ලබන වසරේ මහා යුද්ධයක්?

(2010 ඔක්තෝබර් 20, W3Lanka) ලබන අවුරුද්දේ මහා යුද්ධයක් ඇති වන බවට හෙට අනිද්දා ම ලංකාවේ ජ්‍යෝතිෂකාරයන්, පේනකාරයන් ආදීන් අනාවැකි කියන්නට පටන් ගත්තොත් පුදුම විය යුතු නැත.


හේතුව, 2011 වසර සඳහා රජය විසින් ඊයේ ඉදිරිපත් කරන ලද අයවැය ඇස්තමේන්තුව අනුව ආරක්ෂාව වෙනුවෙන් රු. බිලියන 215කට වඩා වෙන් කර තිබීමයි.


2010 වසරේ ආරක්ෂක වියදම රු. බිලියන 202කි.


මහා ම යුද්ධය පැවති 2009 වසර සඳහා ද ආරක්ෂාව වෙනුවෙන් වෙන් කෙරුණේ රු. බිලියන 177කි.


ආරක්ෂක වියදම් වැඩි වන අනුපාතයන්ගෙන් සෙසු වියදම් වැඩි වේ ද?


2010 වසරේ සෞඛ්‍ය වියදම රු. බිලියන 53ක් වූ අතර 2010 වසරේ එය රු. බිලියන 62කි.


2010 වසරේ සාමාන්‍ය අධ්‍යාපනයට වියදම රු. බිලියන 27කි. 2011දී එය රු. බිලියන 31කි.


යුද්ධය නිමා වීමෙන් පසුව පවා ලංකාවේ ආණ්ඩුව මෙතරම් මුදලක් ආරක්ෂාවට වෙන් කරන්නේ ඇයි? රට අනාරක්ෂිත නිසා ද? පාලකයන් අනාරක්ෂිත නිසා ද? 


ආරක්ෂාවට මෙතරම් මුදලක් වෙන් කළත් ගැහැනියකුට, දරුවකුට මේ රටේ ආරක්ෂාවක් තිබේ ද? 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. /*2010 වසරේ සෞඛ්‍ය වියදම රු. බිලියන 53ක් වූ අතර 2010 වසරේ එය රු. බිලියන 62කි. /*

    ReplyDelete
  2. /ආරක්ෂාවට මෙතරම් මුදලක් වෙන් කළත් ගැහැනියකුට, දරුවකුට මේ රටේ ආරක්ෂාවක් තිබේ ද?/

    සහතික ඇත්ත.

    ReplyDelete
  3. අපිටම ගහන්න තමයි ඔය සල්ලි වෙන්කරගන්නෙ.

    ReplyDelete
  4. එපා! ආරක්ෂාවට රුපියල් 2ක් 3ක් වියදම් කරලා උමබේ ‍මේ කෙහෙල්මල් බ්ලොග් එක ආරස්සා කරන්න බිලියන 215 දෙන්න කියල රජයට බල කරමු! නේද?

    ReplyDelete
  5. රුපියල් 2ක් තියලා ඇරගන්

    ReplyDelete
  6. gon kathawak, umbai mai danna defence

    ReplyDelete
  7. mind u LTTE Is not still over, so dont talk about the things u dont know, we value our security....

    we have to protect our country from Tamil terrorists

    ReplyDelete
  8. නොකඩවා හැම අවුරුද්දකම හම්බකර ගන්න ඒවා නවතන්න කියලද උඹ කියන්නේ?

    ReplyDelete
  9. ආන්දෝලනයට තුඩු දුන් මහින්ද හා ඔබාමා ජායාරුපය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ flicker ඡායාරූප එකතුවෙහි ඇතුලත් බව සොයාගන්නා ලදී......අදාළ පුවත වාර්තා කලාට සමාන ප්‍රසිද්ධියක් ලබා දෙමින් මෙය නිවැරදි කරන මෙන් මෙම පුවත වාර්තා කල අනෙක් අඩවි වලින්ද අප ඉල්ලා සිටිමු........

    ReplyDelete
  10. http://www.flickr.com/photos/statephotos/sets/72157625047558864

    ReplyDelete
  11. කෝ බං ඉතින් උඹ ඔය කියන ෆොටෝ එකේ හොහෙද මහින්ද නැහැනේ...හු...

    ReplyDelete
  12. හඳට ගිහාම පේන එකම දේ චීන මහා ප්‍රාකාරේ කියලා හම්බන්තොට වරාය හදන්න ආව චීන්නු මට කිව්වා. ඒ නිසා මම හිතාගන ඉන්නේ මේ රට වටේට මහා ප්‍රාකාරයක් බඳින්න මගේ චින්තනය අනුව. ඒකට ඇස්තමේන්තුවටත් මම මුදල් පාස් කරගත්තා. තොපිට ඒක තේරෙන්නේ නැද්ද බොලව් ???

    ReplyDelete
  13. @Anonymous මල්ලී..මේ නිකන් ගොන් ටෝක් දෙන්න එපා....ෆොන්සේකා වැරදි එකනෙමෙයි දාහක් කලත් සමාව ගන්නෙත් නෑ, පැරකුම් ඕක නිවැරිදි කරන්නෙත් නෑ.....(නෝන්ඩිය මකා ගන්නත් එක්ක කරයිද දන්නෙත් නෑ?)

    ReplyDelete
  14. මහත්තයෝ ඔබතුමා හරියට වැරදි පෙන්නලා දෙනවනේ... මෙන්න ඔබතුමාට හොයාගන්න බැරි වෙච්චි ෆෙටෝ එක
    දැන්වත් ගොං ටෝක් දුන්නට ප්‍රසිද්ධියේ සමාවගත්තොත් හොඳයි නේද

    මෙන්න ගැලරිය
    http://www.flickr.com/photos/statephotos/sets/72157625047558864

    මෙන්න ෆොටෝ එක
    http://www.flickr.com/photos/statephotos/5019672974/in/set-72157625047558864/

    ආ සමහර විට මේකත් රජයේ මෙහෙයුමක් වෙන්න ඇතිනේද?
    සමහර විට ඇමරිකාවේ ෆෝටෝ ස්ට්‍රීම් එක හැක් කොරන්න ඇති නේද?

    ReplyDelete
  15. @Anonymous
    මෙන්න ගැලරිය යයි ඔබ දුන් සබඳතාව අපට පෙනුණ හැටි:
    This is not the page you're looking for.

    මෙන්න ෆොටෝ එක යයි ඔබ දුන් සබඳතා පුරුක අපට පෙනුණ හැටි:
    This photo is private.

    අප අදාළ පෝස්ටයෙහි කීවේ අපට එම ඡායාරූපය සොයා ගන්නට උදව් කරන්නැයි කියා ය. තවමත් අපට එය දැක ගැනීමට බැරි විය.

    අප එය සෙවූයේ එය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ඇති බව The Island පුවත්පතට ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත් විසින් පවසනු ලැබ තිබුණු හෙයිනි.

    දැන් මේ රටේ ක්‍රමය අනුව එවැනි ඡායාරූපයක් සොයා ගන්නට උදව් ඉල්ලන එකත් සමාව ගත යුතු කාරණයක් ද?

    ReplyDelete
  16. http://www.flickr.com/photos/statephotos/3949313857/
    රත්නසිරි ලොක්ක තරමටවත් මහින්දව අමෙරිකාව ගනන් අරගෙන නෑ.

    ReplyDelete
  17. rathnasiri lokkage photo eka nam penawa niyameta. mokada Mahindage photo eka enne natteeeeeee...........?

    ReplyDelete
  18. " gon kathawak, umbai mai danna defence "

    ඉතින් ඔබතුමා දන්න defence අපිටත් දැනගන්න කිව්වනම්?


    "mind u LTTE Is not still over, so dont talk about the things u dont know, we value our security....

    we have to protect our country from Tamil terrorists"


    So why did our dear president went on stage and said that the terrorist threat is now over? Are you suggesting that he lied to to the public?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා