සරසවි මුදා ගැනීමේ මානුෂික මෙහෙයුමට පෙර | Before the humanitarian operation to liberate universities of Sri Lanka

(2010 ඔක්තෝබර් 19, W3Lanka) පසුගිය මාස දෙක තුළ සරසවි සිසුන් 176ක් පංති තහනමට ලක් ව ඇති අතර තවත් සිසුන් 27ක් රිමාන්ඩ්භාරයට පත් ව ඇති බව වාර්තා වේ. 


රජයේ හා රජයට ගැති ජනමාධ්‍යත් විවිධ සංවිධානත් මුළු ජවයෙන් ම උත්සාහ කරමින් සිටින්නේ සරසවිවල කැළඹීම්වලට හේතුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනික උවමනාවන් මත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සිසුන් නො මග යවමින් සිටීම බව පෙන්වා දීමටයි.

ජනයා හැසිරවීම (manipulation) දේශපාලනයේ ප්‍රධාන අංගයකි. ජවිපෙ සරසවි සිසුන් සියුම් ලෙස හැසිරවීම හා ජවිපෙ විසින් සරසවි සිසුන් නො මග යවමින් තිබේ යයි කියමින් රජය  එම ශිෂ්‍ය අරගල මර්දනය කිරීම සඳහා ජනතා සහයෝගය ඉල්ලා සිටීම ද එක ම අන්දමේ දේශපාලන හැසිරවීම් වේ.


දේශපාලකයන්ට ජනතාව යනු මූර්ති ශිල්පියාට මැටි මෙන් තමන්ට ඕනෑ අන්දමින් අඹා ගත හැකි අමු ද්‍රව්‍යයකි. ජනතාවගෙන් බහුතරය මැට්ටන් වූ විට ඔවුන්ගේ කර අඹවාගෙන තමන්ගේ කුඹුරු හා ගැනීම දේශපාලකයන්ට පහසු වේ. කොයි දේශපාලකයාත් කරන්නේ එයයි. ලංකාවේ දේශපාලනය යනු බුද්ධිමත් ජනතාවක් සමග කරනු ලබන්නක් නො වන නිසා ජනතාවගේ පාර්ශ්වයෙන් බුද්ධිමත් හැසිරීම් අපේක්ෂා කළ නො හැකි ය.



විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම භූමියට බලෙන් කඩා වැදීම සඳහා සිසුන් බලෙන් ගෙන ආ නො හැකි ය. එහෙත් එන්නට ඔවුන් පොළඹවා ගත හැකි ය. රජයට ඕනෑ නම් ඔවුන් නො එන්නට පෙළඹවිය හැකි ය. ඇත්ත ම කීවොත් එය අමුතුවෙන් කරන්නට ඕනෑ නැති තරමින් අධ්‍යාපනය, ජනමාධ්‍ය ආදිය හරහා සමස්ත සමාජය ම පොළඹවා තිබෙන්නේ පොදු ප්‍රශ්නවලට පොදුවේ විසඳුම් සොයනවා වෙනුවට, අනෙකා පාගාගෙන හෝ තමන් ගොඩ යා යුතු ය යන පටු ආත්මාර්ථකාමිත්වයට ය. එහෙම තිබෙද්දී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට සරසවි සිසුන් මෙසේ අරගලවලට යොමු කිරීමට හැකි වීම සුළු දෙයක් නො වේ. එය නායකත්වයේ දක්ෂකමකි. එසේ ම, රජය මාධ්‍ය හරහා කරන මවා පෑම් කෙසේ වෙතත්, ජනතාව ඉන්නේ තදබල අසහනයකින් බව ප්‍රකාශ කරන කැඩපතකි.

සියලු ජන අරගල සම්බන්ධයෙන් කොටි සංවිධානයට එරෙහිව දියත් කළ උපක්‍රමය ම යොදා ගත හැකි යයි ආණ්ඩුව කල්පනා කරමින් සිටින බව පෙනේ. ඒ අනුව, ආණ්ඩුව කියන්නේ සරසවි සිසුන් අතර සිටින ජවිපෙ ක්‍රියාකාරිකයන් ඔවුන් නො මග යවමින් ප්‍රචණ්ඩත්වයට පොළඹවන නිසා ඔවුන් සොයා, අල්ලා, මර්දනය කළ යුතු බවයි. ඔවුන් විසින් නො මග යවනු ලැබ තිබෙන සරසවි සිසුන් ඔවුන්ගෙන් මුදා ගත යුතු බවයි. 


ඒ අනුව, ඊළඟ පියවර මොනවාද යන්න පැහැදිලි ය. එනම්, උදුල් ප්‍රේමරත්නගේ සිට අන්තරේ නායකයන් හා ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් මර්දනය කිරීමයි. 

මේ තත්වයට ජවිපෙ මුහුණ දෙන්නට යන්නේ කෙසේ ද යන්න මත ප්‍රතිඵලය තීරණය වේ.  කොටි සංවිධානය මෙන් බාහිර සාධක නො තකා හැර යුද්ධයෙන් ම ඉදිරියට යන්නට සිතනවා ද? නැතිනම්, පයක් ආපසු තබමින් සිසුන් අතර තම ස්ථාවරත්වය රැක ගනිමින් දීර්ඝකාලීන ජන අරගලයක් සඳහා ශිෂ්‍ය ප්‍රජාව රැක ගන්නවා ද? 



පැරණි උපායන් හරි නො යන බව ද, ශිෂ්‍ය ප්‍රජාව අතර ජවිපෙ නායකත්වය පරාජය වන බව ද ආණ්ඩුවේ කේවට්ටයෝ පවසති. මෙතෙක් ආ ගමන ගැන උදම් වෙමින් ඒවා අළුයම ලූ කෙළ පිඬු සේ බැහැර කිරීමේ ප්‍රවණතාවක් ජවිපෙ හා ශිෂ්‍ය නායකයන් අතර දක්නට ලැබේ. 


ආණ්ඩුවේ බමරය හැමදාම වැල්ලේ කැරකෙන්නේ නැත. ජනතාව ඒ බව ඔප්පු කළ යුතු ය. එහෙත්, තදියම හා ගිනිපුක් ගාය විසින් ආණ්ඩුවට තවත් වාසියක් ලබා දීමට ඉඩ තිබේ. ඒ ගැන ජවිපෙ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ය.


ආණ්ඩුව දැන් සැරසෙමින් සිටින්නේ සරසවි මුදා ගැනීමේ තවත් 'මානුෂීය' මෙහෙයුමක් ආරම්භ කිරීමටයි. සරසවි සිසුන් ඒ 'මානුෂීය' මෙහෙයුමේ අවතැන් වන්නි වැසියන්ගේ කාලකන්නි ඉරණමට ඇද වැටීම වැළැක්වීම අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ හා ජවිපෙ වගකීමකි.


සටන් කළ යුතු ය. එහෙත් ඉක්මණින් සටන් කර සටන් අවසන් කරන්නට බැරි ය.


Bookmark and Share Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. අනේ...පවුනේ...ජේවීපී කාරයො හරි පවු,නොකල වැරදි වලට ආණ්ඩුවෙන් බැනුම් අහනව නෙ.ආණ්ඩුවෙන් ලමයි බේරා ගැනීම අන්තරෙයි,ජේවීපියෙයි වගකීමක්ලූ,උදේ පාන්දරම ලේටික පිරිසිදු උනා.
    ජීවිතේ එක දවසක් හරි ලංකාවෙ කැම්පස් එකකට ගියා නන් තේරෙයි...ට්‍රයි එකක් දාල බලනව,කවද හරි ජේවීපී එක බලයට ආපුදවසක කැන්ටිමේ ටෙන්ඩරයවත් අල්ල ගන්න.

    ReplyDelete
  2. Absolutely right..

    We dont want another era that we suffered ..
    Both sides please use your brains.
    Dont do such a foolish thing to our children.

    My generation had enough.While uni. students started it comes down to schools ..Those days we had no hope.
    Medical students who fought against PMC.. Where are they now....
    People have money can go abroad come and sit for ACT 16 ..work same as GOV medical docs..
    Whats wrong to open PMC in Sri Lanka..
    While we were very young didnt realise this.
    Everybody want our country to be a Singapore.But how?????
    JVP.. dont ruin our kids.. GOV..act properly..you cant survive long over the victory of war..people in SL very forgetful anyway.
    Appointments should be given open and properways.
    Dont make big mistakes that opportunistics can use to destroy our children.
    I am not belonging to any polytical party..but voted for current President.. hoping a better country (though still cant see a better replacement)..really dont like some clowns taking this GOV to same paths which we traveled enough and had enough
    Young students please be careful...Use your brains.. Listen to your parents ..eldor brothers n sisters not for your seniors which spoiled by polytics ..they will do better in future after ruining you ,,we saw that.
    We got to save our life hardly..

    ReplyDelete
  3. "/සරසවි සිසුන් ඒ 'මානුෂීය' මෙහෙයුමේ අවතැන් වන්නි වැසියන්ගේ කාලකන්නි ඉරණමට ඇද වැටීම වැළැක්වීම අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ හා ජවිපෙ වගකීමකි./" :) :) අදෝමැයි...අදෝමැයි.... :) :)

    ReplyDelete
  4. බලනකොට ජේ. වී. පී. එකේ ඉන්නේ බබ්බුනේ...(ආණ්ඩුවේ වැඩපිළිවෙල නිවැරදියි මෙයින් අදහස් නොකෙරේ.. එහෙත් විශ්ව විද්‍යාල තුල අන්තරේ (=ජේ. වී. පී.) ඒකාධිකාරය නැති කල යුතුය.)

    ReplyDelete
  5. "ඒ අනුව, ඊළඟ පියවර මොනවාද යන්න පැහැදිලි ය. එනම්, උදුල් ප්‍රේමරත්නගේ සිට අන්තරේ නායකයන් හා ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් මර්දනය කිරීමයි"

    උදුල් ප්‍රේමරත්න "සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරී" වුනේ කවද ඉඳන්ද බොල? ඒකව ඩෙන්ටල් එකෙන් දොට්ට දාලනේ? අනික ඕකුන් මර්දනය නොකර හරස් අතට දාලා නළවන්නද කියන්නේ?

    ReplyDelete
  6. සරසවි අධ්‍යාපනය විනාශ කරන, ලමයින්ගේ මොල කුරුවල් කරන එවුන් නැතිබන්ගස්තාන කරලම දාන්න ඕනා...ඒකට අපගේ සම්පූර්න සහය රජයට!

    ReplyDelete
  7. ආන්ඩුවට විරුද්ද හැමෝම නැතිබන්ගස්තාන කරලම දාන්න ඕනා...ඒකට අපගේ සම්පූර්න සහය රජයට!

    ReplyDelete
  8. all professionals migrate soon, SL is ruining, u wont have a good future here

    ReplyDelete
  9. අන්තරේ ගැන මකරා ලිව්ව හොඳ ලිපියක් කියවලාම බලන්නකෝ

    http://status-chanaka.blogspot.com/2009/08/blog-post_26.html

    ReplyDelete
  10. ආන්ඩුවට විරුද්ද හැමෝම නැතිබන්ගස්තාන කරලම දාන්න ඕනා කියන ස්ථවරයේ මම හිටියේ නෑ..ඉන්නෙත් නෑ ඒත් සරසවි අධ්‍යාපනේ විනාශ කරන, කඩා කප්පල් කරන මේ වගේ අපතයන්ව කම්බස් කරල දාන්නම ඕනා...ඒක අපේ සිසුපරපුරට (වර්තමාන හා අනාගත) කරන මහත්ම වූ සේවාවක්! ඒ සඳහා රජය ගන්න ඕනෑම තීන්දුවකට අපි රජයත් එක්ක ඉන්නවා.....

    ReplyDelete
  11. ඔව් ඔව් ටයර් වල දාල පුච්චමු.

    ReplyDelete
  12. ජවිපෙ සරසවි සිසුන් සියුම් ලෙස හැසිරවීම හා ජවිපෙ විසින් සරසවි සිසුන් නො මග යවමින් තිබේ යයි කියමින් රජය එම ශිෂ්‍ය අරගල මර්දනය කිරීම සඳහා ජ...නතා සහයෝගය ඉල්ලා සිටීම ද එක ම අන්දමේ දේශපාලන හැසිරවීම් වේ.
    JVP is the puppet master..That is a fact..My opinion is public should get involve in this..as they are paying for the education..

    එහෙම තිබෙද්දී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට සරසවි සිසුන් මෙසේ අරගලවලට යොමු කිරීමට හැකි වීම සුළු දෙයක් නො වේ. එය නායකත්වයේ දක්ෂකමකි.
    There are some leadership qualities in them..but its good for nothing.. All what they are doing is a political contract from JVP.. I know this one as a fact as well...One of my class mates was a student leader of IUSF some years ago..I heard a lot from him

    එනම්, උදුල් ප්‍රේමරත්නගේ සිට අන්තරේ නායකයන් හා ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් මර්දනය කිරීමයි.
    If this is what government going to do..I'm totally with them..don't harm the innocent undergrads..These guys are the real menace inside the unis..so get rid of them..anyway there is no point of keeping people like Udul as students..he will never graduate..will go into JVP politics like the past conveners..No harm to these guys..JVP will take care of them...But others will be screwed..so its timely to get rid of this bunch and let others study..

    I'm talking with my experience..not depending on government media reports..

    ReplyDelete
  13. jvp eka ithin kohomath anunge kunu hoyapu eka thama kale....dan ekata wale wal na!api katawath nobana api ratata deyak kaloth thama rata issarahata yanne....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා