සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුට ම මනෝ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රටක ජීවත් වීම | Living among a people every fifth man needs mental therapy

(2010 ඔක්තෝබර් 11, W3Lankaසමීක්ෂණ වාර්තාවලින් හෙළි වී ඇති පරිදි මෙරට ජනගහනයෙන් ලක්ෂ 40 ක් පමණ දෙනා කුමන හෝ මානසික රෝගයකින් පෙළෙන බව ද, එම පිරිසෙනුත් ලක්ෂ 4 කට ආසන්න පිරිසක් අධි මානසික රෝගවලින් පෙළෙන බව ද,ලක්ෂ 40 ක් පමණ වූ මානසික රෝගීන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සිදුකරන්නේ සියයට 40 ක් පමණ දෙනා බව ද, ඉතිරි සියයට 60 දෙනා ම ප්‍රතිකාර නොගනිමින් සිටීම බරපතළ ගැටලුවක් බව ද ඇතැම් පුද්ගලයන් මානසික රෝගයක් සෑදීම රහසක් ලෙස තබාගෙන සිටීමත්, නොදැනුවත්භාවයත්, සමාජයේ අගෞරවයට ලක් වේය යන හේතුන් නිසාත් ඇතැම් අය මේ රෝගයට ප්‍රතිකාර ගැනීමට මැලි වන්නේ යැයි ද ලෝක මානසික සෞඛ්‍ය දිනය නිමිති කර ගනිමින් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මඟින් පැවැත් වූ චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනයට සහභාගි වෙමින් කොළඹ ජාතික කලාභවනේදී සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (10 දා) ප්‍රකාශ කෙළේය.


මේ කතාවට ඌන පූරණයක් කළ යුතු ය. ලංකාවේ සමාජය මානසික රෝග පිළිබඳව දන්නේ ඉතා අඩුවෙනි. පාරේ යන පිස්සු ගැහැනියක අවුස්සා ඇයට ගල් ගසන දර්ශන නාගරික ත්‍රිරෝද රථ ගාල් ආදිය ආසන්නයේ සුලබ ය. ඒ එක පැත්තකි. එහෙත්, අනෙක් පැත්තෙන් ලංකාවේ සමාජය මානසික රෝගීන් වන්දනා කරන එකකි. 


සමාජයේ ගරු බුහුමනට ලක් වන මේ මානසික රෝගීහු අතර අනාගතය කියන ජ්‍යොතිෂඥයෝ, පිළිකා ආදිය සුව කරන බව කියන වෙද්දු, හාස්කම් පෙන්වන ආගමික නායකයෝ, සොරු හා වංචාකාරයෝ, ලෝකෙන් ම පළමු හා ලොකු ම වැනි ලොකු ටෝක් දෙන්නෝ, ජාතිවාදය හා ආගම්වාදය පතුරුවන්නෝ හා ඇතැම් විප්ලවකාරයෝ ද වෙති. 


දේව වරම්, අද්භූත බලයන්, අසාමාන්‍ය ශක්තීන් හා ඉතිහාසය විසින් පවරන ලද වගකීම් වැනි දේ මත පදනම්ව සමාජයට අවැඩදායක කටයුතුවල යෙදී සිටින මෙම පුද්ගලයන්ට ප්‍රතිකාර කළ යුතුව ඇතත්, සමාජයේ නුගත්කම හේතුවෙන් ඔවුන් රෝගීන් වෙනුවට වෙදුන් බවට පත් වී ඇත. ලංකාවේ සමාජය ම රෝගී වීමට මෙම තත්වය හේතු වී තිබේ. 


මෙම තත්වයට ප්‍රතිකාර කිරීම පහසු නැත. පළමුකොට බුද්ධිමත් සමාජය මෙම තත්වය තේරුම් ගත යුතු ව තිබේ. විසඳුම් කල්පනා කළ යුතුව ඇත්තේ ඊළඟට ය. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. පහෙන් එකක් නෙවෙයි හතරෙන් එකක් නෙවෙයිද....දිනමිණ කියන්නේ නම් එහෙමයි....
    http://www.dinamina.lk/epaper/art.asp?id=2010/10/09/Pg04_2&pt=p&h=

    ReplyDelete
  2. යමෙකු කිසියම් මානසික ගැටළුවකින් පෙළෙනවා නම් ඕනෑම දුරකතනයකින් 1333 ඇමතීමෙන් ක්ෂණික විසදුම් සැපයීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට අංගොඩ ජාතික මානසික විද්යායතනය පියවර ගෙන තිබුනා මීට අවුරුදු 2කට විතර කලින්.... ඒක තාම තියනවද දන්නේ නෑ...
    http://oi56.tinypic.com/n4jrrm.jpg

    ReplyDelete
  3. ඔක්කොටම පිස්සු. ඔය සමීක්ෂණ කරන අයත් පිස්සුවෙන් එහෙම කරන්නෙ.

    ReplyDelete
  4. 1333 අංකේ තාම වැඩ. අපේ එකෙක් දවසක් ඒකට එයාට ප්‍රශ්නයක් වෙලා කතා කරලා තිබ්බා ප්‍රශ්නේ වැඩි කරලා තිබ්බේ ඒකේ හිටපු කට්ටිය :)

    ReplyDelete
  5. http://w3lanka.blogspot.com ලියන එකාටම මානසික රෝග 100ක් විතර තියෙනව ඉතින් 1/5 බොරුතමා....

    ReplyDelete
  6. ලංකාවේ නො:1 ට ප්‍රොබ්ලම් නම් අනිත් එවුන් ගැන කවර කථාද ලොක්කා.

    ReplyDelete
  7. Dear writer,

    Please write a good article about quality assessment and standards of private hospitals in SL.

    As I know most of the private hospitals are run by businessmen, blessed by polititians. They never think about patients.

    They charge un reasonable amounts. Doctors and medical staff pay is minimal, (a specialist charges 1000-2000 per day, per patient) but they put high charges which they keep as their profit.

    For example room charges are around 7000 - 10000 per day. They put medical officer charges, about 3500 per day. Which they dont pay to their resident doctors. They keep that as profit.

    They put another 2000 as nursing charges, which they dont pay for nurses. Thats also their profit. This is a GASA KEMA of innocent people's money.

    They sell drugs at very high price, no regulation.

    They charge twice for investigations.
    They run with minimal staff, to make more profit, thus service is low, staff is over worked.

    Please look into this, find facts and figures and write a good article.

    Thank you..

    ReplyDelete
  8. this minister is going here and telling these, but doesnt seem doing anything to correct that!!!!!!!!!!!!!

    ReplyDelete
  9. මානසික රෝග හෝ මානසික ආබාධිතයන් පිළිබදව කරන සංවාද විහිළු වැඩ සටහන් වගේ පෙනීම කණගාටුදායකය. ඇත්ත වශයෙන්ම අදහස් ඉදිරිපත් කරන අය පටු අදහස් හෝ මතවාද තුල සිර නොවී ඇත්ත තත්ත්වය පිළිබදව සොයා බලා අදහස් ඉදිරිපත් කරනවා නම් හොදයි. පවතින ආර්ථික ක්‍රමය යටතේ මානසික රෝග බහුල වීම පුදුමයට කරුණක් නොවෙයි. ඒ කියන්නේ බඩ පුරවා ගන්නට නොහැකිව මානසික රෝග ඇතිවීම නොවෙයි. අද තියෙන්නේ පුදුම විදියට ආත්මාර්ථකාමී මානසිකත්වයක් සහ තරගකාරී මානසිකත්වයක් ඇති සමාජයක්. මෙවැනි සමාජයක ඉහතින් සදහන් කල සංඛ්‍යාවන්ට වඩා මානසික රෝගීන් බහුලවිය හැකියි. මානසික රෝග වලට පිස්සු යන වචනය භාවිතයෙන් ඉවත්වෙලා දැනට අවුරුදු හැත්තෑවක් පමණ වෙනවා. ඒ කියන්නේ 1940 අංක 3 දරණ පනතේ 8 වන වගන්තියෙන් උමතු රෝහල මානසික රෝහල බවට පත්වුනා. ඒත් පණ්ඩිතයන් කියා සිතාගෙන ලියන හරි හපන් දැනුමක් නැති අය තවමත් පිස්සු යන වචනය භාවිතා කිරීම කණගාටුදායකයි. ඇමරිකාව වගේ රටවල් වල පහේ පන්තියේදීත් මානසික රෝග ගැන උගන්වනවා. ඒත් අපේ රටේ උසස් පෙළට වත් මානසික රෝග පිළිබදව දැනුමක් නැහැ. කාට කියන්නද කාට බනින්නද මන්දා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා