ගාලු කොටුවේ ආදරය තහනම් | Love banned in Galle Fort

(2010 ඔක්තෝබර් 10, W3Lanka) පහත පළ වන්නේ ඊයේ Sunday Times වෙබ් අඩවියේ Out of bounds for love birds මැයෙන් පළ වූ පුවතකි.


The Police this morning rounded up 30 couples inside the Galle Fort and hand over them to nearest Army Camp. Later they were warned and released.


In future, the Galle Fort is out of bound for couples.


This raid was conducted on request of the Galle Heritage Foundation.


යටින් ඉරි ඇඳ ඇති පදයේ ව්‍යාකරණ දෝෂය නො තකා හැර රතු පැහැයෙන් දක්වා ඇති කොටස් සැලකිල්ලට ගන්න.


මෙහි couples යයි කියන්නට ඇත්තේ අවිවාහක ආදරවන්තයන්ට වන්නට ඇත. ආදරවන්තයන් පෙම් කරන්නට ගාලු කොටුවට යාම විජයානන්ද දහනායකටත් කලින් කාලේ පටන් තිබුණු දෙයකි. ඒ නිසා එය ද ගාලු කොටුවේ උරුමයක් හෙවත් heritage එකකි. 


අනෙක ආදරය කිරීම එය හොඳ නැතැයි කියන උම්මත්තකයන් අතළොස්සකගේ හැර සියලු මිනිසුන්ගේ උරුමයකි. එසේ ම ලිංගික සංසර්ගය ඉතා හොඳ දෙයකි. ජීවිතයේ සතුට හා පැවැත්මේ පදනම ඇත්තේ එහි ය. කිසියම් කෙනෙක් ගාලු කොටු බැම්මේ ප්‍රසිද්ධියේ සංසර්ගයේ යෙදේ නම් එය පිළිගත් සදාරචාරයන්ට අනුව ප්‍රශ්නයකි. පූර්ව ලිංගික ක්‍රියාවල යෙදේ නම් ඒ කුමන මට්ටමට ද යන්න විමසා බැලිය යුතු ය. මන්ද බලන එක පවා පූර්ව ලිංගික ක්‍රියාවක් ලෙස සැලකිය හැකි බැවිනි. 


පුවතේ කියන පරිදි ඉදිරියේදී ගාලු කොටුව ජෝඩුවලට තහනම් ය. බැඳපු ජෝඩුවලටත් තහනම් ද දන්නේ නැත. 


ආදරය කිරීම තහනම් කරන්නට යොදා ගන්නේ අනාචාරය පිළිබඳ නීති ය. මෙම පුද්ගලයන් ඉහළ පෙළේ ධනවතුන් සේ හෝටල් කාමරවල හා නයිට් ක්ලබ් ආදියේ රති කෙළියේ නො යෙදෙන්නේ වෙන කිසිදු හේතුවක් නිසා‍ නොව මුදල් නැතිකම හා අඩු මිළට කාමර සපයන තැන්වල තිබෙන අනාරක්ෂිත තත්වය නිසා ය. අඩු මිළට ආදරය හා කාමය සඳහා පහසුකම් සලසන ස්ථානවලට හිටි හැටියේ පැන ජෝඩු අල්ලාගෙන පොලිසි ගෙන ගොස් අඩන්තේට්ටම් කිරීම වෙනුවට එම ස්ථානවල තත්වය ඉහළ නංවන්නේ නම් ගාලු කොටුවේ ඔය කියන 'උරුමය' රැක ගත හැකි වනු ඇත. 


ලංකාව යන්නේ අපූරු පාරක ය.  හරියට ඉරානය වැනි ය. ඉරානයේ මේ වන විට ගැහැනියක තම සැමියා හැර වෙනත් පිරිමියකු සමග මහ පාරේ කතා කිරීම අපචාරයක් ලෙස සැලකේ. 


එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිය අවස්ථාවේ අපේ රටේ ජනාධිපති ඉරානයේ ජනාධිපති හමු වී ඡායාරූප ප්‍රසිද්ධ කළේ ය. මේ ජනාධිපතිවරු දෙදෙනාට ම එක්සත් ජාතීන්ගේ සමුළුව අතරතුර වැදගත් රටවල රාජ්‍ය නායකයන් හමු වන්න එතරම් අවස්ථා ලැබෙන්නේ නැත. 


මෙම පුවතේ හොඳ ම කෑල්ල කොයි එකදැයි සිතා ගැනීම අමාරු ය. එහෙත් මේ කෑල්ලත් හරි ෂෝක් ය. අත්අඩංගුවට ගන්නේ පොලිසියයි. අවවාද දෙන්නේ හමුදාවයි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. කො‍ටුවෙ විතරද බැරි? කො‍ටුවෙන් පිටත පුලුවන්නේ ?

    ReplyDelete
  2. Very good idea.We are heading to Sinhala Buddist Taliban country. Soon I hope even married young couples must carry their marriage certificates with them always to prove their marital status.
    Asiyawe ascharyaya

    ReplyDelete
  3. hand over them to nearest Army Camp...88/89 යුගය පටන් ගන්න වගේ

    ReplyDelete
  4. අනේ ඇනෝ ! ඔයා ගාලු ගිහිල්ලා නැද්ද? කො‍ටුවෙන් පිටත කියන්නේ මූදෙද? අපොයි ඔව් පුළුවන් කාගෙන්වත් කිසීම තහනමක් නෑ....හැබැයි යන ගමන් ජයරත්න එකට පෙට්ටි දෙකකට ඔඩර් එකක් දීගෙන යන්න. ගිහිල්ල ඇති තරම් ආදරය කරන්න හොඳේ.......

    ReplyDelete
  5. හෙට අනිද්ද වෙනකොට ගෑනුන්ගෙයි මිනිස්සුන්ගෙයි අරකත් වහන්න නීති ගෙනේවිද දන්නෙ නැහැ.

    ReplyDelete
  6. ‍මෙවැනි නීති ගේන එවුන් මානසික රෝගීන් නිසා මුං සේරටම දැමීම සදහා වෙනමම මානසික රෝහලක් තැනවිය යුතුයි.ඒ වගේම විශ්විද්‍යල කෙල්ලන්ගෙ කන්‍යා භාවය පිරික්සන ආචාරියත් මේකටම දාන්න ඕන.

    ReplyDelete
  7. mona wikarayakda ? wikaramayi wenne me rate

    ReplyDelete
  8. අනේ මම ඕකෙ ගත්තු ආතල්.දැන් එවුන් ගැන මට දුකයි.වෙන ආරක්ෂිත පොට් එකක් හොයා ගනිල්ලා.ඔයිට වැඩිය හොඳ තැනක් හම්බ වෙන්න පුලුවන්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා