අරාබියේ මෙන් ලංකාවේත් බ්ලොග් ආණ්ඩුවේ ලියාපදිංචි කරන්න යෝජනා එයි ද? | Will Sri Lanka propose registration of blogs?

(2010 සැප්තැම්බර් 28, W3Lanka) සවුදි අරාබියේ සංස්කෘතික හා තොරතුරු ඇමතිවරයා පසුගිය දිනෙක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සියලු සවුදි අරාබියානු අන්තර්ජාල ප්‍රකාශකයන් සහ ඔන්ලයින් ජනමාධ්‍ය ලියාපදිංචි විය යුතු බවයි. ලියාපදිංචිය අවශ්‍ය ඒවා අතරට බ්ලොග් සහ සංසද හෙවත් ෆෝරම් ද අයත් වුණා. 


මේක ලංකාවේ ලොකු ලොක්කන්ට ආරංචි වුණ හැටියේ අපටත් මේක හොඳ නැද්ද කියා සාකච්ඡා කරන්න ඇති. ලංකා‍ව ඉතින් ලෝකෙ ඕනැ තැනකින් එන ඕනෑම නරක දෙයක් භාර ගන්න සූදානම් නේ. හිතන්න බැරි විහිළු පවා මෙහි ඇත්ත වෙලා තියෙනවා‍ නේ. 


ඉතින් ලංකාවේ මෙහෙම නිවේදනයක් නිකුත් වුණා නම්, පසුවදා සිට ප්‍රධාන ජනමාධ්‍ය පෙන්වා දෙන්න පටන් ගන්නේ මෙම පියවරේ හොඳ ම තමයි. ලංකාවේ බහුතරයක් ජනමාධ්‍යකරුවන් කියන්නේ රජ පවුල රෙද්ද පෙන්නුවා ම කපලා, මහලා, රජ පවුලේ ඉස්ටැයිල් එක නිසා අඳින්න ලෝබ වෙලා, හොඳට පේන්න කෝටුවක අමුණාගෙන ලස්සනට ඔලුවට ඉහළින් අල්ලාගෙන සුපුරුදු පරිදි හෙලුවෙන් පාරේ යන කට්ටියක් නේ. 


බ්ලොග් පවත්වන් යන්නේ කොටින් විසින් ය කියාත්, මේ බ්ලොග්වල අසභ්‍ය ලිංගික දර්ශන තිබෙන බවත් කියන්න පටන් ගන්නවා. ඊට පස්සෙ ලංකාවෙ මිනිස්සුන්ගෙන් මළ කරදරේ බ්ලොග් එකක් පෙන්නන්න කියලා. මේ සන්තෑසිය පසුගිය දිනවල ෆේස්බුක් ගැන ලංකාවේ පත්තරවල ගිය වාර්තා නිසා සිදු වුණා. ලංකාවේ සමහර පිරිමි හිතාගෙන ඉන්නෙ ෆේස්බුක් කියන්නේ සංසර්ගය සඳහා ගෑනු සෙට් කර ගන්න ම තියෙන එකක් කියලා. 


ගෑනුන්ට ගල් ගහලා මරන රටක් වුණත් අරාබියේ රජයේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරට එරෙහිව දැඩි විරෝධයක් මතු වුණා, සවුදි අරාබියෙන් වගේ ම පිටිනුත්. ඒ විරෝධය නිසා පසුවදා ම නිවේදනය වෙනස් කරන්න ආණ්ඩුවට සිදු වුණා. 


මෙම විරෝධය නිසා අරාබි රජය පසුවදා ම නිවේදනය කළා, මෙම ලියාපදිංචිය බ්ලොග් සහ සංසදවලට අදා නැති බව හා අදාළ වන්නේ විද්‍යුත් පුවත්පත්වලට පමණක් බව. 


ලංකාවේ නම් කියයි, ප්‍රකාශනයේ නිදහස, ප්‍රජාචන්ත්‍රවාදය කියන්නේ බටහිර, එන්ජීඕ සංකල්පයක් ය කියලා. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. මදෑ අපිට අඩුවෙලා තිබුණේ ඔච්චරයි

    ReplyDelete
  2. "ගෑනුන්ට ගල් ගහලා මරන රටක් වුණත් අරාබියේ රජයේ "
    Please Re-Think About This Statement. KSA is a Muslim Country, Shariah Law Is in Action, First Study What is this Shariah Law and then comment.
    Shariah Law is for everyone, it is stronger than any other law in the world, also main protocol of this law is to avoid the mistakes repeating again and again.

    ReplyDelete
  3. @ Anonymous
    Shariah Law is a primitive law invent by primitive people more than 1000 years ago.

    Just google it and see for your self, how brutual and primitive it is :)

    ReplyDelete
  4. @Anonymous
    you have not studied the shariah law properly, it is not invented one,and it is valid to any time period,

    if u googled u want be able to find the correct answer,there are some specific sites about this please get a better idea from those

    ReplyDelete
  5. Anonymous is correct.Sharia law is a primitive law. It's rather a command than a law.As anonymus had said it was brought to dicipline and to force the primitive people at that time to embrace islam and to dicipline them,because they were normadic tribes fighting with each other.This law does not fit into the civilised world at all.

    ReplyDelete
  6. ප්‍රජාචන්ත්‍රවාදය- රජතුමා මෙහෙම තමයි කියන්නෙ.ලංකාවෙ තියෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි ප්‍රජාචන්ත්‍රවාදය.

    ReplyDelete
  7. good you noticed it. Many don't see it. King may said that I never said that I protect "Prajathanthrawadaya" I said "prajachanchrawadaya" like I never said that I would abolish "Executive Presidency".

    ReplyDelete
  8. සියලුම බ්ලොග් අඩවි, පුවත් අඩවි හා පෝරම් සියල්ල රජයේ ලියාපදිංචි විය යුතු බව සෞදි අරාබි රජය විසින් පවසනවා...ලබන මාසේ සිට ක්‍රියාත්මක මෙම නීතියට පිටුපාන්නන් හට සෞදි රියාල් 100,000ක් දක්වා දඩ ගහන බවයි පැවසෙන්නේ....

    http://arabnews.com/saudiarabia/article228424.ece

    http://gulfnews.com/news/gulf/saudi-arabia/saudi-arabia-announces-new-web-publishing-law-1.740280

    ReplyDelete
  9. උඹ නිකං නිස්ට්‍රඩාමුස් වගේනේ...මරු අනාවැකි කියන්නේ.
    ඔන්න උඹ එදා කිව්ව එක අද වුනා. සියළුම වෙබ් අඩවි ලංකාවෙත් ලියාපදිංචි කරන්නලු.

    ReplyDelete
  10. maru api danagena hitiye Airtel ada blk karala apina kohoma hari balanava enews

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා