ප්‍රවෘත්ති ය කියා අප බලන්නේ මොනවා ද? | what news are we reading?

(2010 ඔක්තෝබර් 10, W3Lanka) අද අපි ප්‍රවෘත්ති කියා කියන්නේ මොනවාට ද?


රාත්‍රී අටට රූපවාහිනී තිරයේ උඩින්, යටින්, වටෙන්, මේසය මත ඇති පරිගණකයේ හා තේ කෝප්පයේ පවා වෙළඳ දැන්වීම් ය. 


නිවේදිකාවන්ගේ රත් දෙතොල්, ළමැද සරාගී ය. 


ඔවුන් කියවන්නේ මොනවා ද? ජනාධිපති ළමයකු වඩා ගත්තේ ය. මවක් දරුවකු ගඟට විසි කළා ය. පාන් ගෙඩියක හූනු වලිගයක් තිබී ඇත. 


ඔවුන් තෝරා ගන්නා සිද්ධි මොනවා වුණත් පුවත් වේ. තෝරා නො ගන්නා යම් සිද්ධියක් වේ ද එය පුවතක් නො වේ. ඔවුන් ප්‍රවෘත්ති බවට පත් කරන්නේ මිනිසුන් අසන්නට කැමති හෙවත් මිනිසුන්ට පහසුවෙන් විකිණිය හැකි දේ සහ දේශපාලකයන්ට, ව්‍යාපාරිකයන්ට, නිලධාරීන්ට මිනිසුන්ගේ හිස් කුහර තුළට ඇතුළු කිරීමට අවශ්‍ය දේ ය. 


ගුරුවරුන් හිඟ, ලෝකයෙන් ඈත, ජීවිතය දුෂ්කර ගම් පෙදෙසක පාසලක ඉතිහාසයේ පළමු වතාවට සිසුවකු පහේ ශිෂ්‍යත්වය සමත් වී ඇත. එය පත්තරේ දා ගන්න බැරිදැයි විදුහල්පතිවරයකු අසයි. බැරි ය. එය පුවතක් නො වේ. 


ප්‍රවෘත්ති ජීවිතයට ඉතා වැදගත් ය. වරක් අපගේ හිතවත් ගුරුවරයෙක් බස්නාහිර පළාතේ අර්ද නාගරික පෙදෙසක සිංහල මධ්‍ය මහා විද්‍යාලයක උසස් පෙළ සිසුන්ගෙන් 'ලංකාවේ මුස්ලිම් ජනයා කතා කරන බස කුමක් ද?' යන පැනය ඇසුවේ ය. 


උත්තරය වැරදි වුණත්, අරාබි වැනි පිළිතුරක යම් සාධාරණත්වයක් සොයා ගත හැකි ය. එහෙත්, ප්‍රංශ, පෘතුගීසි හෝ ඉස්ලාම් වැනි පිළිතුරු ජීවිතය එපා කරවයි. මෙම පාසලේ උසස් පෙළ පංතිවල කිසිදු සිසුවෙක් පැනයට නිවැරදි පිළිතුර දැන සිටියේ නැත. 


පසුව ඔහු මෙම සිද්ධිය ගුරු විවේකාගාරයේදී කී කල කවුරුත් නිහඬව සිටිය හ. එක් ගුරුවරියක් පමණක් 'දෙමළ නේදැ' යි ඇසුවා ය. 


පළමු වරට සිසුවකු ශිෂ්‍යත්වය සමත් බව වාර්තා වූ ඉහත කී සිංහල ප්‍රාථමික පාසලේ ගුරුවරියක ලංකාවේ ජාතීන් පිළිබඳ තුන්වන ශ්‍රේණියේ සිසුන්ට පාඩමක් උගන්වනු ඔහු අසා සිටියේ ය. මෙම පාඩම ඉගැන්වුණේ ළමුන්ට විවිධ ජාතීන් අඳින ඇඳුම් අන්දවා, විවිධ ජාතීන්ගේ කෑම කවා ඉතා සිත් ගන්නා පරිදි ය. එහෙත්, ඇය ඉගැන්වූ පරිදි ලංකාවේ ජාතීන් වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් හා ඉංග්‍රීසි ය. ලංකාවේ ජාතික ප්‍රශ්නයක් නැතැයි අපි කියමු.  


ලංකාවේ මිනිසුන් කී දෙනෙකුට කිලිනොච්චිය සිතියමක දළ වශයෙන් පෙන්විය හැකිදැයි සොයා බැලීම රසවත් දෙයක් විය හැකි යයි පහත වීඩියෝව බලන කළ සිතිණී. 







Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. ප්‍රංශ, පෘතුගීසි ?????????????

    ReplyDelete
  2. ada news kiya penvanne thavath ek vela tele drama ekak vitharayi....

    ReplyDelete
  3. ado w3lanka author,

    umba hithanne umba w3lanka eke liyana ewa minissu balanawa kiyalada?

    hi hi hik

    ReplyDelete
  4. DO YOU REMEMBER WHAT HAPPENED TO EKNELIGODA

    @#$%^&*()!@#$%^&*()_!@#$%^&*()_@#$%^&*()_@#$%^&*(

    !!!!!!!!!!!!!!!!!!!

    WHITE VAN... BEEP BEEP PEEEK PEEEK

    DOOOOOOM!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා