ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election

ප්‍රභාකරන්ගේ මිනිය වැනි එකක් ඉඳහිට බැලීම ලාංකිකයන්ට සතුටක් ද? (ඡායාරූපය පළ වූයේ දිනමිණේ ය) 
(2010 සැප්තැම්බර් 04, W3Lanka) පසුගියදා කුරුණෑගලදී අත්අඩංගුවට ගත් පසු අපරාධකරුවන් සාමාන්‍යයෙන් කරන පරිදි පොලිසියට පහර දී පළා යන්නට තැත් කරද්දී හරියට ම දෙබැම උඩින් නළලට වෙඩි වැදී මිය ගිය ඕල්කට් පෙරේරා පසුගිය මහ මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ වැඩ කළ බව කොළඹ ඕනෑම බල්ලෙක් අප සමග පැවසී ය.


මෙයින් එක් අපේක්ෂකයකු තම්බපු ඉස්සකු මෙන් සුදු බව ද අනෙකා තාර බැරල් එකක් සේ කළු බව ද, මුන් දෙන්නා ම මාධ්‍ය බිස්නස් කරන බව ද ඒ බල්ලා අප සමග පැවසී ය. මේ ඕල්කට්තුමා කලින් සම්බන්ධව සිටිතුමා දැන් 'එතුමාගේ' උපදේශකවරයකු බව ද ඕනෑම බල්ලෙක් පැවසී ය.


ඕල්කට්ගේ කුඩු සල්ලි මේ ඇත්තන් හරහා මහගෙදර දක්වා ම ඇදී ගිය බව ද ඕනෑ ම බල්ලෙක් අප සමග පැවසී ය. 


ඕල්කට් අත්අඩංගුවට ගත් පසු හෙවත් මරා දමන්නට පෙර ඔහුගේ පවුලේ අය මේ මහ තැන් ස්පර්ශ කර ඔහු බේරා ගැනීමට තැත් කළ බව වාර්තා වේ. 


කුඩු බිස්නස්කාරයන් දැන ගත යුතු එක් කරුණක් වන්නේ ඡන්ද නැති කාලයට තමන් නිකම් ම නිකම් පොල් කුඩු වන බවයි. 


ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවට උගේ අප්පොච්චිටත් එහා ගිය කෑලි එක් කරමින් කුජීත වන සමයක ජනප්‍රිය වීම සඳහා මෙවැනි ඕල්කට් බ්‍රොයිලර් කෙනෙක් එළියට ඇද මරා දමන එක නතිං ය; සිම්පල් ය.


ඕල්ඩ් කැට් වෙනුවට නිව් කැට් එනු ඇත. කුඩු හැමදාමත් පවතිනු ඇත. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. Hi My Dearest Friends,
    Now we are provide for you free image hosting service .This is the most believable hosting service. because of we can't delete any of images you submitted .so now you can host ,share ,and collect your photos and images free of charge Don't think other things , hurry up come and join with us .

    Thanks
    Enjoy with Imagesharingsites.com

    ReplyDelete
  2. සාමාන්‍යයයෙන් අත් අඩංගුවට ගනු ලබන්නන් ආයුධ සගවා ඇති තැනක් පෙන්වීමට යයි. එහිදී පලා යාමට තැත් කරන ඔවුන් ශ්‍රී ලංකා පොලිස් වෙඩි පහරට ලක් වී මිය යයි. කලාතුරකින් තුවාල වී රෝහල් ගත කල පසු මිය යයි.... :) :)

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. ඕනෙනම් අපේ අප්පාව මරලා, "මෙන්න අපි පාතාලෙ චන්ඩියෙක් මැරුවා" කීවාහම ඔක්කොම හරි. හැබැයී ඉතින් ඔල්කට අපේ ගම් පලාතේ එකෙක් නෙවෙයීනේ. නමත් ටිකක් අපිට වඩා වෙනස්. ඒ නිසා ඕවා ගැන අපි එච්චර තකන්න ඕනෑ නැහැ.

    ReplyDelete
  5. දරුවෙක් වැරද්දක් කරද්දි තමන්ගෙ දරුවද අනුන්ගෙ දරුවෙක්ද කියලා බලන්නෙ නැතුව දරුවාව හරි මාර්ගයට ගන්න ඔනා, නැත්තම් එ දරුවට වෙන්නෙත් ඔල්කට් වගෙ වෙඩි පහරක් කාලා මියයන්න, මම කන් දෙකෙන් ඇහැව්වා ඔල්කට්ගෙ ගෙදර නැදැයෙක්ගෙ විලාපය, ඔල්කට් උපතින්ම කුඩු අතෙ තියන්, නිල් කොඩියක් අරන් ආපු කෙනෙක් නෙමෙ කියන කරුන විතරක් දවස් 15 වක් මතක තියාගමු නෙද..

    ReplyDelete
  6. Read this article in Rivira news paper.Then you'll realize who is OLCOT.

    http://www.rivira.lk/2010/09/05/diviman.htm

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා