මේ ‍සරත් ෆොන්සේකාගේ ලිට්මස් පරීක්ෂාවයි | Litmus test of Sarath Fonseka's personality

(2010 එක්තෝබර් 01, W3Lankaජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අනුමත කරන ලද යුද්ධාධිකරණ තීන්දුවක් ඔස්සේ වසර දෙකහමාරකට බරපතල වැඩ ඇතිව සිරගෙට නියම කරන ලද හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගෙන් අවශ්‍යව තිබෙන්නේ කුමක් ද යන්න පිළිබඳ ඉඟියක් අද දිනමිණ පුවත්පත සපයා තිබේ.


එය පවසන්නේ ආණ්ඩු ගැති විශ්ව විද්‍යාල ආචාර්යවරයකු වන කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රතිභා මහනාමහේවාගේ කටෙනි. මොහු තෝරා ගැනීම සුවිශේෂ ය. 2010 ජනාධිපතිවරණයට පෙර මොහු කොළඹ විශ්ව විද්‍යාලයේදී පවත්වන ලද විද්වත් කතිකාවකදී විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකාට පක්ෂව කරුණු දැක්වූ බව රාමචන්ද්‍රගේ අඩවිය පවසයි.


එහි සඳහන් වන අන්දමට එදා "විධායක ජනාධිපතිධූරයේ භයානක බව එහිදී එතුමා විසින් පතුරු ගසන්නට යෙදුනි.දහහත්වන සංශෝධනයේ වැදගත්කම පිලිබද අතිශය දැඩි අවධාරනය කිරිමක් ඔහු විසින් නැවත නැවතත් එහිදී සිදු කරන ලදී."


ආණ්ඩුව රෙදි අපුල්ලන්නට යොදා ගන්නේ ජංගියේ කක්කා කර ගත් ළමයින් බව පසුගිය කාලය පුරා ම දක්නට ලැබිණි. මේ අය රෙදි අපුල්ලන්නේ ඇරියස් අල්ලන්නට ය. ගලේ ගහන්නේ රෙද්ද ඉරෙන තරම් හයියෙනි.


යුද අධිකරණයකින් ලබාදුන් තීන්දුවක් මෙරට හෝ ජාත්‍යන්තර හෝ අධිකරණයක් හරහා අභියෝගයට ලක්කළ නොහැකි බව ද, සේනාධිනායකයා ලෙසත්, යුද්ධාධිකරණයක අවසන් තීන්දු ගන්නා ලෙසත්, එම බලතල ජනාධිපතිවරයාට පැවරී තිබෙන බව ද, කලාපීය හෝ එක්සත් ජාතීන්ගේ අධිකරණයකින් වුව ද යුධාධිකරණයකින් ලබාදුන් තීන්දුවට අභියෝග කළ නොහැකි බව  ද ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා දිනමිණට පවසයි.


එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ලේකම් විජිත හේරත් පවසන පරිදි සිරදඬුවමක්‌ නියම කළ විට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන බව හමුදා නීතියේ සඳහන් කර නැති අතර යුද හමුදා පනතේ 79 වගන්තියට අනුව තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ අයිතිය තිබේ.


එක්සත් ජාතික පක්ෂයේ ලේකම් තිස්ස අත්තනායක පවසන්නේ යුද අධිකරණය මගින් එවැනි තීන්දුවක්‌ ලබා දී ඇත්තේ ෆොන්සේකා කිසිම වරදකට වංචාවකට, දූෂණ ක්‍රියාවකට සම්බන්ධ බවට ඔප්පු කිරීමට හැකි සාක්‍ෂි නොමැතිව බවයි. පිළිගත හැකි වරදක්‌ සිදු නොකළ පුද්ගලයකුට මෙලෙස සිරදඬුවමක්‌ නියම කිරීම මුළු මහත් සමාජයම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව අත්තනායක වැඩිදුරටත් පවසයි.


පළමු යුද්ධාධිකරණයෙන් තරමක් මෘදු තීන්දුවක් ලබා දී පාලකයින් ෆොන්සේකාට දුන් සංඥාව වන්නේ 'යටත් වනු! සමාව ගනු!' යන්නයි. දෙවනුව වඩා බරතල තීන්දුවක් දෙන්නේ ඉඟිය නො තේරුණ ෆොන්සේකාට කෙළ මෝලෙන් අනින්න වාගේ ය. එය නො තේරුණොත් තුන්වනුව මීටත් වඩා ඇඟට දැනෙන දඬුවමක් වෙනත් මාර්ගයකින් ලැබෙනු ඇත.


පවතින සංදර්භය තුළ ෆොන්සේකාට සහන සලසන්නට ගොස් අසහනයට පත් වන්නට සූදානම් කිසිවකු මේ රටෙන් සොයා ගැනීමට බැරි හෙයින් ෆොන්සේකා කුමන අධිකරණයට ගියත් ඔහුට සහනයක් ලැබෙන්නේ නැත.


ඔහුට ඇත්තේ විසඳුම් දෙකකි. දණින් වැටී සිරෙන් නිදහස් ව දේශපාලනිකව මිය යනවා ද, කිසියම් දිනෙක මේ රටේ ගුණමකු ජනතාව තමන් වෙනුවෙන් නැඟී සිටිනු ඇතැයි ප්‍රාර්ථනා කරමින් දෙපයින් නැඟී සිට මළත් කමක් නැතැයි කියා සිරගෙට යනවා ද යන්නයි.


මේ ෆොන්සේකා පිළිබඳ ලිට්මස් පරීක්ෂාවයි. මෙතෙක් රැක ගත් පෞරුෂය හෙටත් රැක ගන්නට සමත් වුණොත්, සිර ගෙයි මළත්, සරත් ෆොන්සේකා මහතා ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් නිදහස වෙනුවෙන් වූ මිනිස් අරගලයේ වීරෝදාර සංකේතයක් ලෙස ඉතිහාසගත වීම හා ඔහුගෙන් නින්දිත අන්දමින් පළි ගත් අය ඉතිහාසයේ කුණු බක්කියට වැටීම මොන සක්කරයාටවත් වැළැක්විය නො හැකි වනු ඇත.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. Kadima lipiyaki.Satya meyai. Denatamat 'Island" puwatpatata anuwa 'Gota' me ingiya dee eta.Ohu pawasa ette deshapalana ho wenat balapem walata yatat nowana bawat Janadhipatita SF wisin abhiyachanayak idiripatkaloth e gena salak heki bawatya. Paniwidaya pehediliya 'Yatat wenu nethinam windawanu.Apa therum gata yuthe me paniwidaya SF ta pamanak nowa siyalu lankika janatawatai.Me Ekadhipathi hewanellai.

    ReplyDelete
  2. ප්‍රතිභා වැල යන අතට මැස්ස ගහන කෙනෙක්. එයා ආණ්ඩුක්‍රම ව්‍යවස්තවා ගැන දන්න කෙන්ගෙඩියක් නෑ. අඩුම ගානෙ නීති පීඨයෙ එයා උගන්නනෙත් ගිවිසුම් නීතිය වගේ වෙන වෙන විශයන්. ඩොක්ටරේට් එක තියෙන්නෙත් වෙන විශයකට. මේ වගේ ප්‍රශ්නෙකදි විද්වත් අදහසක් ගන්න ඕන්නම් අහන්න ඕන තරම් ඒ විශය ගැන ප්‍රාමණික දැනුමක් ඇති බුද්ධිමත්තු නීතිපීඨයේ ඉන්නවා. රොහාන් එදිරිසින්හ, සෙල්වකුමාරන් වගේ අය. එයාලගෙනුයි අහන්න ඕනේ. නැත්තන් මේ ආන්ඩුක්‍රම ව්‍යවස්තා ගැන එකම එක ආර්ටිකල් එකක් පබ්ලිශ් කරල නැති ප්‍රතිභාගෙන් නෙවෙයි. එයාලගෙන් අහන්නෙ නැතිව ජනමධ්‍ය ප්‍රතිභගෙන් ම වොයිස් කට් ගන්නේ ජනමධ්‍ය වල තියෙන කුහක කමට.

    -නීති සිසුවෙක්

    ReplyDelete
  3. "මෙතෙක් රැක ගත් පෞරුෂය හෙටත් රැක ගන්නට සමත් වුණොත්, සිර ගෙයි මළත්, සරත් ෆොන්සේකා මහතා ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් නිදහස වෙනුවෙන් වූ මිනිස් අරගලයේ වීරෝදාර සංකේතයක් ලෙස ඉතිහාසගත වීම හා ඔහුගෙන් නින්දිත අන්දමින් පළි ගත් අය ඉතිහාසයේ කුණු බක්කියට වැටීම මොන සක්කරයාටවත් වැළැක්විය නො හැකි වනු ඇත........"

    මෙතෙක් ‍රැක ගත් පෞරුෂය කුමක්ද? තමුන් ගැන පමණක් සිතා, පුද්ගලයෙකු හා ඔහුගේ පවුල පිලිබන්ද වෛරී සහගත චේතනා වලින් මුලු රටක්ම එක්සත් ජාතීන්ගේ සංගමයට පාවාදීමට සූදානම් වීමේ පෞරුෂයද?.....

    "ෆොන්සේකා මහතා ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් නිදහස වෙනුවෙන් වූ මිනිස් අරගලයේ වීරෝදාර සංකේතයක් ලෙස ඉතිහාසගත වීම...."

    ෆොන්සේකා පෙනී සිටි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අරගලය කුමක්ද? මැතිවරණ දින රාත්‍රී Cinnamon Lake හිදී රටම මිනී කන්නන්ගේ දේශය බවට පත් කිරීමේ වැරදුනු කුරුමානමද? ඒ නිහීන චේතනාව වීරෝධාරද? ප්‍රජාතන්ත්‍රවාදය වැනසීමට ප්‍රජාතන්ත්‍රවාදී වෙස්මුහුනක් පැලදගෙන ඒම ඔබ අනුමත කරනවාද? කුමන අශා තිබුනත් තමුන්ගේ රට පාවාදීම. ජාතිය පාවා දීම ඔබ අනුමත කරනවාද?

    ReplyDelete
  4. කාලෙකට පස්සෙ කියවපු හොදම ආර්ටිකල් එකක්.. ඇත්තටම ෆොන්සේකා හමුදා‍පති වෙලා ඉන්නකොට වංගු ගැහුව කියමුකො.. ඉතින් යකෝ ෆොන්සේකා කියන්නෙ තිස් වසරක යුද්දෙ නිමා කල මිනිහෙක්නෙ. අර කරුණා අම්මාන්ල, කුමාරන් පද්මනාදන්ල, තොත්ත බබ්බු. උන් රට එක්සේසත් කරන්න, කුරිරු යුද්දය නිමා කරන්න අනුපමේය වූ
    වෙහෙසක් මහන්සියක් ගත්ත උන්.. මේක මහින්දගෙ අම්මගෙ නීතියද බොල... ලංකාවෙ වංගු ගහන මැති ඇමති වරුන්ට අධිකරණයෙන් දඩුවම් දුන්නොත් ඉතින් සුනාමි හොරාගෙ අම්ට හිටන් අවුරුදු 10ට වැඩි සිරදඩුම් තමයි දෙන්න තියෙන්නෙ...

    පර බල්ලනේ බලාපල්ලා... ලොකු කුණාටුවක් අතලග... තොපිට හිටපුතැන්වල සලකුණක්වත් නැතිවෙනවා වෙනවාම තමයි...

    ReplyDelete
  5. ලියන්ට බැරි කමකුත් නෑ. ඒත් ඉතින් IP Numbers කියල දේවලුත් තියෙනවනෙ. ලිව්වය කියල හිතාගන්ටකො.

    ReplyDelete
  6. බොරුවට සමාව ඉල්ලනව කියල රගපාල එලියට ඇවිත් ( එතකොට චෝදනා වලිනුත් නිදහස් කෙරෙනවා නේ ) නැවත ආන්ඩු විරෝධී දේශපාලනය පටන්ගත්ත නම් මොකද වෙන්නෙ?පියවරක් පසුපසට පියවර දෙකක් ඉදිරියට.

    ReplyDelete
  7. me wage harakek ekka mona sanwadada.katu kana ekek

    ReplyDelete
  8. මේ තුන්වෙනි ඇනෝ කතා කරන්නේ තනිකරම එක්සත් ජාතීන්ගේ කාර්යාලය වැටළු පන්නයේ මානසිකත්වයක් ඇති කපටි දේශපාළුවන්ගේ අවස්ථාවාදී වචන.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාතීන් අතර සමඟිය, සියළු රටවල ආරක්ෂාව ජනතාවගේ ජීවන තත්වය සහ මානව හිමිකම් තහවුරු කිරීම සඳහා සියළුම ජාතීන්ගේ එකඟ තාවයෙන් පිහිටුවා ගත් ලොව පිළිගත් ප්‍රබළම සංවිධානයයි එය කිසිම රටකින් පෞද්ගලිකව පළිගැනීමට කිසිවිට කටයුතු නොකරයි.

    ගොඩක් අය දන්නේ නැති වුනාට 88 - 89 සමයේ දකුණේ ඇතිවූ කැරැල්ල එවකට තිබූ රජය මර්ධනය කළ ආකාරය ගැන සොයා බැලීමට ද එක්සත් ජාතීන් කමිටුවක් පත් කල අතර එයට ජිනීවා ගොස් ඡායරූපද සමඟ සාක්ෂි දුන්නේ අද මහා දේශප්‍රේමියෙකු ලෙස පෙනී සිටින මහින්ද රාජපක්ෂයි. අමතක කරන්න එපා උතුරේ කැරැල්ල
    ඇති වුනෙත් ජනතාව අතරින් ඒත් මේ රටේම මිනිසුන් අහසින් වැටුණු අය නොවේ.

    ඔබද ඇතුළුව අප රටේ අද බොහෝ අය අද පොතක් පත්තරයක් නොකියවා(රජයේ ඒවා නොවේ) කපටි දේශපාළුවන් කරන හැගීම් බර ආවේගශීලී අවස්ථාවාදී ප්‍රකාශ කිසිදු විචාර බුද්ධියකින් තොරව හිස් මුදුනින් පිළිගැනීම අද මේ රට අදුරු යුගයකට තල්ලු වී යාමට හේතු වී අති බව කණගාටුවෙන්වුවද කිව යුතුමය.

    ReplyDelete
  9. ඉතාමත් අගයි මගෙ හිත තුල දුවපු අදහස නියමෙටම ඔබ අකුරු කර තිබෙනවා. මෙ වගෙ දෙයක් අගය කරන්න හැංගෙන්න ඔනා නැහැ. අපිත් මෙ රටේ ටික දිනක් හො අවදියෙන් හිටපු මිනිස්සු. හොරකම් කරන අය කොපමන සොරකම් කරත් අපිට ප්‍රශ්නයක් නැහැ. රටට මෙ පමණ සේවයක් කරපු කෙනෙකුට මෙහෙම සලකනවා බලන් නිශ්ශබ්දව කට පියාගෙන සිටිනා එක නින්දාවක්. මුලු ජාතියමට නින්දාවක්.

    අපි බලාගෙන ඉමු. කුමක්ද සිදුවෙන්නෙ කියා. මෙ රටේ ආධ්‍යාත්මික පිරිහිම ගැනත් හොද අවබොදයක් ගන්න පුළුවන් සිද්දියක් මෙක. රටේ මිනිස්සුන්ට කොන්දක් තිබෙනවා නම් මෙතන තමයි ජනාධිපතිතුමා ඇදපු වැරදිම තුරුම්පුව.

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. ado mona kalath ponnasekaya hire. Hu! hu!

    ReplyDelete
  12. මිත්රයා මම මේ අදහසට එකග නැහැ.තොග ගනන් මිනි මරපු එවුන් එක්ක මොන ප්රාජාතන්ත්ර අරගලද? මට නම් මුන්ට එහා උන්... උන්ට එහා මුන්... ඉතින් අපි කුමක් කරමුද? මේ සිද්ධ වෙන්නේ කළ කම් පලදෙන කාලය. කුම්බලා මාලු කෑවනම් විදවන කාලය. කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ වගේ කාලය.. ඔය වගේ ආතතෝපදේශ අනම් මනම් ඕන පදන් තියෙනවා ලොක්කා....

    ReplyDelete
  13. කලවැද්දා භෂ්මයක් වෙලා ....පව් හිකනලා...පොල් ලෙලි තල තල ඇති...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා