පත්තර විකුණන අලුත් ම උපාය: පාසල්වල බ්ලැක් ලයන් මාෆියා ඇති බව කීම | Black Lions: the latest sales gimmick of newspaper industry of Sri Lanka

ලංකාවේ ඡායාරූපයක් නො වේ.
(2010 ඔක්තෝබර් 30, W3Lankaපාසලක ක්‍රියාත්මක වන බව කියන බ්ලැක් ලයන් නම් කල්ලියක් පිළිබඳ දැවැන්ත ප්‍රචාරයක් ප්‍රධාන ධාරාවේ පුවත්පත් කීපයක් විසින් ආරම්භ කර තිබේ.


මෙම ජනමාධ්‍ය විසින් කරමින් තිබෙන්නේ ඉතා සුළු තොරතුරක් හෝ ප්‍රබන්ධයක් හෝ අතිශයෝක්තියට නඟා ප්‍රචාරය කරමින් භීතිකාවක් නිර්මානය කිරීමයි.


බ්ලැක් ලයන් කල්ලිය පිළිබඳ ලිපියක් මුලින් ම ගිය සතියේ ඉරිදා ලංකාදීප පුවත්පතේ දක්නට ලැබුණු අතර, එය ජනප්‍රිය වීමත් සමග මේ සතියේ දිවයින පුවත්පත ද බ්ලැක් ලයන් වලිගය අල්ලාගෙන තිබේ.


දිවයිනේ ලිපියට සබඳතා පුරුක මෙන්න.


මෙවැනි කල්ලියක් පාසලක තිබෙන බව දන්නේ නම් මුලින් ම කළ යුතුව තිබෙන්නේ ඒ පිළිබඳව පාසලේ පරිපාලන හා විනය අංශ වෙත ඒ පිළිබඳව සොයා බලන ලෙස දැන්වීමයි. නැතිනම් පොලිසියට පැමිණිලි කිරීමයි. අවශ්‍ය නම්, රහස් පොලිසිය හෝ යොදවා පරීක්ෂණයක් පැවැත්විය හැකි ය. පත්තරකාරයන් කියන හැටියට එතරම් රහසිගත සංවිධානයක ස්වරූපයක් දක්නට නැති මෙම සංවිධානය පිළිබඳ තොරතුරු සොයා ගැනීමට පොලිසියට පැයක්වත් ගත විය නො හැක.


එහෙත්, මෙම සංවිධානය ගැන දන්නා බව කියන පුද්ගලයෝ පිරිසක් එසේ නො කර ජනමාධ්‍ය වෙත ගොස් තමන් දන්නා ඕපාදූප ටිකට අතින් පයින් ද තවත් දේ දමා පත්තර පිටු පුරවති. ඇතැම් විට කිසිදු සම්බන්ධයක් නැති ඡායාරූප පවා ඒ සමග පළ කරනු දක්නට ලැබේ. නිදසුන් සඳහා පසුගිය සතියේ ඉරිදා ලංකාදීප බලන්න.


මේ වනාහි නිවේදකයන් පත්තරය තමන්ට ඕනෑ හැටියට රූපවාහිනියෙන් කියවන යුද්ධයක් නැති අලුත් ශ්‍රී ලංකාවේ ලාභ අඩු වී තිබෙන පුවත්පත් සිය අලෙවිය වැඩි කර ගැනීම සඳහා යොදා ඇති අලුත් ම උප්පරවැට්ටිය බව අපි යෝජනා කරමු. දැන් ඉස්සර මෙන් පුනරුත්පත්ති කතා එතරම් හොඳින් අලෙවි නො වන නිසා මොවුන්ට නව ක්‍රම සොයා ගැනීමට සිදු වී ඇත. 


ඔවුන් විසින් අල්ලා තිබෙන්නේ හොඳ නාඩියකි. ලංකාවේ පාසල් වියේ දරුවන් ජීවත් වන අනාරක්ෂිත වටපිටාව තුළ ආතතියෙන් දවස ගෙවන දෙමව්පියන් බිය වැද්දීමට මෙය ඉතා හොඳ උපායකි. 


මේ ප්‍රචාරය හේතුවෙන් හෙට අනිද්දා වන විට ලංකාවේ පාසල්වල බ්ලැක් ලයන්ලා, බ්ලැක් ටයිගර්ලා ආදී විවිධ කල්ලි බිහි වන්නට හෝ බිහි වී ඇති බවට කටකතා පැතිරෙන්නට ඉඩ තිබේ. මේ පුවත්පත් කියවන ගැටවර වියේ නිර්මානාත්මක හා නිර්භීත ළමුන් ඇත්තෙන් ම මෙවැනි කල්ලි අත්හදා බලන්නට ඉඩ තිබේ. 


පාසල් වියේ දරුවන් අතර හැමදාමත් සම වයස් කණ්ඩායම් ගැසීම් තිබිණි. මේ පුවත්පත් විසින් ඒවාට නව ප්‍රචණ්ඩ හැඩරුවක් හඳුන්වා දී ඇත. ලංකාවේ පවතින, නීතියේ පාලනයෙන් තොර තත්වය හා පාලනයේ තිබෙන මාෆියා ස්වරූපය හමුවේ මෙම ආකෘතිය විශේෂයෙන් ම නව යොවුන් වියේ දරුවන් අතර ජනප්‍රිය වන්නට ඉඩ තිබේ. 


ජනමාධ්‍යවලට හොද්ද බොර කර ගැනීමට මෙය හොඳ මාර්ගයකි. පාසල්වල සිසුන් අතින් එදත් සිදු වූ, අදත් සිදු වන වැරදි හෙට සිට මාෆියා කල්ලි විසින් සිදු කරන අපරාධ ලෙස හදුන්වා ප්‍රවෘත්ති නිර්මානය කළ හැකි ය. 


මොවුන් මේ සෙල්ලම් කරනුයේ අනාගත පරම්පරාවල ජීවිත මතිනි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. 1) ගම්පහ තක්සලාවක්ම බිලිගත් බ්ලැක් ලයන් මාෆියාව
    http://www.rivira.lk/2010/10/10/vishesha4.htm
    2) රිවිර අනාවරණයෙන් පසු ගම්පහ තල්සලාවක 10 දෙනෙක්ට මාරු
    http://www.rivira.lk/2010/10/17/puwath4.htm
    3) ගම්පහ මාෆියා කල්ලි ගැන විශේෂ පරීක්ෂණ
    http://www.rivira.lk/2010/10/17/puwath5.htm
    4) ගම්පහ පාසලක තවත් මැර සිසු කල්ලියක්
    http://www.rivira.lk/2010/10/31/puwath4.htm

    ReplyDelete
  2. /බ්ලැක් ලයන් කල්ලිය පිළිබඳ ලිපියක් මුලින් ම ගිය සතියේ ඉරිදා ලංකාදීප පුවත්පතේ දක්නට ලැබුණු අතර/
    ගිය සතියේ නෙවෙයි මුලින්ම තිබුනේ රිවිර පත්තරේ 10 වෙනිදා.....

    ReplyDelete
  3. පත්තර විකිණෙන කොට පැරකුම් ඉරිසියාවෙ පැලෙනව. පැලෙන්නෙ නැතුව පත්තරයක් කරල හම්බ කර ගනින් කො!

    ReplyDelete
  4. Kohoma unath me rate minissu umbe oya kakki blog ekata wediya nam paththara kiyawanawa

    ReplyDelete
  5. Anonymous hari,modayo inna rataka kelepattara ( ada bohomayak puwatpath)kiyawanane netuwa monawa kiyawannada.

    ReplyDelete
  6. @Samanඑක්තෝබර් 10 දින රිවිර ලිපිය අපි කියවා තිබුණේ නැත. ඒ අනුව මෙම මාධ්‍ය මෙහෙයුමේ මාතෘ ලිපිය එය බව පෙනේ. පසුව පළ වූ ලිපි මෙම ලිපිය ඇසුරින් සකස් කළ ඒවා යයි සිතිය හැකි ය. ඒවාට වඩා මෙම ලිපිය මධ්‍යස්ථ ය. එහෙත් අප කියන කරුණු රිවිරට ද අදාළ ය.

    ReplyDelete
  7. එතකොට පැරකුම් සමීක්ෂණයක් කරලද මේ තොරතුරු බොරු කියල හොයා ගත්තෙ? කියන්නකෝ අපටත් ඒ සමීක්ෂණය ගැන විස්තර? පැරකුම් ඒ සඳහා යොදාගත් පාසල් මොනවාද? කවුරු එක්කද සාකච්ඡා කළේ? සිසුන් කී දෙනෙක්, ගුරුවරු විදුහල්පතිවරු දෙමාපියන් කීදෙනක් ඉන්ටවිව් කළාද? අපි අහන්න මොකද අපි දන්නව මේ මාධ්‍යකාරයො වගේ නිකම් හිතට ආපු දේවල් කියල දාන කෙනෙක් නෙවේ පැරකුම්. හොඳට හොයල බලල විද්‍යාත්මකව කතා කරන්නෙ. ඒ නිසා කරුණාකර ඒ විස්තර සපයන්න.

    ReplyDelete
  8. ජනතාව චන්දෙ දෙන දේශපාලකයන්ව ආදර්ශයට අරගෙන තමයි ළමයි මේ දේවල් කරන්නෙ. මේ තත්වෙට වගකියන්න ඕන මෙ මෝඩ ජනතාවම තමයි.

    ReplyDelete
  9. මාෆියා කල්ලි හදාගෙන ඉන්න මර්වින් වගෙ මැරයන්ට ලක්ශ ගනන් මනාප හම්බවෙලා වීරයෝ වෙනකොට පොඩි එවුන්ටත් ආසා හිතෙනව ඒ විදිහෙ වීරයෝ වෙන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා