සරසවි සිසුන්ගේ ලුම්පන් අම්මලාගේ නාසි සංදර්ශන, ගොබෙල්ස් මීඩියා හා සරසවිය මුදා ගැනීමේ මෙහෙයුම

ලු(2010 ඔක්තෝබර් 28, W3Lanka) අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වය කෙරෙහි දැඩි විරෝධය පළ කරමින් සරසවි සිසුන්ගේ මවුපියන් ප්‍රමුඛ කැලණිය ප්‍රදේශවාසීහු කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ඊයේ (27) උද්ඝෝෂණයක නිරත වූ බව අද දිනමිණ වාර්තා කර තිබේ.


මේ මවුපියන් ප්‍රමුඛ කැලණිය ප්‍රදේශවාසීන්ගේ හැසිරීම දැක බලා ගන්නට අවශ්‍ය නම් ඩේලි මිරර් පුවත්පතේ මෙම වීඩියෝව බලන්න.


ඔවුන් අම්මලා, තාත්තලා වන්නට පුළුවන. එහෙත්, ඔවුන් කී දෙනෙකු සරසවි සිසුන්ගේ අම්මලා, තාත්තලා ද යන්න සොයා බැලිය යුතු ය. 'කාගෙ ද මේ බලවේගේ - මර්වින්ගේ බලවේගේ' යන සුපුරුදු සටන් පාඨය කටින් පිට වීම වළක්වා ගත නො හැකි මෙම බීමත් මැරවර පිරිස සරසවි සිසුවකුට අඩන්තේට්ටම් කරන ආකාරය අද පුවත්පත් රැසක පළ වූ ඡායාරූපවලින් පෙනේ.


මෙම උද්ඝෝෂණයේදී ගැහැනුන් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙන ආකාරය හා සරසවි සිසුවකුට අඩන්තේට්ටම් කරන ආකාරය දැක ගත හැකි ය. ඒ අතරින් එක් ගැහැනියක වන්නේ දිනමිණට අනුව 'එම අවස්ථාවට සහභාගි වූ බියගම කාන්තා සංවිධානයේ සාමාජිකා බිමල්කා පොත්තෙවෙලයි.'


දිනමිණ කියන අන්දමින් නම් 'ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිව සිටි අතර උද්ඝෝෂණයෙන් අනතුරුව ඔවුහු සාමකාමීව විසිර ගියහ.' සරසවි සිසුවකුට පහර දීමක් පිළිබඳව කිසිවක් එහි සඳහන් වන්නේ නැත.


දිවයින පුවත්පතේ මුල පිටුවේ ම මැරවරයන්ගෙන් බේරී දුවන සරසවි සිසුවාගේ ඡායාරූපයක් පළ කර ඇති අතර, 'උද්ඝෝෂකයින් අතරට පත්වූ සරසවි සිසුවා ජංගම දුරකථනයෙන් එම ස්‌ථානයේ සිට ඔත්තු සැපයූ බවට තොරතුරු ලැබී ඇති අතර ඔහු උද්ඝෝෂකයින් දෙසට ගලකින් පහරදුන් බවට තොරතුරුත් ලැබුණු බවද විශ්වවිද්‍යාලයීය ආරංචි මාර්ග' කියන බව දිවයින කියයි.


එය සැබෑ නම්, මූ නම් මාර කොල්ලෙකි. මර්වින්ගේ උද්ඝෝෂණයක් ළඟට තනියෙන් ගොස් ගලක් ගසන්නට බය නැති මද්දුම බංඩාර වැනි වීරයෙකි. නැතිනම් දිවයිනට මෙම වාර්තාව ලියූ නිලන්ත මදුරාවල සහ නෝමන් පලිහවඩන මාර ම වීරයන් දෙදෙනෙකි. කෙහොමද රටේ ප්‍රධාන පෙළේ පුවත්පතක මුල පිටුවේ පළ වන පුවතක මූලාශ්‍ර! විශ්වවිද්‍යාලයීය ආරංචි මාර්ග!


සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් යක්ෂාරෝපණය කිරීම පිණිස ඇමති එස්.බී. දිසානායක ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහනකදී මෙසේ කියයි.


"එක් දවසක් සරසවියක පැවැති උත්සවයකදී එක් ශිෂ්‍යාවක් මට ලිපියක් භාර දුන්නා. අන්තරේ අයියලාගේ තරම එම ලිපියෙන් පැහැදිලි වුණා යැයි කී උසස් අධ්‍යාපන ඇමැතිවරයා එම ශිෂ්‍යාව කී කතාව සිහිපත් කෙළේය. 'මා ඇතුළු ශිෂ්‍යාවන් පිරිසක් කැට ව්‍යාපාරයකට එක්කගෙන ගියා. අපට දවල් ආහාරය ගෙනැවිත් දුන්නා. ආහාර ගත්තට පස්සේ සිහිය නැතිවුණා. පසුවදා ඇහැරිලා බලනකොට අපි ඉන්නේ ලොකු අයියලාගේ ඇඳන්වල' ලිපියේ සඳහන් විය."


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට එරෙහි මෙහෙයුම අද වන විට ළඟා වී තිබෙන මට්ටම මෙවැනි ය. පැහැදිලි මූලාශ්‍ර නොමැති මෙම ඕපාදූප කතාවලින් ප්‍රධාන වශයෙන් ම ප්‍රකාශ වන්නේ එම කතා පතුරුවන්නන්ගේ යටපත් කර ගත් කාමාශාවන් වන මුත්, මේ කතා ජනමාධ්‍ය විසින් ජන මනස තුළ පැළ කරමින් තිබේ.


මෙවැනි මාධ්‍ය මෙහෙයුම් වන්නියට පහර දීමට පෙර ද දියත් විය. ඒ කාලයේ ඒවා ගිල්ල හා පැතිරූ ප්‍රධාන බලවේගයක් වූයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා එයට නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණයි.


දැන් පතුරුවන අදහස අනුව, සරසවි සිසුන් වනාහි අන්තරේ කියන, කියන අන්දමට නටන බියපත් පඹයන් පිරිසකි. ඔවුන් උද්ඝෝෂණ කරන්නේ ඔවුන්ට මුහුණ දීමට සිදු වී තිබෙන ප්‍රශ්න නිසා නො ව, ජවිපෙ දේශපාලන න්‍යාය පත්‍රය නිසා ය. මීට පෙර, දෙමළ ජනයා ගැන දකුණට කියුවේ ද එසේ ම ය.  


හිට්ලර්ගේ නාසි ජර්මනියේ තිබුණු බලවේගයන් හා සමාන  'ජනතාව හෝ මව්පියන්' හෝ ලෙස තමන් හඳුන්වා ගනිමින්, සරසවි සිසුන් දුටු කල පැහැරගෙන, අඩන්තේට්ටම් කරන බලවේගයක් ද ආණ්ඩුව විසින් බලමුළුගන්වා ඇත.  


ගොබෙල්ස්ගේ ප්‍රචාරක යාන්ත්‍රණය සදිසි මෙහෙයවීමකින් ක්‍රියා කරන ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් පමණක් නො ව සරසවි සිසුන් ද යක්ෂාරෝපණය කර තිබේ. 


සරසවි සිසුන්ට එරෙහි මේ මහා බලය හමුවේ ජනතා විමුක්ති පෙරමුණ පවා අසරණ වී ඇත.  එහෙත්, මේ වනාහි මේ ආකාරයේ පළමු මෙහෙයුම නො වේ. මීට පෙර, දෙමළ අරගලය පොඩි පට්ටම් කිරීම පිණිස මෙහෙයුම දියත් වූයේ ද මේ ආකාරයෙන් ම ය. එකල, වර්තමාන පීඩිතයන් වන අන්තරේ හා ජවිපෙ සිටියේ පීඩක පාර්ශ්වයේ ය. 


අද අන්තරේ පසුපස හඹා එන්නා සේ ම හෙට ජවිපෙ පසුපස ද අනිද්දා සිට සෙසු අය පසුපස ද පරිද්දෙන් වර්තමාන ව්‍යසනයේ නිර්මාතෘන් සියලු දෙනා පසුපස මෙම වියරුව හඹා එනු ඇත. 


තමන් අසු වී සිටින්නේ කුමන විෂම චක්‍රයකටදැයි වටහා ගැනීමට සිදු වන දේ ඉවහල් කර ගැනීමට මේ රටේ බුද්ධිමත් මිනිසුන් සමත් විය යුතු ය. අද සරසවි සිසුන් මත මුදා හැර තිබෙන මේ කෲර මර්දනය වැළැක්වීමට ජනතාව ඉදිරියට ආ යුතු ය.


මේ පාර කපමින් තිබෙන්නේ තවත් මහා ව්‍යසනයකටයි. රැකියා නැතිකමින්, සමාජ අනාරක්ෂිතභාවයෙන් හා අපේක්ෂා භංගත්වයෙන් අසහනයට පත් වූ තවත් තරුණ  පරපුරක් බිලි ගැනීම සඳහා  පිඹුරුපත් දැන් සැකසෙමින් තිබේ. පාලකයන්ගේ පැවැත්ම ඇත්තේ ජනතාවට එරෙහි යුද්ධ මතයි. ඒ සඳහා, එක් පෙරමුණක යුද්ධයක් අවසන් වන විට තවත් පෙරමුණක යුද්ධයක් ආරම්භ කළ යුතු ව තිබේ. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. muge me article eka nam tikak aththa kathawa, mehema kalama anduwata lesi wenawaa private universities patan ganna.

    governement uniersities pahath karala, charter karala, passe wikunala dawi..

    eeta passe mervin silva ge puthatath degree ekak ganna puluwan 30lakhs walata...

    duppath mihihata hulan thama

    ReplyDelete
  2. මේ වගේ පිස්සු බල්ලෙකු හමු වූ විට පහර නොදී වෙන කුමක් කරමුද? අම්මපා මට අහු උනානම් යවනව ඕකව යටියන්තොට!

    ReplyDelete
  3. අනේ පව්. අන්තරේ හරි හුරතල් චූච්චං අහිංසක කොළුවා. මේ අහිංසක පැටියට මොකට ගෑව්වද? වැඩිම උනොත් මේ චූච්චං කොළුවා ගල් කටස් එකක් අරගෙන ගිහින් දෙතුන් දෙනෙක්ව බාවාවි, මේ වගේම චූච්චං අහිංසක කොළුවො 1971දි 1989දි කළා වගේ. නැත්නං පොල්ලක් අරං උප කුලපතිගෙ ඔළුවට තඩි බාවි. පව් නේද මෙයාලා. මේ වගේ චූච්චං අහිංසක පැටවුන්ට මීට පස්සෙ හෙම ගාන්න එපා. පව් අනේ.

    අනේ කවුරු හරි දානපතියෙක් මේ අන්තරේ අහිංසක චූච්චං බබාලටයි, මේ බ්ලොග් එක ලියන චූච්චං බබාටයි සූප්පු ටිකක් අරගෙන දුන්නොත් ගොඩාක් පින්.

    - Taboo

    ReplyDelete
  4. ponna Taboo sooppu gaha ganin ubay pukay

    ReplyDelete
  5. me wage gon boru katha walata rate buddhimat janathawa rewatenne na, anthare inne jvp kalakanni, unwa ain karalama danna ona

    ReplyDelete
  6. ඔබ මීට පෙරද නිවැරදිව ලියූ පරිදි ජවිපෙ විසින් එල්ටීටීඊය ඉතා සීඝ්‍රයෙන් විස්ථාපනය කරමින් පවතී. ජවිපෙ යනු "එදා වේල" සංවිධානයකට වැඩි දෙයක් නොවන බවට තවත් සාධක අවශ්‍ය නැත. ඔවුන් සහ එල්ටීටීඊය අතර ඇති වෙනස එයයි.

    අද ඇතිවී ඇත්තේ ඉතා සංකීර්න තත්වයකි. ශිෂ්‍ය ව්‍යාපාරය ජවිපෙන් කැඩීගත යුතු බව අවිවාදිතය. නමුත් ජවිපෙන් තොර ශිෂ්‍ය ව්‍යාපාරයක් මෙරට නැති බවද මුසාවක් නොවේ. ඒ අතරම ජවිපෙ මුල් බැසගත් තැන්වල ඇත්තේ අන්ත ගතානුගතිකත්වයක් මිස විප්ලවවාදිත්වයක් නොවේ. එතුලින් නව ප්‍රවනතාවක් ඇතිවේයැයි සිතිය නොහැකිය.

    ශිෂ්‍ය ව්‍යාපාරයට අවශ්‍ය සැබෑ විප්ලවවාදී නායකත්වය කෙදිනක බිහිවනු ඇත්ද?

    ReplyDelete
  7. mage lamayata uganwanna ma gawa salli ne me liyana kalakanninta lamai ne nethinam jvp kiyanadeya tikak hithala balapan udaharanayak dennam paudgalika rohal awa dostharala dan koheda inne univercitis ei ethakota acharya mahacharya waru sulu padiyakata anduwe higakaida?
    bolata terei kalyai

    ReplyDelete
  8. jvp ekama kalayak thisse hadapu ideology eka vada patan aran. thamanma hadapu chinthanaya bawthikawa dara gatta minissu gahanakota ivasanna ona. mokada ekata virudda venava kiyanne thamange daruvekta virudda venava vage vadak. thamange kasippu thamantama gahanava kiyanne onna okata. goodluck.

    ReplyDelete
  9. @Taboo Subjectsචුච්චං බබාට ගහපු ගණිකාවන්ගෙන් සූප්පුවක් ඉල්ලන් බීපන්.

    ReplyDelete
  10. mahaaaa deval liyanna kalin kiwwa eka therum aran hitapan. uba arakshwata mole galawala aran thiyalada thiyenne? tikak hari ekath pavichchi krapan. uba nam harak patiyek ban

    ReplyDelete
  11. 4.07 ta evapu eka ewwe taboo mahaththayata

    ReplyDelete
  12. @[ponna Taboo sooppu gaha ganin ubay pukay]
    lakunu kapenakota kunuharupath mathak wenawa.jeppange bankoloth bawaya thamai oya.

    ReplyDelete
  13. It is true that we should eliminate JVP from universities.

    But government has hidden agenda to degrade govt universities and implement pvt universities which gives degrees for money to anyone..

    Everyone should know that risk, and risk for future generations, will be jobless even with degrees.

    Why cant the govt eliminate JVP and politics from universities and improve local universities, than trying to implement pvt universities.

    ReplyDelete
  14. kudu merviyage hora genu tika

    ReplyDelete
  15. why cant govt remove politics from uni and remove jvp from uni and improve govt universities??

    instead of that they show pvt uni as solution, this is to make a way for their families to make money and their children to get degrees for money.
    gota will start one pvt uni,
    basil will start another..

    their chilren will get degrees, they can rule the countries for ever

    ReplyDelete
  16. ටැබූ ලොක්කා ශිෂ්‍ය අරගලයට බය වාගේය... හේතුව උන්දෑ අනාගත උපකුලපතිකමක් ගැන හීන දකින නිසා වෙන්නට පුළුවන...

    ReplyDelete
  17. ටැබූට අලුත් අදහස් නෑ. මේ පෝස්ට්ස් දකිනකොට ඉරිසියයි.

    ReplyDelete
  18. mahajanathaawage mudalin wath campus yamata nohaki u lamain athi minisunge irisiyawa saha marwinge puka lewa kama.

    ReplyDelete
  19. The government is repeating the situation of the late 1980s when the UNP govt started the Colombo South Private Medical College. They attacked the university students using thugs; Suspended and arrested Student Leaders, Closed down the faculties and then universities; establish police stations inside campus.

    What happened then. The strikes and the counteractions organized within the campuses by the student unions, helped the JVP to make their Inter-Uni-Student Federation the sole representative of the university students. They received good opportunity to eliminate all other student groups and consolidate their grip on the student movement and eliminate intellectual politics which promoted healthy democratic culture among the students since the 1950s.

    Finally the universities became the nursery for producing cadres for the underground activities of the JVP. (Finally this underground activities associated with the larger politics when the oligarchical ruling regime exploded itself with internal conflicts.)

    Similar thing is taking place now inside the universities (we have to wait to see the fate of oligarchy at the seat of power). The JVP which was a very weak power inside the campuses few months back due to their failure in national politics, divisions within the party, etc..now gaining the upper hand because of the high handed tactics of the govt politicians and their subservient university administrators.

    This is a good opportunity to SB too. He can wash off his immediate past and become a "man of the match" inside the party and the MR government.

    So now universities are transforming into a battle ground for politics of JVP and SB.

    I don't think that the government can sell the "Private University" idea amidst of this bad political game...No reputed university would come to open campuses here if the government promote militancy among the students. Without an investor friendly political atmosphere no genuine investors come here. Only crooks would come. The crooks in politics may do business with them.

    The other thing is Private Universities is not the panacea for all the problems in the field of Higher Education and the universities. The problem is no healthy debate on this issue inside the country. The politicians try to decide every thing by noise...not by choice...

    ReplyDelete
  20. ජීවත් වෙන්න අමාරු හින්දා කුලියට මැරකම් කරන අම්මාවරුනි, කැළනි විශ්වවිද්‍යාල සිසුවාට පහර දෙන විට මැරයන් සමඟ ඔබ සිටියත් ඔබ බලහත්කාරයෙන් සඟවා ගෙන සිටි අම්මාකම එලියට පනිනවා අපි දැක්කා. අනේ අම්මා, අම්මලා හැමදාම කළේ ජීවිත පරදුවට තියලා හරි දරුවන් ආරක්ෂා කරන එක. පුන්චි ලාභයකට දරුවන්ට එරෙහි වෙන්ට එපා. අම්මා හැම දාම කළා වගේ අපිව ආරක්ෂා කරන්න එන්න, අපි තාමත් බලාගෙන ඉන්නේ අම්මා අපි ළඟට එන කල්. අපි අම්මට ආදරෙයි.

    ReplyDelete
  21. @J.A. අනේ *කෝ,
    මුලු රටේම අධ්‍යාපනේ වනසන ඔය වගේ එකෙක්ව යහතින් ඇරිය එතන හිටිය වේසන්ටයි වේසියන්ටයි ගහන්න ඕනා.

    ReplyDelete
  22. ubay waysa ammath othana hitapu eka api dekkaa

    ReplyDelete
  23. Judges salary will be increased, because they help the government to win these court cases..
    Eg. SF, Udul

    ReplyDelete
  24. Udul arrested, it is good..
    JVP has to be sent home...

    BUT WHY DONT,
    the government has a genuine interest to develop government universities,,

    It is because they can put up private universities so that MR clang can run them and make profit. Their children can easily get degrees..

    Oneday, mudalali's and politocos children will get into good posts with paid degrees, while talented children with degrees will be jobless..

    ReplyDelete
  25. In a way MR( & Mervyn) is correct in breaking the JVP viselike grip in state universities ( even if the methods are not OK)
    As a virulent anti-JVPer during my Uni days I know that it is the JVP induced backward mentality that create graduates without self confidence who take Government to the task for not provoding employment.
    An overhaul of entire university system is needed. But that doesn’t mean we should dillute quality of education by facilitating friends of Politicos to wreak havoc with it.

    ReplyDelete
  26. සතුරාගේ සතුරා මිතුරා යැයි න්‍යායක් පවතී. ලාංකික සමාජයේ එක්තරා අදේශපාලනික චරිත කිහිපයක් මේ මොහොතේ දී උත්සාහ ගනිමින් සිටින්නේ මීටම සමාන න්‍යායක් සමාජ බලයක් ලෙස ස්ථාපිත කිරීමටයි.

    තමන්ගේ සතුරාට, සතුරාගේ සතුරා විසින් පහර දෙන විට යම්කිසි නිරාමිස වින්දනයක් ලැබීමට මේ අදේශපාලනික සිවිල් චරිතයන්ට හැකි වී තිබේ. මේ මොහොතේදී ඔවුන් උත්සාහ ගනිමින් ඉන්නේ මෙකී සංකල්පයට සමාජ බලයක් ලබාදීමටයි.

    ජනතා විමුක්ති පෙරමුණ සමග ද ජනරාල් සරත් ෆොන්සේකා සමග ද අපහට කිසිම ඇයි හොදයියක් නැති අතර ඔහුන්ගේ මතවාදයන් ගැනද එකගතාවක් නොමැත. එහෙත් එසේ වූ පමණින් ආණ්ඩුවේ ගහලයන්ගේ දං ගෙඩියට ඔවුන් හසුවෙනවා දැකීමටත් ඉන් මජර සතුටක් ලැබීමටත් සූදානම්වීම අශික්කිත කුහක ආස්ථානයක් දැරීමකි.

    මෙකී පාර්ශ්වයන් දෙකම අතීතයේ දී කළ කවර වූ වැරද්දක් හුවා දක්වමින්, මේ අවස්ථාවේ දී "මුන්ට හොද වැඩේ" යැයි පැවසිය හැක්කේ කුහකයන්ටම හා අවස්ථාවාදීන්ටම පමණි. එය දේශපාලන බංකොළොත් කමකි.

    මේ අවස්ථාවේ දී යුක්තිය වෙනුවෙන් පෙනී ඉන්නා කවරකු හෝ කළ යුත්තේ සියළුදෙනාටම එල්ල වන්නා වූ මර්දනයට එරෙහිවීමයි.

    නො එසේනම් මාර්ටින් නිලමොර් ඔබ සොයා එනු ඇත.

    ReplyDelete
  27. @ bumuthurunu අනේ මේ ! නිකන් බුදු වෙන Talk දාන්න එපා බන්...digital වෙයන්..ඔව් ද? නැද්ද? හා ද?? බෑ ද?....එච්චරයි

    ReplyDelete
  28. Anthare gon harak varsity kanawa...

    ReplyDelete
  29. මර්වින් මෙසේ කියයි:
    http://www.lankaenews.com/Sinhala/news.php?id=15115

    මේක කියවලා ටැබූටත් සතුටු ඇති. 'අන්තරේ බල්ලොන්ට' පාඩමක් උගන්නනවා නම් ඒ මර්වින් උනත් මොකද නේද?

    ReplyDelete
  30. රාජපක්ෂගේ කාළකන්නි මර්දනයට එරෙහිවෙනවාද? ඕව් ඔව් ඔව්

    ජෙප්පො එක්ක තරහට මර්දනය ඉවසනවාද? නැහැ නැහැ නැහැ කොහෙත්ම නැහැ

    ReplyDelete
  31. සමහර විටක රැකියා සඳහා ප්‍රසිද්ධියේ විභාග පවත්වන මුත් එහි ප්‍රතිඵලයක්‌ විභාග අපේක්‍ෂකයන්ට ලැබෙන්නේ නැත. දේශපාලන හෙන්චයියාලට පුරප්පාඩු ලැබෙන රටක පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කළොත් සිදුවන්නේ කුමක්‌ද? විභාග සමත් නොවන, සමත් වීමට යත්ත නොදරන හා යන්තම් සමත් වන මැති ඇමැතිවරුන්ගේ ඥති හිතමිත්‍රාදින්ගෙන් හා ආධාරකරුවන්ගෙන් එම පෞද්ගලික විශ්ව විද්‍යාල පිරී ඉතිරී යනු ඇත. ඉන්පසු පුරුදු පරිදි වඩා විධිමත්ව එකී දේශපාලන හෙන්චයියලාට රැකියා ලැබීම සිදුකළ හැකිවෙනු ඇත, එවිට නිදහස්‌ අධ්‍යාපනයේ පිහිටෙන් හා අතිමහත් උත්සහයෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලවලට තේරී උපාධිය ලබන්නන්ට සිදුවන්නේ කුමක්‌ද? පළමුව සිදුවිය යුත්තේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාලවල තත්ත්වය උසස්‌ කිරීම හා උපාධිධාරීනට ඔවුනගේ අනාගතය පිළිබඳව විශ්වාසය ඇති කිරීම නොවේද? එසේ නොකොට එක්‌වරම පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමෙන් සිදුවන්නේ අගතියක්‌ හා අසාධාරණයක්‌ පමණි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා