දිනමිණේ අන්තර්ජාල දැනුම හා පොලිසියේ ඊමේල් | Tell IGP email service and the internet literacy of The Dinamina

(2010 ඔක්තෝබර් 14, W3Lankaමහජනයාට විද්‍යුත් තැපෑලෙන් පොලිස්පතිට පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ඊමේල් ලිපිනයක් වෙන් කර තිබේ. 'පොලිස්පතිට කියන්න' හෙවත් Tell IGP ලෙස නම් කර ඇති මෙම විද්‍යුත් තැපැල් ලිපිනය telligp@police.lk නම් වේ.


වෙබ් අඩවිය හා සම්බන්ධව ආරම්භ කර ඇති මෙය පොලිස් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇත්තේ online service centre හෙවත් ජාලගත සේවා මධ්‍යස්ථානයක් ලෙසයි. මෙය ආරම්භ කිරීම යනු වෙබ් අඩවියක් විවෘත කිරීමක් නො වේ. 


මෙම සේවාව වෙත මෙතනින් ප්‍රවේශ විය හැකි ය.


මෙම විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රවර්ධනය කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව එය උත්සවාකාරයෙන් දියත් කළේ ය. ඊමේල් ලිපිනයක් හැදීම පිළිබඳ උත්සවයක් පැවැත්වීම එසේ සාධාරණීකරණය කළ හැකි ය.


එහෙත්, මෙවැනි සේවාවක් භාවිතා කිරීමෙහි ලා ලංකාවේ ජනතාවට ඇති හැකියාවේ මට්ටම පෙන්වා දෙන කදිම නිදසුනක් වන්නේ ආණ්ඩුවේ දිනමිණ පුවත්පත මෙය වාර්තා කර ඇති විසුළු ස්වභාවයයි.


රජයට අයත් සිංහල ජාතික පුවත්පතේ පොලිස් පුවත් වාර්තාකරුගේ සිට ප්‍රධාන කර්තෘ දක්වා පිරිස අන්තර්ජාලය පිළිබඳ අන්දෝ සංසාරයක් නො දන්නා තත්වයක් තිබේ  නම් රටේ පොදු මහජනතාව ගැන කවර කතා ද?


ගරු ජනාධිපතිතුමනි, ඔබ ආසියාවේ ආශ්චර්යය ගැන සිහින නිර්මානය කරන්නේ මෙවැනි පරිගණක අසාක්ෂර මාධ්‍යකරුවන් පිරිසක් සමග බව දන්නෙහි ද? මොවුන්ට වහා ම අන්තර්ජාලය පිළිබඳ එක් දින පුහුණුවත් හෝ ලබා දෙන්න. 


මෙන්න දිනමිණේ පළ වූ වාර්තාව:


විද්‍යුත් තැපෑලෙන් පොලිස්පතිට ලියන්න


භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්
මහජනතාවගේ පැමිණිලි, අදහස්, යෝජනා සෘජුවම පොලිස්පතිවරයාට යොමු කිරීමේ අවස්ථාව ලබා දෙමින් telligp@police.lk පොලිස්පතිට කියන්න” නව විද්‍යුත් තැපැල් ලිපිනය පොලිස්පති මහින්ද බාලසූරිය මහතා විසින් ඊයේ (13) උදෑසන විවෘත කළේය. පොලිස් මූලස්ථානයේ දී විවෘත කළ මේ වෙබ් අඩවියට මෙරට හෝ පිටරට සිට තම පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.


සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම මේ සඳහා තම පැමිණිලි ඉදිරිපත් කිරීමට මහජනතාවට හැකියාව ඇති බවත් මත්ද්‍රව්‍ය සහ දූෂණ වංචා සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට මහජනතාවට මේ මඟින් හැකි වන බවත් පොලිස්පතිවරයා අවධාණය කළේය.


වෙබ් අඩවිය විවෘත කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ දී ඊයේ (13) චාම් උත්සවයක් පැවැත්විණි. මේ අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක්ද සහභාගි වූහ.


එහිදී පොලිස්පතිවරයා ජනමාධ්‍ය අමතා මෙසේ කීය.


අපි ‘119’ අංකය ජනතාවට ලබා දෙමින් ඔවුන්ගේ පැමිණිලි සෘජුව අපට ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දුන්නා. දැන් ඒ තත්ත්වය තවත් වෙනස්. අපට නිවෙසේ සිට, කාර්යාලයේ සිට, සෘජුව සම්බන්ධ වීමේ අවස්ථාව මේ වෙබ් අඩවිය මඟින් ලබා දිය හැකියි. වෙබ් අඩවිය සඳහා ලැබෙන පැමිණිලි අපි ඉතා ඉක්මනින් සොයා බලා එම පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයාට සති දෙකක් ඇතුළත පිළිතුරු ලිපියක් යැවීමට බලාපොරොත්තු වෙනවා.


පැමිණිලි ඉදිරිපත් කරන, තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය රැකීමට අපි බැඳී සිටිනවා. පැය විසිහතර පුරාම ක්‍රියාත්මක වන මේ වෙබ් අඩවිය සඳහා වෙනම අංශයක් පත් කර තිබෙනවා. ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාගේ යටතේ මේ ඒකකය ක්‍රියාත්මකයි. අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ හා සම්බන්ධ වෙන්න කියලා


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. dont criticize each and everything just because you hate someone.
    This is indeed a good move. Cheers to SL police.

    you bloody blogger, can criticize if this is not functioning.

    ReplyDelete
  2. whats wrong in this http://www.police.lk/index.html
    this is a website.
    it works. so what?
    Its a good move.

    ReplyDelete
  3. haha, WTF . Just click on send email button !!
    LOL 200 % ...

    ReplyDelete
  4. 119 is not working. Can't take a call in an emergency. No one to answer there, so what about this email service. And why on earth, it takes 2 weeks to reply an email .. Ignorant SL idiots could be happy for this. But nothing could happen for the sake of country.

    ReplyDelete
  5. w3lanka needs some education

    ReplyDelete
  6. It is true that for most of the government officers, computerisation means, using MS word to type letters or excel to do some calculations.
    It is not their fault, they lack education, training and insight to the technology.
    Goverment has failed to implement e-sri lanka properly.

    Despite all these things, it is good as citizens, to appreciate the slightest positive development rather than critisising them.

    I would point out that opening a webpage or allocating a separate email for the general public will worth 1000 times than writing a blog like w3lanka.

    At least more people will use that facility than the number who reads this blog.

    ReplyDelete
  7. http://www.aaupcc.org/mahinda/

    Check where they have hosted the page.

    http://www.aaupcc.org

    ReplyDelete
  8. මේක මම හිතන්නෙ පොලිස් පතිතුමා වෙබ් ඩිවෙලොප්මන්ට් ඉගෙන ගන්න ක‍රපු එකක් වගේ, මමත් පලවෙනියට contact form එකක් තමයි හැදුවෙ හදල හොස්ට් ක‍රේ ඉගෙන ගත්තු පන්තියේ සර්වර් එකක

    ReplyDelete
  9. මේ වගේම බල වැඩක් මීට කලිනුත් ක‍රල තිබුන මතකද ලංකාවෙ පුද්ගලයන් ලියාපදිංචි ක‍රන්න කියල ආරක්ශක අමාත්යංශයෙන් . එකත් හ‍රිම ප්රාථමික ළමයෙකුගෙ බැඩක් වගේ

    ReplyDelete
  10. go to http://www.police.lk/index.html
    then check View -> Source

    :D .....

    ReplyDelete
  11. මේක කොහොමත්ම වැඩ කරන්නේ නැහැ.

    මොකද form tag එකේ action එකක් දමලා නැහැ.

    මෙහෙමයි තියෙන්නේ...
    form method="post" ENCTYPE="multipart/form-data" name="form1"

    Submit බොත්තම එබුවාම javascript alert එකක් පෙන්වනවා විතරයි.
    මෙහෙම
    function popup(){
    alert("Thank you for your cooperation");
    }

    ReplyDelete
  12. http://www.police.lk/index.html ඔය තියෙන ෆෝම් එක නං අමු බොරුවක්. මේ උඩින් තියෙන කමෙන්ට් එකේ තියෙන විදියටම එහි Submit වීමට action එකක් නෑ. අපි මොකක් ලියලා Send Email බොත්තම එබුවත්, මොකක්වත් නොලියා එබුවත්, "Thank you for your cooperation" කියලා පණිවුඩයක් පෙන්නනවා විතරයි.
    මේකෙන් රවට්ටන්න හදන්නෙ කාවද කියලා නං හිතාගන්න අමාරුයි.

    අඩුගණනේ telligp@police.lk ඊමේල් ලිපිනයට යවන ඊමේල් වත් කියවලා බලලා පියවරක් ගනීවි කියලා බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  13. Essentially all Sri Lankans will be treated like garbage by this gang. Just a 50 cent toffee could be shown to keep them entertained. I mean they have even put up a grand opening ceremony for this bull shit. An utter insult to human intelligence.

    ReplyDelete
  14. මෙකට එහෙම කියන්න එපා . ප‍්‍රවෘත්තියක් කියවන හැමෝටම අන්තර්ජාලය පිළිබද දැනුමක් උඹට අපට තරම් නෑ. ඒක නිසා මේ ප‍්‍රවෘත්තිය ඒ සෑම සියළු දෙනාටම තේරෙන්න තමයි ලියලා තියෙන්නේ. මේකට එහෙම බනින්න එපා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා