ආරියවතීලා ඇණ ගසන අරාබියේ වහල් සේවයට යැවීම වහා නවතනු! | Stop sending Sri Lankan women to housemaid slavery in middle east

(2010 සැප්තැම්බර් 07, W3Lankaලංකාවට විදේශ විනිමය ඉපැදවීම පිණිස සවුදි අරාබියේ වහල් සේවයේ යොදවා තිබෙන ලක්ෂ පහක් වන ලාංකික ගෘහ සේවිකාවන්ගේ සුබසාධනය පිණිස එරට ලංකා තානාපති කාර්යාලය විසින් සේවයේ යොදවා තිබෙන්නේ පිරිමි තිදෙනෙකු පමණක් බව දීර්ඝ කාලයක සිට මැද පෙරදිග ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත් ව කටයුතු කරන රන්ජන් රාමනායක පවසයි.


මේ තත්වය ගැන ලංකාව ජාතියක් ලෙස ලජ්ජා විය යුතු ය. ජාතියේ ආඩම්බර තාත්තා බඩ කපා ගත යුතු ය. 


ජාතියක් ලෙස අප ජීවත් වන්නේ සවුදි පරපීඩා කාමුකයන්ට ඇණ ගැසීමට තිහගොඩ ආරියවතීලා විකිණීමේ පිම්පි ජාවාරමෙන් බව, විශේෂයෙන් ම, දේශප්‍රේමී, ජාති හිතෛශී පිරිමි උදේ සවස සිහිපත් කර ගත යුතු ය.  


මැද පෙරදිග මෝඩ සල්ලිකාරයන්ට ශ්‍රී ලංකාව යනු වැඩකාර ගැහැනුන් බව ද, ශ්‍රී ලංකන් එකක් යනු වැඩකාර ගැහැනියක් බව ද දේශප්‍රේමීනි, තොපි දන්නෙහි ද?


ලංකාවෙන් රට පටවා තිබෙන දහ අට ලක්ෂයක් වන විදේශ ශ්‍රමිකයන්ගෙන් අති බහුතරය ඉතා අඩු පඩියට වහල් සේවයේ යෙදී සිටින ගෘහ සේවිකාවෝ ය. සුළු ආදායමක් වෙනුවෙන් මෙම කාන්තාවන්ගේ පවුල්වල දරුවන්ට මව් සෙනෙහස අහිමි වී තිබේ. සමස්තයක් ලෙස ගත් කල, වහලියන් අපනයනයෙන් ලංකාවට සිදු වන අහිමි වීම් ප්‍රමාණය ලැබෙන විදේශ විනිමයට අලගු තබන්නටවත් තරම් නැත. 


ලංකාව ඉන්දියාව ආදර්ශයට ගනිමින් කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස රට නො පැටවිය යුතු බව රන්ජන් රාමනායක කියයි. 


ලංකාවේ කම්කරු පංති නියෝජිතයන් යයි කියන වෘත්තීය සමිති පකීර්ලා මේ කාන්තාවන්ගේ තත්වය ගැන ‍පමණක් නොව ඇණ ගසන ලද ආරියවතී ගැන පවා නිහඬ ය. ඇයි?


රජයේ රස්සා කරන මොවුන්ට නිකම් සිට හෝ අඩුවෙන් වැඩ කර වැටුප් ගන්නට බලා සිටින රජයේ සේවකයන්ට වැඩි පඩි දිනා දීමට හැකි වන්නේ තව තවත් ආරියවතීලා රට යන තරමට ය.  ආරියවතීලා සම්බන්ධයෙන් රජයේ සේවකයන් හා ධනේශ්වර ආණ්ඩුව අතර තිබෙන සම්මුතිය එයයි.


මෙය අතිශය දේශපාලනික කාරණයකි. ලංකාවේ දේශපාලන ආධිපත්‍යය හොබවන, මහින්ද රාජපක්ෂ සිය නායකයා ලෙස පිළි ගත් 60%කින් පමණ සමන්විත රජයේ සේවකයෝ ආරියවතීලාගේ ලෙයින් ජීවත් වන වැම්පයර් වි‍ශේෂයකි. 


රජයේ සේවකයන් පීඩිතයන් නො වේ යයි අපි නො කියමු. දැන් බලාගෙන යනකොට ඊළඟ ජනාධිපති වන්නට අවස්ථාව අහිමි වන බැසිල් රාජපක්ෂ ද මේ ක්‍රමයේ පීඩිතයෙකි. 


මාක්ස්වාදීන්, සමාජවාදීන්, වාමාංශිකයන් හෝ ප්‍රගතිශීලීන් ලෙස තමන් හඳුන්වා ගන්නා අය තමන් පෙනී සිටින්නේ කුමන පීඩිත ප්‍රජාවන් වෙනුවෙන් ද යන්න නිවැරදිව විග්‍රහ කර ගැනීම දේශපාලනයේදී වැදගත් වේ. 


අප රජයේ සේවකයන් මත යැපෙමින් විප්ලවයේ නියමුවන් වන්නට උත්සාහ කරන වාමාංශිකයන්ට කියන්නේ එක දෙයකි. පවත්නා සමාජ ක්‍රමයෙන් ධනපතීන් සූරා කා ඉවත දමන කටු ලෙව කමින් පීඩිතයන්ට බුරන සමාජ ස්ථරයක් මත පිහිටා ලංකාවේ සාධනීය සමාජ වෙනසක් අපේක්ෂා කිරීම උකුණන් ලවා ගල් ඇද්දවීම වැනි ක්‍රියාවකි.  


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. මල්ලි බයීලා කියන්න එපා ඕන්. ගෑනු දැන් රට යන එකත් නැවත්තුවොතින් පිරිමි අපිට කන්න වෙන්නෙ පොලොවෙ පස් තම්බලා තමයී.

    ReplyDelete
  2. රටෙ සංවර්ධනයට විරුද්දව කුමන්ත්‍රය කරන්න එපා දෙශද්‍රොහියො..
    සල්ලි ටිකක් හොයාගෙන , ගෙයක් දොරක් හදා ගන්න යන්නෙ..
    මහින්ද මහත්තයාගෙ අක්කා හරි නංගි හරි මැදපෙරදිග නැහැ..
    අපෙ ගොවියො ටිකත් උන්ගෙ පුත්තුන්ව, දුවලාව කොලඹට එවනවා කාර්මික,රුපලාවණ්‍ය පාඨමාලාවන් හදාරන්න. දැන් ඔය මැද පෙරදිග රට්වල්වල ඉදලා එවන සල්ලි ටිකෙන් තමයි අපි කැම ටික අල්ලපු රටවල් වලින් ගන්නෙ.

    ReplyDelete
  3. රවා අනා ගන්න එපා. පැරකුම් නිතරම කියන්නේ ගොන් කතා වුනාට මේක ඇත්ත කතාවක්. අපේ රටේ ඉන්න කම්මැලි පිරිමි දැන ගන්න ඕන ගෑණු රට යවන්නේ නැතුව හම්බු කරන්න. රට යන්නම ඕනෙ නම් තමන් රට ගිහින් හම්බු කරන්න.

    හැබැයි පැරකුම්ට වැරදිච්ච තැන තමයි ආණ්ඩුවත් මේ තත්වය පිළිගෙන තියෙන බව අමතක කිරීම. වයස අවුරුදු 5 ට අඩු ලමුන් සිටින මවු වරුන් විදේශ සේවයට යාම තහනම් කරන්න හදද්දී පුකවල් උඩ දාගෙන නැතිවෙන් අවිදේශ විනිමය ගැන කතා කලෙත් පැරකුම්ගෙ සනුහුරේ උන්ම තමයි.

    ReplyDelete
  4. @kolu-උඹලට ඇගේ මහන්සියෙන් වැඩක් කරලා හම්බකරවල ගෑනිට කවන්න බැයිද්?උබ වගේ එකෙක්ට පිරිමියෙක් කියන එකත් කියන්න ලැජ්ජයි ඕයි.ගෑනුන්ගෙන් කන්න බලගෙන ඉන්න කොන්ද පන නැති එවුන්.නොඩකින් මුන් වගේ එවුන්නම්,..මුන්ට තමයි ඇන ගහන්න ඔනේ

    ReplyDelete
  5. මමත් ගැහැණුන්ව රට අරිනවාට විරුද්දයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා