වාසුදේවගේ ඓතිහාසික පාවා දීමේ ප්‍රකාශය |Vasudewa Nanayakkara's historic declaration of betrayal

(2010 සැප්තැම්බර් 09, W3Lanka) තම මව් බස පරිහරණය කිරීමට නො දත් පුද්ගලයකු විසින් ඉතා දුර්වල සිංහල භාෂාවකින් ලියා ඇති පහත පළ වන ලේඛනය ඓතිහාසික වශයෙන් වැදගත් වේ. මක් නිසාද යත්, මෙය ලියූ කලක් අපගේ ගෞරවයට පාත්‍රව සිටි වාසුදේව නානායක්කාර නම් ‍වාම ලිබරල්වාදියාගේ දේශපාලනික මරණ සහතිකය ලෙස සැලකිය හැකි බැවිනි. මෙතැන් සිට අප දකින ශරීරයේ කලින් සිටි වාසුදේවගේ රැවුලවත් නැති බව මෙම ලේඛනය දෙස් දෙයි. අප විසින් ඉස්මතු කර දක්වන කොටස් කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න. රතු අකුරෙන් දක්වා ඇති වගන්තිය විශේෂ ය. ඉතිහාසයක් පුරා මානව හිමිකම්, සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි මෙම වයෝවෘද්ධ වාමාංශිකයා තම මතයට විරුද්ධ වූ සිය පාක්ෂිකයන්, තමන් පවා බියෙන් යටත් වන ඒකාධිපති මර්දන යන්ත්‍රයට පාවා දෙන නින්දිත ආකාරය බලන්න. 


18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුනේ ස්ථාවරය


ජනාධිපතිතුමාගේ ධුරකාලයේ සීමාවත් ඉවත් කිරීමත්, ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සඳහා සම්මත කර ගෙන තිබූ නීතිය බලරහිත කිරීමත් 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ හරයයි. ජනාධිපති ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවත් එහි අධිකාරීවාදී බලයත් ප‍්‍රතික්ෂේප කරන අපට මෙම සංශෝධනය පිලිගත නොහැකි බව කාටත් බැලූ බැල්මටම පෙනෙනු ඇත.


අප මෙම සංශෝධනයට විරුද්ධ බව ජනාධිපතිතුමා ඇතූළු ආණ්ඩු පක්ෂ නායකයන් ඉදිරියෙත් ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරු ඉදරියේත් ජනමාධ්‍ය මගිනුත් නොවලහා ප‍්‍රකාශ කර ඇත. ඒ අනුව අපි අදත් හෙටත් මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවටත්, මෙම සංශෝධනයටත් විරුද්ධව අපගේ දේශපාලන කි‍්‍රයාකාරිත්වය මෙහෙයවමු.


එය එසේ වුවද ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දීමට අප මුළ සිටම ප‍්‍රතික්ෂේප කලේ එවැනි පියවරක් අධිරාජ්‍ය ගැති එ.ජා.ප.යේත්, මිලිටරිවාදීන්ගේත්, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කැරලිකාරිත්වයේත් ආණ්ඩු විරෝධී කි‍්‍රයාකාරිත්වයට
සහයවීමක් වන හෙයින්ය.


දැන් රටේ පවතින දේශපාලන බෙදීම දෙසට හැරෙමු. එක් පසෙකින් මිලිටරිවාදීන්ද, කැරලිකාරීන්ද, එ.ජා.ප.යේ දක්ෂිනාංශිකයින්ද ඔවුන් සමඟ එකතු වූ අතිවාමවාදී සුළු පිරිසක්ද කෙසේ හෝ සන්ධාන ආණ්ඩුව බිඳ දැමීමට අවි අමෝරාගෙන සිටී. අනිත් පසින් පසුගිය මහ ඡන්දවලින් ජයගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පසුපස පෙල ගැසුනු ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ප‍්‍රගතිශීලී විශාල ජනතා බලවේගය මහින්ද චින්තනයෙන් ප‍්‍රකාශයට පත්කල සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරමුණු දිනා ගැනීම වෙනුවෙන් සන්ධානය සමඟ එකට පෙලගැසී බලාසිටී. මෙම
බලවේගයන් 18වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත අධිකාරීවාදී යෝජනා නොදකිති. නැතහොත් එහි තීරණාත්මක වැදගත්කමක් නොමැති බව සිතති.


ඔවුන් නොඉවසිල්ලෙන් අපේක්ෂා කරනුයේ මහින්ද චින්තනයෙන් පොරොන්දු වූ ජනතාවාදී සමාජ ආර්ථික ප‍්‍රතිසංස්කරණයන්ය. ඒ අනුව ප‍්‍රගතිශීලී කඳවුරේ තිබෙන ජනතා විඥානය ගැන මැනීමක් කිරීම අපගේ වගකීම විය. මෙවැනි තත්ත්වයක් යටතේ අධිරාජ්‍ය ගැති දක්ෂිනාංශික මිලිටේරිවාදී කැරලිකාරින්ට සහයෝගයක් වියහැකි පියවරක් වාමාංශික පක්ෂ විසින් නොගත යුතු බව අපි තීරණය කලෙමු. එබැවින් ඡන්දය දීමෙන් වැලකී සිටීමට කල්පනා කලෙමු. එහෙත් අපගේ අරමුණු වෙනුවෙන් සන්ධානය සමඟ තවදුරටත් එකට සිටීම අනිවාර්යෙන්ම
කලයුතු දෙයක් ලෙස අපි තීරණය කලෙමු. අපගේ පක්ෂය තුල සිටින පක්ෂ මතයට විරුද්ධ වූ අතිවාම වාදී සුළු පිරිසද එය පිලිගත්තේය. ඡන්දය දීමෙන් වැලකී සිටීමත් සන්ධානය හා ආණ්ඩුව සමග තවදුරටත් එකට ගමන් කිරීමත් ප‍්‍රායෝගිකව කළ නොහැකි බව ජනතා මතයට සංවේදී වූ වාමාංශික පක්ෂ තුනේ මහජන නියෝජිතයින් කල්පනා කලහ.


කෙසේ වුවද ලංකා සමසමාජ පක්ෂයේ තීරණයක් අනුව එම පක්ෂයේ මන්තී‍්‍රවරුන් දෙදෙනා ඡන්දයෙන් වැලකී සිටීමට තීරණය කළහොත් ඔවුන් සමග එකට සිටීමට අපගේ මධ්‍යමකාරක සභාව තීරණය කලාය. එහෙත් සමසමාජ පක්ෂයේ මන්තී‍්‍රවරුන් දෙදෙනා ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන බව කරන ලද දැනුම්දීම අනුව වාමාංශික මන්තී‍්‍රවරුන් අතර බෙදීමක් ඇති නොවන ආකාරයෙන්ද, ඉහත අපගේ ස්ථාවරයේම සිටිමින්ද වාමාංශිකයින්ගේ හා ප‍්‍රගතිශීලීන්ගේ එක්සත්කම වෙනුවෙන්, වාමාංශික මන්තී‍්‍රවරුන් එක මතයක සිට ඡන්දය දීමට කළ තීරණය අනුව අප පක්ෂයද එම තීරණයට එළඹුනෙමු.


අප පක්ෂයේ ජනතා පදනමක් ඇති සියලූම මධ්‍යම කාරක සභිකයින් හා ප‍්‍රාදේශීය නියෝජිතයින් විසින් අපගේ ස්ථාවරය අනුමත කර තිබේ. එහෙත් 2005 ජනාධිපතිවරණයේදීද නැවත 2010 ජනාධිපතිවරණයේදී ද මහින්ද රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වයට විරුද්ධව පක්ෂය තුල සිටි සුළු පිරිසක් මේ අවස්ථාවේදී නැවත කාණ්ඩ ගැසී ඇති අතර, ඔවුන් විසින් පක්ෂයේ ස්ථාවරයට විරුද්ධව පෙනී සිටිම විශේෂ දේශපාලන වර්ධනයක් ලෙස අප සලකනු නොලැබේ.


වාසුදේව නානායක්කාර
ලේකම්,
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. දැන් වාසුගේ සහ පබාගේ දේශපලන දැක්මේ වෙනසක් නොමැත.

    ReplyDelete
  2. Shame on you...End of history the Last man...

    ReplyDelete
  3. Vasu is indirectly attacking Gotabhaya, as he is repeatedly accusing militariwadeen (those who are for military actions). Who is more active for military means for the ethnic issues than Gotabhaya.

    Also he is accusing UNP as "Rightists" (or Capitalists). More than 75% (if not more) of UNP MPs are with Mahindha.

    I think Vasu and this so called Leftists should come out with another strategies to legitimize their stand.

    I think Vasu and the Leftists are too a part of Capitalists.

    Shame on you - pariah dogs (para ballos)

    ReplyDelete
  4. Ano;

    Militarivaadin kiwrwre Gota noveyi SF haa ohuge military based tiny party [DNA-JVP].

    ReplyDelete
  5. Oya vama kiyanne gediya pitin andgena inna set ekak. Vasu vitharak noveyi, koyi vamath ekayi. pavathina kramayata erehi va nopavathina kramayak gana kiyavala kiyavala davasak paninava vaasi paththata. Ane kade goya kollo ithin pawr.

    me kaviya man mulin ma livve hitha ridichcha vame site ekaka. man me paavichchi karanne e gollangema vachana.

    -------------------

    වාසු ලා ගිහින්...

    විරුවෙකු කියූ විරු වංසය සූකරයා
    දෙවියෙකු නොවෙයි වාසුත් ඌ කර ඇරියා
    දෑ කැති මිටිය වන වන දෙදෙනෙක් හිටියා
    කැපුන ම ගළපු ලේ ඇත්තට රතු ද මෙයා

    ඊටත් කළින් තව තව නම් බොහෝ ඇති
    ලේ රහ වෙන්න සබයේ උන් දෙසුම් දෙති
    ඒ රහ බලන්නට සමහරු ගිනි බිඳති
    ඒ ගිනි වලට නොමිලේ උන් තෙල් බෙදති

    එක පොත කපා පත දහයක් පෙරූ කලේ
    නෙක නෙක වාද බිහිවී යන මග පැටළේ
    රැක ගන්නට කොටින් දිවියන් ගෙන් නො කලේ
    බක බක මැඩි පිරෙයි මොර දෙන නෙළුම් කොලේ

    පොත නම් ගින්දරයි දෙසුමත් පිවිතුරු ය
    හිත වැටෙනවා භක්තිය හද ඔද වැඩිය
    අත එසවීම කට කියුමට පටහැණි ය
    හිතවත් ගුරු තුමණි මට වාවනු බැරිය

    හැමදා උඹේ හදවත පිරි සෙනෙහෙ හිත
    හරවා කරන මඩ කුඹුරකි "සොයුරු කෙත"
    රැවටී උන් කියන පදයට නටපු කැත
    කවදා වැටහෙයි ද කියලා දන්නෙ නැත

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා