර්මයන් බේරා ගන්නට ද ජනමාධ්‍යවලට උවමනා ය. මූලිකව ම ලංකාවේ සමාජය විද්‍යාව වෙනුවට බොරු හාස්කම් පිළි ගන්නා මෝඩයින් බවට පත් කිරීම මේ ජනමාධ්‍ය හිමි හා ඒවා නඩත්තු කරන පාලකයින්ගේ හා මුදලාලිලාගේ උවමනාවයි. 


ඇතැම් හදවත් සිදුරු ඉබේ ම සුව වෙන බව ද, එසේ නො වන දරුවන් ශල්‍යකර්මවලට බඳුන් කරන බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි. එහෙත්, ඒ හැම කෙනෙකු ම ජීවත් කරවිය නො හැක. 


හොර වෙද්දු ඕනෑ ම ලෙඩකට ප්‍රතිකාර කරන්නට භාර ගනිති. ඒ එක්කෝ මුදල් වෙනුවෙනි. නැතිනම් කීර්තිය වෙනුවෙනි. නැතිනම්, මොවුහු වැඩි දෙනෙක් මානසික රෝගීහු වන නිසා ය. 


රජයේ රෝහලක ප්‍රතිකාර කරන්නේ යම් විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුවයි. එහෙත්, මෙම හොර වෙද්දු වැඩ කරන්නේ මෝඩයාට භය තේරෙන්නේ නැති ය යන නියාමය අනුවයි. රජයේ රෝහල්වල ශල්‍යාගාරවලදී දමන ප්ලාස්ටර් කැඩුම්, බිඳුම් වෙදුන් කපන්නේ රෝගියා සමග ගිය අය ලවා පිහියෙන් කපා ය. ශරීරය විසින් ම සුව කළ යුතු ව ඇති මෙවැනි කැඩුම් බිඳුම් මේ වෙදුන් ළග ඇති හාස්කම් බලයෙන් සුව කළ හැකි බව ලංකාවේ බොහෝ මිනිස්සු විශ්වාස කරති. 


පිළිකා වැනි දරුණු රෝගවලට පවා වෙදකම් කළ හැකි වෙදුන් මෙරට සිටින බව ජයන්ත චන්ද්‍රසිරිගේ වෙද හාමිනේ වැනි ටෙලි නාට්‍ය මගින් දැනුදු ප්‍රචාරය කරනු ලැබේ. 


මේ වෙදුන් වැඩි දෙනෙකු මානසික රෝගීහු වෙති. එහෙත්, ඔවුහු සංස්කෘතියේ යම් අංගයක් නියෝජනය කරන බව ද යථාර්ථයකි. පසුගිය සමයේ දෙමළ අරගලයට එරෙහිව සිංහලයන් අතර ඔවුන්ගේ නායකයන් විසින් වපුරන ලද ජාතිවාදය හා බටහිර විරෝධය මෙවැනි ගර්හිත විද්‍යාවන් ව්‍යාප්ත වීම පිණිස සරු පසක් සැපයී ය. 


කෙසේ වෙතත්, දැන් දැන් හැම තැන ම දක්නට ලැබෙන හාස්කම් බලයෙන් ලෙඩ සුව කරන බව කියන හොර වෙදුන් නම් බරපතල සමාජ පිළිලයකි. 


ලේඛකයා දන්නා, ‍අංක නිකුත් කර දිනකට එන අය අතුරින් සීමිත පිරිසකට පමණක් වෙදකම් කරන එක් වෙදෙක් කලකට ඉහතදී ලංගම රියදුරෙකි. පසුව ඉඩම් වෙළඳාම හා ඉහළ පොලියට මුදල් ණයට ගැනීම කළ මොහු මුදල් වංචා හේතුවෙන් සිරගත ව සිටියේ ය. පසුව, සිංහල බෙහෙත් බඩු සාප්පුවක බෙහෙත් කිරූ මොහු දැන් නමගිය වෙදෙකි. 


සුදුසුකම් නැතිව හා පාරම්පරික වෙදකම වැනි බොරු සුදුසුකම් පෙන්වමින් වෙදකම් කරන මේ හොර වෙදුන් සිරගත කිරීම සමාජයට කරන යහපතකි. එසේ ම, මානසික රෝහල්ගත කළ යුතුව ඇති පිරිසක් ද මේ අතර සිටිති. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. මෙතැනදී අප තීරණයක් ගත යුතුයී. දේශීය වෙදකම නගා සිටවීමට සහ ආරක්ශා කීරිය යුතුද නැද්ද යන්නයී. ආරක්ශාකල යුතුනම්, මෙවැනි මරණ සහ ආබදා සාමාණය දේ ලෙස සලකා ඉවත දැමිය යුතු වන්නේ, දේශීය වෙදකම විද්‍යාවක් නොව, අත්දැකීම මතින් ගොඩ නැගෙන දැනුම වන්නා නිසාය. බටහිර විද්‍යාවේදී පවා අත්වැරදීම සිදුවේ. නමුත්, එවැනි අත්වැරදීම බටහිර විද්‍යාවේ පැවැත්මට අවශ්‍ය නැත. ඒ වා අවම කිරීම සදහා ඒ තුල යාන්ත්‍රණයක් ඇත. දේශීය වෙදකම වසර දහස් ගණනාවක් තිස්සේ ගොඩ නැගුනේ විද්‍යාගර වල සිදුකරනා පරීක්ශණ මාර්ගයෙන් නොවෙයී. මෙවැනි අත්වැරදීම් සහ ඒවායීන් ඉගෙන ගත් පාඩම් මාර්ගයෙනුයී.

    ලංකාවේ ඇති ගැටලුව දේශීය වෙදුන් නොවේ, බටහිර වෙදුන් පවා, දේශීය වෙදකම, වෙදහාමිනේ පිලිගැනීම සහ වන්දනා කිරීමය.

    ReplyDelete
  2. කිසිම සුදුසුකමක් නැතිව මේ විදිහට බොරු කරන අයව නීතිය ඉස්සරහට ගේන්න ඕනමයි.

    ඒත් මෙතන පරෙස්සම් වෙන්න ඕන කාරණයක් තියෙනවා.

    විද්‍යාවට ප්‍රතිපක්ෂව බොරු හාස්කම් පිහිටුවනකොට, විද්‍යාව ඇත්තක් විදිහට ගන්න වෙනවා. ඒත් විද්‍යාව කියන්නෙත් කතිකාමය ගොඩනැංවීමක් විතරයි. ඒකෙත් බොරු හාස්කම් වල වගේම මිනිස්සුන්ට, ලෝකයට අහිතකර ගොඩක් දේවල් තියෙනවා. අපිට නිකම්ම හිතෙනවා විද්‍යාව සත්‍යයි කියලා. ඇත්තටම විද්‍යාව කියන්නෙත් මිත්‍යාවක්. විද්‍යාත්මක විදිහට මිනිස්සු ඕන තරම් මැරෙනවා. මේ දෘෂ්ටිවාදය පැතිරෙව්වොත් ඒක ප්‍රශ්න කරන්න අමාරු වෙනවා.

    ඇත්තටම ජාතිවාදය හා බටහිර විරෝධය කියන එකට විරුද්ධ වෙන්න ඕන. හැබැයි එකක් වෙනුවට අනිකට යටවෙන විදිහට නෙවෙයි.

    විද්‍යාවේ, මේ මොහොතේත් සිද්ධ වෙන බොරු හාස්කම් ගැනත් අපි ටිකක් Serous හිතන්න වෙනවා. කොහොම උනත් ඔය දරුවව මරා ගත්ත එකාව නීතිය ඉස්සරහට ගේන්න ඕනමයි.

    ප්‍රදීප්

    ReplyDelete
  3. indigenous medicine is good... it helps to reduce population expansion.

    ReplyDelete
  4. dokkunta waradila marunahama unwa maranna pihi aran pannanawa.. munta kirihatti aran yanawa. asiyawe aashcharyata ne yanne.

    ReplyDelete
  5. @Sanuwa
    විද්‍යාව කතිකාවක් බව යම්දුරකට හැබෑ වුනත්, විද්‍යාවෙන් තාක්ශනය ගොඩ නැගෙනවා. තාකශයන කතිකාවක්වත්, මායාවක්වත් නොවෙයී. පෙන්සිලින් වලින් ජීවිත කෙල කොටියක් බේරෙන්නේ ඒ නිසායී.

    විද්‍යාවේ සිදුව්වෙන බොරු හාස්කම් මොනවාද?

    ReplyDelete
  6. There are no regulations or laws to indigenous "doctors" in SL.

    ReplyDelete
  7. වෛද්‍යවරයකු බවට පත් වීමට සියළු දෙනාටම නොහැකිය. ඒ සඳහා යම බුද්ධි මට්ටමක් අවශ්‍යය. එසේම වසර පහමාරක දුෂ්කර පුහුණුවක් හා වසරක සීමාවාසික කාලයක් අවශ්‍යය. එසේම රෝගීන් කෙරෙහි හොඳ ආකල්පයක් (attitude) හා රෝගීන් හා ඔවුන්ගේ ඥාතීන් සමග හොඳ සන්නිවේදනයක් (communication skills) පවතවා ගැනීමටද හැකි විය යුතුය.


    හැම වෛද්‍යවරයෙක්ම රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නීතිමය අවසරය ලබා ගන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියා පදිංචි වීමෙනි. එසේ ලියාපදිංචි නොවූවකු, වෛද්‍ය උපාධිධරයකු වුවත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම තහනම්ය. මෙයට අමතරව ලිය_පදිංචි හා සහකාර වෛද්‍ය වෘත්තිකයන්, හෙදියන්, රසායනාගාර නිලධාරීන් හා භෞතචිකිත්සකයන්ද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගත යුතුය. මෙයට අමතරව ආයුවේද හා හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාරද ක්‍රියාත්මක වේ. මෙකී වෛද්‍ය වෘත්තිකයන් ආයුර්වේද වෛද්‍ය සභාව හා හෝමියෝපති වෛද්‍ය සභාව වැනි වගකීම් සහිත සංවිධාන වල ලියාපදිංචිය ලබා ගත් අය වෙති. මෙලෙස වගකීම් සහිත ආයතනයක ලියාපදිංචිය ලබා ගන්නා නිසා මෙකී වෘත්තිකයන් අතින් සිදුවන වැරදි හා විෂමාචාර පිළිබඳව කටයුතු කරන ආයතන පවතී. එනිසා මෙකී වෘත්තිකයන්ගේ ක්‍රියාවන් නිබඳවම විමර්ෂණයට ලක්වේ


    හොර වෙදුන් ලෙස අප හඳුන්වන්නේ කවරෙක්ද? ඉහත වගකීම් දරන ආයතන කිසිවක ලියාපදිංචි නොවූ ඇතම් විට අවිධිමත් වෛද්‍ය අධ්‍යාපනයක් ලැබූ හෝ වෛද්‍ය අධ්‍යාපනයක් කොහෙත්ම නොලැබූ අයෙකි. ඔවුන් හොර වෙදකමට පෙළ‍ඹෙන්නේ පුද්ගලික වෛද්‍ය සේවය හොඳ ආදායමක් උපයා ගත හැකි ක්‍රමයක් බැවිනි. එබැවින් වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් රෝගී ප්‍රතිකාරයන්හි මොවුන් යෙදෙති.



    ශ්‍රී ලංකාවේ උපාධිධාරී වෛද්‍යවරුන් ඇත්තේ 32,000 පමණ සංඛ්‍යාවකි. ඉන් 5,000 - 8,000 අතර ප්‍රමාණයක් විශ්‍රාම ගොස් හෝ මිය ගොස් ඇත. තවත් 500 - 1,000 පමණ විදේශයන්ට සංක්‍රමණය වී ඇත. එබැවින් අද වන විට මෙරටේ සක්‍රිය සේවයේ යෙදෙන උපාධිධාරී වෛද්‍යවරුන් ඇත්තේ 20,000 - 25,000 වූ ප්‍රමාණයකි. ලියාපදිංචි හා සහකාර වෛද්‍යවරුන්ද 1,000 - 1,500 පමණ සේවයේ නිරත වෙති. රෝගීන් හට ඖෂධ නියම කිරීමේ, හා ප්‍රතිකාර ලබා දීමේ නීතිමය අයිතිය ඇත්තේ මේ වෘත්තිකයන් දෙකොටසට පමණි. හෙදි, භෞත චිකිත්සක හෝ රසායනාගාර නිලධාරී ආදී වෘත්තිකයන්ට රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී තිරණ ගැණීමේ අයිතියක් නැත. ඔවුන් සහායක වෘත්තිකයන් වෙති. උපාධිධාරී වෛද්‍යවරයකු හට තමන්ගේ හැකියාව අනුව ප්‍රතිකාර කළ හැකි යයි එකී වෛද්‍යවරයා විශ්වාස කරන ඕනෑම රෝගයකට ප්‍රතිකාර කළ හැකිය. විශේෂඥ මතය අවශ්‍ය විටෙකදී විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමද ඔහුට / ඇයට කළ හැකිය. නමුත් ලියාපදිංචි / සහකාර වෛද්‍යවරයකුට යෙදිය හැකි කටයුතු සීමා සහිත වෙයි. කවර ආකාරයේ හෝ ශල්‍යකර්මයක් කිරීමට ඔවුන්ට තහනම් වන අතර දින 3 කට වඩා ඖෂධ ගත යුතු වන රෝග හමු වුවහොත් උපාධිධාරී වෛද්‍යවරයකු වෙත යොමු කිරීමද කළ යුතුය.


    ශ්‍රී ලංකාවේ හොර වෙදුන් 40,000ක් ඇතැයි කිවහොත ඔබ පුදුම වනු ඇත. මින් බහුතරය වෛද්‍ය අධ්‍යාපනය කොහෙත්ම නොලැබූ අය වෙති. මේ හැර හෙද-හෙදියන්, භෞත චිකිත්සකයන් ආදී උපකාරක වෘත්තීවල නියැලෙන සුළු පිරිසක් ද වෛද්‍යවරුන් ලෙස පෙනීසිටිමින් පුද්ගලික සේවයේ යෙදෙති. හොර වෙදුන් ලෙස හැඳින්විය නොහැකි වුවද, ඇතැම් ආයුර්වේද හා හෝමියෝපති වෛද්‍යවරුන්ද බටහිර ඖෂධ නියම කරමින් බටහිර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිති. මොවුන්ගේ බටහිර වෛද්‍ය දැනුම අසම්පූර්ණ බව ඔබට පහසුවෙන්ම වැටහෙනු ඇතැයි සිතමි. පිරමීඩයේ ඉහළින්ම සිටින්නේ උපාධිධාරී වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් පුද්ගලික සේවයේ යෙදෙන ලියාපදිංචි වෛද්‍යවරුය. සමහර විට මියගිය හෝ රට හැර ගිය වෛද්‍යවරුන්ගේ ලියාපදිංචි අංක භාවිත කරමින් පෙනී සිටින පිරිසක් ද වෙති (නෑබඩ නගරයේ මෙවැන්නෙක් සිටී).


    හොර දොස්තර මාෆියාවේ ඇත්ත තත්වය ඉහත ආකාර වේ. ඔවුන් පසුපස දේශපාලන බළල් අත් ඇත. එනිසා පොලිසිය විසින් ඔවුන් අල්ලා ගන්නේද නැත. අල්ලා ගත්තත් දේශපාලන බලතල මත ඔවුන් නිදහස් කර හැරේ. නැත්නම් අධිකරණයට ඉදිරිපත් කල පසු සොච්චම් දඩයක් ගසා නිදහස් කරනු ලැබේ. මේ හොර වෙදුන්ට ලක්ෂ ගනනින් දඩ ගැසූ හෝ අවුරුදු කිහිපයක් සිරගත කළ අවස්ථා මේ වනතුරු මා අසා නැත. එනිසා නීතියෙන් පිළිසරණක් නැති බව නම් පැහැදිලිය. එනිසා පන්හිඳ සමග සිය පාඨක යන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාගේ සුදුසුකම් ගැන සැකයක් ඇති වුවහොත් ඒ පිළිබඳව විමසන ලෙසයි. ඒ සඳහා රෝගියාට සම්පූර්ණ අයිතිය ඇත. උපාධිධාරී වෛද්‍යවරුන් සෑම දෙනාම ලඟ වෛද්‍ය සභාව මගින් නිකුත් කරන හැඳුනුම්පතක් ඇත. එබැවින් එය ඉල්ලා සිටීමට ඔබට හැකිය. එමගින් ඔබට ප්‍රතිකාර කරන්නේ සැබෑ වෛද්‍යවරයෙක්ද යන්න ඔබට සැක හැර බලා ගත හැකි වේ.

    ReplyDelete
  8. මේ හැර මෙම හොර දොස්තර මාෆියාව පාලනයට පහත ක්‍රම සුදුසු යැයි යෝජනා කරයි.

    1. හොර වෙදකමේ යෙදීමේ වරද සඳහා අවම දඩය රු. 5,00,000 දක්වා වැඩිකිරීම හෝ වසර 3ක් හෝ ඊට වැඩි කලක් සිර ගත කිරීම
    2. හොර වෙදකමේ යෙදීම හේතුවෙන් රෝගී මරණයක් සිදු වුවහොත් එය මිනී මැරුමක් ලෙස විභාග කර දඬුවම් කිරීම
    3. පුද්ගලික සේවයේ යෙදෙන සියළුම වෘත්තීකයන් තම නම, සුදුසුකම් හා ලියාපදිංචි අංක පුවරුවක දැක්වීම. මෙහිදී වර්ණ කේතයක් යොදා ගැනීමද කල යුතුය. (උදා. උපාධිධාරී වෛද්‍ය - රතු පැහැය, සහකාර / ලියාපදිංච් වෛද්‍ය - කොළ පැහැය, ආයුර්වේද වෛද්‍ය - නිල් පැහැය, හෝමියෝපති වෛද්‍ය - කළු පැහැය )
    4. තම උපාධි / ඩිප්ලෝමාවන්හි සහතික පිටපතක් පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන ස්ථානයේ ප්‍රදර්ශනයට තැබීම.
    5. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ආයුවේද / හොමියෝපති සභාව ආදී ලියාපදිංචි ආයතන එකව මෙකී වෘත්තිකයන්ගේ විස්තර සතිත අන්තර්ජාල අඩවියක් පිහිටුවීම (පුද්ගලික දත්ත, ලිපින ඇතුලත් කළ යුතු නොවේ. නම, ඡායා රූපය සහ සුදුසුකම් පෙන්වීම පමණක් සෑහේ.

    ReplyDelete
  9. මේ සිරිධම්ම මාවතේම, නාලන්දයට නුදුරුව පැවති එක්තර ගොඩනැගිල්ලක මේ හොර දොස්තර මාෆියාව ක්‍රියාත්මක විය. මෙහි සිසු ව්‍යවහාරයෙන් කී පරිදි "ඇබෝ පොට්" එකක් හෙවත් නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් පැවතිනි. එහි පැමිණෙන කාන්තාවන් ගණන කොතරම්ද යන්න බලා ගැනීමට හැකි විය. මේ හැර මෙහි තවත් අරුම පුදුම ක්‍රියාවක්ද සිදු විය. එනම් හොර වෙදුන් පුහුණුවයි. කළුතර ප්‍රදේශයේ හොර වෙදෙකුගෙන් ලබා ගත් ලියමනක් සමගින් අප දෙදෙනෙක් එයට ඇතුළු වූයේ "හොර දොස්තර පුහුණුව" ලබන්නටය. 1999 වසරේදී සිදුවූ මේ සිද්ධිය මෙකී මාෆියාවේ තරම මනාව පැහැදිලි කර දුනි. මෙහි එක් එක් ප්‍රතිකාර ක්‍රම සඳහන් "මොඩියුල" ඇති අතර තමන්ට කැමති එකක් මුදල් ගෙවා ඉගෙන ගත හැකිය. ප්‍රතිජීවක භාවිතය පිළිබඳ මොඩියුලය සඳහා ගාස්තුව රු. 2,000 කි. කැස්සට බෙහෙත් දීම සඳහා රු. 500කි. ගබ්සාවන් පුහුණු කිරීම සඳහා රු. 35,000කි. මෙහි අයිතිකරු ගමන් යන්නේ බෙන්ස් රථයකිනි. අප එහි ගියේ එක් දිනක් පමණි. සමහර විට අප කවුද යන්න හෙළි වූවා නම් අප මැරුම් කෑමටද ඉඩ තිබිණි. එසේම දෙනෙතියේ පිහිටින් මෙතැනට සමහර පොලීසි වල පටි හා තරු දැමූ අය ද පැමිණෙන බව අප නිරීක්ෂණය කළෙමු.

    ReplyDelete
  10. නමුත් ලංකාවේ රජයේ රෝහලක යමක් උනාම මාධ්‍ය හැසිරෙන විදිය සම්පුර්ණයෙන්ම වෙනස්. කිසි හොයා බැලිල්ලක් නැතිව කෙලින්ම වරද පටවනවා. මගේ මතකයට මේ වගේ උදාහරණ කිහිපයක්ම එනවා. සමහරක් මේ මාධ්‍යවේදීන් ඒවා වාර්තා කරද්දී පෙන්නුම් කරපු නොදනුවත්කමනම් හිනා යනසුලුයි. ඔය වගේ පහර දීමට ලක් වෙන තැනක් තමයි සොයිසා මාතෘ රෝහල. වෙලාවකට හිතෙනවා මෙවුන් පෞද්කාලික රෝහල් වල කොන්ත්‍රාත්තුවක් කරනවද කියලා. දුප්පත් මිනිසුන්ගේ රෝහල ගැන අවිස්වාසය ඇති කල තරමට පෞද්කාලික රෝහල් වලටයි වාසි.
    මට වරක් මතකයි සොයිසා රෝහලේ මාතෘ මරණයක් සිදු වුන වෙලාවේ ජතික රුපවාහිනී මාධ්‍යවේදියා පාර මද ඉඩ ගෙන Prof. සිරිල් රන්දෙනිය කියන , කොලොබ වෛද්‍ය විද්‍යාලයේ සිසුන් දෙවියකුට වගේ සලකන වෛද්‍යවරයාගේ චරිත ගාතනය කල හැටි. ඔහුගේ සියලු කරුණු , ලංකාවේ හෝ ලොව කොහේ හෝ රෝහලක රාජකාරී බෙදා ගන්නා ආකාරය ගැන සුළු දැනීමක් මතවත් පදනම් වුනේ නැහැ. නමුත් තමන්ට මික් එක ලැබුන පලියට සිය දහස් ජීවිත බේරපු මිනිසෙක් විනාඩියක නෙව්ස් කෑල්ලකින් නැති කරා.

    ලංකාවේ ජනප්‍රිය මාධ්‍ය වාර්තාකරණ ආකාරය ගැන මට තියෙන්නේ පිළිකුලක්. සිද්දිය ගැන අඩුවෙන්ම දන්නා නමුත් ලං වෙන්න පුළුවන් තැනකින් පොඩ්ඩක් හොයාගෙන පත්තරේ දාන එක තමයි කරන්නේ. ඊට පස්සේ අනිත් පත්තරේ කෙනා චුට්ටක් වෙනස් කරලා ඒ කතවම ලියලා ගාන කපා ගන්නවා. ඇත්තටම හොඳ මාධ්‍ය වේදීන් නැතිව නෙමේ.

    ඒ වගේම ලංකාවේ මරණ පරීක්ෂකවරු කියල ඉන්නේ නුගත් , දේශපාලකයන්ට කත ඇදපු කට්ටියක්. මම හිතන්නේ බටහිර රටවල මෙන් මරණ පරීක්ෂක කම දැනුම සහ අධ්‍යාපනය මත ලබා දියයුතයි. මම ජීවත් වන්නේ කැනඩාවේ. මෙහෙ මරණ පරීක්ෂක කෙනෙක් වෙන්න වෛද්‍ය උපාදියකුත් , ඊට අමතවරව් මේ විෂයේ පශ්තාත් උපාධියකුත් තිබිය යුතුයි.
    මේ මරණ පරිකෂකලට O/L ගණිත ප්‍රශ්න පත්තරේ පාස් වෙන්න බැරිව කොහොමද මරණ අරිකෂකයෙක් වගේ වැඩ කරන්න තාර්කික අවබෝදයක්. මේ වගේ හොර වෙද්දු නිසා මැරෙන දහස් ගණන් මේ වගේ මරණ පරිකෂකයෙකුට කීයක් හරි උණ්ඩි කරලා ස්පේ කරගන්නවා.

    ReplyDelete
  11. @Ano
    November 18, 2010 5:15 AM

    ''..වෛද්‍යවරයකු බවට පත් වීමට සියළු දෙනාටම නොහැකිය. ඒ සඳහා යම බුද්ධි මට්ටමක් අවශ්‍යය...''

    ලාංකීය විශ්ව විද්‍යාලයන් සඳහා ඇතුලත් වීමට දැන් බුද්ධි පරීක්‍ෂණ තියෙනවද​? ඉස්සරනම් ගිරා විෂයයන් විතරනෙ බැලුවේ

    ReplyDelete
  12. This should be an eye opener for most people who go after quacks because of their lack of thinking and undertanding abilities.

    The other reason is that, SL not having a proper regulatory measures to prevent abuse of public by the quacks.

    What about so called councelling services, psychotherapists, personality developers, ayurvedics spa, ayurvedic foot treatment, body treatment and xx treatment centers???

    Why doesnt this country has laws to regulate them??

    One of my distant relatives, was given western drugs by an ayurvedic physician, which has caused him livar and kidny damage. When showed to a specialist in Colombo General Hospital, he told that the drugs he has given should not be given together! Further he has used Very high doses. It is illegal, but where is law?

    The other thing is not having regulations to control private hospitals, when the doctors charge is 2000 per 24 hours hospital stay and drugs cost is 4000,
    Other charges will add upto 40000/=, it is the hospitals which decide room charges, etc.. Some of the charges they mention in the bill are actually not paid for the respective staff, they keep it as their profit. (EG; resident medical officer charges and nursing charges) Why cant our ministries regulate thses??

    Is it because these quacks are politically backedup???

    ReplyDelete
  13. මේ ගැන කතාකරලා පලක් නැහැ.මගේ මිතුරෙක් MOH ලෙසින් හොර වෙදුන් කොටුකරන කොට පලාතේ ඔහුගේ ලොක්කා චක්‍රලේඛයකින්ම ඒ වැඩේ නතර කෙරෙව්වා.මගේ මිතුරා පිටරටකට ගියා.මේක වුනේ 2009 මාතර දිසාවේ.

    ReplyDelete
  14. Good article Parakum,

    As far as I know, most of the indigenous "doctors" are not properly registered. They dont have license.
    They give all western tablets and drugs, which is beyond their scope of practice.

    Yet our foolish people worship those weda mahattayas..

    One of my friends went to a ayurvedic physician, who asked to get a MRI scan of his brain ! whats the relevance of MRI scan for knee problem?? What is the right for him to order a MRI???

    Even though we dont know medicin we have common sense..

    The other pests are all those healers, priests, gurukam, counsollers, psychos, skin therapists, massage palours, oh my god the list is endless..


    Maithreepala where are you????

    ReplyDelete
  15. @kolu & Sanuwa
    kolu හරි. Sanuwa කියන්නෙ නලින් ද සිල්වා කියන විද්‍යා කතන්දර ගැනද? විද්‍යාව කියන්නෙම ආගමික අර්ථයකින් කියන පරම සත්‍ය නොවෙයිනෙ. (බිග් බෑං එක කියන්නෙ නිවන වගෙ එකක් නෙවෙයි) විද්‍යාව කියන්නෙ සත්‍යයට ලඟාවීමට දරන තාර්කික ප්‍රවේශය කියලයි මට හිතෙන්නෙ. එහි ප්‍රථිපලයක් ලෙසනෙ (භෞතික ) තාක්ශනය ගොඩ නැගෙන්නෙ.

    Sanuwa, විද්‍යාවේ මේ මොහොතේත් සිද්ධ වෙන බොරු හාස්කම් මොනවාද?

    - Dimithry

    ReplyDelete
  16. @ කොලූ & Last Ano,
    විද්‍යාව සහ බොරු හාස්කම් කියන දෙක එකිනෙකට ප්‍රතිපක්ෂව පිහිට වූ විට, එකක් සත්‍ය වෙලා අනෙක අසත්‍ය වෙනවා. විද්‍යාව කතිකාවක් වෙනවයි කිව්වෙ, මේ විදිහට ද්විත්ව ප්‍රතිපක්ෂ ලෙස කරන ලද ගොඩනැංවීමක් කියන එක. පර්යේෂණ කරලා බොහෝදැනුම සහ තාක්ෂණය නිර්මාණය කරලා තියෙනවා. ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නෑ.
    සරළව මෙහෙම හිතමු. නිව්ටෝනීය විශ්වයක් තුල, කාලය හා අවකාශය එකිනෙකට වෙනස් ප්‍රපංච ලෙස සැලකීම නිසා, එතැන් සිට විද්‍යාවේ කතන්දර ඊට අනුරූපව ගොඩ නැගුවා. නමුත් අයින්ස්ටයිනියානු විශ්වයකදී කාල-අවකාහ දෙබෙදුම ඉවත් කල පසු විද්‍යාවේ කතන්දරය ඊට අනුරූපව ගොඩ නැගුවා.
    කතිකාව කියන්නේ කතාබහ ලෝකය විතරක් නෙවෙයි. සමස්ත භාවිතයම කතිකාමයයි.
    (බොරු හාස්කම් ගැන කිව්ව එක පස්සෙ කියන්නම්.)

    ReplyDelete
  17. @Sanuwa

    පිගානේ ගැට්ට සොයමින් පිගාන වටයන පුද්ගලයෙකු වාගේ, විද්‍යාවේ අද්දර දෙස පමණක් බලමින් විද්‍යාව වටයන්න පුද්ගලයාට වෙන්නෙ ඕන්න ඕකයී. වෛද්‍ය විද්‍යාව වටහා ගැනීම සදහා විද්‍යාවේ අද්දරටම දුවන්න ඕනෑ නැහැ.

    ඔව්, හනමිටි අතහැර දමා අලුත් අදහස් පසු පස යෑමේ බොහොම නරක ගතියක් විද්‍යාවට තියෙනවා තමයී.
    විද්‍යාව සියල්ල දන්නේත් නෑ තමයී. විද්‍යාව දැනට සොයා ගත් දැනුමට වඩා වැඩි ප්‍රමාණයේ දැනුමක් යම් තැනක ඇත්ද? ඒ කොතනද? විද්‍යාවට වඩා හොදට දැනුම සොයා ගැනීමේ ක්‍රමයක් ඇද්ද? ඒ කුමක්ද? මේ මියගිය ලමයාට සුවකීරීමට විද්‍යාවෙන් සොයා ගත් තාක්ශණයට වඩා හොද තාක්ශණයක් ලෝකයේ ඇත්ද? ඒ කුමක්ද?

    නැත්තම්, ගැලරියේ වාඩි වී, නලුවන්ට හූ කියනා පුද්ගලයෙකු සේ, පුටුවක වාඩී වී අපි කවුරුත් දන්නා විද්‍යාවේ අඩුපාඩු කීමේන් පලක් ඇත්ද?

    ReplyDelete
  18. @ Anonymous November 18, 2010 9:52 AM :කට පාඩම් කොරල ෆිසික්ස් කොරපංකො පුතේ එහෙනං!

    ReplyDelete
  19. Its the fault of our people going after mentally sick people who claim themselves to be healers and "doctors". why cant our idiots check their credentials before they loose their money and lives?
    The thinking pattern has to be changed first, we should transform from mythical thinking to scientific thinking.


    On the other hand, government should introduce health insurance schemes, so that people will be able to cover up the hospital bills from insurance and get treated from good private hospitals.
    At the same time government should improve facilities of government hospitals, provide drugs, equipment. Just recruiting doctors or nurses wont do any good. Drug business and commissions like what Nimal Siripalas did should be stopped.

    MR and his team should stop entertaining the gallery, they should implement some long term development plans......

    ReplyDelete
  20. @kolu

    විද්‍යාවේ අඩු-පාඩු තියෙනව හෝ විද්‍යාව සර්ව සම්පූර්ණයි කියල නෙවෙයි කිව්වේ. උදාහරණයක ට මේ වෙන කොට විද්‍යාත්මක දැණුමේ උදව්වත් අර ගෙන ලෝකය ට අවශ්‍ය ප්‍රමාණය ට
    ආහාර නිපදවනවා.
    ඒත් ලෝක ජනගහනයෙන් 1/3ක් ඉන්නේ
    බඩගින්නේ.
    එයාල ට සළකන්නේ මිනිස් කසල විදිය ට.
    මොකද, මේ විද්‍යාව පවතින සමාජ ක්‍රමය ට පක්ෂපාතීයි. ඒකේ තේරුම, පක්ෂපාත වෙන්නේ මුළු සමාජයට ම කියන එක නෙවෙයි; කොටසක ට විතරයි.
    අපි තේරුම් ගන්න ඕන, මේ විද්‍යාව ආගම් වගේ ම මොන තරම් මූලධර්මවාදී ද කියලා. ඒක දේශීය විද්‍යාවන්ටත් අදාලයි.
    අපි කතා කළේ විද්‍යාවේ දෘෂ්ටිවාදය ගැන. නමුත්, සන්නිවේදනය හැම විට ම අපි ව අසමත් කරන එක යථා්ර්ථයක් කරන නිසා මේ අදහසත් සන්නිවේදනයේ දි අසාරථක විම අනිවාර්යයක්.
    ඒත්, kolu එක්ක සංවාදය අපි ට හුගක් වැදගත්.

    ReplyDelete
  21. @Sanuwa
    //එයාල ට සළකන්නේ මිනිස් කසල විදිය ට//
    විද්‍යාව කිසිවෙකුට කසල වාගේවත්, රජෙකු වාගේවත්, සලන්නේ නැහැ.

    විනය පිටකයෙන් හිසට ගසා මිනිහෙක් මැරුවෝතින්, එය විනය පිටකයේ වැරැද්ද වන්නේ නැති සේම, විද්‍යාව සහ විද්‍යාවේ ප්‍රතිපල (තාක්ශණය) යොදා ගැනීම ගැන විද්‍යාවට වගකීමක් නැහැ.

    ලෝකයේ බඩ ගින්න ගැන කතා කරනවානම්, ඉන්දියාව, පකිස්තානේ ඉදලා මැක්සිකෝව දක්වා, කෝටි ගනනාවගේ මිනිසුන්ගේ බඩගින්න නැතී කර තනි පුද්ගලයා ගැන දන්නවාද?

    යූරීයා සොයා ගැනීම නිසා ලෝකයේ ජනගහනය සිදුවූයේ කුමක්දැයී දන්නවාද?

    ලෝකයේ බඩගින්නා ඉන්නා පලාත්වල, කොතරම් විද්‍යාත්මක චින්තනයක් ඇත්ද? ඒ පුද්ගලයන් බඩගින්නේ ඉන්නේ විද්‍යාවේ වැරැද්ද නිසාද, විද්‍යාත්මක දැනුමක් නැති නිසාද?

    //මොකද, මේ විද්‍යාව පවතින සමාජ ක්‍රමය ට පක්ෂපාතීයි//
    විද්‍යාවේ යෙදන මිනිසුන්, තමාගේ සංස්කෘතියට යටත්ව සිතනවා විය හැක. නමුත් සංස්ක්කෘතිය නිසාම සත්‍ය වූ එකම විද්‍යාත්මක සත්‍යක් කිය හැකිනම්, මා මාගේ දකුන් කන කපා වම් පසටද, වම් කන කපා දකුනු පසටද සවි කරගනිමි.

    ReplyDelete
  22. කතාව ‍යන අත කොහොම වුනත් මෙතනදි යමක් නොකියම බැහැ.මේක මේ අදහස් දක්වන පුද්ගලයන්ගෙ පුද්ගලික දෝශයක් නොවෙයි.අධ්‍යාපන හා ශික්ෂණ ක්‍රමයේ වරද.බටහිර වෙදකම ලංකාවෙ ස්ථාපිත වෙලා සියවස් දෙකකට වැඩි නැති වුණත් අවුරුදු දහස් ගානකට ආපසු නොහැරෙන ගැතිකමක් ඇති වෙලා ඉවරයි.අන්තගාමී කමෙත් පරතෙරටම ගිහින් ඉවරයි.කැස්ස හෙම්බිරිස්සවකට කොත්තමල්ලි පත්පාඩගම් ටිකක් බොන්න හිත හදා ගන්න පුලුවන් කීදෙනෙක්ටද?
    හොර වෙදකම නැවතිය යුතුයි.අනිත් දේවල් වගේම ඒවටත් නීති සකස්විය යුතුයි.ඒ එක්කම උසස් "පොශ්"බව උදෙසා ඉතිරි කරගත් වටිනාකම් අතලොස්සත් රැකගන්න සහ එවායේ අගය වටහාගන්නත් ක්‍රමවේදයත් සකස් කර දිය යුතුමයි.කඩේ පිටිකිරි තිබුනණ පලියට,ලෙය කිරට හරවපු මව පයින් ගසා එලවීම දැහැමි පුතෙක්ට යුතු නැ නේද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා