සරත් ෆොන්සේකාගේ වැලිකඩ වයික්කාල්, ෆ්‍රෙඩ්‍රිකා ජෑන්ස්ගේ ද්විත්ව රංගන, සළු උනා පෑම් හා දෙපා යටින් කැණෙන වලවල්

(2010 ඔක්තෝබර් 05, W3Lankaකොටි සංවිධානයත්, රජයේ හමුදාත් අතර යුද්ධයේ අවසන් අවධිය නිරීක්ෂණය කරන යාපනය විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ආචාර්යවරු සංවිධානය පවසන්නේ දෙපාර්ශවයට ම යුදමය ආධිපත්‍යය සඳහා යතුර තිබුණේ දක්ෂ යුද මූලෝපායන් තුළ නොව මුළු හිතින් ම පෞද්ගලික බලය හඹා ගිය නායකයන් විසින් සිවිල් වැසියන්ගේ හා සටන්කරුවන්ගේ ජීවිත ආරක්ෂාව එක ලෙස නො තකමින් ගෙන ගිය ක්‍රියාකලාපය තුළ බවයි. (For both parties, the key to military dominance lay not in brilliant strategies, but in an utter disregard for the lives of civilians and combatants alike, driven by their leaders’ single-minded pursuit of personal power.)


යුද්ධය අවසන් විය. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය වූ අතර දේශපාලනමය වශයෙන් දැඩි පසුබෑමකට ලක් විය.


ලංකාවේ ජනවාර්ගික යුද්ධයේ අවසානය මේ අන්දමින් සිදු වීම ඉතිහාසයේ තේරීමකි. අප එසේ කියන්නේ සියලු සිදු වීම් පෙළ ගැසුණේ මෙවැනි අන්තයක් දෙසට යොමු වී බැවිනි. එහි වගකීම යුද්ධයේ දෙපාර්ශ්වය විසින් භාර ගත යුතු ය. 


සාමාන්‍යයෙන් අප කැමති ප්‍රභාකරන්ටත්, රාජපක්ෂ පවුලටත් වගකීම පටවන්නට ය. නැතිනම්, රජයටත්, කොටි සංවිධානයටත් වගකීම පවරන්නට ය. එහෙත්, යුද්ධයේ මෙම පාර්ශ්වකරුවන් දෙදෙනා ම පුළුල් මහජන සහයෝගයක් ලද අය බව අපි අමතක කරන්නෙමු. 


අත් වූ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මහජන වගකීම කුමක් ද? 


පරාජිත පාර්ශ්වයේ පැත්තෙන් ගත් කල, කොටි සංවිධානයට සාකච්ඡා මාර්ගය බිඳ දමා ඔවුන් විසින් ම අවසන් ඊලාම් යුද්ධය ලෙස හඳුන්වන ලද ක්‍රියාමාර්ගයට පිවිසීම සඳහා ආවැඩුවේ කවුරු ද? එහි වගකීම ප්‍රධාන වශයෙන් භාර ගත යුත්තේ දෙමළ විදෙස්ගත ප්‍රජාව ප්‍රමුඛ දෙමළ මධ්‍යම පංතියයි. යුරෝපා රටවල සුවපහසු ජීවිත ගත කරමින් රැකියා කර උපයා එවන මුදලින් ගත් ආයුධ අතින් දරා වන්නියේ තරුණයන් යුද්ධ කර ඊලම දිනා දී පිටරට සිටින ඉංග්‍රීසි උගත් මේ පක්ෂීන්ට පියාඹා පැමිණ වැසීමට රාජ්‍ය යන්ත්‍රයක් තනා දෙනු ඇතැයි ඔවුහු සිහින දුටුව හ. 


එසේ ම සිංහල ජනයා ද ලාංකීය රාජ්‍යයේ ජාතික ආධිපත්‍යය රැක ගැනීමේ අභිලාෂයෙන් සාකච්ඡා මාර්ගයට එරෙහිව දැවැන්ත සටනකට පිළිපන් අතර මහින්ද රාජපක්ෂගේ උන්නතිය, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් පදවියට පත් වීම, සරත් ෆොන්සේකා හමුදාපති වීම, යුද්ධයේ ස්වභාවය, එහි ජයග්‍රහණය හා සුදු කොඩි කතාව හෙවත් යුද අපරාධ චෝදනා ද මෙම පෙළගැස්මේ ප්‍රතිඵල විය. 


සාකච්ඡාමය විසඳුම් යුද්ධය තරම් ම හෝ ඊටත් වඩා දුෂ්කර ය. සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වන අය පළමුකොට ම අවංකව එය කළ යුතු ය. ඉන් අනතුරුව සාකච්ඡා මාර්ගය තුළ දේශපාලනය කළ යුතු ය. එය සියුම්, උපායශීලී, පරිණත දේශපාලනයක් විය යුතු ය. 


ලංකාවේ රජය ද සාකච්ඡා මාර්ගයට පිවිසියේ ආර්ථික වශයෙන් පස්ස බිම ඇනී තිබීම නිසා මිස අවංකව සම්මුතියකට එළඹීමේ උවමනාවෙන් නොවේ. හුස්මක් කටක් ගැනීමට ඉඩ ලද මොහොතේ සිට ම රජය ද සූදානම් වූයේ ඊළඟ යුද්ධයටයි. 


සටන් විරාමය සම්බන්ධයෙන් රජයේත්, කොටි සංවිධානයේත් උපාය මාර්ගය වූයේ එය කඩන්නේ තමන් නො ව අනෙකා බව ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්වීම මිස එය ආරක්ෂා කිරීම හා සාකච්ඡාමය ක්‍රියාවලිය තුළ දියුණු දේශපාලනික ස්වභාවයකින් කටයුතු කිරීම නො වේ. 


ලංකාවේ ජාතීන් අතර දේශපාලන බලය පිළිබඳ ඇති ප්‍රශ්නය රට තුළ විසඳා නො ගෙන ජාත්‍යන්තරය හමුවට ගෙන ගියේ මේ රටේ ම සිංහල හා දෙමළ නායකයන් විසිනි. සටන් විරාමය හා සාකච්ඡාමය ක්‍රියාමාර්ගය නිරීක්ෂණය කිරීමේ වගකීම ඔවුන් වෙත පටවන ලද්දේ ද ලංකාවේ රජය හා කොටි සංවිධානය විසිනි. ජාත්‍යන්තර බලවේගවල ලංකාව සම්බන්ධයෙන් වූ උවමනාවන් ඉටු කර ගැනීම සඳහා මැදිහත් වීමේ ඉඩකඩ විවර කර දෙන ලද්දේ ද ඔවුන් විසිනි. ජාත්‍යන්තර බලවේග තමන්ට තමන්ගේ පාඩුවේ තමන්ට ඕනෑ අන්දමින් යුද්ධය කරන්නට ඉඩ නො දුන් බව ද, යුද්ධයෙන් පසුවත් තමන්ට යුද්ධය කළ ආකාරය පිළිබඳ ප්‍රශ්න මතු කරමින් සිටින බව ද කියමින් හඬන්නේ ද ඔවුහු ම ය. 


සිංහලයන් විසින් ජාතික ආධිපත්‍යය යළි තහවුරු කර ගන්නා ලද ලංකාවේ සිංහල නායකයන් අතර රාජ්‍ය බලය සඳහා ඇති වූ කුළල් කා ගැනීම ද මෙම ‍ඓතිහාසික ක්‍රියාදාමයේ ම ප්‍රතිඵලයකි. එය එක්තරා අන්දමකින් දෙමළ කැරැල්ලට එරෙහි යුද්ධයේ ම දිගුවක් වී තිබේ. මන්ද, යුද්ධය හරහා සිදු වූ දේශපාලන පෙළගැස්ම විසින් අනතුරට පත් කරන ලද බලවේගයක පැවැත්ම පිළිබඳ මාරාන්තික සටනක් මෙහි ඇති බැවිනි. 


මෙම සටනෙහිදී ද සුදු කොඩි රැගෙන පැමිණ යටත් වීමට ඉඩක් ඇති බවක් නො පෙනේ. ප්‍රභාකරන් වෙල්ලමුල්ලිවයික්කාල්හි සිර වුණ අන්දමින් ම සරත් ෆොන්සේකා ද වැලිකඩ වයික්කාල් හි සිර වී සිටියි. එහෙත් මේ යුද්ධය තවමත් අවසන් වී නැත. 


ජාත්‍යන්තර ප්‍රජාව හෙවත් බටහිර බලවත්තු මේ යුද්ධයේත් නිරීක්ෂකයෝ වෙති. රජය පවා අනියමින් එය පිළිගෙන ඇත. මේ දිනවල කොළඹදී සළු උනා පෑමක් සිදු වේ. එයට කවුරුත් කියන්නේ සුදු කොඩි නඩුව කියා ය. එය පැවැත්වෙන්නේ විවෘත අවකාශයක ය. රහසින් කතා කළ බොහෝ දේ දැන් එළිපිට කතා කෙරෙමින් තිබේ. එසේ ම ඒවා ලෝකයට වාර්තා වෙමින් ද ඇත. එපමණක් නො ව අධිකරණය හමුවේ කියවෙන දේ නිල ලේඛන බවට ද පත් වේ. 


පළමු දින නඩු විභාගයේදී රජයේ සාක්කිකාරිය වන ෆ්‍රෙඩ්‍රිකා ජෑන්ස් කර ඇති ප්‍රකාශ ජාත්‍යන්තරයට ලංකාවේ පාලකයන්ට එරෙහිව කරන කටයුතු සඳහා ප්‍රබල සාක්ෂි සපයා තිබේ. ඇය රජයේ සාක්ෂිකාරියක් ලෙස පෙනී සිටින බටහිර ද්විත්ව ඒජන්තවරියක විය හැකි ය. සන්ඩේ ලීඩර් යනු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කොළඹ බටහිර ගැති නව ලිබරල් ධනේශ්වර බලවතුන්ගේ ප්‍රකාශනයකි. 


ෆොන්සේකාට කෙළවීම ප්‍රධාන අරමුණ කරගෙන කටයුතු කරන ලංකාවේ පාලකයන්ට තම දෙපා යටින් තමන් විසින් ම වලක් කපා ගනිමින් සිටින බව නො පෙනේ. 


කවුරු කාගේ ගැටවලට අසු වී තිබේ ද යන්න තවම පැහැදිලි නැත. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. මොකද? මල්ලිලාට දැන් දුකද? ඒකනේ මල්ලී අපි කලින්ම කිව්වේ පොන්නසේකයා ද්‍රෝහියා කියලා..ඌට ඕනැ වුනේ අම්මගෙ රමන ගැන කියලා හරි මහින්දටයි ගෝඨටයි කෙලවන්න, උඹ ඔය කියන විදිහට රට ගැන වත්, සියුම් දේශපාලන භාවිතය ගැනවත් (ඒක කළුද සුදුද කියලවත් ඌ දන්නෙ නැතුව ඇති) ඌ හිතුවෙ නෑ..ඒ වගේ එකෙකුට ද්‍රෝහියෙක් කියන්නනැතුව වෙන මොනා කියන්නද? ඔය වගේ උන්ට වෙන රටවලදි හම්බෙන දඩුවම තමයි සදාම්ට හම්බුනෙ. ලංකාව මුන්ට හොඳ වැඩියි.

    ReplyDelete
  2. /කවුරු කාගේ ගැටවලට අසු වී තිබේ ද යන්න තවම පැහැදිලි නැත./

    ඉතාම පැහැදිළියි. නමුත් තව දුරටත් මේ කාරණා කතා කර මගේ කාලය නාස්ති කර ගැනීමට කැමැති නැති නිසා නිහඬ වෙනවා.

    ReplyDelete
  3. /*කවුරු කාගේ ගැටවලට අසු වී තිබේ ද යන්න තවම පැහැදිලි නැත.*/

    ෆෙඩ්රිකා ගේ ගැටයකි. ඇය සට කපට හැහැනියකි.සරත් මහත්තයාට විපක්ෂය කල විනාශයට වඩා විනාශයක් ෆෙඩ්රිකා රටටත්,වීරෝදාර රණ විරුවන්ටත් පොදුවේ ඈට රැවටී සිටින සියලු දෙනාට කරනු ඇත. තමං ආදරය කල, සන්තකයේ තිබූ වටිනාම වස්තුව වූ සිය ස්වාමියා මරා දැමු පළිය ඇය වෘත්තීය මය ලෙස ගනිමින් සිටී. ඒ සදහා ඇයට වෙනත් කිසිදු දෙයක වටිනාකමක් දැනේ,පෙනේවි යැයි සිතිය නොහැක.

    ReplyDelete
  4. ඔය දෙවල් ගෑන හොඳ පෙහෑදිලි කිරීමක් මෙතන් තියෙනව ගිහින් බලන්න http://ctkumara.blogspot.com/2010/10/blog-post_05.html

    ReplyDelete
  5. "තමං ආදරය කල, සන්තකයේ තිබූ වටිනාම වස්තුව වූ සිය ස්වාමියා මරා දැමු පළිය ඇය වෘත්තීය මය ලෙස ගනිමින් සිටී."

    Who was Fredrika's husband? or are you talking about Sonali (Lasantha's wife) with Fredrika?

    ReplyDelete
  6. ඔය සුදු කොඩි කතා ඇත්තද බොරු දැයි අපි නොදනිමු නමුත් ෆොන්සේකා මහතාගෙන් පළිගැනීමේ පරම චේතනාවෙන් ද ජනාධිපතිවරනයේ දී ජනතාවගේ අවේගයන් අවුස්සා ඡන්ද කඩාගැනීමේ අරමුණින් ද සන්ඩේ ලීඩර් පුවත පළ වූ දිනට පසු දින සිටම රට වටා පෝස්ටර් ගසමින් පවාදුන්නා පවාදුන්නා යැයි කෑගසමින් එම කතා ඇත්තක් බවට හරවා ගත්තේ ආණ්ඩුවේ ඇත්තෝමය දැන් ඔවුන්ම අත පුච්චාගෙන දනවෝ දනවෝ යැයි කෑ ගසති. කන්නට ඕනෑ වූ විට කබරගොයාත් තලගොයා කරගන්නන් මිස රට ගැන හිතන්නන් අද මෙරට දේශපාලනයේ නැත.

    ප.ලි.
    ජනරාල් තුමාට අත්වූ ඉරණම ගැන සතුටු වන්නෝ ප්‍රභාකරන්ටත් වඩා පහත් පුද්ගලයන් බවද කිව යුතුමය.

    ඡන්දදායකයෙක්

    ReplyDelete
  7. "ෆොන්සේකාට කෙළවීම ප්‍රධාන අරමුණ කරගෙන කටයුතු කරන ලංකාවේ පාලකයන්ට තම දෙපා යටින් තමන් විසින් ම වලක් කපා ගනිමින් සිටින බව නො පෙනේ."
    ඉහත කෙළමෝලෙන් ඇන්නද කිරිබත් මතින් පෙළෙන්නවුන්ට නොදැනේ.

    ReplyDelete
  8. \\\ෆොන්සේකාට කෙළවීම ප්‍රධාන අරමුණ කරගෙන කටයුතු කරන ලංකාවේ පාලකයන්ට තම දෙපා යටින් තමන් විසින් ම වලක් කපා ගනිමින් සිටින බව නො පෙනේ.\\
    කොහොම වෙතත් මේ කියමනේනම් ගතයුත්තක් තියනවා.

    ReplyDelete
  9. කැකිල්.ලේOctober 6, 2010 at 12:25 AM

    මහින්දට ප්රභාකරන්ව නැති කරන්න තිබුන අවශ්‍යතාවයට වඩා වැඩි අවශ්‍යතාවයක් ‍ජනරාල් ෆොන්සේකාව නැති කිරීමට ඇති බව
    සුපැහැදිලි කරුණකි. ඒත් එකක් ඔහුට(මහින්දට) අමතක වී ඇති බව පෙනේ... සෑම ගතවෙන මොහොතක් පාසාම මහින්දගේ ගිණුමේ
    ඇති ලකුණු කැපී සොහොන් ලකුණු මතුවන බවකි. ප.ලි( මහින්ද ඉතා නුදුරුදිනකම ෆොන්සේකාට සමාව දෙනු ඇත. මන්ද යත්
    ෆොන්සේකා හිරේ දැමීම මහින්දට සිදුවූ ගණන් හිලව් පැටලැවීමකි.. ඔහුට දැන් එය තේරුම් ගොස් ඇත, නමුත් ගිණියම් වූ යකඩයක්
    අල්ලා එලියට විසිකිරීමට සුදුසු උපකරණයක් මහින්දට හමුවූයේ නැත.. )

    ReplyDelete
  10. I had second thoughts and did this.

    Is Frederica Jansz a double agent? (and other related questions) | ෆ්‍රෙඩෙරිකා ජෑන්ස් ද්විත්ව රංගනයකද? (සහ තවත් ගැටළු)

    http://taboosubjects.wordpress.com/2010/10/06/190

    ReplyDelete
  11. @කැකිල්.ලේ මහින්ද ෆොන්සේකා ද්‍රෝහියට කවදා හෝ සමාවක් දුන්නොත් අපි නීතිය ගැන තඹේකටවත් මායිම් නොකරන්නෙමු. සෑම අවජාතක වැඩක්ම කර රටට කෙලවා සාමාව ලබා ගත හැකි නිසාවෙනි.

    ReplyDelete
  12. කැකිල්. ලේOctober 7, 2010 at 5:47 AM

    ඈ‍බොල අනියෝ!!! මා දන්නා තමරමින් ජනරල් සරත් ෆොන්සේකා තෝපිට ද්රෝහියා උනේ තොපි අදහන, නමස්කාර කරන,
    කඩේ යන,පක්කිලි සේවය සපයන පක්ෂය බලයට ඒම වැලැක්වීම පිනිස නීතියානුකූලව ජනපති වරණයට ඉදිරිපත් වීම මිස,
    තිස් වසරක සාප ලත් යුද්ධය නිම කිරීමද? එසේ නැතිනම් රටේ සම්ප්රදායික නීතියෙන් තවමත් විභාග වන, නොකල සුදුකොඩි
    කථාවකටද? එසේත් නැත්නම් තගේ මෑනියන් වහන්සේ නිදියහනට පිලිපන් මොහොතේ , ඇයගේ යහන් ගැබට බලහත් කාරයෙන්
    වැද, ඈ කෙලෙසීම නිසා ඇතිවූ ඝර්භයෙන්, තා වැනි ගොන් ඇනියෙකු මේ ලොවට ජනිතවීම මත දැයි මා නොදනිමි.. එසේ වූ
    වේනම් තා හට සරත් ෆොන්සේකා ද්රෝහියෙකු වීම පිලිබද සාධාරනවූද, යුක්තිසහගත වූද ‍ද්වේශයක් නැතුවා නොවන්නේය.
    තා වැනි ගොන් ඇනියන් මෙසේ වලිප්පුව සෑදී දොඩවනු විනා රටට, ජාතියට කලවූ අන් මෙහෙයක් නොමැත්තේය.

    ReplyDelete
  13. @ කැකිල්ලේ - ලංකාව යුද්ද අපරාද කොලා කියල කිවුවේ පොන්සේකගෙ ඩමිය වෙන්න ඇතිනේද බොලවු?

    ReplyDelete
  14. jaathiya paawadun drohinta samawa nodenu!

    ReplyDelete
  15. මම හිතන්නේ ජෙනරල් තුමාට සිදු කල මේ අපරාධයට සතුටු වන ඇනියන් ෂුවර් එකටම සිංහල කොටි වෙන්න ඕන ඒ කාලේ ඓහෙම එවුනුත් හිටියනේ තාමත් උන්ගේ හෙවනැලි තියෙනවා මට පේන හැටියට.

    ReplyDelete
  16. @සමිත

    උඹට පේන හැටි නෙමෙයි බොල සැබෑවටම ඉන්නවා....අපේ වීරෝධාර රනවිරුවන් බොරු චෝදනා දාලා යුධාදිකරණ කරන වලට ගෙනහිල්ල ඔවුන්ට විරුද්දව සාක්ෂි දෙන්න සූදානම් උනෙත් උන්ම තමයි...එහෙම එකෙක් තමයි දැන් මහ උළු ගෙදර දාල තියෙන්නේ පොල් ලෙලි තලවන්න.

    ReplyDelete
  17. @Anonymous

    ආ මේ ඉන්නේ සිංහල කොටියෙක් ඒකනේ මුන් වාගෙ හරක්ට අච්චර විනාසයක් කරපු කරුණල කේපීල වීරයො වෙලා තියෙන්නේ ජෙනරල් ගෙ අගයක් නොපෙනෙන්නේ. මුන් වගේ නිහීන,තුච්ච, බත් බැලයො ඉන්න රටකට දෙයියොවත් බලයි ද මන්ද....

    ReplyDelete
  18. පරාක්‍රම න්නිපිටිය නිදහස් කරන්න කියල මොකෙක්වත් හඬ නගන්නෙ නැත්තෙ ඇයි?

    ReplyDelete
  19. @Anonymous
    කවුරුවත් එයා හිර කරගෙන නො ඉන්න නිසා

    ReplyDelete
  20. hira karan nathi wunaata ballek wage nilayen paha karalane inne. eka kale ube maha loku genaralayaa. ekayi parakum puke angilla gahagena sadhdha nathiwa inne

    ReplyDelete
  21. About Parakrama Pannipitiya why dont you read the past papers ? He was caught by Police while digging for treasure and was remanded while in service.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා