කරදියනාරු කඩාකප්පල්කාරී පිපිරීමට වගකිව යුතු කවුරු ද? | Who is responsible for Karadiyanaru dynamite blast?

(2010 සැප්තැම්බර් 18, W3Lanka) ඩයිනමයිට් යනු පහසුවෙන් නො පුපුරන, පිපිරවීම සඳහා කැප් එකක් භාවිතා කර ඇතුළතින් කම්පනයක් සිදු කිරීම අවශ්‍ය, එහෙත්, පුපුරා ගිය පසු ‍අතිශය වේගයෙන් දැවී, වායුව මුදා හැර දැඩි පීඩනයක් මුදා හරින රසායනිකයකි.


අන්තර්ජාලයෙන් සොයා ගත් තොරතුරු අනුව, ඩයිනමයිට් යනු නයිට්‍රොග්ලිසරින් C3H5(ONO2)නම් පුපුරන රසායන ද්‍රව්‍යය ස්ථාවර කර ගන්නා ලී කුඩු වැනි උරා ගැනීම් මාධ්‍යයකි. නයිට්‍රොග්ලිසරින් දහනය වීම සඳහා අවශ්‍ය ඔක්සිජන් එම අණු තුළ ම තිබෙන බැවින් ඒවා වහා දහනය වෙමින් නයිට්‍රජන් හා කාබන්ඩයොක්සයිඩ් මුදා හරිමින් අධි පීඩනයක් ඇති කරයි. 


කරදියනාරු පිපිරීම කඩාකප්පල් ක්‍රියාවක් නො වන හදිසි අනතුරක් බව රජය හා පොලිසිය ප්‍රකාශ කළේ මියගිය ගණන හරියට ම කියන්නත් කලියෙනි. කොහොමද අපේ පොලිසිය? හරක් හොරෙකු අල්ලා ගන්නට බැරි වුණාට, කකුලට වෙඩි තැබූ විට අහක සිටින දරුවකුගේ හිසට වෙඩි වැදුණාට පුපුරන ද්‍රව්‍ය විශ්ලේෂණය සම්බන්ධයෙන් නම් පොලිසිය කෙළ පැමිණ ඇත. 


එහෙත්, පොලිසිය ‍නො දන්නා දෙයක් වන්නේ පුපුරන ද්‍රව්‍ය ගබඩා කරන ආකාරයයි. කිලෝ 700ක් තරම් විශාල ඩයිනමයිට් තොගයක් ජනාකීර්ණ කුඩා නගරයක, කෝවිලක් අද්දර, සාමාන්‍ය වැසියන් නිතර ගැවසෙන පොලිස් ස්ථානයක අනාරක්ෂිත ලෙස ගබඩා කර තබා ගැනීම හේතුවෙන් පොලිසියට ම සිය නිලධාරීන් 16දෙනෙකුගේ ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වී තිබේ. 


මෙවැනි ස්ථානයක මෙසේ අනතුරුදායක ලෙස පුපුරන ද්‍රව්‍ය ගබඩා කර තැබීම ම දඬුවම් ලැබිය යුතු සමාජ විරෝධී ක්‍රියාවකි. අපරාධයකි. කඩාකප්පල්කාරී ක්‍රියාවකි. එයට වගකිව යුත්තේ කවුරු ද? කඩාකප්පල්කාරී ක්‍රියා යනු ත්‍රස්ත ක්‍රියා පමණක් නො වේ.  


මෙම පුපුරන ද්‍රව්‍ය තොගය අයත් වී තිබෙන්නේ CONVAC නම් චීන සමාගමකටයි. චීන්නු සාමාන්‍යයෙන් ම 'සංවර්ධනයේදී' මිනිස් ජීවිත ගැන තඹ දොයිතුකට මායිම් නො කරන ජාතියකි. එසේ ම ලංකාවේ චීන ණය හා කොන්ත්‍රාත් ව්‍යාපාර දිනෙන් දින වැඩි වෙමින් තිබෙන අතර, චීනයට ලංකාව අධික ලාභ උපදවා දෙමින් සිටියි. එයට අකැමැති බලවේග ද ලෝකයේ සිටිති. 


කරදියනාරු සිද්ධිය ගැන අවශ්‍ය ක්ෂණික නිවේදන නො ව සැබෑ, විධිමත් පරීක්ෂණයකි. එය  මෙවැනි සිදුවීම් නැවත නො වීම පිණිස වගබලා ගැනීම පිණිස අත්‍යවශ්‍ය ය. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. අනිවාර්යයෙන් මහින්ද? නැත්ද පැරකුම් මහත්තයෝ?

    ReplyDelete
  2. "චීන්නු සාමාන්‍යයෙන් ම 'සංවර්ධනයේදී' මිනිස් ජීවිත ගැන තඹ දොයිතුකට මායිම් නො කරන ජාතියකි."
    Can't agree more..

    But please check your sources on dynamite. Seems wrong.

    ReplyDelete
  3. @Anonymous
    මාධ්‍යයේ වගකීම සිදු වී ඇති වර‍ද පෙන්වා දීම මිස අරයා වැරදි නැත, මෙයා වැරදි ය කියා තීන්දු දීම නො වේ.

    ReplyDelete
  4. @Anonymousහැරත්, අවසානයේදී මෙහි වගකීම ආරක්ෂක ඇමතිට බැර වීමවැරදි ද?

    ReplyDelete
  5. මේකට වග කිව යුත්තේ ඇල්ෆ්‍රඩ් නෝබෙල් සහ ස්වීඩනයයි.

    අසරණ චීන්නුංව අල්ලන්න එපා,

    කැතයි හොඳේ!

    ReplyDelete
  6. @ Editor

    Ha! Ha! there you go. Finally MR should be responsible. According to you MR is responsible even when a women become pregnant or a fetus gets aborted! What a lame joker!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා