සාමයේ අස්වනු නෙළීමේ හදිසිය නිසා මුහුද හිස් වෙයි | Sea emptying due to urgency of harvesting peace

(2010 සැප්තැම්බර් 03, W3Lanka)ප්‍රමාද වෙන්නට නො දී සාමයේ ප්‍රතිඵල ඉක්මණින් නෙළා ගත යුතු ය. ත්‍රිකුණාමලය පැත්තේ මුහුදේ කෙරෙන්නා සේ ය. 


ඒ කෙසේ ද යත්, දැන් ත්‍රිකුණාමලය මුහුදේ ඩයිනමයිට් හා වෙනත් නීති විරෝධී ක්‍රමවලින් මසුන් ඇල්ලීම සුලබ ය. ඒ සඳහා දේශපාලන හා නිලධාරි අනුග්‍රහය ලැබෙන බව ධීවරයෝ චෝදනා කරති. මුහුදේ මෙවැනි කටයුතු පිළිබඳ සොයා බැලීමේ වගකීම ඇත්තේ නාවික හමුදාවටයි. 


ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සමග එක් ව කටයුතු කරන නාවික හමුදා නිලධාරීන් සිටින බවට ධීවර ඇමති රාජිත සේනාරත්න ෆ්‍රන්ස පුවත් සේවයට පවසා තිබේ. 


යුද්ධ කාලයේ වසරකට ටොන් 8000ක් වූ ත්‍රිකුණාමලයේ ධීවර අස්වැන්න 2009දී ටොන් 28,000 දක්වා ඉහළ ගියේ මෙවැනි නීති විරෝධී ධීවර ක්‍රම ද හේතුවෙනි. 


යුද සමයේදී කොටි සංවිධානය මෙවැනි නීති විරෝධී ක්‍රම තහනම් කර තිබිණි. කොටින්ට බිය නිසා සල්ලි හදිස්සි කට්ටිය පවා මේවා නො කළ හ. දැන් ඉතින් 'අපි කාට ද බය මල්ලි - අපට කවුද බය?' සල්ලි දෙයියන්ගෙ මල්ලිනේ. බල්ලො මරලාත් හොයන සල්ලි මාළු මරලා හෙව්වා ම මොක ද? 


මේ ලිපියත් කියවන්න: 

ලෝකයට මනා ධීවර සම්පත් කළමනාකරණයක් අවශ්‍ය ඇයි



Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා