ප්‍රියකම, හොඳ ම, බුද්ධිමත් ම, දක්ෂ ම ආදී ඕනෑම ලැයිස්තුවත උඩින් ම ඉන්න මහින්ද රාජපක්ෂ


(2010 ඔක්තෝබර් 09, W3Lanka) 
* ඔබ කැමැතිම ශ්‍රී ලාංකීය දේශපාලනඥයා...?

“මම කැමැති දේශපාලඥයන් කීප දෙනෙක් ඉන්නවා. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, සහ වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ...”

ඉහත පළ වන්නේ අද දිනමිණ පුවත්පතේ දියවන්නාවේ නෑදෑයෝ නම් විශේෂාංගයේ අධිකරණ නියෝජ්‍ය ඇමති රෙජිනෝල්ඩ් කුරේ කරන ප්‍රකාශයකි. රෙජිනෝල්ඩ් කුරේ යනු විජය කුමාරතුංග සමග දේශපාලනය කර, ඔහුගේ මරණින් පසු චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග සමග බහුජන නිදහස් පෙරමුණ බිහි කර, පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වී අද දක්වා ම එහි සිටින දේශපාලනඥයෙකි. කලක් ලංකාවේ ප්‍රධාන ම පළාත වන බස්නාහිර පළාතේ පළාත් සභාවේ ප්‍රධාන ඇමති ධුරය හෙබවූ හේ දැන් වර්තමාන ආණ්ඩුවේ අධිකරණ නියෝජ්‍ය ඇමති ය. ඔහුගේ ප්‍රධානියා වන්නේ ඔහුට පසුව සමසමාජයෙන් ශ්‍රීලනිපයට ආ ආතාවුද සෙනෙවිරත්නයි. 

රෙජිනෝල්ඩ් කුරේ ශ්‍රීලනිපයේ ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකි. ඔහුට වඩා කණිෂ්ඨ යූ.ඇන්.පී.කාරයන් ප්‍රධාන ඇමති තනතුරු හොබවද්දී ඔහු නිකම් ම නිකම් නියෝජ්‍ය ඇමති කෙනෙකි. පසුගිය මහ මැතිවරණ සමයේ ඔහු පැරදවීම සඳහා රාජපක්ෂවරු ඔහුගේ ඡන්ද පදනම ඇති ප්‍රදේශවලදී නන්දන ගුණතිලකට සහයෝගය දුන්නේ ය.  කොටින් ම කීවොත්, රාජපක්ෂවරු ඔහු චන්ද්‍රිකාගේ මිනිහකු ලෙස සලකා, ඔහු නැති භංග කිරීමට කළ හැකි සියලු දේ කළ හ. බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී ඔහු පැරදවීමට උපරිම උත්සාහ කර බැරි තැන මහ ඇමතිකම ඔහුගෙන් උදුරාගෙන ප්‍රසන්න රණතුංගට දී ඔහු නිකම් ම නිකම් පළාත් සභා මන්ත්‍රීවරයකු ද කළේ ය.

එහෙත්, විජය කුමාරතුංග හෝ සිය කැමති ම දේශපාලනඥයන් අතරට ඇතුළත් කර නැති රෙජිනෝල්ඩ් කුරේට දිනමිණ සම්මුඛ සාකච්ඡාවේදී වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන් කැමති ම දේශපාලකයකු ලෙස නම් කිරීමට සිදු වේ. 

ධනේශ්වර ක්‍රමය තුළ මහජන කැමැත්ත හා ජනප්‍රියත්වය යනු තව දුරටත් ස්වයං සිද්ධ තත්වයන් නො වේ. ඒවා අධ්‍යාපනය හා ජනමාධ්‍ය ආදිය භාවිතා කරමින් සැලසුම් සහගතව නිර්මානය කරන ඒවා ය. කැමැත්ත නිෂ්පාදනය විද්‍යාවකි. එය කෙතරම් සියුම් ක්‍රියාවලියක් ද යත්, සාමාන්‍ය ජනතාවට සිය කැමැත්ත වෙනකකු විසින් නිෂ්පාදනයකරන ලද්දක් ය යන්න පිළිගැනීම දුෂ්කර යයි සිතේ. 

ඒකාධිපති පාලනයන් යටතේ කැමැත්ත නිෂ්පාදනය කරනු ලබන්නේ නියමින් හා අනියමින් බලහත්කාරය පාවිච්චි කරමිනි. 

ජනාධිපති මහින්ද රාජපක්ෂ රෙජිනෝල්ඩ් කුරේගේ කැමති ම දේශපාලනඥයන් අතරින් එක් අයකු වීම තේරුම් ගත හැක්කේ පාලකයින්ට අවශ්‍ය මහජන කැමැත්ත කුමක් ද යන්න හා දේශපාලකයන්ගේ කැමැත්ත වන පැවැත්ම හා උන්නතිය යන සාධක ඒ හා සම්බන්ධ වන ආකාරයෙනි.

ඒ අනුව, අද වන විට ආණ්ඩුවේ කිසිදු දේශපාලනඥයකුට මහින්ද රාජපක්ෂ යන නම රහිතව කැමති පුද්ගලයන්ගේ නාම ලේඛනයක් ප්‍රසිද්ධ කර කරදරයකින් තොරව සිටිය නො හැකි ය. 

චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග සිය කැමති ම දේශපාලනඥයා යයි කී විශාල පිරිසක් 2005 දක්වා මේ රටේ සිටිය හ. හැබෑට දැන් කෝ ඒගොල්ලෝ? 

Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. හැම මනුස්සයම ඉපදෙද්දි හොද මිනිස්සු, හොද යහලුවො ආශ්‍රය කරද්දිත් වරදක් නැහැ. මිනිස්සු කරන්න දෙයක් නැතිම වුණාහම වෙනස් වෙනවා. එක තමයි වෙලා තියන්නෙ.

    ReplyDelete
  2. /ධනේශ්වර ක්‍රමය තුළ මහජන කැමැත්ත හා ජනප්‍රියත්වය යනු තව දුරටත් ස්වයං සිද්ධ තත්වයන් නො වේ./

    1. මේ කියන්නේ එක්තරා කාලයක මහජන කැමැත්ත හා ජනප්‍රියත්වය යනු ස්වයං සිද්ධ තත්ත්වයන් වූ බවද?
    2. එය වෙනස් වුනේ කවදා පටන්ද?
    3. ඒ මන්ද?
    4. එය වෙනස් වුනේ ලංකාවේ විතරද?
    5. නැතිනම් ලෝකයේත් වෙනස් වුනාද?

    කරුණාකර පහදන්න.

    ReplyDelete
  3. මීටත් වඩා හොඳ එකෙක් ජනපති වූ දවසක එයා තමයි කැමතිම එක්කෙනා....

    කැමැත්ත එකිනෙකාට වෙනස් නෙ..

    SF president උනා නම් එයා තමයි ඔයාගෙ කැමතිම දේශපාලකයා..

    ඒවගේ තමයි...

    ReplyDelete
  4. You are correct. Public don't have an opinion though we used the term PUBLIC OPINION. The public opinion is what the opinion makers created in their mind set. This was the situation everywhere and every time. This public opinion helped the rulers to kept Socrates in jail and later forcing him to die. The people who exercised the power have enormous capacity in producing ideas and brainwashing the minds of the ordinary people to accept them. As a Deputy Minister Reginold doing the same thing here. But he think that he is doing what he was asked to do by his Master for his survival. - Poor Reginold is trying to make a comeback. Wish him Good Luck. -

    ReplyDelete
  5. ඇයි තොට ඊර්ෂ්‍යාද?

    ReplyDelete
  6. ටැබුවගේ අභියෝගෙනම් එල ! දැන් ඉතින් කාල වරෙන්කො !

    ReplyDelete
  7. @Taboo Subjects
    ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු:
    1. මේ කියන්නේ එක්තරා කාලයක මහජන කැමැත්ත හා ජනප්‍රියත්වය යනු ස්වයං සිද්ධ තත්ත්වයන් වූ බවද?
    නැත. එහෙත්, කැමැත්ත නිෂ්පාදනය මෙතරම් සියුම් අන්දමින් ලාභය අරමුණු කරගෙන කිසි කලෙක සිදු වූයේ නැත.

    2. එය වෙනස් වුනේ කවදා පටන්ද?
    ධනවාදය තුළ මෑත යුගයේ සිදු වූ ජනමාධ්‍ය විප්ලවය සමගයි.

    3. ඒ මන්ද?
    වඩා සියුම් අන්දමින් එම කාර්යය කිරීමේ හැකියාව නූතන ජනමාධ්‍ය නිසා ලැබිණි.

    4. එය වෙනස් වුනේ ලංකාවේ විතරද?
    නැත.

    5. නැතිනම් ලෝකයේත් වෙනස් වුනාද?
    ඔව්.

    ReplyDelete
  8. @Anonymous
    ඉරිසියාව වුව කළ හැක්කේ තමන් කැමති හා ආශා කරන දෙයක්, තත්වයක්, තමන්ට නො ලැබී වෙනෙකකුට ලැබේ නම් පමණි.

    ReplyDelete
  9. ප්‍රශ්නවලට උත්තර දීම ගැන ස්තූතියි. ඒත් ඒ නොගැඹුරු, කාරණා අතින් වැරදි විශ්ලේෂණයක්.

    ජනමාධ්‍ය ප්‍රාථමික අවධියේ පැවැති වැඩවසම් යුගයේදීත් පාලකයින්ට "කැමැත්ත" නිර්මාණය කරනු ලැබුවා පන්සල හා පල්ලිය මාර්ගයෙන්. දුටුගැමුණු මහාවංශයේ වීරයා වන්නේද, (ඉතිහාසයේ සිටි දරුණුතම මානව හිමිකම් උල්ලංඝකයකු වන ) පරාක්‍රමබාහු චූලවංශයේ වීරයා වන්නේද එනිසයි.

    /කැමැත්ත නිෂ්පාදනය විද්‍යාවකි. එය කෙතරම් සියුම් ක්‍රියාවලියක් ද යත්, සාමාන්‍ය ජනතාවට සිය කැමැත්ත වෙනකකු විසින් නිෂ්පාදනයකරන ලද්දක් ය යන්න පිළිගැනීම දුෂ්කර යයි සිතේ./

    මේ කියමන අදට වගේම මහාවංශය ලියූ යුගයටත් අදාළයි.

    ReplyDelete
  10. මහින්දට කැමති වුනාට කමක් නැ රෙජි,හැබැයි මිනිහා ලඟ පුළු‍ටු ගඳයිනේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා