සිළුමිණේ බටර් පාට වටොර හා කාමය පාපයක් නො වන අපේ සමාජවාදය

(2010 ඔක්තෝබර් 18, W3Lanka) වටොර නාරි සුන්දරත්වයේ ප්‍රධාන ලක්ෂණයකි. එය ශෲංගාරය දනවයි. කාමය පුබුදයි. එය පිරිමිනට ස්ත්‍රී සිරුරේ වඩාත් ම සුඛය දනවන ස්ථානයන් අතරින් එකකි. 


කෙළෙස් නොතවන ලද හා අසාමාන්‍ය මනෝ විකෘතියක් නොමැති පිරිමි එය බලන්නට ආශා ය. බලන ගමන් සිතින් ස්පර්ශ කරනවා ද ඇත. වටොර ප්‍රසිද්ධියෝ ප්‍රදර්ශනය කරන ලියෝ එය නරඹන පිරිමින්ගේ මනස තුළ 'දූෂණයට' ලක් වෙති. 


දනහිසේ සිට අඟල් කීපයක් ඉහළට වටොර පෙන්වීම අශ්ලීල ක්‍රියාවකැයි වර්තමාන ලංකාවේ සුචරිතවාදීහු කල්පනා කරති. ඇත්තෙන් ම හොඳ ම හරිය වසා මේ හරිය පෙන්වීම විසින් ඉතිරි ටික පරිකල්පනය කර ගැනීමේ අවස්ථාව එය බලන අයට ලබා දෙයි. රූප ලාවණ්‍යය වැඩි කරන දේ භාවිතයෙන් මෙන් ම නූතන ෆොටෝෂොප් වැනි ඡායාරූප සංස්කරණ තාක්ෂණයන් ඔස්සේ ද මේවායේ ශෲංගාරාත්මක ස්වභාවය වැඩි දියුණු කළ හැකි ය. 


කාමාශාවන් පරිකල්පනය ඔස්සේ මුක්ත කර ගැනීම සිත් ගත් සුන්දර ස්ත්‍රීන් පර අඹුවන් ද යන්න නො තකා ඔවුන්ගේ සම්භෝගය පතනවාට වඩා සාමකාමී ය. ඒ අතින් නිල් චිත්‍රපට කරන්නේ සේවයකි. සැබෑ ජීවිතයේදී තෘප්ත කර ගැනීම දුෂ්කර ලිංගික ආශාවන් ‍හෙවත් ෆැන්ටසි මනෝ ලෝකයේදී හමු වීම පිණිස දුප්පතුන්ට නිල් චිත්‍රපට මහත් පිටිවහලක් වෙයි. ධනවතුන්ට නම් මිළ අධික කාම සේවා ස්ථාන වෙතින් සිය ආශා තෘප්ත කර ගත හැකි ය. 


ශිෂ්ට සමාජය විසින් පිටුදකිනු ලබන ඇතැම් කාමාශාවන් සැබෑ ලෝකයේදී තෘප්ත කර ගන්නවාට වඩා නිල් චිත්‍රපටයක් බලා එය මනසින් විඳීම හැම අතින් ම සාමකාමී ය. 


එහෙත්, ලංකාවේ වැඩිහිටියන්ට ද නිල් චිත්‍රපට තහනම් ය.  නිල් චිත්‍රපටයක් බලා විමෝචනය කර ගත හැකිව තිබුණු බොහෝ කාමාශාවන් වෙනත් ස්වරූපවලින් සමාජය මත මුදා හරිනු දක්නට ලැබේ. පිරිමින් එසේ කරන්නේ බිරින්දන්, දරුවන්, යටත් සේවකයන් ඉදිරියේ ප්‍රචණ්ඩ වීමෙන්, බසයේදී හමු වන නාඳුනන ගැහැනියකට ජැක් ගැසීමෙන් ආදී වශයෙනි. 


නිල් චිත්‍රපට පසුපස හඹා යන, ඒවා විනාශ කිරීමට උනන්දු වන බොහෝ දෙනෙක් ඒවා බැලීමට මහත් රුචියක් දක්වන අය බව අප නිරීක්ෂණය කර ඇත. තමන් කරන දෙය ඔවුන් සාධාරණීකරණය කරන්නේ ඒවා ළමයින් බලන බව හා එසේ බැලීමෙන් ළමයින් නරක් වන බව කියමිනි. නිල් චිත්‍රපට, නිරුවත් ඡායාරූප, කාම වෙබ් අඩවි ගැන නිතර කතා කරන දේශපාලකයන්, නිලධාරීන් හා මාධ්‍යකරුවන් ඇත්තෙන් ම කරන්නේ එවැනි දේ ඇති බව පවසා සොයා යාමට මිනිසුන්, ළමයින් පෙළඹවීමයි. 


නිදසුනක් වන්නේ ලංකාවේ ගැහැනුන් පෙනී සිටින කාම වෙබ් අඩවි ඇති බවට කරන ප්‍රචාරයන් ය. එසේ ම, ලිංගික සේවා සපයන ස්ථාන පිළිබඳව ප්‍රචාරය කෙරෙන්නේ ද අතිශයෝක්තියෙනි. 


සිළුමිණ ලංකාවේ සුචරිතවාදී ආණ්ඩුවේ ඉරිදා පුවත්පතයි. මෙහි පළ වන සුන්දර ඡායාරූප මෙම ලිපිය ලියන පිරිමි ලේඛකයා මහත් සේ රස විඳි බව කියන්නේ ආණ්ඩුවටත්, සිළුමිණටත් ස්තුති පූර්වකව ය. මාසෙකට සැරයක් පළ වන මෙවැනි සුදු වටොර පෙන්වන ඡායාරූප දෙසතියකට පමණ වරක් පළ කරනවා නම් වඩා හොඳ ය. නිල් නැති රටේ ළා මේවා ළා නිල් ය. 


මෙම ලේඛකයා නව යොවුන් වියට එළඹෙමින් සිටි හැත්තෑව දශකයේ අගභාගයේ පාසල් වියේදී මෙවැනි සුන්දර ඡායාරූප සොයා ගැනීම දුෂ්කර වූ අතර ඒ කාලයේ අතිනත හුවමාරු වූ රෝනියෝ මුද්‍රණය කරන ලද කාම කතා විශේෂයක් තිබිණි. ලේඛකයා අමාරුවෙන් සොයාගෙන කියවූ ඉන් එකක වටොරේ පැහැය දක්වා තිබුණේ බටර් පාට කියා ය. ඇත්තෙන් ම එය ඉතා ශෲංගාරාත්මක යෙදුමකි. 


ලේඛකයා සිහින දකින සමාජවාදය තුළ ආදරය, ශෲංගාරය, කාමය පාපයන් ලෙස නො සැලකේ. 


අනේ අපි කවදාක පීනමු ද ඒ ග‍ඟේ (නන්දා මාලිනී - පවන ප්‍රසංගයේ ගීයක කොටසක්) 




Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. http://www.silumina.lk/2010/05/09/rasaduna_df.jpg
    ඕක නම් කමක් නෑ කියමුකෝ ගහක් බදාගනනේ. ඒත් මේකේ ෆ්‍රෙඩ්‍රිකා උසාවි එන්නෙත් බ්‍රා එකක් දාන්නේ නැතුව
    http://www.lankadeepa.lk/2010/10/04/images/fredrika-jansIMG_3635_fon02.jpg

    ReplyDelete
  2. Anonymouse

    What is the wrong of it ?

    ReplyDelete
  3. @Anonymou
    s

    ඇයි ඔබතුමාගෙ හිරි ඔතප් බිදුනද?

    ReplyDelete
  4. Nice work from Silumina...We know ape Raja kohomath owata ekmathie kiyala..

    ReplyDelete
  5. Machan.. tawa photos tikak dapanko ...

    ReplyDelete
  6. http://www.silumina.lk/2010/10/31/rasaduna_default.jpg

    ReplyDelete
  7. Go to google, type images, press Enter, type this and see for ur self...
    rasaduna_default-jpg site:http://www.silumina.lk

    ReplyDelete
  8. *** For better results,
    search images & see...
    rasaduna site:http://www.silumina.lk

    ReplyDelete
  9. *** For more, try this link, I hope u enjoy it!

    http://www.google.com/images?hl=en&biw=1024&bih=648&gbv=2&as_st=y&tbs=isch:1&aq=f&aqi=&oq=&gs_rfai=&q=site:http://www.silumina.lk

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා