ලංකාවේ ‘‘තෙවන ලොව මිතුරෝ’’ බුරුමයේ කහ සිවුරේ අරගලය සමරති | Sri Lankans commemorate Saffron Struggle of Burma

(2010 සැප්තැම්බර් 25, W3Lanka1990 මැයි 27 වනදා බුරුමයේ පැවති මහ මැතිවරණයෙන් අවුන් සාන් සුකීගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන ජාතික ලීගය 90‍% කටත් වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් දිනාගනිමින් ජය හිමි කර ගත්ත ද බුරුම හමුදා ජුන්ටා පාලනය විසින් සුකී ඇතුලු ඡන්දයෙන් තේරී පත්වූ ආණ්ඩුව සිරගත කරමින් මේ දක්වා විසි වසකට ආසන්න කාලයක් ඉතාමත් කෲරතර පාලනයක් ගෙන යමින් සිටිති.


විවිධ අවස්ථාවලදී හමුදා පාලනයට එරෙහිව මතුව ආ ජනතා විරෝධයන් අති නිහින ලෙස මර්ධන කළ ජුන්ටාව 2007 සැප්තැම්බර් මස එරට භික්ෂුන් විසින් ආරම්භ කරන ලද අවිහිංසාවාදී ප‍්‍රබල විරෝධතාව ද මැඩපවත්වන ලද්දේ සියගණනක් ඝාතනය කරමින් සහ සිර අඩස්සියට පත්කරමිනි.


විශේෂයෙන්ම මෑත භාගය තුළ බුරුම හමුදා පාලනය සහ ශී‍්‍ර ලංකා රජයත් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් ගොඩනැගී ඇති අයුරු අපි දකිමු. මේ පාලකයෝ එහි යති එති.


වෙනත් අසැල්වැසි රටවලට පවා නොයන බුරුම හමුදා නිලධාරීන්ට ද
සංචාර සඳහා ඇරයුම් ලැබෙන්නේ ශී‍්‍ර ලංකාවෙනි.


සිය ගණනක් භික්ෂුන් ඝාතනය කළ බුරුම හමුදා නායකයා 2009 නොවැම්බර් 12 වනදා මෙරට පැමිණ රතුපලස මතින් පිළිගෙන දළදාව
වදින්නට රැගෙන යන්නට යන්නට මෙරට පාලකයෝ කටයුතු
කළ හ.


2010 සැප් 27 වන දිනට තෙවසරක් පිරෙන බුරුම බෞද්ධ භික්ෂුන් දහස් ගණනින් වීදි බැස දියත් කළ ලෝ ප‍්‍රකට සප්රොන් අරගලය සමරමින් ලෝකය පුරා සිදුකරන සහයෝගිතා අරගලවලට එක්වෙන විරෝධතාවක් 2010.සැප් 27 දින ලංකාවේ බුරුම තානාපති කාර්යාලය අසල (නො.04, රොස්මිඞ් පාර, කොළඹ 07) දහවල් 12.30ට පැවැත්වේ. 



බුරුමයේ මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අර්බුදයට ලක්ව ඇති අන් රටවල ද අරගල වලට සහය පළ කිරීම අපේ වගකීමක් ලෙස දකිමින් බුරුම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයට සහය දැක්වීමට මේ විරෝධතාවයට එක්වන ලෙස සංවිධායකයන් වන ‘‘තෙවන ලොව මිතුරෝ’’ සහෝදරත්වයෙන් ඉල්ලා සිටිති. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. නීත්‍යානුකූලව පත් වූ ආණ්ඩුවකට ත්‍රස්තවාදී කණ්ඩායම් මර්දනය කරන්න අවසර ඉල්ලල මහින්ද ලොක්කා යූඑන් එකේ දී නහයෙන් ඇඩුවා. එතකොට නීත්‍යානුකූලව පත්වූ සුකීගෙ ආණ්ඩුව මිලිටරි බලයෙන් පෙරලල බලය අල්ලපු තිරිසනා ලංකාවට ගෙන්වල රාජ්‍ය ගෞරව දෙනකොට මහින්ද ලොක්කට ඔය ත්‍රස්තවාදෙ මතක් වුනේ නැද්ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා