පිටු ලක්ෂ පහක සතුට: එන්න! අපි සිහිනෙන් ගෑ ඒ සුවඳ ගැන කතා කරමු

(2010 ඔක්තෝබර් 20, W3Lanka) 2009 ජුලි මස ආරම්භ කළ මෙම බ්ලොගයේ පිටු ලක්ෂ පහක් ඉක්මවා මේ වන විට පාඨකයන් පිවිස ඇත.


පිටු ලක්ෂ පහක් කියවුණේ සටහන් 1400කට වඩා තබා තිබියදී ය.


මෙම ගණන් හිලව් අන්තර්ජාලයේදී මහා විශාල ඒවා නො‍ වේ. එහෙත්, ජනප්‍රියවාදයන්ට යට නො වී, බාල උප්පරවැට්ටි අනුගමනය නො කරමින්, කාගේවත් සාක්කුවට නො වැටී මෙවැනි කාර්යයක යෙදෙද්දී එවැනි සංඛ්‍යාවක් කරා යාම පහසු නැති බව එම කාර්යයන්හි යෙදෙන අය දනිති. 


අප පටන් ගත්තේ බිංදුවෙන් ම නිසා උන්නාට වඩා මළාත් මදැයි කියා හෝ සතුටු වන්නට අපට පුළුවන. අප ලියූ ලිපියක් කියවා අදහසක් පළ කරන්නට 'සහෝදරයකු' නො සිටි වාම සමාජයකින් පැමිණි අපට බ්ලොග් අවකාශයේදී නාඳුනන අලුත් සහෝදරයින් බොහෝ ගණනක් හමු විණි. 


විකල්ප අදහස් හා දැනුම සන්නිවේදනය පිණිස ප්‍රයත්නයක් ලෙස අප විසින් ආරම්භ කරන ලද W3Lanka වෙබ් අඩවිය හා සම්බන්ධව දියත් වූ මෙම බ්ලොගය හරහා ලංකාවේ අදහස් අවකාශයට යම් මැදිහත් වීමක් කරන්නට අවස්ථාව ලැබුණු බව ද, සම්මත හා ගතානුගතික අදහස් අතරට විකල්ප අදහස් ද සංවාදය සඳහා ඔසවා තබන්නට අප යම් දුරකට සමත් වූ බව ද සතුටින් සිහිපත් කරමු. 


අප පසසමින් ද, අපට බනිමින් ද, මධ්‍යස්ථව ද, කලාතුරකින් සුදු වෑන්වලින් ඉස්සිය යුතු හා මරා දැමිය යුතු බව කියමින් ද, විශේෂයෙන් ම, මෙවැන්නක් ඇතැයි නො දන්නා අන්දමින් (හැසිරෙන වාමාංශික ආකල්පයකින්) ද අප කියවූ ඔබ සැමට තුති. 


අපි නව සමාජවාදයක් ගැන ද, අලුත් වමක් ගැන ද, නව මිනිසෙකු ගැන ද, අලුත් ලංකාවක් හා නව සිංහලයකු ගැන ද සිහිනයක් සිංහල බසින් අකුරු අමුණමින් නිර්මාණය කරමින් සිටිමු. එන්න! අපි සිහිනෙන් ගෑ ඒ සුවඳ ගැන කතා කරමු. 


-සංස්කාරක (සියලු සංස්කාරකයෝ ද අන් සංස්කාරයන් සේ ම නැසෙන සුළු ය)


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. guu blog ekak liyala, thawa loku talk denawa, meka minissue 1000k wath kiyawala nethuwa athi,,
    SL population 19 million!

    ReplyDelete
  2. @Anonymous
    Do you know how many Sri Lankans have read Amawathura or Saddharmarathnavaliya?

    Is it also a guu something?

    ReplyDelete
  3. සමාජය වෙනස් කිරීමේ කාර්ය කරන්න පුවවන් අලුතින් කල්පනා කරන මිනිස්සුන්ට විතරයි. අනිකුත් කාටත් නැති ආත්ම තෘප්තියක් ඔබට ඇතැයි මට සිතෙනවා. ලියන්න දිගටම. කියවීම අසම්පූර්ණයින් සම්පූර්ණ කරන දිනක් එයි කියා විශ්වාසයෙන් අනාගතයට යමු.

    ReplyDelete
  4. මම දරන අදහස්වලට බොහෝ දුරට වෙනස්මතවාදයන් ඔබ දැරුවා වූවද..විකල්ප මාධ්‍ය කලාවට කුඩාකල සිටම ඇල්මක් දැක්වූ නිසාවෙන්ම සියළුම ලිපි නැතත් හැකි සෑම විටක පැමිණ මෙම අඩවියේ ලිපියක් කියවීම මාද පුරුද්දක් බවට පත්කරගෙන සිටිනා අයෙක්මි.
    මා සිතනා අන්දමට ඔබ නොසිතුවාට කම් නැත..
    මන්ද ඔබ සිතනා අන්දමට මට සිතන්නටද නොහැකි නිසාය...

    වැදගත් කරුණ වනුයේ ඔබ සිතන අයකු වීමත් ඒ සිතුවිලි අකුරු බවට හැරවීමත්ය...

    හරයක් ඇතද නැතද කියවීමට යමක් ලබාදීම පිළිබඳව ඔබට ස්තූතියි.

    සිළුමිණ,දිවයින,ලංකාදීප මෙන්ම ඉරුදිනද මවිසින් කියවීමට කැමැත්තෙමි.
    එකම දේ තම තමුන්ට උවමනා අන්දමට හරවා ලියනා ආකාරය අප දකිමු.
    නමුත් ලියන්නා දෙන්නට උත්සහ කරන දේ කුමක් වූවද කියවන අප විසින් තෝරා ඛෙරා සිතනා කල්හී ඒ සෑම අදහසක් යටම ඇති නිවරද කරුණ වටහා ගැනීමට අපට හැකියාව තිබිය යුතුය...
    ඉඳින්..ඔබ ලියනා දෙයින්ද මට වටහා ගැන්මට හැකි දේ බොහෝ ඇත...

    අඩුම තරමෙ ජෙ.වී.පීය.. විසින් අළුතින්ම ජනතාව අන්දන්නට හදන්නේ කුමන ආකාරයටද යන්න හෝ කල්තියා හදුනාගැනීමට හැකියාව ඉන් ලැඛෙනු ඇත..

    ReplyDelete
  5. ලක්ෂ පහක් යනු මෙතෙක් සිංහල බ්ලොග් එකක් ලබා ගත් වැඩිම හිට්ස් ප්‍රමාණය ‍යයි සිතමි. එහෙත් මා විස්මය පත් කරන්නේ එය නොව පෝස්ට් 1,400ය. හිට්ස් ලක්ෂ පහට ලබන වසරේ මැද වන විට කිට්ටු කරන්නට මම අපේක්ෂා කරමි. එහෙත් පෝස්ට් 1,400කට කිට්ටු කරන්නට මට තව වසර 12ක් ගත වනු ඇත. (මගේ සාමාන්‍යය වසරකට පෝස්ට් 100කි.)

    පුවත්පතෙකට වුව ලොකු ප්‍රින්ට් ඕර්ඩර්ස් තිබුණද මිළදී ගන්නා පිරිසෙන් යම් ලිපියක් කියවනු ඇත්තේ සුළු කොටසකි. එනිසා මේ ගණන් සතුටුදායක යැයි සිතමි. දවසට ලක්ෂයක් අපේ බ්ලොග් කියවන්නේ නම් අප කවුරුත් කැමැතිය. එහෙත් එතැනට ළඟා වීම පහසු ඉලක්කයක් නොවේ.

    එකම එක ප්‍රශ්නයක්.

    /බාල උප්පරවැට්ටි අනුගමනය නො කරමින්/

    ඔබ පාවිච්චි නොකරන (සමහරවිට අනෙකුන් පාවිච්චි කරන) එවන් උප්පරවැට්ටි කවරේද දැන ගනු කැමැත්තෙමි.

    - Taboo

    ReplyDelete
  6. ඔබ සමග එකඟ වීම් හා සමානවම නො එකඟ වීම්ද ඇත. එකඟ වීම් වලට වඩා නොඑකඟ වීම් වලට මා කැමතිය. සංවාදයක් ඇරඹිය හැකි එවිට නිසාය.

    ReplyDelete
  7. සුභ පැතුම්!!! ඔබගේ ලිපි බොහොමයක් මා කියවා ඇත. හිට්ස් උන්මාදයෙන් පෙලෙනා බ්ලොග් කරුවන්ට ඔබගේ අඩවියෙන් ඉගෙන ගතහැකි දෑ බොහොමයයි.ඉන් දෙකක් මම කියන්නම්.
    1. බ්ලොගයේ කුණුහරුප නොලියවීම්
    2. හැකිතාක් දුරට සමබර වීම ( හැකිතාක්- අපිත් ඉතින් මනුස්සයොනේ)

    ReplyDelete
  8. උණුසුම් සුභ පැතුම්.ජය වේවා..!!!

    Dinuka

    ReplyDelete
  9. බොහෝ විට ඔබ අඩවිය තුළින් උකහා ගන්නා අදහස් අන්තර්ජාලය භාවිතා නොකරන අය වෙනුවෙන් ගුවන් විදුලි වැඩසටහන් වලදී මාවිසින් භාවිතා කරමි. හැකි සෑම අවස්ථාවකදීම ඔබ අඩවිය හා ඔබේ නම භාවිතා කරමි.

    සුභ පැතුම්....

    "Extraordinary Measures" නම් චිත්‍රපටයේ ටැග් ලයින් එක ඔබ අඩවිය වෙනුවෙන් සදහන් කරමි.

    Don't hope for a miracle. Make one.

    ReplyDelete
  10. Subapathum!! Jaya wewa!!

    ReplyDelete
  11. තව බොහෝ කලක් ලියන්නට ශක්තිය හැකියාව ලැබේවා!!

    ReplyDelete
  12. congratulations and best of luck

    ReplyDelete
  13. සුබ පැතුම්!!

    ReplyDelete
  14. Superb!! I read ure blog 1st thing in the morning,I wish you all the best!!!

    ReplyDelete
  15. මාධ්‍ය කලාවේ ලොකු හිඩැසක් ඔබ පුරවනවා. මගේ සුබ පැතුම් ඔබට...!! ඔබේ දුරකථන අංකය මේ අඩවියේ සඳහන් කර තිබීම ඔබට යම් දිනක අවාසියක් වීමට පුළුවන. එය අයින් කිරීම මැනවැයි සිතමි.

    ReplyDelete
  16. සුභ පැතුම්...........

    ReplyDelete
  17. Well done bro...

    - Buda

    ReplyDelete
  18. I don't appreciate all your ideas but your doing a good job.
    Well done !!!

    ReplyDelete
  19. @Taboo Subjects

    මෙහිදී අදහස් කරනු ලැබුවේ බේ පිටු ස්වයංව රිෆ්‍රෙෂ් වීම වැනි ප්‍රයෝගයන් ය. බ්ලොග්කරුවන් එවැනි දෑවල නියැලෙන්නේ ඉත අඩුවෙනි.

    ReplyDelete
  20. We want such media for better future.
    Congratulation!

    ReplyDelete
  21. හදවතින්ම සුබපතනවා පැරා. ඔබගේ අදහස් මා ප්‍රිය කරනවා. ඒ වගේම ඔබේ අලුත් පෝස්ට් එකක් දුටුවිටම, යම් ප්‍රමිතියකින් යුත් යමක් කියවීමට ලැබෙන බවට ඇතිවන විශ්වාසය ඔබ ආරක්ෂා කරනවා. මෙය විශිෂ්ට ව්‍යායාමයක්.

    ReplyDelete
  22. Wish ya all the best !!! way 2 go.

    ReplyDelete
  23. එකඟ නොවන ලිපි ඇතැම්විට ඇතත් මේ බ්ලොගය කියවීම මගෙත් පුරුද්දක්,තවත් ලියන්නට සුභ පැතුම්.

    ReplyDelete
  24. Congratulations. Well Done.

    I became a reader of your blog very recently. Since then every day I read your blog and circulate interesting articles among my friends.
    I like the thought provoking way you approach the issues.

    ReplyDelete
  25. holy crap of an antisocial writer........

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා